කැටයම් ගලින් නෙලන ලද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඇමරිකා එක්සත් ජනපදයේ ගිණිකොණ දිග ඌටාහි මෝබ් හි සිට දකුණට වන්නට පිහිටි කැන් යොන්ලන්ත ජාතික උද්‍යානය අසළ වූ පුවත් ගලක කෙටූ කැටයම් .
MtnSheepPetroglyph.jpg
ඇමරිකා එක්සත් ජනපදයේ ඌටාහි මෝබ් අසලින් හමු වූ විශාල අං සහිත බැටළු තවලමක ශෛලමය කැටයමක් ; නිරිත දිග කාන්තාර ප්‍රදේශ පිළිබඳ පොදු අදහසක්

ගල් කැටයම් යනු පාෂාණයක මතු පිට කොටස කෙටීමෙන්, සීරීමෙන් හෝ කැටයම් කැපීමෙන් ඉවත් කර නිර්මාණය කරන ලද රූප සටහන්ය. උතුරු ඇමරිකාවෙන් පරිබාහිර සිසුන් මේ සඳහා කැටයම් කැපීම , අකුරු කෙටීම වැනි වදනක් භාවිතා කරති. ගල් කැටයම් ලෝකය පුරා ව්‍යාප්තව ඇති අතර බොහෝ විට ප්‍රාග් ඓතිහාසික මානවයා මේවා හා සම්බන්ධය. ග්‍රීකවදන් වන පෙට්‍රෝස් ගල සහ ගිල්පීන් (කැටයම් කැපීම ) යන වචන වලින් මෙම පෙට්‍රෝගිල්ප් යන වචනය සෑදී ඇත.( එය මුලින්ම භාවිතා වූයේ ප්‍රංශයේ පෙට්‍රෝගිල්පී ලෙසය).

පෙට්‍රෝගිල්ප් (ගල් කැටයම් ) යන වචනය ගල් පොත්තක අඳින ලද හෝ පාට කරන ලද පික්චොග්‍රාෆ් (පින්තූරය) යන වචනය සමග පටලවා නොගත යුතුය. නමුත් මෙම රූපණ වර්ග ද්විත්වයම අයත් වන්නේ ශෛල කලාව යටතටයි. “පෙට්‍රෝ ෆෝම්ස්” හෙවත් විශාල ගල් කුළු හෝ පර්වතවල කරන ලද මෝස්තර හා හැඩතලද බොහෝ වෙනස්ය. “ඉනක්ෂක්” ද අද්වීතීයයි. ඒවා ප්‍රධාන වශයෙන් සොයා ගන්නා ලද්දේ ආක්ටික් ප්‍රදේශයෙනි.

ඉතිහාසය[සංස්කරණය]

ස්කැන්ඩිනේවියාවෙන් (හල්ජෙස්ටා, වාස්ට්මන්ලන්තය - ස්වීඩනය ) හමු වූ මිශ්‍ර රූප සහිත ගල් කැටයම්, ස්කැන්ඩිනේවියානු යුගය. කැටයම් වඩා දෘෂ්‍යමාන කිරීමට වර්ණ ගන්වා තිබී ඇත.

පුරාණ ගල් කැටයම්වල උපත සිදු වන්නට ඇත්තේ වසර 10,000 – 12,000 පමණ උඩදී එනම් නව ශිලා යුගයේදී සහ ඉහළ පෙලියොලිතික් යුගයේ අවසාන භාගයේදීය. (කම්යානා මොහ්ය්ලා). මීට වසර 7,000 – 9,000 පමණ උඩදී අනෙකුත් ලේඛන විධි (පින්තූර කලාව හා චිත්‍ර ලිපි කලාව) මතු වන්නට පටන් ගෙන ඇත. ගල් කැටයම් කලාව 20 වැනි ශතවර්ෂයේදී බටහිර සංස්කෘතිය බලපෑමට ලක්වන තෙක්ම භාවිතයේ පැවතිණ. මෙම ගල් කැටයම් පෘථිවියේ ඇන්ටාක්ටිකාව හැර සෑම ප්‍රදේශයකින්ම වාගේ සොයා ගෙන ඇත. වැඩිපුරම ඒවා හමු වී ඇත්තේ අප්‍රිකාව, ස්කැන්ඩිනේවියාව, සයිබීරියාව, නිරිත දිග උතුරු ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලිනි.


විවරණය[සංස්කරණය]

මේවා නිර්මාණය කළ වුන්ගේ අරමුණු විග්‍රහ කිරීමට බොහෝ අදහස් ඉදිරිපත්ව ඇත. (ඔවුන්ගේ පිහිටීම, වයස, රූප වර්ග පාදක කර ගනිමින්) සමහර ගල් කැටයම් ජ්‍යෝතිෂ්‍ය සලකුණු, සිතියම් සහ සංකේතාත්මක සන්නිවේදනයට අදාල වෙනත් සලකුණු යැයි සිතේ.ඒවායේ ප්‍රාග් ලේඛන කලාව අන්තර්ගතව ඇත. සමහර විට ඔවුන් වෙනත් පූජා විධි හා යාග හෝම වල අතුරුඵලයක්ව තිබිය හැකිය. (ඉන්දියාවේ ප්‍රදේශ), උදා :- සංගීත භාණ්ඩ හෝ “ශෛල යමේරුකා වශයෙන් හඳුනා ගෙන ඇත.

සමහර ගල් කැටයම් තුළින් ගැඹුරු සංස්කෘතික හා ආගමික අදහස් මෙන්ම යම් පණිවිඩයක්ද සමාජයට එළි කර ඇත. සමහර විට එය ඔවුන්ගේ දරු මුණුබුරුවන් වෙනුවෙන් වෙන් කළ හැක්කක් විය හැකිය. මේවායේ යොදා ගෙන ඇත්තේ යම් විධියක සංකේතාත්මක හෝ පූජා විධියේ භාෂාවකි. එය තවම සම්පූර්ණයෙන්ම තේරුම් ගෙන නැත. පසුව ස්කැන්ඩිනේවියාවෙන් සොයාගත් ස්කැන්ඩිනේවියානු ලෝකඩ යුගයට අයත් ගල් කැටයම් ගෝත්‍ර හා ස්කැන්ඩිනේවියන්වරු අතර දේශ සීමාවක් පෙන්නුම් කිරීමට යොදා ගෙන ඇති බව පෙනේ. එහි එම ජනතාවගේ සහ අසල්වැසි දේශවල ජනතාවගේ දේශීය හා උප භාෂාද පෙන්නුම් කර ඇත. සයිබීරියානු ගල් කැටයම්වල පැරණි ජර්මන් අක්ෂර වර්ගයක සේයාවක් දක්නට ලැබේ. නමුත් සයිබීරියාව හා ජර්මනිය අතර වූ සම්බන්ධතාවයක් ගැන අසන්නට ලැබී ද නැත. ඒවා තවම සම්පූර්ණ ලෙස තේරුම් ගෙන නැත.

සමහර සමීක්ෂකයින් කියා සිටින්නේ මහාද්වීප වශයෙන් ගත් කළ විවිධ ගල් කැටයම් අතර කිසියම් සමානත්වයක් තිබෙන බවයි. එම සියලුම පුද්ගලයින් තම වටපිටාව තදින් සිතට කාවද්දාගෙන ඇති බව මේවායින් පැහැදිලි වේ. නමුත් මෙම පොදු රටාව විස්තර කිරීම අපහසුය. මෙය මුල් පෙදෙස්වල සිට මෙම පෙදෙස්වලට සංක්‍රමණය වූ කණ්ඩායම් හා සමගාමීව සිදු වූවක්ද විය හැකිය. 1853 දී බර්වික් ස්වභාව විද්‍යාඥවරුන්ගේ සමාජයේදී ජෝර්ජ් ටේට් ගල් කැටයම්වලට පොදු සම්භවයක් තිබූණු බවත් සංකේතාත්මක අර්ථයක් ඉදිරිපත් කරන බවත් ඒවා කිසියම් ප්‍රසිද්ධ න්‍යායක් ඉදිරිපත් කර ඇති බවත් ප්‍රකාශ කළ අතර ජෝන් කොලින්වුඩ් මහතාද එම අදහස්වලට එකඟ විය. රොනල්ඩ් මොරිස් තම ස්කොට්ලන්ත ශෛල කලා නාමාවලියේ එකිනෙකට වෙනස් න්‍යායන් 104 කට අයත් ගල් කැටයම් සාරාංශ ගත කොට ඇත.

තවද, ජන්ග්‍යන් මනෝවිද්‍යාවේ සහ මර්සියා එළියාඩ්ගේ දර්ශනයේ බොහෝ මත භේදයට තුඩු දෙන ආකාරයේ විග්‍රහ අඩංගුව ඇත. එම න්‍යායන්ට අනුව නම් විවිධ මහද්වීප හා සංස්කෘතීන්ට අයත් ගල් කැටයම්වල (සහ අතීත හෝ මූල රූප සලකුණුවල) සමානාත්මතාවන්ට හේතුව මිනිස් මොළයේ ජානමය ව්‍යුහයයි.

තවත් න්‍යායන්ට අනුව , මෙම ගල් කැටයම් නිර්මාණය වී ඇත්තේ විඥ්ඥානය සහිත වෙනස් ජාතියක යකැදුරන් මගින්ය. සමහර විට ස්වභාවික මායාවන්ද ඊට හේතුවන්නට ඇත. ගල් කැටයම්වල හා ගුහා සිතුවම්වල කීප වරක්ම දක්නට ලැබෙන බොහෝ ජ්‍යාමිතික හැඩතල මිනිස් මොළයට තේරුම් ගැනීම අපහසු වීමක් සිදුවූවා සේ පෙනේ. ඔවුන් ඖෂධ , හිසරද හා වෙනත් උත්තේජක නිසා ඇති වූ මායාවන්ට හා දෘශ්‍ය ඉන්ද්‍රජාලවලට අසුවූවෝ වූහ.

කලහාරී කාන්තාරයේ සැන් ජනතාව අතර පවතින යකැදුරු ශිල්පය හා ශෛල කලා ශිල්පය අතර වර්තමාන සබඳතා ගැන විට් වෝටර් ස්රන්ඩි විශ්වවිද්‍යාලයේ ශෛල කලා සමීක්ෂණ ආයතනය (RARI) විසින් අධ්‍යයනය කර ඇත. සැන් ජනතාවගේ කලා නිර්මාණ ඉතා ප්‍රබල ඒවා වුවත් , ඔවුන්ට පිටුපසින් ඇති මිථ්‍යාවන් ගල් කැටයම් වැනි අනෙකුත් ශෛලමය නිර්මාණ වටහා ගැනීමට උපකාරී විය හැකිය. RARI වෙබ් අඩවියෙන් උපුටා ගත්තක් පහත වේ.

සැන් මිථ්‍යාවන්ගේ දැනුම උපයෝගී කරගනිමින් සමීක්ෂකයන් පෙන්වා දී ඇත්තේ කලාව සැන් සිත්තරුන්ගේ ආගමික ජීවිතවල මූලික අංගයක් වූ බවයි. සැන්වරුන්ගේ ලෝකය කලාව විසින් ආකර්ෂණය කර ගන්නා ලද බවද පෙනී ගොස් ඇත. දක්ෂතා තිබූ මිනිසුන් තම බලය සිතුවම් කළ අතර එම බලය නැවත පැමිණියේ රෝග සුවපත් කරීම , වැසි වැස්සවීම හා අපේක්ෂා ඉටු වීම වැනි දේවලින් යැයි කියවිණි.

"http://si.wikipedia.org/w/index.php?title=කැටයම්_ගලින්_නෙලන_ලද&oldid=250037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි