කාලතුවක්කු

විකිපීඩියා වෙතින්
ගේබියන් ආරක්ෂා සැලසීමත් සමඟ වූ කාලතුවක්කු

thumb|ඇමරිකානු විප්ලවයෙන් ආ මහද්වීපික කාලතුවක්කු කාර්ය මණ්ඩලය

රාත්තල් 18ක තුවක්කුවක් ක්‍රියාත්මක කිරීම, Louis-Philiepe Crepin (1772-1851)


නාවික කාලතුවක්කු, 19 වන සියවසේ මුල් භාගය
ප්‍රංශ නාවික කාල තුවක්කු, 19 සියවසේ අග භාගය

‍ඓතිහාසිකව කාල තුවක්කු යන්න භාවිතා වන්නේ යුද්ධයේ දී විශාල ප්‍රක්ෂේපණ නිදහස් කිරීම සඳහා යොදා ගන්නා ඕනෑම ආකාරයේ එන්ජිමකි. මෙම වදන මූලිකවම එවැනි ආයුධ ක්‍රියාත්මක කරන සෙබළුන් දැක්වීමට හා යම් ජාතියක ආයුධ හසුරවන භූමි ‍ඒකක හැඳින්වීමට යොදා ගනී. මෙම වදනට මුහුදු කාල තුවක්කු ඇතුලත් වන අතර සාම්ප්‍රදායිකව ඒවා වෙරළාශ්‍රිත ප්‍රදේශ මුහුදෙන් සිදුවන පහර දීම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා හා නැව් ගමන් පාලනය සඳහා යොදා ගනී. 20 වන සියවසේ දී ගුවන් යානා හඳුන්වාදීමත් සමඟ කාලතුවක්කුවලට ද භූමියේ සවි කර ඇති ගුවන් යානා නාශක උපාංග ඇතුළත් විය. යුධමය ව්‍යවහාරයේ දී කාල තුවක්කු ඒකකයක් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ බැටරි (Battery) ලෙසය.


Barrage කාලතුවක්කු[සංස්කරණය]

Ypres හි ජර්මානු බාධකය, දිස්වන ආකාරයට එය 1915 දී ඇති වු Ypres හි II වන ගැටුමට අයත්ය.

Barrage කාලතුවක්කු යනු කාලතුවක්කු පෙලක් හෝ කාලතුවක්කු යෙදු බාධකයකි. එය නිර්මාණය කරන්නේ තුවක්කු විශාල ප්‍රමාණයක් නොනවත්වා වෙඩි තැබීමෙනි. මෙමගින් සතුරාගේ ගමන් කිරීම වළකාලන අතර අගල් වැනි ස්ථානවල රේඛීයව ස්ථාන ගත වන සතුරාට පහර දීමට හෝ සතුරා අඩ පණ කිරීමට එහිදී මිත්‍ර හමුදාවන්ට හැකි වේ. සියළුම තුවක්කු එකම හා කුඩා ප්‍රදේශයකට ඉලක්ක ගත වී ඇති නිසා එය ඒකාග්‍රතාව මත වෙනස් විය හැක.

Barrage කාලතුවක්කු - වාසි සහ අවාසි[සංස්කරණය]

ප්‍රහාරක යුධභටයන් හට බාධක අසළම සිට ප්‍රහාර එල්ල කිරීමේ වැදගත්කම මෑතක සිට සනාත වී ඇති අතර එම නිසා කාලතුවක්කු ප්‍රහාරවලින් ඇතිවන කම්පනයන්ගෙන් ආරක්ෂා වීමට කාලය ගත නොකිරීමට සිදුව ඇත. තවද, තම බංකර තුළින් එළියට ඒමටද ඒමගින් හැකි විය.ප්‍රංශය 10% ක් පමණ සෙබළු බාධක අසළම සිට ප්‍රහාර එල්ල කිරීමේදී තමන්ගේම කාලතුවක්කු ප්‍රහාරවලට හසු වී තුවාල ලැබිය හැකිය‍. ප්‍රහාරකයන් කාල තුවක්කු ප්‍රහාරයක් එල්ල කළ වහාම ඉතා ඉක්මණින් අනෙක් පස ආරක්ෂකයන් නැවත ස්ථාන ගත වීමට පෙර ස්ථානගත විය යුතු අතර විශේෂයෙන් බංකර වැනි ස්ථානවලට යොමු විය යුතුය. පළමු ලෝක යුද්ධය අවසානයේදී පසක් වූ සුවිශේෂී සාධකය නම් බාධක මගින් සතුරාව අධෛර්යට පත් කළ හැකිය යන සාධකයයි. එම අධෛර්යමත් කිරීම ශාරීරිකව සතුරාට තුවාල සිදු කිරීමට වඩා වාසිදායකය. එවන් අවස්ථාවකදී කෙටි එහෙත් ක්ෂණික කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පාබල සේනාවන් හට විශාල වාසි අත් කර ගත හැකිය.

බඩගා ගමන් කළ යුතු බාධක ඉතා විෂ්මය ජනක ඒවා වේ. එහි සිට පාබල සේනා ඉවත් වීමට ප්‍රථම ප්‍රහාර එල්ල කිරීම වාසිදායක උපක්‍රමයකි. මෙය වඩාත් අවශ්‍ය වන්නේ සතුරන් ස්ථානගත වී ඇති අයුරු මුළුමණින්ම පරීක්ෂා කළ නොහැකි අවස්ථාවලදී තනි තනිව සතුරු ඉලක්කයට ගැනීම සඳහාය. එහෙත් එය නාස්තිකාර ක්‍රියාවක් වන්නේ සමහර විටෙක බොහෝ වෙඩි තැබීම් මගින් සතුරා හට කිසිදු හානියක් සිදු නොවී බිමට පතිත වීම හේතුවෙනි.

පළමු ලෝක යුධ සමයේ නිර්මාණය කළ බාධක පාබල සේනාවන්හි කාලතුවක්කු ප්‍රහාර සීමා කිරීමට වැඩි බලපෑම් එල්ලකළ අතර එම නිසා ඍජු සේනා හැසිරවීම්වල අවශ්‍යතාවයක් පැන නැගුණු නිසා දක්ෂ යුධෝපායන් අවම විය. ක්‍රමයෙන් ජය ගැනීමේ උපක්‍රමය වඩා වාසි දායක වුවත් ජර්මානු සේනා මෙම උපක්‍රම‍යේ ලක්ෂණයක්වන බඩගා යන බාධක යුධ බිමෙහි ඇති කළේ නැත. එහෙත් “ මයිකල් මෙහෙයුමේ” ආරම්භක අවධියේදී ඉතා විශාල වශයෙන් එවැනි බාධක විශාල ලෙස භාවිත කොට ඇත. නමුත් බාධක වලදී පාබල සේනාවන්හි වෙඩි බලය පිළිබඳව විශ්වාසය තැබීම වැනි සාම්ප්‍රධායික යුධ උපක්‍රම මෙහිදී මග හැර තිබීම විශේෂත්වයකි.

දෙවැනි ලෝක යුධ සමයේදී බටහිර කාන්තාරයන්හි තිබූ බාධකවල එක් වාසියක් වූයේ පාබල සේනාවන් පෙළ ගැස්වීම සඳහා බාධක යොදාගත හැකි වීමත්, එමගින් ඔවුන් නිවැරදිව පෙළ ගැස්වීමට හැකි වීමත්ය. ‍

1943 න් පසුව හඳුනාගත් ආකාරයට බාධක නිසා වෙඩි බලය නාස්තිවන අතර තවද, බාධක පාබල සේනාවන් දැඩි පෙළගැස්වීම් මගින් ඉදිරියට යාමට බල කරන බවද දැක්වේ.

බාධක මගින් ප්‍රහාරක සේවාවන්හි ජයග්‍රහණ වළකාලීමට ඇති හැකියාව ප්‍රබලය.

විකසනය[සංස්කරණය]

බරාජ් කාලතුවක්කු විකාශනය වූයේ පළමු ලෝක යුද්ධ සමයෙහිදීය. 1914-15 වන තුරු කාලතුවක්කු වෙඩි තැබීම සිදුකෙරු‍නේ අබාධ දෘෂ්ඨි පථයක් සහිත වූ විටෙක දෘශ්‍යමාන ඉලක්ක වෙතට වූ අතර, තනි ඉලක්කයක් සඳහා වෙඩි තැබීමට සන්නද්ධ වන්නාවූ විටෙක පුරුද්දක් වශයෙන් භාවිතා කෙරුණු විශාලතම බල ගණය වූයේ තුවක්කු 25 ක් දක්වා සංඛ්‍යාවකින් සමන්විත වූ රෙජිමේන්තුව හෝ සේනාංකය වේ. අගල් යුධ කිරීම් කරලියට පැමිණි කල නිරීක්ෂකයන් භාවිතා කිරීමෙන් වක්‍ර අයුරින් වෙඩි තැබීමේ අවශ්‍යතාවය, වඩාත් විචිත්‍රවූ කාලතුවක්කු වෙඩි තැබීම් සැලසුම් සකස්කිරීමේ අවශ්‍යතාවය සහ කාලතුවක්කු ශාස්ත්‍රය වෙත වඩාත් විද්‍යාත්මක ලෙසින් පිවිසුමෙහි අවශ්‍යතාවයද ඉස්මතු විය. කාලතුවක්කු පිහිටු‍වීමෙහිදී (ස්ථානගත කිරීමෙහිදී) වඩාත් සංකීර්ණ ගණනය කිරීම් සිදුකිරීමට තුවක්කුකරුවන්ට සිදු විය. තනි තනි තුවක්කු ඉලක්ක ගත කෙරුනේ ඒවායේ වෙඩි පාතය අනෙක් තුවක්කුවල වෙඩි පාත හා සමගින් සමායෝජනය තුලින් කිසියම් රටාවක් මවන ආකාරයටය; බරාජ් කාලතුවක්කු සඳහා මෙම රටාව රේඛාවක් විය. 1915 දී නර්ව් ෂාප්ල් සටන සඳහා විධාන සිදුකිරීමෙහිදී මුල් වරට ඉංග්‍රීසියෙන් “බරාජ්” යන පදය ව්‍යවහාර වූ බව විශ්වාස කෙරේ.[1]

" ඔසවන බරජය" කලින් කලට දුර ප්‍රමාණ වෙනස් කරමින් ප්‍රහාර දියත් කිරිමට යොදා ගැනිනි. "ඇවිනි බරාජ" එනම් මෙතන ගෙන යා හැනකි බරාජ කාලතුවක්කු අවි කුවා වර්ධනයන්ගෙන් එසවිනි. එමනිසා ඒවා සෙමින් ඉදිරිවට ගමන් කලහ. නමුත් පාලබ හමුදාව සමග ගමන් කිරිම හැකිවිය.

ආරම්භයේදි "ඇවිදින බරාජ" වල එසනිම් පෙර නිර්මාණ කර තිබිනි. මෙමගින් විවිධ සුෂ්කරනා වලට මුහුණ දීමට හමුදාව සිදුවිය. වන I ලෝක යුද්ධ‍ය අවසාන වරාජ සංකිර්ණ ලෙස එහා මෙහො යාමට හැකිවන පරිදි සකස් කෙරෙනි. නමුත් මෙය කාල සටහනක් මගින් පාලනය කරති. දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී තාක්ෂණය හා සන්නිවේදනය දියුණු වුනිසා බරන් එසවීමට උපදෙස් දීමට පාබල හමුදාවටම හෝ ඉදිරි නිරික්ෂකයන්ට හැකිවිය.

බ්‍රිතාන්‍යයන් විසින් නිෂ්පාදිත "වේගවත් බරාජය" සම්මෙත බරාජය ලෙස පිගිත් අතර මෙය රේඛියෝ තරංග මගින් හසුරවිය හැක. ‍ෙම් සදහා ඉහල අවිසැලසුම් අවශ්‍ය නොවිනි.


  1. Hogg, p 13
"https://si.wikipedia.org/w/index.php?title=කාලතුවක්කු&oldid=429722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි