කැනේඩියානු දෙමළ කොංග්‍රසය

විකිපීඩියා වෙතින්
කැනේඩියානු දෙමළ කොංග්‍රසය
Canadian Tamil Congress
ආදර්ශ පාඨයVoice of Tamil Canadians
සංස්ථාපනය2000 ඔක්තෝම්බර්
වර්ගයලාභ-නොලබන සංවිධානය
(ශ්‍රී ලංකාව විසින් තහනම් කල සංවිධානය)
අභිප්‍රායසංස්කෘතිකමය
මූලස්ථානය31 Progress Avenue, Suite 216, Toronto, Ontario, M1P 4S6
නිල භාෂා
ඉංග්‍රීසි, ප්‍රංශ, දෙමළ
Main organ
Board of Directors
වෙබ් අඩවියhttp://www.canadiantamilcongress.ca/
සිදුකරන විශිෂ්ඨ සේවාව අගයමින් උදයන් පුවත්පත වෙනුවෙන් ඊ. සරවනබවන් මහතා වෙත, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සම්මානයක් පිරිනමයි.

කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC) යනු කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දමිළ ඩයස්පෝරාව විසින් පිහිටුවා ගත් ලාභ-නොලබන සංවිධානයකි. එම සංවිධානය 2000 වසරේ ඔක්තෝම්බරයේදී නිර්මාණය කර ගැණිනි.

වර්ථමාන කැනඩාව අති විශාල දෙමළ ජනතාවක් සඳහා නිවස්නය වන අතර ඊට, 1980 සහ 1990 අතර කාලයේ ශ්‍රී ලංකාව තුල හටගත් කලු ජූලිය[1] හේතුවෙන් සහ, ත්‍රස්තවාදී කටයුතු නිසා සරණාගතභාවයෙන් එරටට පළාගිය දහස්ගණනක් වූ ලාංකික දෙමළ ප්‍රජාවක්ද ඇතුලත්ය.

සහිලාල් සබරත්නම් සිද්ධිය[සංස්කරණය]

2006 වර්ෂයේදී, ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ත සංවිධානය වෙත ලබා දීම සඳහා ඩොලර් මිලියනයක් පමණ වටිනා රුසියාවේ නිෂ්පාදිත මිසයිල සහ වෙනත් අවි ආයුධ තොගයක් මිලදී ගැනීමට උත්සාහ කිරීම වෙනුවෙන්, කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරයා වූ සහිලාල් සබරත්නම් (Sahilal Sabaratnam) ඇතුළු 9 දෙනෙකු අමෙරිකාවේ නිව්යොර්ක් මධ්‍යම පරික්ෂණ කාර්යාංශය (FBI) විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. මෙම ආයුධ ගණුදෙණුවේ මූල්‍යමය කටයුත්තේ මොළකරු සහිලාල් බවට එෆ්බීඅයි (FBI) සංවිධානය විසින් හඳුනාගත් අතර, අමෙරිකානු දිස්ත්‍රික් අධිකරණයක් විසින් ඔහුට වසර 25 ක සිර දඬුවමක් නියම කෙරිණි.[2]

සිර දඬුවම් ලබමින් වසර 5 කට පසු සහිලාල් සහ තවත් දෙදෙනෙකු, සහතික කරන ලද ලිපියකින් දක්වා සිටියේ ඔවුන් විසින් අතීතයේ සිදු කල ක්‍රියාවන් අයුතු සහ වැරදි සහගත ඒවා වූ බවයි. තවද ඔවුන් දේශපාලනික ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන බවටද එහි දක්වා තුබුණි. සන්නද්ධ ගැටුම් මත එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ අරමුණු සඳහා සක්‍රීයව දායක වීම වෙනුවෙන් ඔවුහු තවදුරටත්, කැනේඩියානු දෙමළ කොංග්‍රසයටද චෝදනා එල්ල කොට තිබුණි.[3]

2011 අරමුදල් එක් රැස් කිරීම[සංස්කරණය]

2011 වසරේදී කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් පා ගමනක් සංවිධානය කොට ඉන් උපයාගත් මුදලින් කැනේඩියානු ඩොලර් 50,000 ක ප්‍රමාණයක්, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත පරිත්‍යාග කල අතර,[4] එම පරිත්‍යාගය වෙනුවෙන් කිසිදු කොන්දේසි හෝ නියමයන් නොවූ බවටද අවධාරණය කෙරුණි. එල්ටීටීඊ ත්‍රස්ත හිතවාදී සංවිධානයක් විසින් මෙලෙස අරමුදල් රැස් කොට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට පිරිනැමීම පිළිබඳව ශ්‍රී ලංකා රජය එකල දැඩි විරෝධයක් පළ කලත්, පරිත්‍යාගය භාර ගනිමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කර සිටියේ "පරිත්‍යාගයන් භාර ගැනීමෙන් සංවිධානයේ ස්වාධීනත්වයට හානියක් නොවන බවත් – ලොව පුරා මානව හිමිකම් සම්බන්ධයෙන් පක්ෂග්‍රාහිකත්වයෙන් තොරව ක්‍රියාකිරීම තම සංවිධානයේ අරමුණ බවත්ය."[5]

ශ්‍රී ලංකාව විසින් සංවිධානය තහනම් කිරීම[සංස්කරණය]

ශී‍්‍ර ලංකාව තුළ වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන සංවිධාන 16 ක් ශ්‍රී ලංකා රජය විසින් 2014 අප්‍රියෙල් මසදී තහනම් කල අතර, ඊට කැනේඩියානු දෙමළ කොංග්‍රසයද ඇතුලත් වී තිබිණි.[6] [7] 2001 වසරේ ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරගත් 1373වන යෝජනාව අනූව, එම සංවිධාන සමග කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට නීතිය යටතේ කටයුතු කිරීමට හැකිවන බව පැවසේ.

කැනේඩියානු දෙමළ කොංග්‍රසය ඇතුළුව අනෙකුත් අදාල සංවිධාන තහනම් කිරීමට හේතුව නම්, ත‍්‍රස්තවාදය මැඩලීම සහ ඔවුන්ගේ මූල්‍ය කටයුතු නැවැත්වීම සඳහා බවට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්ද පසුව පැහැදිලි කරන ලදී.[7]

සංවිධානය පිළිබඳ පූර්ව අනාවරණයන්[සංස්කරණය]

කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට ඍජුවම සහාය දක්වන්නෙක් බවට ජාත්‍යන්තර ත‍්‍රස්ත විශේෂඥයෙකු වන ආචාර්ය රොහාන් ගුණරත්න මහතා විසින්ද මින් පෙර හෙළිදරවු කොට තිබුණි. කෙසේ නමුදු තම සංවිධානය පිරිසිදු සංවිධානයක් යැයි පවසා ගනිමින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC), ගුණරත්න මහතාට එරෙහිව එරට ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණයක් තුල නඩු පවරා ඉන් හානි වන්දි මුදලක් උපයා ගන්නා ලදී.[6]

මේවාද බලන්න[සංස්කරණය]

දෙමළ ඩයස්පෝරාව යනු ltte සාමාජිකයන් ,ලංකාවෙන් සරනාගතයන් ලෙස පැනගිය නායකන් සැදුම්ලත් ත්‍රස්තවාදී සමූහයකී මොවුන් ප්‍රදාන වශයෙන් එංගලන්තය මූලික කරගෙන ක්‍රියාත්මක වන අතර ස්විට්සර්ලන්තය ,ජර්මනිය ,කැනඩාව ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල් සාමාජිකයන් සිටි මොවුන්ගේ ප්‍රදාන අරමුන වන්නේ ltte ත්‍රස්තවාදී ක්‍රියාවන් සදහා මුදල් රැස්කිරීමයි

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ද බ්ලැක් ජුලායි 1983 දැට් ක්‍රියේටඩ් අර් කලෙක්ටිව් ට්‍රොවුමා". ජයතුංග, රුවන් M. LankaWeb. 2010. සම්ප්‍රවේශය 8 අප්‍රියෙල් 2012.
  2. "කැනේඩියන්-ටැමිල්ස් සෙන්ටෙන්ස්ඩ් ඉන් යූ.එස්. ටෙරර් කේස්". torontosun. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
  3. "ටැමිල් කැනේඩියන්ස් ඉන් ප්‍රිසන් ෆෝර් ආර්මින්ග් රිබෙල්ස් රිනවුන්ස් වයලන්ස්". nationalpost. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
  4. "LTTE ෆ්‍රොන්ට් ෆන්ඩ්ස් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්". Sunday Observer. 4 මාර්තු 2012. 2012-04-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 අප්‍රියෙල් 2012.
  5. "ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇන්ඩ් ද ටැමිල් කමියුනිට් ඉන් කැනඩා". Amnesty International Canada. 16 පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 8 අගෝස්තු 2012.
  6. 6.0 6.1 "කැනඩාව එල්.ටී.ටී.ඊ.යට උදව් කළ හැටි විකිලීක්ස් හෙළි කරයි". hirunews. 5 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
  7. 7.0 7.1 "කොටි හිතවාදී සංවිධාන 16 ක් තහනම්". hirunews. 1 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.

බාහිර සබැඳි[සංස්කරණය]