කුරුස යුද්ධ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
පිළිබඳ ලිපි මාලාවක කොටසකි

Christianity holds Jesus to be the Christ.

 
Jesus · Christ
Virgin birth · Crucifixion · Resurrection · Easter · Jesus in Christianity
Foundations
Apostles · Church · Creeds · Gospel · Kingdom · New Covenant
Bible
පුරාණ ගිවිසුම · New Testament ·
Books · Canon · Apocrypha
Theology
Apologetics · Baptism · Christology · Father · Son · Holy Spirit ·
History of theology · Salvation · ත්‍රිත්වය
History and traditions
Timeline · Mary · Peter · Paul ·
Fathers · Early · Constantine the Great ·
Ecumenical councils · Missions ·
East–West Schism · කුරුස යුද්ධ ·
Protestant Reformation
Denominations and movements
General topics
Art · Criticism · Ecumenism · Liturgical year · Liturgy · Music · Other religions · Prayer · Sermon · Symbolism
P christianity.svg Christianity Portal

මෙම කොටුව: නරඹන්න · සාකච්ඡාව · සංස්කරණය

කුරුස යුද්ධ යනු ක‍්‍රිස්තියානි යුරෝපයේ අභ්‍යන්තරික හා පිටස්තර තර්ජන වලට එරෙහිව පැන නැගි ආගමික ස්වරූපයක් ගත් යුද ගැටුම් සංකීර්ණයකි. කුරුස යුද්ධ මුස්ලිම් ජාතිකයනට, පැරණි ආගම් ඇදහූ ස්ලොවික් ජාතිකයනට, රුසියානු හා ග‍්‍රීක ඕතඩොක්ස් කිතුනුවන්ට, මොංගොලීය ජාතිකයන්ට හා පාප් වහන්සේලාගේ දේශපාලනික සතුරන්ට එරෙහිව සිදු කරන ලදී. කුරුස යුධ භටයෝ දිවුරීමක් සිදු කළ අතර ඔවුනගේ පෙර පව් ක්ෂමා කරනු ලැබුණි.

කුරුස යුද්ධ මූලිකව ඇරඹියේ යෙරුසලම සහ ශුද්ධ වූ දේශය මුස්ලිම් පාලනයෙන් මුදාගැනීමට වන අතර මුලින්ම එය පෙරදිග ඕතඩොක්ස් බයිසැන්තින් අධිරාජ්‍යයේ ඉල්ලීමකට අනුව මුස්ලිම් සෙල්ජුක් තුර්කිවරු ඇනටෝලියාවට ගමන් කිරීම වැලැක්වීමට සිදුකරන ලදී. එසේම මෙය සමකාලීනව හා ඉන්පසු 16 වන සියවස දක්වා ලැවෙන්ට් ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශවල සිදුකෙරුනු යුද ව්‍යාපාරය සඳහාද යෙදේ. එම යුද්ධ බොහෝ විට සිදුකරනු ලැබුයේ පැරණි ආගම් අදහන්නන්ට, මිත්‍යා දෘෂ්ටිකයනට සහ ආගමික ආර්ථික හා දේශපාලනික හේතූන් මිශ‍්‍රණයක් මත නෙරපාහරිනු ලැබූ මිනිසුන් ට එරෙහිවය. ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් බල කඳවුරු අතර තරගය ඇතැම් ආගමික කල්ලි වලට තම සතුරාට එරෙහි බල කඳවුරු හා එක්වීමට මග පෑදීය. පස්වන කුරුස යුද්ධයේ දී ක‍්‍රිස්තියානු බල කඳවුර රම් හි සුල්තාන්වරයා සමග එක්වීම එයට උදාහරණයකි.

කුරුස යුද්ධ සුවිශාල දේශපාලනික ආර්ථික හා සමාජයීය බලපෑමක් ඇතිකල අතර ඇතැම් බලපෑම් වර්තමානය දක්වාම බල පැවැත්වීය. ක‍්‍රිස්තියානි රාජධානි වල අභ්‍යන්තර ආරවුල් සහ දේශපාලනික බලපෑම් ඇතැම් කුරුස යුද්ධ ඒවායේ මුල් අරමුණින් බැහැර කරවීමට සමත් විය. ක‍්‍රිස්තියානි කොන්ස්තන්තිනෝපලය අල්ලා ගෙන බයිසැන්තින් අධිරාජ්‍යය වෙනීසිය සහ කුරුස යුධකරුවෝ අතර බෙදාගැනීමෙන් කෙලවර වූ හතරවැනි කුරුස යුද්ධය එබන්දකි. පාප් තුමාගේ නිල ආශිර්වාදය නොමැතිව ආරම්භවූ පළමු කුරුස යුද්ධය හයවැනි කුරුස යුද්ධය වූ අතර එමගින් පාප් වහන්සේ හැර වෙනත් නායකයන්ට ද කුරුස යුද්ධ ආරම්භ කළ හැකි බව තහවුරු විය.

[සංස්කරණය] දෙවන කුරුස යුද්ධය 1147–1149

1142 දී යුරෝපීය තත්වය

ක්‍රිස්තියානි සහ මුස්ලිම් වරුන් ශුද්ධ භූමියේ එකට සාමයෙන් ජීවත් වූ කාලයෙන් පසු මුස්ලිම්වරුන් එඩෙස්සා නගරය යටත් කර ගත්තේය. විවිධ වූ ආගමික දේශකයන් විසින් විශේෂයෙන් ක්ලෙවෝහි බර්නාඩෝ (Bernsrdo of Clairvaux) අලුත් යුද්ධයකට කැඳවනු ලැබීය.ප්‍රංශ සහ දකුණු ජර්මන් හමුදා බලකායන් VII වන ලුවිස් සහ තුන්වන කොන්රුඩ් (Louis VII / III Conrad) ගේ මෙහෙයවීම යටතේ 1147 ජෙරුසලම් ඉදිරියට ගමන් කලත් ඔවුනට කිසිදු මූලික විජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි විය. ඩැටස්කස් හි දී නිරන්තර ප්‍රහාර එල්ල කිරීම්, වැටලීම්,සතුරන් නිෂ්ක්‍රීය කිරීමට මෙහෙයුම් දියත් කළත් එයද අසාර්ථක විය. එහිදී නිදහස් නගරය , කුරුස යුද්ධයේ ප්‍රධාන සතුරාවන නූර් - අදි- දින් යටතට පත්විය. මධ්‍යධරණියේ අනෙක් පැත්ත වන, කෙසේ වුවත් උතුරු යුරෝපීය කුරුස කරුවන් කණ්ඩායම් ලෙස විශාල සාර්ථකත්වයක් ලබා ගත්තේය. ඔවුන් පෘතුග්‍රීසියේදී නතර වූ අතර එහිදී පෘතුග්‍රීසීන් සමග එකතු වී 1147 දී ලිස්බන් නගරය මුස්ලිම් වරුන්ගෙන් නැවත අල්ලා ගනු ලැබීය. 1150 දී මෙම ශුද්ධ භූමියේදී ප්‍රංශයේ සහ ජර්මනියේ රජවරු දෙදෙනාම කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව තම රටවලට පැමිණීමට සිදු විය. දේශන මගින් දෙවන කුරුස යුද්ධය ධෛර්යමත් කරනු ලැබූ ශාන්ත ක්ලෙයාර්වෝහි බර්නාර්ඩ් වැරදි ලෙස මෙහෙයවූ ප්‍රචණ්ඩත්වය සහ රින්ලන්ඩ් හිදී (Rhinland) හිදී යුදෙව් ජනගහනය සමූල ඝාතනය වූ ගණන පිළිබඳව සසල විය.උතුරු ජර්මනිය සහ ඩෑන්ස් 1147 දී වෙන්ඩිෂ් (Wendish) කුරුස යුද්ධයේදී වෙන්ඩ්ස්වලට පහර දුන් අතර එයද අසාර්ථක විය.


[සංස්කරණය] තුන්වන කුරුස යුගය 1187-1192

ක්‍රි.ව 1187 දී හැටින් වල පැවති යුද්ධයෙන් අනතුරුව ඊජිප්තු රජු සලාදින් ජෙරුසලම අත්පත් කරගන්නා ලදි. ජේරුසරම ක්‍රිස්තියානුවන්ගේන් අත්පත් කරගත් පසුව සාමාන්‍ය පුරවැසියන්ට හා පුරවැසියන්ට හානියක් නොවන අයුරින් ඉස්ලාම් ලබ්ධිකයන් කටයුතු කරන ලදි. සලාදින් තමන් විසින් දෙන ලද වචනටම අනුව ක්‍රියා කරන පුද්ගලයෙකු ලෙස ප්‍රචලිතය. සලාදින්ගේ ජයග්‍රහණය පිළිබද යුරෝපය කැළඹිමට ලක්විය. එවකට සිටි ග්‍රෙගරි VIII විසින් කුරුස යුද්ධයක් කැදවන ලදි. ඒ අනුව යුරෝපයේ සිටි බලවත්ම නායකයන් තිදෙනෙකු වන ප්‍රංශයේ පිලිප් II රජු එංගලන්තයේ රිවඩ් I රජු සහ රෝමානු අධිරාජ්‍යයා ෆෙඩ්රික් Iරජු කුරැස යුද්ධයේ සටන් වැදිමට තිරණය කරන ලදි. ප්‍රංශය සහ එංගලන්තය අතර අශ්ඨායී සබදතාවයක් ඉතිරි කරමින් ක්‍රි.ව 1190 දී ෆෙඩ්රික් රජු සිසියෙදි මියගියේය. ක්‍රි.ව 1191 දි රිචඩ් රජු සයිප්‍රසය යටත් කරගන්නා ලදි. ඉන්පසු කුරුස යුධ භටයන් අතර නගරය මුස්ලිම් ජාතින්ගෙන් මුදවා ගත්හ. පිලිප් II රජු කුරුස යුද්ධය අතහැර දමා නැවත ප්‍රංශයට ගියේය ප්‍රංශයේ සහයෝගය නොමැතිව කුරැස යුද්ධය ජයගත නොහැකි බව දුටු රිචඩ් රජු සලාදින් රජු සමග ගිවිසුමකට පැමිණියේය. ඒ අනුව නිරායුධ ක්‍රිස්තියානි වන්දනාකරුවන් හට හානියකින් තොරව ජේරුසලමයට යාමට ඉඩදිමට සලාදින රජු එකග විය. රිචඩ් රජු නැවත එංගලන්තයට යාමේ දි ඔහුගේ නැව අනතුරට පත්ව ඔහු ඔස්ට්‍රේලියාවට ගෙනියන ලදි. එහිදි ඔහුගේ සතු‍රෙකු වු ලියෝ පොල් ආදී කතෘවරයා රිචඩ් රජු තුමාව සිරභාරයට ගෙන ‍හෙන්රි VI අදිරාජ්‍යාට ඔහුව බාරදෙන ලදී. ක්‍රි.ව 1197 දි හෙන්ඩි රජු කුරුස යුද්ධයකට සුදානම් විය. නමුත් එම වසරේදිම මැලෙරියාවෙන් ඔහු මරණයටපත් විය. යුරෝපයේදි පැවති සටන් වලින් රිචඩ් රජුද මරණයට පත්විය. එම නිසා 3 වන කුරුස යුද්ධ රජවරුන්ගේ කුරුස යුද්ධය ලෙසද හදුන්වනු ලබයි.

"http://si.wikipedia.org/w/index.php?title=කුරුස_යුද්ධ&oldid=206165" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්