කොක(ර්) ස්පැනියල්

විකිපීඩියා වෙතින්
කොක(ර්) ස්පැනියල්
සුරතල් නාමය රොටී
රොට්
විශේෂ ලක්ෂණ
පිරිමි සෙ.මී. 61-69 (අඟල් 24 - 27)
ගැහැණු සෙ.මී. 56-63 (අඟල් 22 - 25)
ගෘහස්ථ සුනඛයා (Canis lupus familiaris)

"කොක(ර්) ස්පැනියල්" සුනඛයන් යනු ස්පැනියල් වර්ගයෙහි සුනඛ කොට්ඨාෂ දෙකකි. ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සහ එංගලන්ත කොක(ර්) ස්පැනියල්නම් වන මොවුන් සම්භවය වූ රටවල් තුල පොදුවේ "කොක(ර්) ස්පැනියල්" යන නාමයෙන් හඳුන්වයි. 20වන සියවස මූලාරම්භයෙදී කොක(ර්) ස්පැනියල් වර්ගයට, කුඩා දඩයම් ස්පැනියල් සුනඛයින් පවා අයත් වුණි.

කොක(ර්) ස්පැනියල් සුනඛයින් මුල් වරට මහා බ්‍රිතාන්‍යය තුල දඩයම් සුනඛයින් ලෙස ඇති කරනා ලද අතර, යුරෝ-ආසියානු වටුවන් නම් පක්ෂි විශේෂය දඩයම් කිරීම සදහා ඔවුන් ප්‍රයෝජනවත් වූ නිසාවෙන් "කොක(ර්)" යන නාමය පටබඳිනා ලදි. මෙම සුනඛ විශේෂය ඉන්පසු ඇමෙරිකාවට රැගෙන ආ බවද, එහිදී වෙනස් සුනඛ සම්මතයකට අනුව මොවුන්ව ඇති කළ බවත් ඇමරිකානු වටුවන් දඩයම් කිරිමේ හැකියාව මොවුන්ට ප්‍රගුණ කෙරුණු බවත් පැවසේ. 20වන සියවස මුල් භාගයේදී එක්සත් රාජධානියෙහි මෙම සුනඛයන් හට අමතර ශාරීරික වෙනස්කම් ඇති කරවන ලදි.

ස්පැනියල් සුනඛයන් ගැන මුල්වරට හැඳින්වීමක් සදහන්වී ඇත්තේ 14 වන සියවසේ දී Gaston III of Foix-Béarn විසින් රචිත, ඔහුගේ නිර්මාණයක් වන දඩයම් කෘතිය තුලය. 19 වන සියවසේ දී මොවුන් කෙත්බිම් හෝ වියලි භුමිවල වෙසෙන ස්පැනියල් සුනඛ කාණ්ඩයක් වුණි. 1901 වර්ෂයට පෙර, කොක(ර්) ස්පැනියල් සුනඛයින් 'ෆීල්ඩ් ස්පනියෙල් හා ස්ප්රින්ගර් ස්පනියෙල් නම් ස්පැනියල් විශේෂයන්ගෙන් වෙනස් වූයේ ශරීර බරින් පමණි. සුනඛයන් දෙදෙනෙකු නූතන කාණ්ඩ දෙකෙහි පැටවුන් බෝ කිරීමෙහි ලා මූලිකවූ පිරිමි සතුන් ලෙස සැලකෙන අතර, එංගලන්ත කාණ්ඩය සම්මානලාභී ඕබෝ Ch. Obo ගෙන් පැවත එන ලෙසත්, ඇමරිකානු කාණ්ඩය ඔහුගේම පැටවෙක් වන ඕබෝ II (Ch. Obo II)ගෙන් පැවත එන ලෙසත් සැළකේ. 1946 පටන් ඇමරිකා එක්සත් ජනපදයෙහි බ්‍රිතාන්‍ය කොක(ර්) ස්පැනියල් සුනඛයන් ස්වදෙශීය සුනඛ විශේෂයෙන් වෙන්කොට සලකන ලද අතර, 1970 පටන් බ්‍රිතාන්‍යයෙදී ඇමෙරිකානු ස්පැනියල් වර්ගය වෙනස් කාණ්ඩයක් ලෙස සලකන ලදි. තවද බ්‍රිතාන්‍ය කොක(ර්) ස්පැනියල් වර්ගයෙහි දෙවෙනි කුලයක් සම්මුතියක් යටතේ නොවූවද, වැඩ කිරිමේ හැකියාව මත වැඩගන්නා සුනඛ වර්ගයක්ද සිටියි. කෙසේ වුවද ඉතා අල්ප වෙනස්කම් කිහිපයක් හැරුණුවිට, ඉහත සඳහන් සුනඛ කොට්ටාශ දෙකම සමාන ලෝම වර්ණ වලින් සහ සමාන සෞඛ්‍ය ගැටළු වලින් යුක්ත වෙයි.

ඉතිහාසය[සංස්කරණය]

A drawing of two dogs in greyscale, one dark colored and the other is light with dark patches.
1859 දී ජෝන් හෙන්රි වොල්ෂ්ගේ (ස්ටෝන්හෙන්ජ් නම් අන්වර්ථ නාමය යටතේ) නිර්මාණයක් වූ The Dog in Health and Disease හි, එංගලන්ත හා වෙල්ෂ් කොක(ර්) සුනඛයන්ගේ සිතුවමක්.

මොවුන්ගේ මූලාරම්භය නොදන්නා නමුදු 14 වන සියවසේ ලියවිලි තුල "spaynels" (ස්පැයනෙල්ස්) යන නම සදහන් වී ඇත.[1] පොදුවේ මොවුන් ජනිත වූයේ ස්පාඤ්ඤයේ යැයි උපකල්පනය කරන අතර 15 වන සියවසේදී එඩ්වඩ් නො(ර්)විච්, යෝර්ක්හි දෙවන ආදිපාදවරයා ඔහුගේ කෘතියක් වන The Master of Game හි මොවුන් ව හදුන්වා දෙන්නේ
‘Another kind of hound there is that be called hounds for the hawk and spaniels, for their kind cometh from Spain, notwithstanding that there are many in other countries’
ලෙසය.[2] The Master of Game යනු 14 වන සියවසෙහි මුල් කාලයෙදී Gaston III of Foix-Béarn ගේ පැරණි ප්‍රංශ නිර්මාණයක් වන දඩයම් කෘතියේ.[3] හි ඉංග්‍රීසි පරිවර්තනයක් බවද සැළකේ. 1801 දී සිඩෙනම් එඩ්වර්ඩ්ස් විසින් සයිනොග්‍රෆියා බ්‍රිටනිකා හි සදහන් කොට ඇත්තේ ලෑන්ඩ් ස්පැනියල් සුනඛයින් කොට්ටාශ දෙකකට බෙදෙන බවය. එනම් නාමිකව: hawking, springing/springer spaniel සහ cocking/cocker spaniel.[4] කොක(ර්) යන පදය සුනඛයන් සතු, වටුවන් වැනි කුරුළු විශේෂයක් (Woodcock) දඩයම් කිරිමේ හැකියාව නිසා ඔවුන්හට පටබඳිනා ලදි.[5]

19වන සියවස තුලදී කොක(ර්)ස්පැනියල් යනු කුඩා ෆීල්ඩ් ස්පැනියල් වර්ගයේ සුනඛයෙක් විය. එවකට මෙම නාමය නෝෆෝලික් ස්පැනියල්,සසෙක්ස් ස්පැනියල් සහ ක්ලම්බර් ස්පැනියල් යනාදී විවිධ ගණයේ දඩයම්ස්පැනියල් විශේෂ හැඳින්වීමට යොදගන්නා ලදි. තවද සසෙක්ස් කොක(ර්) හෝ ක්ලම්බර් කොක(ර්) ලෙස නොවූවද වේල්ස් කොක(ර්) හා ඩෙවොන්ෂයර් කොක(ර්) ලෙස සුනඛයන් වෙසෙනා ලදි. [6] 1903 දක්වා වේල්ස් හා ඩෙවොන්ෂයර් දෙවර්ගයම කොක(ර්) සුනඛ ගණයට අයත් ලෙසත් ඉක්බිතිව කෙනල් සමාජය(The Kennel Club) විසින් ඔවුන්ව වේල්ස් ස්ප්‍රින්ගර් ස්පැනියල් ලෙසත් හදුන්වාදෙන ලදි.[7]

A drawing of a dark colored cocker spaniel, in profile, facing left.
ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ප්‍රතිෂ්ඨාපනය කිරීමට මුලිකවූ පිරිමි සත්වයා වූ ඕබෝ II (Ch. Obo II)

සුනඛයන් අභිජනනය කරන්නන් විසින් කිංග් චාර්ල්ස් ස්පැනියල් නම් වූ කුඩා ස්පැනියල් කුලයක සුනඛ වර්ගයෙන් මොවුන් ව වෙන් කොට දැක්වුවද, 1870 ට ප්‍රථම "කොක(ර්) ස්පැනියල්" ලෙස වර්ග වීමට සුනඛයෙක් සතු විය යුතු අවශ්‍යතාව වුයේ බර රාත්තල් 25 (කිලෝ 11) ට වඩා අඩුවිය යුතු වීමය. [8] මෙම උපරිම බර සීමාව කොක(ර්) ස්පැනියල් සුනඛ විශේෂය මත 1901 වසර දක්වා පවතින ලද අතර එහෙයින් ව්ශාල සුනඛයින් ස්ප්‍රින්ගර් ස්පැනියල් ලෙස වර්ග කරන ලදි.[9] වේල්ස් හා ඩෙවොන්ෂයර් කොක(ර්) දෙවර්ගයෙහිම වර්ණ, ජෝන් හෙන්රි වොල්ෂ් විසින් ඔහුගේ කෘතියක් වන The Dog in Health and Disease (ද ඩෝග් ඉන් හෙල්ත් ඇන්ඩ් ඩිසීස්) හි විස්තර කර ඇති ආකාරයට, ස්ටෝන්හේන්ජ් යන අන්වර්ථ නමින් හැඳින්වූ අක්මාවේ වර්ණයට වඩා ගැඹුරු පැහැයක් දරයි.[10] 1873 දී එක්සත් රාජධානියෙහි කෙනල් සමාජය ආරම්භ වීමෙන් අනතුරුව, අභිජනනය කරන්නන් විසින් කොකර් හා ස්පැනියල් දෙවර්ගයේම පෙළපත් තොරතුරුගත කිරීමේ ප්‍රයත්නයක් දරනා ලදි. 1982 දී කෙනල් සමාජය විසින් බ්‍රිතාන්‍ය කොක(ර්) ස්පැනියල් හා බ්‍රිතාන්‍ය ස්ප්‍රින්ගර් ස්පැනියල් ලෙස සුනඛයින් ව දෙවර්ගයක් ලෙස වෙන්කරන ලදි.[11]

වර්තමාන කොක(ර්) ස්පැනියල් වර්ග දෙකෙහි ප්‍රතිෂ්ඨාපනය වීමට දායක වූයේ යැයි සැලකෙන සුනඛයින් දෙදෙනකි. සුනඛයන් අභිජනනය කිරීමට ලැදිකම් දක්වන පිරිස් විසින් ඕබෝ(Ch. Obo) නම් සුනඛයා බ්‍රිතාන්‍ය කොක(ර්) ස්පැනියල් විශේෂයේ පියා ලෙස සළකන අතර එම සුනඛයාගේම පැටවකු වන ඕබෝ II ඇමෙරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂයෙහි ආරම්භකයා ලෙස සැළකේ. [12] ඕබෝ සුනඛයා 1879 දී ඉපදී ඇති අතර එම කාල වකවානුවේදී කොක(ර්) සුනඛයකු ලෙස ලියාපදිංචි වීම පෙළපත මත නොව හුදෙක් ශරීර ප්‍රමාණය මත පමණක්ම රඳා පැවතී ඇත. ඔහු සසෙක්ස් ස්පැනියල් සුනඛයෙකුගේ හා ෆීල්ඩ් ස්පැනියල් සුනඛයකුගේ පැටවකු විය.[7] ඕබෝ යනු එංගලන්ත සුනඛයකු වුවද ඕබෝ II ඇමරිකානු වෙරළ තීරයේ ඉපදුන සුනඛයෙකු බව වාර්තා වෙයි. එම සුනඛයාගේ මව පැටවුන් ලැබීමට ආසන්න වකවානුවේදී ඇමරිකා එක්සත් ජනපදයට නැව්ගත කර ගෙනගොස් ඇත.[12] වෙළද දැන්වීම් වල වාර්තාගතවී ඇති අන්දමට ඕබෝ II යනු, ඔහුගේ ජිවන කාලය තුල ඇමෙරිකාවේ විසු සියළුම ත්‍යාගලාභී කොක(ර්) සුනඛයකයන්ගෙන් බහුතරයකගේ මුතුන් මිත්තෙකු බවය.[13]

නූතන වර්ගයන්[සංස්කරණය]

A diagram showing the difference in heights and body shapes of two dogs
ඇමරිකානු හා එංගලන්ත කොක(ර්) සුනඛයන්ගේ උස සහ හැඩයෙහි වෙනස පිළිබිඹු කරන ප්‍රස්ථාරයක්.
ඇමරිකානු කොක(ර්) ස්පැනියල්
එංගලන්ත කොක(ර්) ස්පැනියල්


නූතන කොක(ර්) ස්පැනියල් වර්ග දෙකක් වේ. එනම් එංගලන්ත කොක(ර්) ස්පැනියල් හා ඇමරිකානු කොක(ර්) ස්පැනියල්ය.[14] ඔවුන්ව gun dogs ලෙස ඇතිකර ඇත්තේ ඉව ඇල්ලීමේ දක්ෂතාවය යොදාගනිමින් හසුරුවන්නා අසල ඇති පහත් බිම් ආවරණය කොට, එමඟින් වෙඩි තැබීම පිණිස කුරුල්ලන් අහසට එළවීමටත්, ඉන්පසුව දෑස් හා ඉව යොදාගනිමින් බිම වැටුණු කුරුල්ලන් වැටුණු ස්ථානය නිර්ණය කරවා ගැනීමටත්, ඉක්බිතිව දඩයම් වූ කුරුල්ලන්ව මෘදුව මුවින් අල්ලාගෙන පැමිණිමටත් ඔවුන් සතුව තිබු හැකියාවන් නිසාවෙනි.[15] එංගලන්ත හා ඇමරිකානු ප්‍රභේද දෙකෙහි ඇති මූලික වෙනස්කම වන්නේ ඇමරිකානු සුනඛයා ප්‍රමාණයෙන් කුඩාවන අතර මිටි පසුපසක්, ගෝලාකාර හිසක් සහ කොට හොම්බකින් යුක්ත වීමයි. එංගලන්ත සුනඛ ගණය ප්‍රමාණයෙන් උස් වන අතර පටු හිසකින් හා පපුවකින් සමන්විත වෙයි.[14]

කොක(ර්) ස්පැනියල් සුනඛයන්ගේ ලෝම කළු, රතු හා රන්වන් වර්ණ ඇතුළු විවිධ ස්ථිර වර්ණයන්ගෙන් යුක්ත වේ.[16] මීට අමතරව කළු සහ දුඹුරු වර්ණ හා අක්මාවේ වර්ණය හා දුඹුරු වර්ණය මිශ්‍ර වර්ණ වලින් මෙන්ම, ඇතැම්විට ඉහත කී ස්ථිර වර්ණ මිශ්‍රිත සුදු දුඹුරු, සුදු දුඹුරු මිශ්‍රිත තද දුඹුරු, ත්‍රි වර්ණ සහ ස්ථිර වර්ණ සමග අමතර සුදු වර්ණ සලකුණු ඇති ලෝමාවරණයන්ගෙන් යුක්ත වන අවස්ථාද ඇත.[17][18]

ඇතැම් අවස්ථවලදී අනපේක්ෂිත ලෙස දුර්ලභ වර්ණද හටගත හැක. උදාහරණයක් ලෙස සුදු වර්ණයෙන් යුතු සුනඛයෙකු බිහි කිරීම ලා රන්වන් පැහැති කුලයක සුනඛයන් දෙදෙනෙකු තෝරාගෙන මුසු කල යුතු වුවද, ඉතා තද වර්ණ වලින් යුතුවන සුනඛ යුගලකට දාව එවන් පැටවෙක් බිහිවීමේ සිද්ධිද අහඹු අවස්ථා වලදී සිදුවනු දක්නට ලැබේ. මේ හා සම්බන්ධ අවධානයකට තුඩු දුන් සංසිද්ධියක් ලෙස 1943 දී වෙස්ට්මිනිස්ටර් කෙනල් සමාජයේ සුනඛ සංදර්ශනයේදී 1940 හා 1941 දී හොදම සුනඛයා වූ My Own Brucie නම් සුනඛයාගේ පැටවෙකුට දාව තනි සුදු පැහැති පැටවකු බිහිවීමේ සිද්ධිය නම් කල හැකිය.[19]

2009 දී තම ජන්ම භුමිය වන එක්සත් ජනපදයේදී, ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ජනප්‍රියතම සුනඛ වර්ග අතර 23න් වන ස්ථානයෙහි පවතින බව ඇමරිකානු කෙනල් සමාජයේ ලියාපදිංචි දත්ත වලට අනුව වාර්තා වූ අතර එය, 1999 දී 13 වන ස්ථානය ලබාගන්නා ලද මොවුන්ගේ ජනප්‍රියතාවයේ සැලකිය යුතු අඩු වීමකි.[20] පුරා වසර 25ක් ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ඇමෙරිකාවේ ජනප්‍රියම සුනඛ වර්ගය විය. එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂය වෙනස් වර්ගයක් ලෙස හදුන්වාදීමට පෙර, මුල්වරට 1936 දී ජනප්‍රියතාවයෙන් මුල් තැනට පත් වූ අතර ඉන්පසුව 1952 දී බීගල් සුනඛයින් ජනප්‍රියතම සුනඛයින් බවට පත්වන තෙක්ම ප්‍රථම ස්ථානය දරනා ලදි. නැවත වරක් 1983 දී මොවුන් ප්‍රථමස්ථානයට හිමිකම් කියූ අතර 1990 තෙක් එම ස්ථානයේම පසුවන ලද බවද වාර්තා වේ.[21] 2009 දී එක්සත් රාජධානිය තුල ඇමරිකානු කොක(ර්) ස්පැනියල් වර්ගය ඔවුන්ගේ එංගලන්ත වර්ගයේ සුනඛ විශේෂය හා සංසන්දනාත්මකව ලියාපදිංචි 322 කට, එංගලන්ත කොක(ර්) විශේෂයේ ලියාපදිංචි 22,211 හමුවේ සාපේක්ෂව ඉතා අඩු ජනප්‍රියත්වයකට උරුමකම් කියන ලදි.[22]

එංගලන්ත කොක(ර්) ස්පැනියල්[සංස්කරණය]

A yellow colored dog with floppy ears stands in profile. It's tongue sticks out.
සංදර්ශන කුලයට අයත් රන්වන් පැහැ එංගලන්ත කොක(ර්) ස්පැනියල් සුනඛයෙක්

මහා බ්‍රිතාන්‍ය තුල සරලව මොවුන් කොක(ර්) ස්පැනියල් නමින් හැදින්වන අතර,[23] 1892 දී කෙනල් සමාජය The Kennel Club (KC) විසින් මුලින් හැදිනාගත් වර්ගයද වේ.[11] ඇමෙරිකානු කෙනල් සමාජය American Kennel Club (AKC) විසින් එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂය වෙනත් සුනඛ වංශයක් ලෙස හදුන්වන ලද්දේ 1946 දීය.[14]

කෙනල් සමාජයට අනුව, එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂයෙහි ශරීර ප්‍රමාණය උරිස් ඇට අතර නාරටිය, පිරිමි සතුන්ගේ දිගින් අඟල් 15.5–16 (සෙ.මි. 39–41) වන අතර ගැහැණු සතුන්ගේ එය අඟල් 15–15.5 (සෙ.මි.38–39) දිගින් යුක්ත වේ. සංදර්ශනයක නිරත කරනා සුනඛයකුගේ බර රාත්තල් 28–32(කිලෝ 13–15) වේ.[23]

එංගලන්තයේ ජනප්‍රියතම සුනඛ සංදර්ශනය වන ක්‍රෆ්ට්ස් සංදර්ශනයේ හොදම සුනඛයා සම්මානය ලබාදීම 1928 දී ආරම්භ කල අතර එංගලන්ත කොක(ර්) ස්පැනියල් සුනඛයින් එය 7 වරක් ජයග්‍රහණය කරමින් සංදර්ශනයෙහි සාර්ථකම සුනඛ විශේෂය බවට පත්වුණි. මෙයට මුලිකම හේතුව වූයේ එච්.එස්.ලොයිඩ් නම් සුනඛයන් අභිජනනය කරන්නාගේ H.S. Lloyd's Ware Kennel කණ්ඩායමට අයත් සුනඛයන් විසින් සංදර්ශනයේ හොදම සුනඛයාට හිමි සම්මානය 1930 සිට 1950 දක්වා අවස්ථාව 6 කදී දිනාගැනීමය.[24] කෙනෙල් සමාජයේ සංඛ්‍යාලේඛන වාර්තා වලට අනුව 2009 දී, එංගලන්ත කොක(ර්) ස්පැනියල් සුනඛයින් ලියාපදිංචි 22,211 හමුවේ එංගලන්තය තුල ජනප්‍රියත්වය අතින් දෙවැනි ස්ථානයට පත්වන්නේ, ලියාපදිංචි 40,943 කින් සමන්විත වන ලැබ්රඩෝර් රිට්‍රීවර් සුනඛ විශේෂය හමුවේය. මෙහිදී තෙවැනි ස්ථානය ලියාපදිංචි වාර්තා 12,700කින් යුක්තව එංගලන්ත ස්ප්‍රින්ගර් ස්පැනියල් සුනඛ විශේෂයට හිමි විය.[25] 1999 පටන් එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂයෙහි ජනප්‍රියතාවය ඇමරිකා එක්සත් ජනපදයේදීද ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර එවිට ඇමරිකානු කෙනල් සමාජයේ ලියාපදිංචි වාර්තා අතර 76 වන ස්ථානයේ පසුවූ මොවුන් 2009 වන විට 66 වන ස්ථානයට පත්වන ලදි.[20]

බ්‍රිතාන්‍යයේ සංදර්ශන කුලය හා කාර්මික කුලය අතර ශාරීරික වෙනස්කම් පවතී. සංදර්ශන කුලය අනුවර්තනය වන සම්මතියකට අනුව සාදන අතර, කාර්මික කුලය හුදෙක් වැඩෙහි යෙදීමේ හැකියාව සදහා යොදාගන්නා බැවින් ඔවුන්ගේ විවිධ ශාරීරික වෙනස්කම් මතුවී ඇත. වැඩ කිරීම සඳහා යොදාගන්නා සුනඛයින් ප්‍රමාණයෙන් විශාල වන අතර මට්ටම් වූ හිසකින් සහ කෙටි කන් යුගලකින් සමන්විත වේ. ඔවුන්ගේ ලෝම පවා සංසන්දනාත්මකව කෙටි හා සිනිඳු වන අතර අඩු පැතිරීමකින් යුක්ත වේ. තවද කාර්මික කුලයේ සුනඛයින් සංදර්ශන ගණයේ සුනඛයින්ට සාපේක්ෂව කඩිසර වේ.[26]

ඇමරිකානු කොක(ර්) ස්පැනියල්[සංස්කරණය]

A yellow colored dog turns sightly towards the camera while standing on a table at a grooming salon.
අලුතින් හැඩ කරන ලද ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සුනඛයෙක්

කොක(ර්) ස්පැනියල් විශේෂය ඇමරිකානු කෙනල් සමාජය විසින් 1878 දී හදුනාගන්නා ලදි. සාමාන්‍යයෙන් එංගලන්ත විශේෂයට වඩා මොවුන් කුඩා වන අතර, 1935 දී ඇමරිකාව තුල මෙම දෙවර්ගය වෙනස් කාණ්ඩ දෙකකට වෙන් කිරීමද, 1938 දී ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සමාජය විසින් මෙම දෙවර්ගය අතර අභිජනනය අධෛර්යමත් කිරීමද කර ඇත.[14] 1970 දී ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය බ්‍රිතාන්‍යයේදී, කෙනල් සමාජය විසින් වෙනම සුනඛ විශේෂයක් ලෙස හදුන්වාදෙන ලදි.[27] ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ඇමරිකා එක්සත් ජනපදය තුල කොක(ර්) ස්පැනියල් යන නමින් හදුන්වනු ලබයි.[14]

ඇමරිකානු වුඩ්කොක් නම් වටවුන් වැනි කුරුලුවංශය ඔවුන්ගේ යුරෝපියානු කුලයට වඩා කුඩා වන අයුරින්ම ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය ද ඔවුන්ගේ යුරෝපියානු විශේෂයට වඩා කුඩා වෙයි. 20 වන සියවසේ මුල භාගයේදී මෙම විශේෂ දෙකෙහි බාහිර පෙනුම මද වශයෙන් වෙනස් වන්නේ, ඇමරිකානු අභිජනනය කරවන්නන්ගේ මනාපය වැඩි මෝස්‌තර ශීලී පෙනුමක් කරා යොමු වූ නිසාය.[7] ඇමරිකානු කෙනල් සමාජයට අනුව පිරිමි සතුන් සඳහා සම්මත ප්‍රමාණය, උරිස් ඇට අතර නාරටියේ දිග අඟල් 14.5–15.5 (සෙ.මි. 37–39) තුල වන අතර ගැහැණු සතුන් සඳහා අඟල් 13.5–14.5 (සෙ.මි. 34–37)අතර වේ.[28] තවද මෙම වර්ගයෙහි බරෙහි සාමන්‍යය රාත්තල් 24-30 (කිලෝ 11-14) අතර අගයක් ගනී.[29]

ඇමරිකා එක්සත් ජනපදයේ ගෞරවාන්විතම සුනඛ සංදර්ශනය වන වෙස්ට්මිනිස්ටර් කෙනෙල් සමාජයේ සුනඛ සංදර්ශනයෙදී,[30] ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සුනඛයන් සංදර්ශනයේ හොදම සුනඛයාට හිමි සම්මානය, 1907 දී ප්‍රථමවරට සම්මානය ලබාදීම ආරම්භ කල අවස්ථාවේ පටන් අවස්ථා හතරකදී දිනාගෙන ඇත. සාර්ථකම සුනඛ වර්ගය ලෙස වයර් ෆොක්ස් ටෙරියර් විශේෂය 13 වරක් නම් කරන ලදි.[31] ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සුනඛයන්, ඇමරිකානු කෙනල් සමාජයේ රෙගුලාසි වලට අනුව වෙනස් පංති 3ක්; "කළු", "වර්ණ දෙකක් හෝ ඊට වැඩි " හා "කළු හැර වෙනත් ස්ථිර වර්ණයක්" යටතේ විනිශ්චය කරනු ලැබේ.(ASCOB)[32]

සුලභ සෞඛ්‍ය ගැටළු[සංස්කරණය]

කොක(ර්) ස්පැනියල්

බ්‍රිතාන්‍ය කෙනල් සමාජයෙන් කරන ලද සමීක්ෂණයකට අනුව ඇමරිකානු කොක(ර්) ස්පැනියල් සුනඛයින්ගේ මද්‍යස්ථ ආයු කාලය අවුරුදු 10 මාස 4ක් පමණ වන අතර, [33] එංගලන්ත කොක(ර්) ස්පැනියල් සුනඛයින්ගේ මද්‍යස්ථ ආයු කාලය අවුරුදු 11 මාස 2ක් පමණ වේ.[34] මෙම සමීක්ෂණයට අනුව, සුනඛ දෙවර්ගයෙහිම මරණයට ප්‍රධානතම හේතු කාරකය ලෙස පිළිකාව ද, මහලු වයස දෙවෙනි හේතු කාරකයද විය.[33][34] මෙම නූතන සුනඛ දෙවංශයම විවිධ සෞඛ්‍ය ගැටළු කිහිපයකට යටත් වේ. දෙවර්ගයටම පොදු ගැටළු ලෙස ශ්‍රවණ ආසාධන හා විවිධ අක්ෂි ආසාධන සැලකිය හැක. සුනඛ වංශ ගණනාවක්ම උකුල් ඇටය විස්ථාපනය වීමේ hip dysplasia රෝග තත්වයට ගොදුරු වෙයි. සතුන් සදහා වන විකලාංග පදනම Orthopedic Foundation for Animals කල සමීක්ෂණයකට අනුව, ඇමරිකානු කොක(ර්) ස්පැනියල් විශේෂය සත්ව විශේෂ 157ක් හමුවේ 115 වන ස්ථානය දරන්නේ, dysplasia රෝගය සඳහා 1 යනු වැඩිම ප්‍රතිශත ප්‍රවනතාවය ද, 157 යනු අඩුම ප්‍රතිශත ප්‍රවනතාවය ද වන අයුරින්ය. එංගලන්ත කොක(ර්) ස්පැනියල් විශේෂය මෙහි 129 වන ස්ථානය දරයි.[35]

Otitis externa (බාහ්‍ය ශ්‍රොත්‍රදාහ ආසාදනය)[සංස්කරණය]

A spaniel's ear is flipped back, the ear canal is swollen closed.
කොක(ර්) ස්පැනියල් සුනඛයකුගේ ශ්‍රවණ නාලය විශාලව ඉදිමී වැසී ඇති අවස්ථාවක්, මෙය උග්‍ර otitis externa තත්වයකි.

කොක(ර්) ස්පැනියල් මෙන්ම දිගු, පැද්දෙන කන් යුගල් ඇති සුනඛයින් අනෙක් සුනඛ විශේෂ මෙන් නොව ශ්‍රවණ ආබාධ සඳහා වැඩි නැඹුරුවක් දක්වයි. මෙම සුනඛයින්ගේ කනෙහි ඇති නැම්ම හේතුවෙන් කන තුලට වාතය ගලා ඒම වලකන අතර එමගින් වෙනත් ජීවීන්ට වාසය කල හැකි උණුසුම්, තෙතමණය සහිත වාතාවරණයක් නිර්මාණය වේ. Otitis externa යනු ශ්‍රවණ නාලයෙහි ඇතිවන ඉදිමුම් තත්වයක් වන අතර ඒ සඳහා පරපෝෂිතයින්, ක්ෂුද්‍රජීවීන්, ආගන්තුක වස්තූන්, පටකවල අසාමාන්‍ය වැඩීම්/ගෙඩි හා මතුපිටට යටින් සමෙහි ඇතිවන රෝග වැනි හේතු කාරක රාශියක් වේ. කන් කීඩෑවන්,බලු මැක්කන් හා කිනිතුල්ලන්ට පවා සුනඛයාගේ ශ්‍රවණ මාර්ගයෙහි වාසය කල හැකි නිසාවෙන් එමඟින්ද ඔටිටිස් එක්ස්ටර්නා තත්වය ඇතිවිය හැක.[36]

සුනඛයන් සම්බන්ධ සුලභ කන් අසාදන සඳහා ක්ෂුද්‍ර ජීවීන්, විශේෂයෙන් යීස්ට් ආසාදන හේතු කාරක වේ. මෙහි සුලභම උපවර්ගය Malassezia pachydermatitis වේ. මෙහි රෝග ලක්ෂණ සුනඛයා නිතරම හිස සෙලවීම හා කන් කැසීමය. ශ්‍රවණ නාලය ඉදිමී ඇති ලෙස දිස්වන අතර, ඇතැම් අවස්ථා වලදී සැරව වැනි ද්‍රව්‍යයක් විසර්ජනය වීමද සිදුවිය හැකි අතර, බහුතර අවස්ථා වලදී කණ තුලින් සැර සුවඳක් නැඟේ. සුනඛයන් අතර වන මෙම otitis externa රෝගයෙහි සුලභ හේතු කාරක සඳහා පිළියම් වශයෙන් ප්‍රතිබැක්ටීරීය ද්‍රාවණයක් යොදාගනිමින් කන් සේදීම කළ හැක. ඇතැම් අවස්ථා වලදී ඉදිමුම් වලක්වන බෙහෙත් පවා නිර්දේශ කල යුතු වේ. තෙතමනය ඇති පරිසරයක විසීම හා නිතරම පිහිණීම්වල නිරත වීම හෝ ස්නානයෙන් පසු සැලකිලිමත් ලෙස කන් වියලීම නොකිරීම වැනි හේතු මෙවැනි කන් ආසාධන හටගැනීමට ඇති හැකියාවන් වර්ධනය කරයි. මෙවැනි කන් ආසාත්මිකතා කන් වල ඇති ලෝම කොට කිරීම මඟින් තුරන් කරවා ගත හැක.[36]

අක්ෂි ආසාදන[සංස්කරණය]

ක්‍රමයෙන් වැඩිවන දෘෂ්ටි ක්‍ෂීනතාව Progressive retinal atrophy (PRA) යනු සුනඛයකුගේ දෘෂ්ටිකත්වයට බලපාන හා ඒ හරහා සුනඛයාව අන්ධ භාවයට යොමු කරවන රෝග සමුහයකි. මෙය ඇමරිකානු හා එංගලන්ත කොක(ර්) ස්පැනියල් වංශ වල මෙන්ම සුනඛ වංශ රාශියක වාර්තාගත වී ඇති තත්වයකි. කෙසේ වුවද කොක(ර්) ගණයේ සුනඛයින් මෙම PRA හි එක් රෝග ආකාරයක් වන Progressive rod-cone degeneration (PRCD) ට මුහුණපාන අතර රාත්‍රී අන්ධතාවය එහි රෝග ලක්ෂණයක් වන අතර, එම තත්වය වයස අවුරුදු 3 - 5 කාල පරාසයක් තුල පූර්ණ අන්ධතාවය කරා ද යොමුවිය හැක.[37] PRCD යනු සුනඛයින් අන්ධභාවයට යොමු කරවන, ඉතා පුළුල් ව පැතිරෙන ආවේණික අක්ෂි රෝගයකි.[38]

Canine glaucoma සුනඛ නීලකාචය යනු අන්ධභාවයට තුඩු දෙන තවත් එක් ප්‍රධාන හේතුවකි. මෙය සුනඛයාගේ ඇසෙහි පීඩනයේ වැඩිවීමක් වන අතර නිසි පිළියම් නොකිරීමෙන් දෘෂ්ටියෙහි අඩු වීමක් හා අවසානයේදී දෘෂ්ටිය නැතිවීයාමටද හේතුවිය හැක. මෙම තත්වය ආවේණික ('Primary glaucoma') එසේත් නැත්නම් වෙනත් පටකවල අසාමාන්‍ය වැඩීමක්/ගෙඩියක් හෝ lens luxation වැනි වෙනත් අක්ෂි ආසාත්මිකතා කිහිපයකටම හේතුවන ද්විතීක තත්වයක්ද විය හැක.[39] තවද, මෙම සුනඛ වර්ග දෙකටම බලපෑම් එල්ලවන, බාල වියේදී ඇසෙහි සුද මතුවන (juvenile cataracts) තත්වය වයස අවුරුදු 4ක් වන තෙක් ඇතිවිය හැක. මෙහි රෝග ලක්ෂණ අතර කණිනිකාවෙහි දුර්වර්ණ වීමද, ප්‍රතිකර්ම අතර ඇසෙහි සුද ඉවත් කිරීමේ සැත්කම් ද අන්තර්ගත වේ.[40]

යොමුව[සංස්කරණය]

Footnotes
  1. Sucher (1999): p. 7
  2. York (1909): p. 119
  3. York (1909): p. xii
  4. Smith, A.C. (1932). Gun Dogs - Their Training, Working and Management. London: Seeley, Service & Co. p. 89.
  5. Case, Linda P. (2005). The Dog: Its Behavior, Nutrition, and Health (2nd ed.). Ames, Iowa: Wiley-Blackwell. p. 32.,ISBN 978-0-8138-1254-0
  6. Walsh, John Henry (1906). The Dogs Of Great Britain, America, And Other Countries. Their Breeding, Training, and Management in Health and Disease. New York: Orange Judd Company.
  7. 7.0 7.1 7.2 "The Cocker Spaniel: Fine Feathered Friend". Dog & Kennel. 1999. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  8. Sucher (1999): p. 8
  9. Kolehouse, Bobbie. "Dusting Off History to Look at Cocker Hunting Tradition". Spaniel Journal. සම්ප්‍රවේශය 26 April 2010.
  10. Walsh (1887): p. 109
  11. 11.0 11.1 Palika (2009): p. 19
  12. 12.0 12.1 Palika (2009): p. 21
  13. "Obo II Stud Card" (PDF). American Spaniel Club. සම්ප්‍රවේශය 26 April 2010.
  14. 14.0 14.1 14.2 14.3 14.4 Riggsbee, Nikki (2008). Training Your Cocker Spaniel. Hauppauge, New York: Barron's Educational Series.,ISBN 978-0-7641-4035-8
  15. "Cocker Spaniel". National Gundog Association. සම්ප්‍රවේශය 26 April 2010.
  16. "Colours and Markings". The Cocker Spaniel Club. සම්ප්‍රවේශය 5 October 2010.
  17. "Colours and Markings Page 2". The Cocker Spaniel Club. සම්ප්‍රවේශය 5 October 2010.
  18. "Colours and Markings Page 3". The Cocker Spaniel Club. සම්ප්‍රවේශය 5 October 2010.
  19. "White Cocker: "Brucie" grandson is rare color". Life. 13 December 1943. p. 40. සම්ප්‍රවේශය 25 April 2010. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  20. 20.0 20.1 "AKC Dog Registration Statistics". American Kennel Club. සම්ප්‍රවේශය 26 April 2010.
  21. "AKC Registration Statistics Fact Sheet". American Kennel Club. සම්ප්‍රවේශය 26 April 2010.
  22. "Quarterly Registration Statistics for the Gundog Group" (PDF). The Kennel Club. සම්ප්‍රවේශය 26 April 2010.
  23. 23.0 23.1 "Spaniel (Cocker) Breed Standard". The Kennel Club. December 2008. 2 April 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 April 2010.
  24. Jackson, Frank (1990). Crufts: The Official History. London: Pelham Books. pp. 198–200.,ISBN 0-7207-1889-9
  25. "Top Twenty Breeds in Registration Order for the Years 2008 and 2009" (PDF). The Kennel Club. සම්ප්‍රවේශය 26 April 2010.[භින්න වූ සබැඳිය]
  26. "Frequently Asked Cocker Questions". The Cocker Spaniel Club. සම්ප්‍රවේශය 26 April 2010.
  27. Quelch, John (1988). The Early Days of the American Cocker Spaniel in the United Kingdom. American Cocker Spaniel Club of Great Britain. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  28. "AKC Meet the Breeds: Cocker Spaniel". American Kennel Club. සම්ප්‍රවේශය 25 April 2010.
  29. Palika, Liz (31 August 2007). The Howell Book of Dogs: The Definitive Reference to 300 Breeds and Varieties. Hoboken, New Jersey: John Wiley & Sons. p. 206. සම්ප්‍රවේශය 25 April 2010.,ISBN 978-0-470-00921-5
  30. Del Rosario, Ron (17 February 2010). "Westminster Dog Show 2010 Results : Best in Show Results". The Daily Inquirer. 20 February 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 April 2010. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  31. "Best-in-show Winners". Westminster Kennel Club. සම්ප්‍රවේශය 25 April 2010.
  32. "2010 Breed Judging Results". Westminster Kennel Club. 16 February 2010. සම්ප්‍රවේශය 25 April 2010.
  33. 33.0 33.1 "Summary results of the Purebred Dog Health Survey for American Cocker Spaniels" (PDF). The Kennel Club. සම්ප්‍රවේශය 22 January 2011.
  34. 34.0 34.1 "Summary results of the Purebred Dog Health Survey for English Cocker Spaniels" (PDF). The Kennel Club. සම්ප්‍රවේශය 22 January 2011.
  35. "Hip Dysplasia Statistics". Orthopedic Foundation for Animals. December 2009. සම්ප්‍රවේශය 1 May 2010.
  36. 36.0 36.1 Thomas, Dennis W. "An Ear Full of Auditory Advice". Working Dogs.com. සම්ප්‍රවේශය 2 May 2010.
  37. Smith, DVM, Marty. "Progressive Retinal Atrophy/Degeneration in Dogs". PetEducation.com. සම්ප්‍රවේශය 1 May 2010.
  38. Acland, Gregory M (2 January 1998). "Linkage analysis and comparative mapping of canine progressive rod–cone degeneration (prcd) establishes potential locus homology with retinitis pigmentosa (RP17) in humans". UK PubMed Central. සම්ප්‍රවේශය 1 May 2010. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)[භින්න වූ සබැඳිය]
  39. "What is glaucoma?". Canine Inherited Disorders Database. 28 March 2002. සම්ප්‍රවේශය 1 May 2010.
  40. "What are cataracts?". Canine Inherited Disorders Database. 29 December 2004. සම්ප්‍රවේශය 1 May 2010.
Bibliography

බාහිර සබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කොක(ර්)_ස්පැනියල්&oldid=591807" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි