කාල් යුං
| කාල් යුං | |
|---|---|
යුං 1910 දී |
|
| උපත | කාල් ගුස්ටාෆ් යුං 26 ජූලි 1875 Kesswil, තුවගවු, ස්විට්සර්ලන්තය |
| මරණය | 6 ජුනි 1961 (වයස 85) තූරිච්, තූරිච්, ස්විට්සර්ලන්තය |
| වාසස්ථානය | ස්විට්සර්ලන්තය |
| පුරවැසිභාවය | ස්විස් |
| ක්ෂේත්‍රයන් | Psychiatry, psychology, psychotherapy, analytical psychology |
| ආයතන | Burghölzli, Swiss Army (as a commissioned officer in පළමුවන ලෝක යුද්ධය) |
| ශාස්ත්‍ර ශාලාව | බාස්ල් විශ්වවිද්‍යාලය |
| ආචාර්ය උපාධි උපදේශක | Eugen Bleuler, Sigmund Freud |
| ප්‍රසිද්ධයට හේතුව | විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාව |
| කලත්‍රයා | එමා යුං |
| අත්සන |
|
1875 ජුලි 26 වන දින උපන් ස්විට්සර්ලන්ත ජාතික මනෝ චිකිත්සකයෙක් වන කාල් යුං විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාවේ පුරෝගාමියෙක් ලෙස සලකයි. මොහු විසින් මනෝවිද්‍යාව අද්විතීය මෙහෙය යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රදේශ අන්තර් සංස්කෘතික බලපෑම් ඇති කිරීමට සමත් විය. ඔහු සිහින, චිත්‍ර, මිත්‍යා විශ්වාස පිළිබඳ අධ්‍යයන, ආගමික දර්ශනය, දර්ශනවාදය වැනි ක්ෂේත්‍ර විශ්ලේෂණ මගින් ආත්මය පිළිබඳ අවබෝධය අවධාරණය කරන ලදී. ඔහු සෛද්ධාන්තික මනෝ විද්‍යාඥයෙක් සහ ප්‍රායෝගික වෛද්‍යවරයෙක් වුව ද ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් වැය කළේ බටහිර සහ නැගෙනහිර දර්ශනවාදය, තාරකා විද්‍යාව, සාමාජ විද්‍යාව, සාහිත්‍යය, චිත්‍ර කලාව වැනි ක්ෂේත්‍ර අධ්‍යයනය සඳහාය. ඔහුගේ ප්‍රසිද්ධ මත ලෙස මූලාකෘති පිළිබඳ සංකල්පය, සාමූහික අවිඥානය and synchronicity හැඳින්විය හැක. යුං විසින් සමතුලිතතාවයේ සහ සුසංගමයේ වැදගත්කම අවධාරණය කරන ලදී. ඔහු විසින් නූතන මිනිසා විද්‍යාව සහ තර්කනය එල්බ සිටීම ගැන අනතුරු හැඟවූ අතර එයට අධ්‍යාත්මික බව සහ විඥාණක මත එක් කර ගැනීමෙන් වඩා ඵලදායී කර ගත හැකි බව පෙන්වා දුණි.