කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය
| කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය | |
|---|---|
| පිහිටුවන ලද්දේ | 2002 |
| වර්ගය | Undergraduate, Postgraduate Education |
| අධ්‍යක්ෂ | මහාචාර්ය ගිහාන් වික්‍රමනායක |
| පිහිටීම | කොළඹ, ශ්‍රී ලංකාව |
| වෙබ් පිටුව | www.ucsc.cmb.ac.lk |
වසර 2002 දී කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය (UCSC) පිහිටුවන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක දෙපාර්තමේන්තුව හා පරිගණක තාක්ෂණායතනය ඒකාබද්ධ කිරීමෙනි.
පටුන |
[සංස්කරණය] ඉතිහාසය
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී වූයේ මහාචාර්ය වී. කේ. සමරනායක මහතාය. විශ්‍රාම යාමෙන් පසු ස්වල්ප කාලයක් UCSC හි වැඩ බලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ හෙතම ඉන් පසු 2004 සිට කළුරිය කරන තෙක් ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හෙවත් ICTA හි සභාපතිත්වය දැරුවේය.
[සංස්කරණය] UCSC වර්තමානයේදී
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය පරිගණක උසස් අධ්‍යාපනය සඳහා අවැසි සියලු තාක්ෂණික උපාංග වලින් සමන්විත වේ. එහි සිසුන් සඳහා වන පරිගණක විද්‍යාගාර 10 ක්‚ බහුමාධ්‍ය පරිගණක විද්‍යාගාර 2 ක්‚ පර්යේෂණ කටයුතු සඳහා වන විද්‍යාගාර 2 ක්‚ අන්තර්ජාල පහසුකම් සැපයීම පිණිස UCSC ගොඩනැගිලි පරිශ්‍රය ම ආවරණය වන පරිදි සැකසූ ජාල පද්ධතියක් මේ අතර වේ. තවද‚ UCSC සතුව අවශ්‍යතාවය අනුව සැකසිය හැකි ජාල ව්‍යාප්ත පද්ධතියක් ද ඇත. UCSC පුස්තකාලය දුර්ලභ හා වටිනා පොත්-පත්, සඟරා, සංයුක්ත තැටි‚ ව්‍යාපෘති වාර්තා, පර්යේෂණ සටහන් විශාල ප්‍රමාණයකින් සමන්විත වන අතර, විද්‍යුත් සඟරා පරිශීලනය සඳහා අන්තර්ජාල පහසුකම්ද සපයා ඇත.
වර්තමානයේදී පරිගණක අධ්‍යයනායතනය විවිධ ක්ෂේත්‍රයන්හි පර්යේෂණ කටයුතු වල නිරතව සිටින අතර දේශීය භාෂා පරිශීලනය, මානව-පරිගණක අන්තර් ක්‍රියා අධ්‍යයනය‚ පින්තූර සැකසීම, පරිගණක ආරක්ෂණ පද්ධති නිර්මාණය‚ බහුමාධ්‍ය හා දෘෂ්‍ය යතාර්ථ (Virtual reality) භාවිතය‚ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත පරිගණක පද්ධති නිර්මාණය, රටා හඳුනා ගැනීම සඳහා වන වැඩසටහන්, තොරතුරු හා දත්ත විශ්ලේෂණය, අන්තර්ජාලය ආශ්‍රිත වෙළෙඳ කටයුතු, විද්‍යුත් අධ්‍යාපනික කටයුතු, තොරතුරු කළමනාකරණ තාක්ෂණය, තොරතුරු තාක්ෂණ නීති පද්ධති සැකසීම ඒ අතර ප්‍රධාන වේ.
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ ප්‍රධාන අභිමතාර්ථය වනුයේ, මෘදූකාංග නිෂ්පාදනය‚ පරිගණක පද්ධති විශ්ලේෂණය, ජාල අධීක්ණය, දත්ත ගොනු අධීක්ණය, ලෝක ව්‍යාප්ති ජාලය ආශ්‍රිත තොරතුරු පද්ධති නිර්මාණය, තොරතුරු කළමනාකරණය හා තොරතුරු තාක්ෂණ නීති පද්ධති ක්‍රියාත්මක කිරීම ආදී වෘත්තීය ක්ෂේත්‍ර වලට අදාළ වන පරිදි සිසුන්ට අධ්‍යාපනය හා ප්‍රායෝගික පුහුණුව ලබා දීමයි.
[සංස්කරණය] අනුබද්ධිත අධ්‍යයනාංශ
- සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණය පිළිබඳ අධ්‍යයනාංශය
- බුද්ධිමය පද්ධති පිළිබඳ අධ්‍යයනාංශය
- තොරතුරු පද්ධති පිළිබඳ ඉංජිනේරු අධ්‍යයනාංශය
[සංස්කරණය] මධ්‍යස්ථාන
- පරිගණක සේවා මධ්‍යස්ථානය
- විද්‍යුත් අධ්‍යාපනය(e-Learning) පිළිබඳ මධ්‍යස්ථානය
- බාහිර විභාග පිළිබඳ මධ්‍යස්ථානය
- වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය
- ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පිළිබඳ උසස් තාක්ෂණ මධ්‍යස්ථානය
ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පිළිබඳ උසස් තාක්ෂණ මධ්‍යස්ථානය හෙවත් ADMTC පිහිටුවීමේ කටයුතු වසර 2002 දී ආරම්භ වූ අතර එය මානව සම්පත් සංවර්ධනය සඳහා වන විශේෂ ව්‍යපෘතියක් ලෙස වසර 3ක් පුරා ක්‍රියාත්මක කරන ලදී. ඉලෙක්ට්‍රොනික මාධ්‍ය පිළිබඳ උසස් තාක්ෂණ මධ්‍යස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයට අනුබද්ධිත මධ්‍යස්ථානයක් වන අතර ඒ මඟින් ලබාදේ.
[සංස්කරණය] උපාධි පාඨමාලා
[සංස්කරණය] මූලික උපාධි
[සංස්කරණය] අ.පො.ස. උසස් පෙල අවැසි
- පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිය (BCSc)
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපාධිය (BICT)
[සංස්කරණය] අ.පො.ස. උසස් පෙල අවැසි නොවන
- තොරතුරු තාක්ෂණය පිළිබඳ බාහිර උපාධිය (BIT)
- මෙම උපාධිය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබද උනන්දුවක් ඇති එහෙත් ජාතික විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට නොලැබුනු අවම පිරිවැයකින් ලබා ගත හැක්කකි. විෂේශත්‍වය වන්නේ සාමාන්‍ය පෙළ පවා සමත් නොවන යම් වෘත්තිකයකුට හෝ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධියක් ඇවැසි අයෙකුට මෙම උපාධිය ලබාගැනීමට ඇති හැකියාවයි.
[සංස්කරණය] පශ්චාත් උපාධි
- තොරතුරු තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධිය (MSc-IT)
- පරිගණක විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (MSc-CS)
- දර්ශන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය (MSc-Philosophy)
[සංස්කරණය] පර්යේෂණ කටයුතු
- භාෂා තාක්ෂණ පර්යේෂණාගාරය
- Multimedia Databases
- Geographical Information System
- Wireless Ad-hoc Sensor Networks