කැළණිය විශ්වවිද්‍යාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(කැලණිය විශ්වවිද්‍යාලය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
කැලණිය විශ්වවිද්‍යාලය
UoK Logo
ආදර්ශ පාඨය පඤ්ඤාය පරිසුජ්ඣති
(ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත්වන්න)
පිහිටුවන ලද්දේ 1959 (ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස)
කුලපති පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා
පිහිටීම කැලණිය, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
සරසවිය දළුගම ප්‍රධාන පරිශ්‍රය සහ රාගම

කැලණිය විශ්වවිද්‍යාලය , ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹට ආසන්නයේ ඓතිහාසික කැලණි පුරවරයේ දළුගම පිහිටා ඇත. වර්තමානයේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කුලපති ධූරය හොබවන අතර උපකුලපති ධූරය දරන්නේ මහාචාර්ය සරත් අමුණුගම මහතා ය. වර්තමානය වන විට කැලණිය විශ්වවිද්‍යාලය පීඨ 6 කින් ද අනුබද්ධිත ආයතන 3 කින් ද ප්‍රත්‍යායිත විද්‍යායතන 3 කින් ද සමන්විත වේ.

ඉතිහාසය[සංස්කරණය]

කැලණිය විශ්වවිද්‍යාලය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් විසින් විද්‍යාලංකාර පිරිවෙන නමින් 1875 දී කැලණිය, පෑලියගොඩ පිහිටවනු ලැබිණි. එතැන් සිට වසර 100 කට ආසන්න කාලයක් පිරිවෙනක් ව පැවති මේ ආයතනය 1957 අංක 45 දරන විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත අනුව 1959 ජනවාරි 01 දින සිට විශ්වවිද්‍යාලයක් බවට පත්ෙකරුණු අතර ඒය ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස නම් ෙකරිණි. මෙහි දී එවකට විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ මේ අභිනව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත් කරන ලදී.

පසුව 1972 අංක 01 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල එක ම විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබූ අවස්ථාවේ දී 1972 පෙබරවාරි 15 වන දා සිට මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය බවට පත් විය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ සිදු වූ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල ව්‍යුහය සංශෝධනයේ දී යථෝක්ත මණ්ඩපය කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව ලෙස නැවත වරක් ස්වායත්ත විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලදී.

1957 පනත අනුව ආරම්භයේ දී ගිහි පැවිදි ශිෂ්‍යයින් පමණක් මෙම ආයතනයට ඇතුළත් කරගනු ලැබූ අතර 1966 අංක 20 දරන ජාතික උසස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වීමත් සමඟ ශිෂ්‍යවන්ටද මේ සඳහා ඇතුළත් වීමට හැකි විය. ආරභයේ දී පෑලියගොඩ පිරිවෙන් භූමියේ ම පිහිටවනු ලැබූ මෙම විශ්වවිද්‍යාලය ඉඩකඩ මඳ වීමේ ගැටලුව නිසා වර්තමානයේ විශ්වවිද්‍යාලය පිහිටුවා තිබෙන භූමි භාගයට 1975 වන විට ගෙන එන ලදී. 1959 ආරම්භක අවස්ථාවේ දී එය ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර, භූගෝල විද්‍යාව, බෞද්ධ අධ්‍යයන හා දර්ශනය, ආර්ථික විද්‍යාව, ගණිතය හා අධ්‍යාපන විද්‍යාව වැනි විෂය කීපයකට සීමා වුවද,

අද වනවිට මානවශාස්ත්‍ර, විද්‍යා, සමාජීය විද්‍යා, වෛද්‍ය විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන සහ පශ්චාත් උපාධි අධ්‍යයන වශයෙන් හැඳින්වෙන පීඨ 6 කින් හා අධ්‍යයන අංශ 48 කින් සමන්විත මුල්පෙලේ විශ්වවිද්‍යාලයක් බවට පත් වී ඇත.

තේමා පාඨය[සංස්කරණය]

පඤ්ඤාය පරිසුජ්ඣති - ප්‍රඥාව තුළින් පාරිශුද්ධත්වයට පත්වන්න.

කුලපති සහ විශ්වවිද්‍යාල බලධාරීහු[සංස්කරණය]

කුලපති:
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ

උපකුලපති:
මහාචාර්ය සරත් අමුණුගම මහතා
Licence es Lettres [Sprbonne], M.A. [Sorbonne], Ph.D. [Sorbonne], PG.Dip. [Sorbonne], DESS [Bourgogne]

පීඨාධිපති - වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය:
ආචාර්ය R.P.C. රන්ජනී මහත්මිය
B.Com. [Kelaniya], M.Com., Ph.D. [Panjab]

පීඨාධිපති - සමාජීය විද්‍යා පීඨය:
මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා


පීඨාධිපති - විද්‍යා පීඨය:
මහාචාර්ය නලින් ද සිල්වා මහතා
B.Sc. [Ceylon], D.Phill.[Sussex]

පීඨාධිපති - පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය:
මහාචාර්ය මැණික් ගුනසේකර මෙය​
B.A. Hons. ( Kelaniya), M.A., PhD.( Michigan)


පීඨාධිපති - මානවශාස්ත්‍ර පීඨය:
මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා
B.A. [Sri Lanka], Ph.D. [Kelaniya], Dip. in Japanese [Osaka U.]

පීඨාධිපති - වෛද්‍ය පීඨය:
මහාචාර්ය A.R. වික්‍රමසිංහ මහතා
M.B.B.S. [Colombo], MPH [Tulane], Ph.D. [Tulane], Ph.D. [Louisiana]

අධ්‍යක්ෂ - පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනය:
මහාචාර්ය G.D. සුමනපාල මහතා
B.A., M.A., Ph.D. [Kelaniya], Prachina Panditha

අධ්‍යක්ෂ - පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය:
මහාචාර්ය T.K.N.P. ද සිල්වා මහතා
B.Sc. [BE], M.Sc. [Archt]

අධ්‍යක්ෂ - වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනය:
මහාචාර්ය J.A. ලියනගේ මහත්මිය
B.Sc. [Sri J'pura], Ph.D. [Cardiff], FRCS, F.I.Chemc.C., C.C.Chem., C.Sci.

විද්‍යාපීඨාධිපති - නාවික හා සාගරික විද්‍යාපීඨය:
කොමදෝරු S.S. රණසිංහ මහතා
WWW, RWP, USP, PSC, M.Sc. [D&SS], M.Sc. [WS&DM], AOWC

විද්‍යාලාධිපති - ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය:
සේනා විධායක/ මේජර් ජෙනරාල් N.A. රණසිංහ මහතා
RSP, USP, PSC

විද්‍යාලාධිපති - ගුවන් හමුදා කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය:
ගුවන් කොමදෝරු N.H.V. ගුණරත්න මහතා
USP, M.Sc. [Human Sec.], NDU-USA, PSC, CTF-NDU, PG. Dip. [LS] Colombo U., Dip. in HRM [UK], Dip. in Psy. [UK]

ලේඛකාධිකාරී:
W.M. කරුණාරත්න මහතා
B.Sc. Pub. Ad. [Sri J'pura], MSSC [Kelaniya]

පුස්තකාලාධිකාරී:
L.A. ජයතිස්ස මහතා
B.Sc. [Vidyalankara], Dip.Lib.Sc. & Inf.Studies [Kelaniya], M.L.I.Sc [Delhi]

වැඩබලන මූල්‍යාධිකාරී:
L.M. ජයවීර මහතා
B.A. Sp. [Sri J'pura], PG. Dip. in Mgt. [Open University]

පිඨ[සංස්කරණය]

  • මානවශාස්ත්‍ර පීඨය
    • වාාග්විද්‍යා අධ්‍යයන අංශය
    • සිංහල අධ්‍යයන අංශය
    • පාලි හා ෙබෟද්ධ අධ්‍යයන අංශය
    • නූතන භාෂා අධ්‍යයන අංශය
    • ඉංග්‍රීසි අධ්‍යයන අංශය
    • සංස්කෘත අධ්‍යයන අංශය
    • හින්දි අධ්‍යයන අංශය
    • නාට්‍ය, රංගකලා හා ප්‍රතිබිම්භකලා අධ්‍යයන අංශය
    • බටහිර සම්භාව්‍ය හා ක්‍රිස්තියානි අධ්‍යයන අංශය
  • සමාජීය විද්‍යා පීඨය
    • පුරාවිද්‍යා විද්‍යා අධ්‍යයන අංශය
    • ඉතිහාස අධ්‍යයන අංශය
    • ජනසන්නිෙව්දන අධ්‍යයන අංශය
    • අාර්ථික විද්‍යා අධ්‍යයන අංශය
    • භූෙගා්ල විද්‍යා අධ්‍යයන අංශය
    • දර්ශන අධ්‍යයන අංශය
    • සමාජ විද්‍යා අධ්‍යයන අංශය
    • පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨයේ තිබෙන වැදගත් අධ්‍යන අංශයක් වශයෙන් විඥාපන විද්‍යා අධ්‍යයන අංශය සැලකිය හැකි ය. 1972 දී මෙහි ආරම්භය සිදු වු අතර ශ්‍රි ලංකාව තුළ පුස්තකාලාධිපති වෘත්යේ පුහුණු මිනිස් බල සම්පත නිර්මාණය කිරිම හා පුස්තකාල විද්‍යාවට අදාළ උසස් අධ්‍යාපනය ලබා දීමෙහි ලා ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින එක ම ආයතනය වේ. පුස්තකාල වෘත්තියේ ගුණාත්මක බව වර්ධනය කිරිම හා මානව සම්පත වැඩි දියුණු කිරිම මෙමඟින් සිදු වේ. පුස්තකාල විද්‍යාව පිළිබඳ ශ්‍රි ලංකාවේ සිටින එක ම මහාචාර්යවරයා වන පියදාස රණසිංහ මහතා මෙහි අචාර්ය මණ්ඩලයේ සිටින අතර වර්තමාන අංශ ප්‍රධානියාවන්නේ අචාර්ය ඩබ්. වීරසුරිය මහතා ය.

අනුබද්ධිත ආයතන[සංස්කරණය]

  • පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනය
  • පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනය
  • වික්‍රමාරච්චි අායුර්ෙව්ද අායතනය

ප්‍රත්‍යායිත විද්‍යායතන[සංස්කරණය]

‍පහසුකම් සහ සේවාවන්[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කැළණිය_විශ්වවිද්‍යාලය&oldid=247990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි