කැටයම් කැපීම

විකිපීඩියා වෙතින්

ඇල්බ්‍රෙච් ඩූරර් විසින් කරන ලද ශාන්ත ජෙරම් 1514 කැටයම් කැපීම යනු සාමාන්‍යයෙන් දෘඪ තල මතුපිටක් මත කට්ට කැපීම තුලින් එය තුළට යම් නිර්මාණයක් කා වැද්දීමේ ශිල්ප ක්‍රමයයි. මෙහි ප්‍රතිඵලය රිදී, රත්‍රං, වානේ හෝ වීදුරු කැටයම් කළ විට අලංකෘත කරන ලද වස්තුවක් හෝ තඹ හෝ වෙනත් ලෝහයක් කැටයම් කළ විට රූප කඩදාසි මත මුද්‍රණය කිරීම සඳහා වූ ඉන්ටාලියෝ මුද්‍රක තහඩු ලබා දේ. කැටයම්කරණය කලාත්මක මුද්‍රණකරණයේ දී මෙන්ම ග්‍රන්ථ හා සඟරා සඳහා වානිජමය ප්‍රති නිෂ්පාදනයන් හා ප්‍රකාශනයේ දී ද කඩදාසි මත රූප නිර්මාණය කිරීමේ ඓතිහාසිකව වැදගත් ක්‍රමයක් විය. එය එහි වානිජමය යෙදුම්වල දී ඡායාරූපකරණය මඟින් ප්‍රතිස්ථාපනය වී ඇත. තවද එම තාක්ෂණය ඉගෙන ගැනීමේ අපහසුතා නිසා මුද්‍රණකරණයේ ද මෙය බහුලව භාවිතා නොවේ. ඒ වෙනුවට එය නිරේඛණය හා අනෙකුත් තාක්ෂණික ක්‍රමවලින් ප්‍රතිස්ථාපනය වී ඇත. කැටයම් කිරීම සඳහා නිරන්තරයෙන් යොදා ගන්නා වදන් වන්නේ තඹ තහඩු කැටයම්කරණය හා රේඛීය කැටයම්කරණයයි. මේ සියල්ල එකම දෙයක් අඟවන නමුත් විශේෂයෙන් අතීතයේ දී මුද්‍රණකරණ තාක්ෂණික ක්‍රම කිහිපයක් ආවරණය කිරීම සඳහා වෙන් වෙන් වශයෙන් යොදා ගන්නා ලදී. එමනිසා කැටයම් ලෙස හඳුන්වන ඒවා බොහොමයක් නිරේඛණය වැනි සම්පූර්ණයෙන්ම වෙනස් තාක්ෂණික ක්‍රම මඟින් නිපදවා ඇත.

කැටයම් කැපීමේ ක්‍රියාවලිය[සංස්කරණය]

කැටයම් කැපීමේ අත් මෙවලම් කිහිපයක එකතුවක්

කැටයම්කරුවන් යම්කිසි මතුපිටක් තුළට (වඩාත් සාම්ප්‍රාදායිකව තඹ තහඩුවක්) කැටයම් කැපීම සඳහා නියන ලෙස හඳුන්වන සවි ගන්වන ලද වානේ මෙවලමක් යොදා ගනී. මෙම කැටයම් වෙනස් හැඩවලින් සහ ප්‍රමාණවලින් විවිධ රේඛා වර්ග සමඟ පැමිණේ. නියනක් මඟින් ආවේණික හා හඳුනාගත හැකි රේඛා තත්වයක් නිර්මාණය කරයි. එය එහි ස්ථිර, ආවර්ත පෙනුමෙන් හා නිදහස් මුළුවලින් හඳුනාගත හැකි වේ. වක්‍ර ටින්ට් මෙවලමට යන්තමින් වක්‍ර වූ තුඩක් ඇත. ෆොලොරෙන්ටයින් ලයිනර පැතලි පතුලකින් යුත් මෙවලම් වන අතර ඒවා තුළට රේඛා කිහිපයක් කොටා ඇත. ඒවා විශාල ප්‍රදේශයක් මත පිරවුම් ආදිය සිදු කිරීමට යොදා ගනී. තල කැටයම් කටු අකුරු මත පිරවුම් කටයුතු කිරීමට මෙන්ම බොහෝමයක් සංගීත භාණ්ඩවල කැටයම් කටයුතු සඳහා ද යොදා ගනී. වක්‍රාකාර කැටයම් කටු දීප්තිමත් කැපුම් සෑදීම සඳහා රිදී මත යොදා ගන්නා අතරම (දීප්තිමත් කැපුම් කැටයම් කිරීම ලෙස ද හැඳින්වේ) නිකල් හා වානේ වැනි ලෝහ කැපීමට ද යොදා ගනී. නියන් සමචතුරස්‍රාකාර හෝ දික් කරන ලද දියමන්ති හැඩයෙන් යුක්ත වන අතර සෘජු රේඛා කැපීම සඳහා යොදා ගනී. මෙද්සොටින්ට් රොකර්ස්, තිත්කූරු හා පීර වැනි අනෙකුත් මෙවලම් වෙනත් වැයුම් ආචරණ සඳහා යොදා ගනී.

නූතන වානිජ කැටයම් කලාව[සංස්කරණය]

කැටයම්කරුවකුට සිය නිර්මාණයන්ට ඉතා ඉහල මට්ටමේ ක්‍ෂුද්‍ර විස්තරයන් පවා ඇතුලත් කළහැකිවීම හේතුවෙන් ඒවා පහසුවෙන් ව්‍යාජ ලෙස සකස්කිරීමේ හැකියාවක් නොමැත. මේ හේතුවෙන් මෙම ගුණාංගය නවීන බැංකු නොට්ටු විසින් යොදාගනු ලබයි. බැංකු නෝට්ටු පමණක් නොව ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත්වීම අවශ්‍ය වන්නාවූ අනෙකුත් ලේඛණයන් වන චෙක්පත්, බැඳුම්කර ආදී පති‍්‍රකාවන් නිර්මාණය කිරීමේදීද කඩදාසියේ සියුම් කැටයම් ඇතුලත් කිරීම කරනු ලබයි. මෙම තඩදාසිවල කැටයම් කැපීම කෙතරම් සියුම් ලෙස සිදුකොට ඇතිද කිවහොත් සාමාන්‍ය මුද්‍රණකරුවකුට මෙම අතින් කපන ලද කැටයම් නැවත නිෂ්පාදනය කළ නොහැක. එමෙන්ම ඒවා ස්කෑන් කිරීම් වලටද හසු නොවේ. එක්සත් ජනපද කැටයම් හා මුද්‍රණ කාර්යාංශයේ මුදල් නෝට්ටුවක් හෝ එවැනි වැදගත් ලේඛණයක් සකස් කිරීමේදී එහි ඵලකය කැටයම් කිරීමට ශිල්පීන් එක් එයෙකුට වඩා වැඩි ගණනක් යොදාගනු ලබයි. මෙමඟින් මේ කැටයම් ප‍්‍රතිනිෂ්පාදනය කිරීම කිසිසේත්ම කළනොහැකි තරමේ එකක් බවට පත් කරනු ලබයි. බොහොමයක් පැරණි මුද්දරවලද කැටයම් ඇතුලත් වෙයි. නමුත් වර්තමානය වන විට මෙය රටවල් කිහිපයකට පමණක් සීමාවී ඇත. එසේත් නැතිනම් එවැන්නක් යොදාගනු ලබන්නේ විශිෂ්ඨ නිමාවක් සහිත නිර්මාණයක් ඉදිරිපත් කිරීමට හෝ මුද්දරයට යොදාගනු ලබන වර්ණ පරාසය සීමා සහිත එකක් වන විට පමණකි.

නූතන අතින් කැටයම් කැපීමේ කලාව ලෝහ නිර්මාණ ක්ෂේත‍්‍රය තුල ඉතිරිව ඇත්තේ සීමා සහිත අංශ කිහිපයක පමණකි. මෙහිදී ඉහලම කලාත්මක දක්‍ෂතාවන් යොදාගනු ලබන්නේ අවිආයුධ සහ අනෙකුත් ලෝහ ආයුධ, ආභරණ සහ සංගීත භාණ්ඩ නිෂ්පාදනයේදීය. වානිජ අවශ්‍යතාවන් සඳහා ඉන්ටැල්ජියෝ ඵලක නිෂ්පාදනය වැනි කාර්මික භාවිතාවන් සඳහා අතින් කැටයම් කැපීම වෙනුවට යන්ත‍්‍ර යොදාගනිමින් ඇලි කැපීම සිදුවෙයි.

නූතන කැටයම් කලාව දැකගතහැකි තවත් ස්ථානයක් වන්නේ මුද්‍රණ කර්මාන්තයයි. එහිදි දිනපතා භ‍්‍රමක සිලින්ඩරයන් මතට කඩදාසි පිටු දහස් ගණන් යාන්ති‍්‍රකව සකස් කරනු ලබයි. වානේ පාදමක් හා ඊට ඉහලින් ඇති මි. මී. 1 ක පිත්තල ස්ථරයක් මතට රූපය සමර්පනය කරනු ලැබේ. රූපය කැටයම් වූ පසු ඒවා අධිවේගී මුද්‍රණාලන්හි මිලියන ගණනින්වූ පිටපත් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබයි. දැවැන්ත මුද්‍රණ සිලින්ඩරයන් වෙත යාන්ති‍්‍රකව ඇතුල්කිරීම සඳහා මුලින්ම පී ඩී එෆ් වැනි ගොනු මාදිලියකින් නිර්මාණය කරනු ලබයි වර්තමානයේ එකම සිලින්ඩරයෙන් පිටු 192 ක් පමණ කැපීමේ හැකියාව ඇත සිලින්ඩරය එක් වර්ණයක් මුද්‍රණය කිරීමට යොදාගනු ලබන අතර උපස්ථරයේ එක් පැත්තක් මුද්‍රණය කිරීම සඳහා සිලින්ඩර 4 ක් යොදාගනු ලැබේ 1960 සිට දියමන්ති කැපීම කලාවක් ලෙසින් හැඳින්වේ.

වර්තමානයේ ලේසර් කැටයම් කැපීමේ යන්ත‍්‍ර සංවර්ධනය කරමින් පවතී. ආර්ථික වශයෙන් මෙන්ම ගුණාත්මක අතින්ද යාන්ති‍්‍රක කැපීම සිය ශක්තිය විදහා දක්වා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කැටයම්_කැපීම&oldid=249708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි