කැස්බෑවෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සාගරයේ වෙසෙන ජීවීන් අතරින් කැස්බෑවා සුවිශේෂී සත්වයෙකි. වායුගොලයේ ඔක්සිජන් ස්වසනය කරන සාගරයේ ජීවත් වන මොවුන් වසර දශ ලක්ෂ සියයකටත් ඈත අතීතයේ සිට පරිණාමය වෙමින් වර්තමානය දක්වා ගමන් කර ඇති බව විද්‍යාත්මක සාධක මගින් සනාථ වෙයි. පෘථිවිය මත ජීවත් වන සාර්ථක ජීවී කණ්ඩායමක් ලෙස කැස්බෑවුන් පිළි ගැනේ. මොවුන්ගේ ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අනුව වෙනස් වන බැවින් උදය කාලයේදී සාගරය මතුපිටට පැම්ණ සූර්ය කිරණ මගින් උෂ්ණත්වය වැඩි කර ගනී. මොවුන් පෙනහලු මගින් වාතය ආශ්වාස ප්‍රශ්වාස කරයි. කැස්බෑවන් රාත්‍රිය ගෙවා දමන්නේ අක්‍රියවය. සාගර පත්ලේ ඇති ගුහා හෝ පැලුම් තුළට වී නිදා ගැනීම සිදු කරයි.

මුහුදු කැස්බෑ විශේෂ හතක් දැකිය හැක.

  1. දාර කැස්බෑවා
  2. ගල්/ වැලි කැස්බෑවා
  3. පොතු/ ලෙ‍ලි කැස්බෑවා
  4. ඔලුගෙඩි කැස්බෑවා
  5. මඩ/ බටු කැස්බෑවා
  6. කෙම්ප් රිඩ්ලි කැස්බෑවා
  7. කොළ කැස්බෑවා
"http://si.wikipedia.org/w/index.php?title=කැස්බෑවෝ&oldid=265192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි