කුරුස යුද්ධ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පිළිබඳ ලිපි මාලාවක කොටසකි

Christianity holds Jesus to be the Christ.

 
Jesus · Christ
Virgin birth · Crucifixion · Resurrection · Easter · Jesus in Christianity
Foundations
Apostles · Church · Creeds · Gospel · Kingdom · New Covenant
Bible
පුරාණ ගිවිසුම · New Testament ·
Books · Canon · Apocrypha
Theology
Apologetics · Baptism · Christology · Father · Son · Holy Spirit ·
History of theology · Salvation · ත්‍රිත්වය
History and traditions
Timeline · Mary · Peter · Paul ·
Fathers · Early · Constantine the Great ·
Ecumenical councils · Missions ·
East–West Schism · කුරුස යුද්ධ ·
Protestant Reformation
Denominations and movements
General topics
Art · Criticism · Ecumenism · Liturgical year · Liturgy · Music · Other religions · Prayer · Sermon · Symbolism
P christianity.svg Christianity Portal

කුරුස යුද්ධ යනු ජෙරුසලෙම තුල හා එය අවට ශුද්ධවූ ස්ථාන වෙත ක්‍රිස්තියානිවරුන්ට සම්ප්‍රවේශය ප්‍රතිෂ්ඨාපනය කෙරුමෙහි ප්‍රකාශිත අරමුණ සහිතව, දෙවන අර්බන් පාප් වහන්සේ සහ කතෝලික සභාව විසින් පිරිනැමුණු ආශිංසනය ලත්, ආගමික කාර්ය සාධක යුද්ධ මාලාවකි. යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන්නාවූ ආබ්‍රහමික ලබ්ධීන් තුනම සඳහා ජෙරුසලෙම ශුද්ධවූ නගරයක් වූ අතර දැනුදු එසේ වෙයි.[1]

සෙල්ජුක් තුර්කිවරුන් විසින් 1071 දී බයිසැන්ටයින් යුද්ධ හමුදාව තීරණාත්මක ලෙසින් පරාජය කිරීමත් හා සමගම කුරුස යුද්ධ ඇතිවීමේ සිද්ධි මාලාව ඇරඹිණි. සමස්ත සුළු ආසියාව අභිඝාතයකට ලක්වේ යැයි, බයිසැන්ටයින් අධිරාජ්‍යයාවූ පළමුවන අලෙක්සිස් බියට පත් විය .

කුරුස යුද්ධ යනු ක‍්‍රිස්තියානි යුරෝපයේ අභ්‍යන්තරික හා පිටස්තර තර්ජන වලට එරෙහිව පැන නැගි ආගමික ස්වරූපයක් ගත් යුද ගැටුම් සංකීර්ණයකි. කුරුස යුද්ධ මුස්ලිම් ජාතිකයනට, පැරණි ආගම් ඇදහූ ස්ලොවික් ජාතිකයනට, රුසියානු හා ග‍්‍රීක ඕතඩොක්ස් කිතුනුවන්ට, මොංගොලීය ජාතිකයන්ට හා පාප් වහන්සේලාගේ දේශපාලනික සතුරන්ට එරෙහිව සිදු කරන ලදී. කුරුස යුධ භටයෝ දිවුරීමක් සිදු කළ අතර ඔවුනගේ පෙර පව් ක්ෂමා කරනු ලැබුණි.

කුරුස යුද්ධ මූලිකව ඇරඹියේ යෙරුසලම සහ ශුද්ධ වූ දේශය මුස්ලිම් පාලනයෙන් මුදාගැනීමට වන අතර මුලින්ම එය පෙරදිග ඕතඩොක්ස් බයිසැන්තින් අධිරාජ්‍යයේ ඉල්ලීමකට අනුව මුස්ලිම් සෙල්ජුක් තුර්කිවරු ඇනටෝලියාවට ගමන් කිරීම වැලැක්වීමට සිදුකරන ලදී. එසේම මෙය සමකාලීනව හා ඉන්පසු 16 වන සියවස දක්වා ලැවෙන්ට් ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශවල සිදුකෙරුනු යුද ව්‍යාපාරය සඳහාද යෙදේ. එම යුද්ධ බොහෝ විට සිදුකරනු ලැබුයේ පැරණි ආගම් අදහන්නන්ට, මිත්‍යා දෘෂ්ටිකයනට සහ ආගමික ආර්ථික හා දේශපාලනික හේතූන් මිශ‍්‍රණයක් මත නෙරපාහරිනු ලැබූ මිනිසුන් ට එරෙහිවය. ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් බල කඳවුරු අතර තරගය ඇතැම් ආගමික කල්ලි වලට තම සතුරාට එරෙහි බල කඳවුරු හා එක්වීමට මග පෑදීය. පස්වන කුරුස යුද්ධයේ දී ක‍්‍රිස්තියානු බල කඳවුර රම් හි සුල්තාන්වරයා සමග එක්වීම එයට උදාහරණයකි.

කුරුස යුද්ධ සුවිශාල දේශපාලනික ආර්ථික හා සමාජයීය බලපෑමක් ඇතිකල අතර ඇතැම් බලපෑම් වර්තමානය දක්වාම බල පැවැත්වීය. ක‍්‍රිස්තියානි රාජධානි වල අභ්‍යන්තර ආරවුල් සහ දේශපාලනික බලපෑම් ඇතැම් කුරුස යුද්ධ ඒවායේ මුල් අරමුණින් බැහැර කරවීමට සමත් විය. ක‍්‍රිස්තියානි කොන්ස්තන්තිනෝපලය අල්ලා ගෙන බයිසැන්තින් අධිරාජ්‍යය වෙනීසිය සහ කුරුස යුධකරුවෝ අතර බෙදාගැනීමෙන් කෙලවර වූ හතරවැනි කුරුස යුද්ධය එබන්දකි. පාප් තුමාගේ නිල ආශිර්වාදය නොමැතිව ආරම්භවූ පළමු කුරුස යුද්ධය හයවැනි කුරුස යුද්ධය වූ අතර එමගින් පාප් වහන්සේ හැර වෙනත් නායකයන්ට ද කුරුස යුද්ධ ආරම්භ කළ හැකි බව තහවුරු විය.

පටුන

ලැයිස්තුව[සංස්කරණය]

පළමුවන කුරුස යුද්ධය 1095–1099[සංස්කරණය]

පළමු දශකය තුල කුරුස යුද භටයෝ මුස්ලිමුන් හා යුදෙව්වන් තුල භීතිය පැතිරවූ ක‍්‍රියාවලි සිදුකළ අතර සමූහ ඝාතන ගසා දැමූ හිස් වැටලූ නගරවල පවුරු උඩින් විසි කිරීම්, ප‍්‍රදර්ශනය කිරීම් හා නිරුවත් මෘත දේහ විකෘති කිරීම් සිදුකල අතර මාරාට් හා වැටලීමෙන් පසු මිනී මස් අනුභව කළ බවටද වාර්තා ඇත.

1095 මාර්තුවේ පිසෙන්සා හි කවුන්සිලයේ දී බයිසැන්තින් අධිරාජ්‍ය පලමුවන ඇලෙක්සිස් විසින් තම අධිරාජ්‍යය සෙල්ජුක් තුර්කීන්ගෙන් බේරා ගැනීම සඳහා ආධාර ඉල්ලමින් ¥තයන් පිටත් කරන ලදී. එම වසරේ පසු භාගයේ ක්ලෙමොන්ට් හි කවුන්සිලයේ දී දෙවන අර්බන් පාප් වහන්සේ සියලූ කිතුනුවන්ට තුර්කීන්ට එරෙහි සංග‍්‍රාමයට එක් වන ලෙස ඉල්ලා සිටි අතර ප‍්‍රයත්නයේදී මියයන ඕනෑම අයෙකුගේ සියලූපව් ක්ෂමා කරන බවට පොරොන්දු විය. නෝර්වේ හි පළමුවන සයිගර්ඞ් කුරුස යුද්ධ සඳහා සහභාගි වූ පළමු යුරෝපීය රජු වන අතර කුරුස යුද හමුදා ඩොරිලියම් හා ඇන්ටියොක් හි දී විශාල තුර්කි හමුදා දෙකක් පරාජය කිරීමට සමත් විය.


පළමුවන කුරුස යුද්ධයේ ඇන්ටියොක් වටලෑම සිදුවූයේ යෙරුසලම වටලෑමට සුලූ මොහොතකට පෙරය. 1098 දී ඇන්ටියොක් ෆ‍්‍රෑන්ක් වරුන් අතට පත්වුවද ඊට පෙර දීර්ඝ වටලෑමක් සිදුවිය. ඇන්ටියොක් හි පාලකයාට තම නගරය තුල ජීවත් වන කිතුනුවන් මෙයට ප‍්‍රතිචාර හැකි ආකාරය පිළිබඳ සැක පැවති බැවින් වටලාසිටි කාලය තුල ඔහු ඔවුන්ට නගරයෙන් පිටත සිටීමට අණ කළ අතර ඔවුනගේ අඹු දරුවන් රැක ගැනීමට පොරොන්දු විය. එමනිසා යුදෙව්වන් හා මුස්ලිම් ජාතිකයන් පමණක් එක්ව යුද වැදීම සිදු කළෝය වටලෑම කෙළවර වූයේ නගරය පාවාදීමෙනි. ෆ‍්‍රෑන්ක්වරු දියකඩඉමක් හරහා නගරයට පැමිණි අතර නායකයාට පළා යාමට සිදුවිය. නගරය තුලට පැමිණි වහාම එකල පැවති සම්මත යුද තත්වය යටතේ ෆ‍්‍රෑන්ක්වරු සාමාන්‍ය ජනතාව සමූලඝාතනය කළ අතර දේවස්ථාන විනාශ කර නගරය කොල්ලකෑමට ලක් කරන ලදී. කුරුස යුධ භටයෝ අවසන යෙරුසලමේ බිත්ති කරා ගමන් කළේ ඔවුනගේ මුල් භට කණ්ඩායමෙන් ස්වල්ප දෙනෙක් පමණක් අතැතිවය. යෙරුසලම වටලෑම


මෙහෙයුම්[සංස්කරණය]

ජෙරුසලෙම වටලෑම[සංස්කරණය]

ගොඞ්ෆ්රොයි ඩි බුලියන් ප‍්‍රංශ නයිට් වරයෙකි පළමු කුරුස යුද්ධයේ නියමුවා වන අතර යෙරුසලම් රාජධානියේ නිර්මාතෲවරයා වෙයි. ආක‍්‍රමණික ෆ‍්‍රෑන්ක් වරුන්ට එරෙහිව යුදෙව්වෝ සහ මුස්ලිම් ජාතිකයෝ එක්ව සටන් කළෝය. ඔවුනගේ අසාර්ථක භාවය සනිටුහන් කරමින් 1099 ජූලි 15 වන දින කුරුස යුද භටයෝ නගරයට ඇතුළු වූහ. නැවත වරක් ඔවුහු ඉතිරි ව සිටි යුදෙව් හා මුස්ලිම් ජනතාව සමූල ඝාතනය කළ අතර දේවස්ථානය හා නගරය විනාශ කළෝ ය. තම උපන් බිමෙන් බොහෝ දුරස්ව සිටීම නිසා ඇතිවූ හුදෙකලාව, පිටස්තර බව සහ බිය ෆ‍්‍රෑන්ක් වරු මෙහිදී දැක්වූ ම්ලේච්ඡුත්වයට හේතු පාදක වූ අතර එම දාමරිකකම් අතර 1098 මාරාට් හි වැටලීමෙන් පසු පෙන්වූ මිනී මස් අනුභව කිරීම ද වී ය. පළමුවන කුරුස යුද්ධයේ ප‍්‍රතිඵලයක් ලෙස කුඩා කුරුසයුද ප‍්‍රාන්ත ඇතිකළ අතර යෙරුසලම් රාජධානිය ඉන් වැදගත් තැනක් උසුලයි. කුරුස යුධ භටයෝ ටයර් නගරය අත්පත් කර ගැනීමට උත්සාහ කළ නමුත් මුස්ලිමුන් අතින් පරාජයට පත්විය. ටයර් නගර වැසියෝ දමස්කසයෙහි නායක සහීර්-අල්-දින් අටාබෙක් ගෙන් ෆ‍්‍රෑන්ක් වරුනට එරෙහි වීමට උදව් ඉල්ලා සිටි අතර ඔහුට නගරය පවරා දීමට පොරොන්දු විය. ෆ‍්‍රෑන්ක් වරු පරාජය වූ පසු ටයර් නගර වැසියෝ ඔහුට බාර නොවුනි. නමුත් සහීර්- අල්- දින් ඉතා සරලව "මා කළ සියලූ දේ කළේ දෙවියන් හා මුස්ලිමුන් වෙනුවෙන් විනා වස්තුව හෝ රාජ්‍ය ලෝභය සඳහා නොවේ" යැයි ප‍්‍රකාශ කළේ ය. යෙරුසලමේ බලය අල්ලා ගත් පසු කුරුස යුද හමුදා එහි කුරුස යුද ප‍්‍රාන්ත හතරක් ඇති කළෝය. ඒවා යෙරුසලම් රාජධානිය, එඩෙස්සා ජනපදය, ඇන්ටියොක් රාජ්‍යය සහ ටි‍්‍රපොලි ජනපදය විය. අභ්‍යන්තර ආරවුල් නිසා මුල් කාලයේ දී මුස්ලිම් ජාතිකයෝ මෙම ප‍්‍රාන්ත සමග පැවැත්වූයේ ඉතා සුළු සම්බන්ධකම් කිහිපයක් පමණි. නමුත් ඔවුන් ඉමාද් අල්-දින් සැන්ජි යටතේ නැවත එක් වූ අතර 1144 ඔහු එඩෙස්සා නැවත ලබා ගත්තේය. මෙය කුරුස යුද භටයන්ට යටත් වූ පළමු නගරය වූ අතර මුස්ලිම් වරුන් නැවත අත්පත් කරගත් පළමු නගරය බවටද පත් විය. මෙම සිද්ධිය පාප් වහන්සේ ට දෙවන කුරුස යුද්ධයක් කැඳවීමට හේතු විය.


කුරුස යුද්ධ භටයන්ගේ පර්යාලෝක[සංස්කරණය]

විද්වත් විවාද[සංස්කරණය]

1101 දී වූ කුරුස යුද්ධය[සංස්කරණය]

නෝර්වේජියානු කුරුස යුද්ධය 1107–1110[සංස්කරණය]

දෙවන කුරුස යුද්ධය 1147–1149[සංස්කරණය]

1142 දී යුරෝපීය තත්වය

ක්‍රිස්තියානි සහ මුස්ලිම් වරුන් ශුද්ධ භූමියේ එකට සාමයෙන් ජීවත් වූ කාලයෙන් පසු මුස්ලිම්වරුන් එඩෙස්සා නගරය යටත් කර ගත්තේය. විවිධ වූ ආගමික දේශකයන් විසින් විශේෂයෙන් ක්ලෙවෝහි බර්නාඩෝ (Bernsrdo of Clairvaux) අලුත් යුද්ධයකට කැඳවනු ලැබීය.ප්‍රංශ සහ දකුණු ජර්මන් හමුදා බලකායන් VII වන ලුවිස් සහ තුන්වන කොන්රුඩ් (Louis VII / III Conrad) ගේ මෙහෙයවීම යටතේ 1147 ජෙරුසලම් ඉදිරියට ගමන් කලත් ඔවුනට කිසිදු මූලික විජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි විය. ඩැටස්කස් හි දී නිරන්තර ප්‍රහාර එල්ල කිරීම්, වැටලීම්,සතුරන් නිෂ්ක්‍රීය කිරීමට මෙහෙයුම් දියත් කළත් එයද අසාර්ථක විය. එහිදී නිදහස් නගරය , කුරුස යුද්ධයේ ප්‍රධාන සතුරාවන නූර් - අදි- දින් යටතට පත්විය. මධ්‍යධරණියේ අනෙක් පැත්ත වන, කෙසේ වුවත් උතුරු යුරෝපීය කුරුස කරුවන් කණ්ඩායම් ලෙස විශාල සාර්ථකත්වයක් ලබා ගත්තේය. ඔවුන් පෘතුග්‍රීසියේදී නතර වූ අතර එහිදී පෘතුග්‍රීසීන් සමග එකතු වී 1147 දී ලිස්බන් නගරය මුස්ලිම් වරුන්ගෙන් නැවත අල්ලා ගනු ලැබීය. 1150 දී මෙම ශුද්ධ භූමියේදී ප්‍රංශයේ සහ ජර්මනියේ රජවරු දෙදෙනාම කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව තම රටවලට පැමිණීමට සිදු විය. දේශන මගින් දෙවන කුරුස යුද්ධය ධෛර්යමත් කරනු ලැබූ ශාන්ත ක්ලෙයාර්වෝහි බර්නාර්ඩ් වැරදි ලෙස මෙහෙයවූ ප්‍රචණ්ඩත්වය සහ රින්ලන්ඩ් හිදී (Rhinland) හිදී යුදෙව් ජනගහනය සමූල ඝාතනය වූ ගණන පිළිබඳව සසල විය.උතුරු ජර්මනිය සහ ඩෑන්ස් 1147 දී වෙන්ඩිෂ් (Wendish) කුරුස යුද්ධයේදී වෙන්ඩ්ස්වලට පහර දුන් අතර එයද අසාර්ථක විය.

තෙවන කුරුස යුද්ධය 1187–1192[සංස්කරණය]

ක්‍රි.ව 1187 දී හැටින් වල පැවති යුද්ධයෙන් අනතුරුව ඊජිප්තු රජු සලාදින් ජෙරුසලම අත්පත් කරගන්නා ලදි. ජේරුසරම ක්‍රිස්තියානුවන්ගේන් අත්පත් කරගත් පසුව සාමාන්‍ය පුරවැසියන්ට හා පුරවැසියන්ට හානියක් නොවන අයුරින් ඉස්ලාම් ලබ්ධිකයන් කටයුතු කරන ලදි. සලාදින් තමන් විසින් දෙන ලද වචනටම අනුව ක්‍රියා කරන පුද්ගලයෙකු ලෙස ප්‍රචලිතය. සලාදින්ගේ ජයග්‍රහණය පිළිබද යුරෝපය කැළඹිමට ලක්විය. එවකට සිටි ග්‍රෙගරි VIII විසින් කුරුස යුද්ධයක් කැදවන ලදි. ඒ අනුව යුරෝපයේ සිටි බලවත්ම නායකයන් තිදෙනෙකු වන ප්‍රංශයේ පිලිප් II රජු එංගලන්තයේ රිවඩ් I රජු සහ රෝමානු අධිරාජ්‍යයා ෆෙඩ්රික් Iරජු කුරැස යුද්ධයේ සටන් වැදිමට තිරණය කරන ලදි. ප්‍රංශය සහ එංගලන්තය අතර අශ්ඨායී සබදතාවයක් ඉතිරි කරමින් ක්‍රි.ව 1190 දී ෆෙඩ්රික් රජු සිසියෙදි මියගියේය. ක්‍රි.ව 1191 දි රිචඩ් රජු සයිප්‍රසය යටත් කරගන්නා ලදි. ඉන්පසු කුරුස යුධ භටයන් අතර නගරය මුස්ලිම් ජාතින්ගෙන් මුදවා ගත්හ. පිලිප් II රජු කුරුස යුද්ධය අතහැර දමා නැවත ප්‍රංශයට ගියේය ප්‍රංශයේ සහයෝගය නොමැතිව කුරැස යුද්ධය ජයගත නොහැකි බව දුටු රිචඩ් රජු සලාදින් රජු සමග ගිවිසුමකට පැමිණියේය. ඒ අනුව නිරායුධ ක්‍රිස්තියානි වන්දනාකරුවන් හට හානියකින් තොරව ජේරුසලමයට යාමට ඉඩදිමට සලාදින රජු එකග විය. රිචඩ් රජු නැවත එංගලන්තයට යාමේ දි ඔහුගේ නැව අනතුරට පත්ව ඔහු ඔස්ට්‍රේලියාවට ගෙනියන ලදි. එහිදි ඔහුගේ සතු‍රෙකු වු ලියෝ පොල් ආදී කතෘවරයා රිචඩ් රජු තුමාව සිරභාරයට ගෙන ‍හෙන්රි VI අදිරාජ්‍යාට ඔහුව බාරදෙන ලදී. ක්‍රි.ව 1197 දි හෙන්ඩි රජු කුරුස යුද්ධයකට සුදානම් විය. නමුත් එම වසරේදිම මැලෙරියාවෙන් ඔහු මරණයටපත් විය. යුරෝපයේදි පැවති සටන් වලින් රිචඩ් රජුද මරණයට පත්විය. එම නිසා 3 වන කුරුස යුද්ධ රජවරුන්ගේ කුරුස යුද්ධය ලෙසද හදුන්වනු ලබයි.

සතරවන කුරුස යුද්ධය 1202–1204[සංස්කරණය]

අල්බිජින්සියානු කුරුස යුද්ධය[සංස්කරණය]

දරුවන්ගේ කුරුස යුද්ධය[සංස්කරණය]

පස්වන කුරුස යුද්ධය 1217–1221[සංස්කරණය]

සයවන කුරුස යුද්ධය 1228–1229[සංස්කරණය]

සත්වන කුරුස යුද්ධය 1248–1254[සංස්කරණය]

අටවන කුරුස යුද්ධය 1270[සංස්කරණය]

නවවන කුරුස යුද්ධය 1271–1272[සංස්කරණය]

ප්‍රතිඵලය[සංස්කරණය]

උතුරු කුරුස යුද්ධ[සංස්කරණය]

ටියුටොනික් සංවිධානයේ කුරුස යුද්ධ[සංස්කරණය]

ස්වීඩන කුරුස යුද්ධ[සංස්කරණය]

වෙනත්[සංස්කරණය]

වෙන්ඩ්යානු කුරුස යුද්ධය[සංස්කරණය]

ස්ටෙඩින්ජර් කුරුස යුද්ධය[සංස්කරණය]

අරගොනීස් කුරුස යුද්ධය[සංස්කරණය]

ඇලෙක්සැන්ඩ්‍රියානු කුරුස යුද්ධය[සංස්කරණය]

නොර්විච් කුරුස යුද්ධය[සංස්කරණය]

මාහ්ඩියානු කුරුස යුද්ධය[සංස්කරණය]

බෝල්කන් ප්‍රදේශයන්හී කුරුස යුද්ධ[සංස්කරණය]

ටාටර්වරුන්ට එරෙහිව කුරුස යුද්ධය[සංස්කරණය]

හුසිට් කුරුස යුද්ධය[සංස්කරණය]

අධෝසටහන්[සංස්කරණය]

  1. John L. Esposito. "italics" Oxford University Press Inc, 2011"italics" http://www.amazon.ca/What-Everyone-Needs-about-Islam/dp/0195157133
"http://si.wikipedia.org/w/index.php?title=කුරුස_යුද්ධ&oldid=252040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි