කුරුළු උණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කුරුළු උණ යනු කුරුල්ලන‍්ගෙන් බෝවන වෛරසයක් මගින් ඇති කර රෝගී තත්වයකි.

විශේෂිත වු ධාරකයකු(කුරුල්ලන්) මගින් රෝගය ඇති කරන යන තේරුම ඇතිව කුරුලු උණ යන්න ව්‍යවහාර කෙරේ. කුරුලු උණ ඇති කරන සියලුම වෛරස ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරස වර්ගයට අයත් වෙයි. ඉන්ෆ්ලුවෙන්ස් ඒ වෛරස් සියලුම උප කාණ්ඩයන් පක්ෂීන් තුළ දක්නට ඇත. මේ නිසා කුරුලු උණ වෛරසය පොදුවේ ඉනෆ්ල්වෙන්සා ඒ වෛරස නමින් හැදින්වෙයි. යම්කිසි සත්ව විශේෂයක් සදහා වෛරසයෙහි සිදුවන අනුගත වීම දීර්ඝ කාලීන නොවේ. මේ ආකාරයට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය බොහෝ ජීවිත සදහා අනුගත වුවද එය එක් ධාරකයෙකු සඳහා පමණක් විශේෂනය වීමේ කැමැත්තක් දක්වයි. උදාහරණයක් ලෙස ඉන්ෆ්ලුවෙන්සා වසංගත රෝග තත්වය ඇති කරන වෛරසය මනුෂ්‍යයන් සහ පක්ෂීන් සඳහා අනුගත වුවකි. ස්පාඤ්ඤයේ උණ ඇති කිරීමට‍ හේතු කාරක වෛරසයේ ජාන සම්බන්ධව සිදුකරන ලද සමීක්ෂණයෙන් පෙන්නුම් කරන ලද පරිදි එයට කුරුල්ලන් සහ මනුෂ්‍යයන් සඳහා රෝග ඇති කිරීමට ආවේනික වු ජාන පිහිටා ඇත. මෙයින් බහුතරයක් ජාන කුරුල්ලන් සඳහා රෝග ඇති කරන අතර එහි මාරාන්තික බව අඩු වේ.

ඉන්ෆ්ලුවෙන්සා වසංතය[සංස්කරණය]

වසංගත උණ ඇතිකරන වෛරස සමහරක් කුරුලු උණ වෛරසයේ ජානද තවත් සමහරක මනුෂ්‍යයනට උණ ඇති කරන වෛරසයේ ජානද පිහිටා ඇත. H2N2 සහ H3N2 යන වසංගත ‍රෝග ඇති කරන වෛරස ජාන කුරුලු උණ වෛරසයේ ජාන වේ. කුරුලු උණ හා මනුෂ්‍ය උණ ඇති කරන වෛරස හො ආසාදිත ඌරන් තුළ නවතම වෛරස ප්‍රභේද ඇතිකරමින් ඒවා ඉක්මනින් නැවතත් මිනිසුන්ට ආසාදනය කරයි. මෙහිදී ඌරන් ඉන්ෆ්ලුවෙන්සාව සඳහා අතරමැදි ධාරකයෙකු ලෙස හැදින්වෙන්නේ ඔවුන් වෙනස්වු වෛරස උප වර්ගයන් ඇති කිරීමට උපකාරී වන බැවිනි. මෙලෙස එකවර ආසාදන දෙකක් ඇති කළ හැකි කුරුල් විශේෂද හඳුනාගෙන ඇත. ඔවුන් මගින් කෙළින්ම මිනිසා වෙත එවියන් වෛරස සම්ප්‍රේශණය කළ හැකිය. ස්පාඤ්ඤ උණ වෛරස ප්‍රභේදය මගින් සෘජුවම පක්ෂීන්ගෙන් මිනිසුන්ට රෝගය සම්ප්‍රේශණය කළ හැකිය. මෙලෙස වසංගත රෝග තත්වයන් ඇති කළද කුරුලු උණ වෛරසය බහුතරයක් ජීවී විශේෂ සඳහා ආසාදනය නොකරයි. ඔවුන් ආසාදන වුවද සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ඇති නොකරයි. එම නිසා රෝගී තතවයන් ඇති නොවේ. මෙම සත්වයින්ට එබැවින් උණ හටගැනීමක් සිදුනොවේ. කුරුලු උණ වෛරසය මගින් උණ හටගත් විට එය එක් විශේෂයකින් තවත් විශේෂයකට රෝගය ව්‍යාප්ත වීමකි. මෙතෙක් අවබෝධ කරගෙන ඇති අන්දමට මෙමගින් ඇති කරන රෝගී තතවය බරපතල නොවේ. නමුත් කුකුළන් , කළුකුම් වැනි ගෘහශ්‍රිත පක්ෂීන් ඇති කිරී‍මත් සමගම මිනිසා විසින් වෛරසයේ නොයෙකුත් උප කාණ්ඩයයන් නිර්මාණයකොට ඇත. මෙම උප කාණ්ඩයන් මගින් ජලාශ්‍රිත පක්ෂීන් තුල පවත්නා කුරුලු උණ වෛරසයේ සීඝ්‍ර ජාන විකෘති ඇති කරන අතර එමගින් සම්පුර්ණ ගහණයෙන් 90% ක් දින කිහිපයක් තුල මරණයට පත් කරන අතර වෙනත් ගහනයන් තුළට එය ව්‍යාප්ත වී එම සතුන්ද 90% මරණයට පත්වෙයි මෙය වැලැක්වීමට ගතහැකි එකම ක්‍රියාමාර්ගය වන්නේ අදාල ප්‍රදේශයේ සියලුම ගෘහාශ්‍රිත පක්ෂීන් විනාශ කොට දැමීමයි. 1990 දී H5N1 මගින් ආසාදිත රෝගීන් ඇතිවන තෙක්ම කුරුලු උණ රෝගය වැදගත් යයි සැලකීමට වු එකම හේතුව මෙයයි. එතැන් පටන් කුරුලු උණ වෛරසය බහුල ලෙස අධ්‍යයනයට ලක්වු අතර එමගින් ඇති කරන වසංගත රෝග තත්වයන් ගෘහාශ්‍රිතව කුරුල්ලන් ඇති කිරීම රෝගය සඳහා ඇති එන්නත් වර්ග සහ වසංගත රෝග තත්වයකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය යන කේෂ්ත්‍රයන්හි වෙනස්වීම් ඇති වුණි.

H5N1 ‍බොහෝ ජීවී විශේෂ ආසාදනයට ලක්කරන වෛරස විශේෂයක් බවට පත්වී ඇති අතර එය මින් පෙර තිබු වෛරස විශේෂයන්ට වඩා මාරාන්තික වේ. රොබට් වෙබ්ස්ටර් නම් ප්‍රමුඛ පෙළේ විශේෂඥයකු ඇමරිකන් සයනටිස්ට් නම් සඟරාවෙහි ප්‍රකාශයට පත් කළ ලිපියක සඳහන් වන්නේ මුළු ලොවම අති විශාල මිනිස් මරණ සංඛ්‍යාවක් ඇති කළ හැකි වසංගත රෝග තත්වයක එලිපත්තේ සිටින බවයි. ඔහු මිනිස් ජීවිත බිලියන ගණනක් බේරා ගැනීම සඳහා මෙම සෞඛ්‍ය තර්ජනයට එරෙහිව සටන් වැදීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර සොයාගැනීමේ උත්සාහයක නිරත වුණි. ඔහුගේ මෙම උත්සාහයත් සමග ලෝක ප්‍රජාව ඩොලර් බිලියන ගණන් වියදම් කොට මෙයට එරෙහිව සටන් වැදීමට උත්සාහ කළද එමගින් ලැබු ජයග්‍රහණයන් සීමිතය.

"http://si.wikipedia.org/w/index.php?title=කුරුළු_උණ&oldid=249182" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි