ඛනිජ තෙල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බර අනුව සංයුතිය
මූලද්‍රව්‍ය ප්‍රතිශතය
කාබන් 83 to 87%
හයිඩ්‍රජන් 10 to 14%
නයිට්‍රජන් 0.1 to 2%
ඔක්සිජන් 0.05 to 1.5%
සල්ෆර් 0.05 to 6.0%
ලෝහ < 0.1%

ශක්තිය පිට කරන දොරටුව[සංස්කරණය]

Petroleum cm05.jpg
ගොනුව:Oil well.png
තෙල් ලිඳක් අසල තෙල් උඩට පොම්ප කිරීම - ලුබොක්, ටෙක්සාස්.

පෙට්‍රෝලියම් (ජෝර්ජියස් ඇගිකෝලා හෙවත් ජෝර්ජ් බවන් නම් වූ ජර්මන් ජාතික ඛනිජ විද්‍යාඥයා Georg Bauer විසින් ලියන ලද ශාස්ත්‍රීය නිබන්ධනයේ 1556 දී පමණ “රොක්ඔයිල්” ගැන ප්‍රථමයෙන්ම සඳහන් විණි) රොක් ඔයිල් යනු ඉබේම, ස්වාභාවිකම නිපදවෙන වහා ගිනි ගැනෙන සුළු ද්‍රවයක් වන අතර එය පොළවේ පාෂාණමය ද්‍රව්‍යයක් ලෙස සැකසී ඇත. එය විවිධ අණුක බර ඇති, තවත් සංයෝග එකතු වී ඇති හයිඩ්‍රෝකාබන මිශ්‍රණයන්ගේ සංකීර්ණයක් ලෙස පවතී.

ඛනිජ තෙල්වල සංයුතිය[සංස්කරණය]

මිශ්‍රණයේ ඇති හයිඩ්‍රොකාබන අනුපාතය ඉතා විශාල වශයෙන් වෙනස් වන අතර බරෙන් 97% පමණ සැහැල්ලු තෙල් ද 50% පමණ බර තෙල් සහ ගල්කීල වේ.

බොරතෙල් හි ඇති හයිඩ්‍රොකාබන, ඇල්කේන , සයික්ලොඇල්කේන සහ විවිධ ඇරෝමැටික හයිඩ්‍රොකාබන වන අතර අනෙකුත් කාබනික සංයෝග නයිට්‍රජන්, ඔක්සිජන් සහ සල්ෆර් සහ ඉතා සුළු වශයෙන් යකඩ, නිකල් තඹ සහ වැනේඩියම් යන ලෝහවලින් ද සමන්විත වේ. නිෂ්චිත අණුක සංයුතිය සංයෝගයෙන් සංයෝගයට ඉතා විශාල වශයෙන් වෙනස් වන අතර රසායනික ද්‍රව්‍යයන්ගේ අනුපාතය තරමක් සීමිත සීමාවන් අතර පිහිටයි.ඒ මෙසේය.


කාබන් 83-87% ,හයිඩ්‍රජන් 10-14%, නයිට්‍රජන් 0.1-2%, ඔක්සිජන් 0.1-1.5%, සල්ෆර් 0.5-6%, ලෝහ <1000 ppm

බොරතෙල්හි පෙනුම එහි සංයුතියට අනුව විශාල වශයෙන් වෙනස් වේ. සමාන්‍යයෙන් ඒවා කළු හෝ තද දුඹුරු පාට වේ. (නැතහොත් එය කහ පැහැයෙන් තද කොළ පැහැතිය) සංචිත තුළ දී ඒවා සාමාන්‍යයෙන් ස්වාභාවික වායු සමඟ සම්බන්ධතා පවත්වයි. එය සැහැල්ලු පෙට්‍රෝලියම්වලට ඉහළින් ගෑස් ආවරණයක් ලෙස සෑදෙන අතර බර ඒවා සේලයින් වතුර ලෙස සාමාන්‍යයෙන් ඊට යටින් පාවේ. බොරතෙල් අර්ධ ඝන තත්වයෙන් ද හමුවන අතර ඒවා වැල් සමඟ මිශ්‍ර වී ඇත. අතබස්තා තෙල් නිධියේ (කැනඩාවේ ඇති)වූ බොරතෙල් බිටූමන් ලෙස හැඳින්විය හැකිය.

පෙට්‍රෝලියම් විශාල පරිමාවන්ගෙන් භාවිතයට ගැනෙන්නේ ඉන්ධන තෙල් හා ගැසොලින් (පෙට්‍රල්) වශයෙනි. ඒවා ප්‍රාථමික ශක්ති ජනකයන් ලෙසට වැදගත් වේ. පෙට්‍රෝලියම් හි පරිමාවන් 84% පමණ හයිඩ්‍රොකාබන ශක්තියෙන් යුක්ත ඉන්ධන බවට පරිවර්තනය කරන අතර ඒවා නම් ගැසොලින්,ඩීසල්, ජෙට්, තාපනය සහ අනෙකුත් ඉන්ධන තෙල් සහ ද්‍රවීකරණය වූ පෙට්‍රෝලියම් ගෑස් වේ. (LP gas)

මේවායේ ඉහළ ශක්ති ප්‍රමාණයන් අඩංගු වී ඇත. පහසු ප්‍රවාහන හැකියාවන් සහ ඒ සම්බන්ධව ඇති විපුල ප්‍රයෝජන නිසා එය ලෝකයේ ඉතාම වැදගත් ශක්ති ප්‍රභවය වූයේ 1950 හි මැද භාගයේ දීය. පෙට්‍රෝලියම් බොහෝ රසායනික ද්‍රව්‍යයන්ගේ අමු ද්‍රව්‍යය වූ අතර ඹෟෂධ නිෂ්පාදනය අලවන ද්‍රව්‍ය, පොහොර, කෘමි නාශක සහ ප්ලාස්ටික් නිපදවිම ද ඊට ඇතුළත් වේ. ශක්ති ජනකයන් ලෙස භාවිතා නොවන 16% පමණ ප්‍රමාණය මේ නිෂ්පාදන සඳහා යොදා ගැනිණි.

ඉහළ ස්ට්‍රාටා හි පෘථිවි පෘෂ්ටයේ සමහර පලාත්වල සිදුරු සහිත ඛනිජ නිමැවුම් අතර ද පෙට්‍රෝලියම් හමු වී ඇත. එසේම තෙල් වාලුකා (තාර වාලුකා) වලද පෙට්‍රෝලියම් හමු වී ඇත. පෙට්‍රෝලියම් සංචිතවල ඇස්තමේන්තු කර ඇති පරිදි 140 km³ තුළ බැරල් ට්‍රිලියන 1.2 පමණද (වාලුකා නිධි නැතුව)440 km³ තුළ බැරල් ට්‍රිලියන 3.74 ද (වාලුකා නිධි සහිතව) ඇති බව දන්නා කරුණකි. දැනට දිනකට තෙල් භාවිතය මිලියන බැරල් 84 වන අතර (13.4×106 m3) වසරකට එය 3.6 km³ වේ. ශක්තිය ප්‍රදාන සහ ප්‍රතිදාන අනුපාතයට අනුව එය නියත වශයෙන්ම අඩු වන අතර ඒ අනුව පෙට්‍රෝලියම් නිපදවා ගැනීම ඉතා අපහසුය. නැවත සොයා ගත හැකි තෙල් සංචිත සැලකිය යුතු ලෙස අඩු වී ඇත. සංචිතවල තෙල් පමණක් භාවිතා කරන්නේ යැයි උපකල්පනය කළහොත් වර්තමාන පරිභෝජන මට්ටම අනුව දැනට ගෙන ඇති සංචිත වසර 2039 දක්වා පමණක් සෑහේ. එය ගෝලීය ශක්ති අර්බුදයට මුල්වන හේතුවකි. කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තු වැඩි කිරීමට හෝ අඩු කිරීමට සාධක වන්නේ චීනයේ හා ඉන්දියාවේ සහ අනෙකුත් සංවර්ධනය වන රටවල පෙට්‍රෝලියම් සඳහා වැඩි වන ඉල්ලුම වේ. නව සොයා ගැනිම් - ශක්ති සංරක්ෂණය සහ වෙනත් ශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම සහ නව ආර්ථිකමය වටිනාකමකින් යුතුව භාවිතා කළ හැකි සාම්ප්‍රදායික නොවන තෙල් ප්‍රභවයන් සොයා ගැනීම ඊට ඇති විකල්ප ක්‍රමවේ .

"http://si.wikipedia.org/w/index.php?title=ඛනිජ_තෙල්&oldid=291918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි