ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාවේම ශාඛාවක් වන අතර එමගින් පුද්ගලයින් කුටුම්බ සහ ව්‍යාපාර සහ සම්පත් බෙදා වෙන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිළි කරයි. විශේෂයෙන්ම වෙළඳපොළ තුල සිදුවන භාණ්ඩ හා සේවා හුවමාරු මෙහිදී සලකා බැලේ.

ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව මෙම තීරණ හා හැසිරීම් රටාවන් භාණ්ඩ හා සේවාවල ඉල්ලුමට හා සැපයුමට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂා කරයි. මේ තුලින් භාණ්ඩ හා සේවාවල මිල තීරණය වන අතර එසේම මිල ගණන් වලින් භාණ්ඩ හා සේවාවල ඉල්ලුම හා සැපයුම තීරණය වේ.

සාර්ව ආර්ථික විද්‍යාව ආර්ථික වර්ධනය උද්ධමනය විරැකියාව ඉහත ප්‍රතිඵලවලට හේතුවන ජාතික ආර්ථික ප්‍රතිපත්ති හා රාජ්‍ය ප්‍රතිපත්තිවල වෙනස්වීම් වැනි සමස්ත ආර්ථික කටයුතු නියෝජනය කරයි. විශේෂයෙන්ම ලුකස් විචාරය (Lucas Critique) වැනි නවීන සාර්ව ආර්ථික න්‍යායන්ගේ පිබිඳීම ක්ෂුද්‍ර මූලධර්ම (Micro Foundation) මත පදනම් වේ.

ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාවේ එක් අරමුණක් වන්නේ භාණ්ඩ හා සේවා අතර සාපේක්ෂ මිල ඇති කරන වෙළඳපොළ යාන්ත්‍රණය විශ්ලේෂණය කිරීම හා හිඟ සම්පත් විකල්ප භාවිතා කරන්නන් අතර බෙදා වෙන් කිරීම විශ්ලේෂණය කරයි. මීට අමතරව වෙළඳපොළ බිඳ වැටීම්, එනම් වෙළඳපොළ කාර්යක්ෂම ප්‍රතිඵල ලබා නොදෙන අවස්ථා දෙක මෙමඟින් විශ්ලේෂණය කරයි. එසේම පූර්ණ තරඟකාරීත්වය සඳහා අවශ්‍ය න්‍යායාත්මක කොන්දේසිද මෙමඟින් විස්තර කරයි. පොදු සමතුලිතය, අපූර්ණ තොරතුරු මත වෙළඳපොළවල්, අවධානම් සහගත තෝරා ගැනීම් සහ ‍වෙළඳපොළ යාන්ත්‍රණය තුල නිෂ්පාදිතයින්ගේ නව්‍යතාවය වැනි වැදගත් අංශ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව තුල පවතී.


උපකල්පන හා අර්ථ දැක්වීම්[සංස්කරණය]

ඉල්ලුම් සැපයුම් න්‍යාය සාමාන්‍යයෙන් වෙළඳපොල පූර්න තරඟකාරී යැයි උපකල්පනය කරයි. මින් අදහස් වන්නේ එහි ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් අතිවිශාල සංඛ්‍යාවක් සිටින බවත් ඔවුන්ට භාණ්ඩ හා සේවාවල මිල ගණන් වලට සැළකියයුතු වෙනසක් කල නොහැකි බවත්ය. නමුත් සැබෑ ලෝකයේ සිදුවන ගණුදෙණු වලදී තත්ත්වය මීට වඩා වෙනස් ස්වරූපයක් ගනී. එයට හේතුව ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් හෝ කණ්ඩායම් වශයෙන් මිල‍ට බලපෑම් කිරීමයි. ඉල්ලුම් සැපයුම් සමීකරණ අවබෝද කර ගැනීමට තරමක් දුරට නවීන විශ්ලේෂණයන් අවශ්‍ය වේ. කෙසේ වුවත් සරල අවස්ථා වලදී මෙම න්‍යාය වඩා හොඳින් ක්‍රියාත්මක වේ.

ප්‍රධාන ආර්ථික විද්‍යා ප්‍රවාහය (Main Stream Economics) වෙළඳපොළ, සමාජ සංවිධාන සඳහා වඩා වැඩි කැමැත්තක් දක්වන බව උපකල්පනය නොකරයි. බොහෝ විශ්ලේෂණයන්ට අනුකූලව ඉහත කී වෙළඳපොළ අසාර්ථකවීම්වලට හේතු වී තිබෙන්නේ සම්පත් බෙදා හැරීමේ පවතින දුර්වලතාවයයි. මෙවැනි ගැටළුවලදී ආර්ථික විද්‍යාඥයින් රාජ්‍ය පාලනය මඟින් ඍජුවම නාස්තිය නැවැත්වීමේ ප්‍රතිපත්තිය සොයාගනියි. එසේම වෙළඳපොළ සහභාගීවන්නන්ට වක්‍රාකාරයෙන් සමාජ සුභසාධනයට ගැළපෙන අයුරින් හැසිරීමට පොළඹවයි.