කළු පැහැති කවුඩා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කළු පැහැති කවුඩා
Black_Drongo
පුලුටු වු කුරුළු හොටේ සුදු පැහැති තිත පදනම් කරගෙන සටහන් කරන ලදි.
colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent" Conservation status
Scientific classification
Kingdom: අනිමාලියා
Phylum: කෝඩාටා
Class: නමස්තු
Order: කවුඩු ජාතිය
Family: කවුඩා
Genus: කවුඩා
Species: කවුඩු කුලය
Binomial name
කවුඩු කුලය
(කුරුළු කණ්ඩායම, 1817)
colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent"
උප ජාතිය

D. m. macrocercus (Vieillot, 1817)[2]
D. m. albirictus (Hodgson, 1836)[3]
D. m. minor Blyth, 1850[4]
D. m. cathoecus Swinhoe, 1871[5]
D. m. thai Kloss, 1921[6]
D. m. javanus Kloss, 1921[6]
D. m. harterti Baker, 1918[7]

දළ වශයෙන් කළු පැහැති කවුඩාගේ ව්‍යාප්තිය.
Synonyms

Buchanga atra
Bhuchanga albirictus[8]

කළු පැහැති කවුඩා, පන්ජාබ්, ඉන්දියව

කළු පැහැති කවුඩා (කවුඩු කුලය) යනු කවුඩු පවුලට අයත් කළු පැහැති කවුඩා ආසියා තික පැසරියට අයත් කුරුල්ලෙකි. කවුඩා සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය දකුණු ආසියාවේ ප්‍රදේශ වල බහුලව දක්නට ලැබෙන අතර නිරිත දිග ඉරානය ඇතුළුව ඉන්දියාව ට සහ නැගෙනහිර ලංකාව සිට දකුණු චීනය සහ ඉන්දුනීසියාව වැනි ප්‍රදේශ වල ද දැකිය හැක. සුවිශේෂී දෙබල් වලිගයක් සමඟ සම්පුර්ණ කළු පැහැති සිරුරක් හිමි සෙන්ටිමීටර 28 (අඟල් 11) ක් දිගැති කළු පැහැති කවුඩා කුඩා සතුන් ගොදුරු කරගන්නා, නිතරම විවෳත කෳෂි බිම් වල සහ ලඳු කැලෑවන් වල, නිරවරණය නොවු කැපී පෙනෙන පක්ෂින් ලඟින ස්ථාන හෝ විදුලි කම්බි හෝ දුරකථන කම්බි වැනි ස්ථාන වල දැකිය හැක. මොවුන්, කපුටන් වැනි විශාල කුරුල්ලන් පවා මොවුන්ගේ වාස භූමි ආක්‍රමණය කරන විට කලහාකාරි හැසිරිමක් දක්වා පහරදීමට පසුබට නොවේ. මෙම හැසිරීම නිසාම "කාක රජු" ලෙස අන්වරථ නාමයක් ද පට බැදී ඇත. වෙනත් කුඩා කුරුල්ලන් ද නිතරම කළු කවුඩගේ කූඩුවට ආසන්න ප්‍රදේශයක සිය වාසස්ථාන සාදන්නේ හොදින් ආරක්ෂාවක් ලබා ගැනීමේ අරමුණෙන් යුතුවයි. අතීතයේ ඇමරිකානු දෙබල් වලිගයක් ඇති කවුඩා(පුලුටු හොටැති කවුඩා) ගේ උප විශේෂයක් (පුලුටු හොටැති කවුඩු කුලය) ලෙස හැදින් වුවද, වර්තමානයේ වෙනම විශේෂයක් ලෙස කළු පැහැති කවුඩා හදුනා ගෙන ඇත. මොවුන් නිතර තනිව හෝ යුවලවල් ලෙස සැරිසරයි

කළු පැහැති කවුඩා පැසිපික් දූපත් කීපයකට හඳුන්වාදීමෙන් අනතුරුව එහි සීග්‍රව වර්ධනය විමෙන් දූපත් වාසි ඒකදේශිය පක්ෂින්ගේ පැවැත්මට දැඩි තරජනයක් බවට පත්විය.

වර්ගීකරණය විද්‍යාව සහ වර්ගීකරණ[සංස්කරණය]

ආකෘතික අදුරු සේයාව

කළු පැහැති කවුඩා, දෙබල් වලිගයක් ඇති කවුඩා (පුලුටු හොටැති කවුඩා)ගේ [9][10] උප විශේෂයක් ලෙස සැළකුව ද මෑතක දී අන්‍යෝන්‍ය වශයෙන් වෙන් වු ළඟම නෑයන් බවට ප්‍රභේද කරනු ලැබුවා. [9][10][11][12] වර්තමානයේ එම සතුන් දෙන්නා වෙනම විශේෂයන් ලෙස සලකනු අතර [11][12] ආසියා ප්‍රදේශයේ කළු පැහැති කවුඩන් ගෙන් වෙන් වු දෙබල් වලිගයක් ඇති කවුඩා, ඇෆ්‍රිකාවට සීමා වේ. [11][12] උප විශේෂ 7ක් නම් කලා [12]නමුත් එකිනෙකා සමඟ මැදිහත් වීම සහ පාරිසරික වෙනස්වීම් මත බොහෝ සෙයින් සමීප ගහනයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සුළු විශේෂ ගහනයට වඩා වැඩි විශේෂයන් උතුරු ඉන්දියාවේ (එසෙස්පි.අල්බිරික්ටස්) දක්නට ලැබෙන අතර අර්ධද්වීපික ඉන්දියාවේ මධ්‍යස්ථ විශේෂයන් ප්‍රමාණයක් දක්නට ලැබේ. [13] කැතෝසස් ජාතිය තායිලන්තය, හොංකොං සහ චීනයෙන් සොයා ගනු ලැබුවා. [14] මෙම ජාතියට හුඟක් කුඩා, පුලුටු හොටක් සහ දිළිසෙන කොළ සමඟ මිශ්‍ර කළු පැහැති තටු ඇත. [12]තයි ජාතිය දකුණු සියමේ පදි සිටියි. නමුත් ශීත සමඟ කැතෝසස් ජාතිය මෙහි අති ව්‍යාප්තියක් සිදු වේ. ජවානස් ජාතිය ජාවා සහ බලි දූපත් වලින් සොයා ගනු ලැබුවා. පියාපත් වලට වඩා දිහින් අඩු වලිගයක් ඇති හර්ටර්ටි ජාතිය ෆොර්මොසා වලින් සොයා ගනු ලැබුවා. [12]

විස්තර කිරීම[සංස්කරණය]

ළපටීන් සුදු මහ බඩෑති කවුඩා ට සමාන වේ

වල්ගයට පුළුල් දෙබලක් සහිත මේ කුරුල්ලා දිදුලන කළු පාටය. වෑඩිහිටි කුරුල්ලන්ගේ සාමාන්‍යයෙන් කුඩා සුදු ලපයක් ඈරුණු කට මුල තිබේ. කළු ඉන්ගිරියාව තද දුඹුරු පාටය (අළු පැහැති කවුඩා ගේ මෙන් තද රතු පාට නොවේ). ක්ෂේත්‍රයේ දී ස්ත්‍රී පුරුෂ භාවය වෙනම කිව නොහෑකිය. ළපටියෝ, දුඹුරු පැහැති සහ යම් සුදු පෙර බෑමවුමක් හෝ ලපයක් බඩ සහ කුඩා විවරය දිසාවට තිබිය හෑකි සුදු මහ බඩෑති කවුඩා ලෙස වරද්දා ගත හෑකිය. එක් අවුරුදු කුරුල්ලන්ගේ බඩේ පිහාටු වලට සුදු කෙළවරක් තිබෙන අතර දෑ අවුරුද්දන්ට තිබෙන මෙම සුදු කෙළවර පිහටු කුඩා විවරය දක්වා සීමාවේ. [15] ඔවුහු කලහකාරී සහ නිර්භය කුරුල්ලන් සහ දිගින් සෙන්ටිමීටර 28ක් (අඟල් 11) පමණ වුවත් ඔවුන් ඔවුන්ගේ දේශ භූමිට ඈතුළු වන කපුටන් සහ ගොදුරු කුරුල්ලන් ඇතුළුව ඉතා විශාල විශේෂයන්, ආක්‍රමණය කරනු ලබාවි. මෙම හෑසිරීම ඔවුන්ගේ කාක රජු නම් වූ ඉහත කී නමට මඟ පෙන්වීය. ඔවුහු පියාපත් වල ශක්තිමත් පතු සහ ඔවුන්ට ශක්තිය දෙන වේගවත් උපාය මෙහෙයුම් වල යෙදෙමින් පියාඹන කෘමීන් අල්ලා ගෑනීමට දක්ෂ වේ. [16] කෙටි පාද සහිත ඔවුහු, කටු සහිත පදුරු, පක්ෂීන් ලගින තෑන් වල, හෝ විදුලි රෑහෑන් මත කෙලින් වාඩි වී සිටියි. එසේම ඔවුන් තණකන සතුන් මත ද ලගියි.[17] ඔවුහු පුළුල් පරාසයක අඩගෑසීම් උත්පාදනයට දක්ෂ වන නමුත් සාමාන්‍ය අඩගෑසීම ස්වර දෙකේ ටී-හී අඩගෑසීම උකුස්සාගේ අඩගෑසීම සමාන වේ(උකුස්සා).[13]

ව්‍යාප්තිය සහ ජන්මභූමිය[සංස්කරණය]

ඇමතුම්

කළු පැහැති කවුඩා, විවෘත දේශයන් ගෙන් ප්‍රමුඛව සොයා ගත හැකි අතර සහ සාමාන්‍යයෙන් පොළොව ආසන්නයේ ලෑගීම හා දඩයම් කිරීම කරයි. ඔවුහු බොහෝවිට ඉතා සියුම් කෘමී විලෝපීයන් වන නමුත් අමතරව පොළොවෙන් ඈහිද ගෑනීම හෝ ගහ කොළෙන් තොර වේ. ඔවුන් සොයා ගනු ලෑබෙන්නේ ඊසාන දිග ඈෆ්ගනිස්තානයට සහ උතුරු දිග පාකිස්තානයට ගිම්හාන අමුත්තන් ලෙස නමුත් බන්ගලාදේශය දක්වා ඉන්දු නිම්නයේ සහ ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට නේවාසිකයෝ වෙති. සමහර ජනගහනයන් තේරුම් ගෑනීමට අපහසු සෘතුමය වෙනස් වීම්[17] පෙන්වනු ලෑබේ. [18] කළු පැහැති කවුඩා සෑවානා භූමි වලින් සහ නාගරික වාසභූමි වලින් සොයාගනු ලැබුවා. කළු පැහැති කවුඩා හදුන්වාදෙනු ලෑබුවේ හරියටම දෙවන ලෝක යුද්ධයට පෙර කෘමීන් පාලනය සදහා උදවු කිරීමට තායිවානයේ රෝට දිවයිනටය. 1950 දී ඔවුන් මුහුදින් එතෙර ගුවාම් දිවයිනට ව්‍යාප්ත වන්නට ඈතෑයි විශ්වාස කෙරේ. 1967 වන විට ඔවුන් ගුවාම්හි පාර අයිනේ සිවුවන සුලභව දෑකිය හෑකි කුරුල්ලන් ලෙසද, වර්තමානයේ එහි සුලභම කුරුල්ලන් ද වේ. [19][20] ගුවාම් ෆයිකැට්චර් [19][21]සහ රෝට බ්‍රිඩ්ලෙඩ් වයිට්- අයි [22]වෑනි ඒක දේශීය කුරුලු විශේෂයන්ගේ හීන වීමට හේතු ලෙස කළු පැහැති කවුඩන්ගේ විලෝපීයත්වය සහ තරගකාරීත්වය යෝජනා කර තිබේ.

හැසිරීම සහ පරිසර විද්‍යාව[සංස්කරණය]

ආහාර සහ ආහාර සොයගන්නා අකාර[සංස්කරණය]

කළු පැහැති කවුඩා හිරු තපිමින් හෝ කෘමීන් දඩයම් කරමින් සිටින ආකාරය [23]

කළු පැහැති කවුඩා, හිරු උදාවත් සමඟ ඉතාම ක්‍රියාශීලී වන අතර අනෙකුත් කුරුල්ලන්ට වඩා පමාවී ගස් මුදුන් වෙත ඈදෙයි. ඔවුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනු ලබන්නේ තණකොල පෙත්තන්, රෑහෑයියන්, [24] වෙයන්, බඹරන්, මීමෑස්සන්, ඇඹලයන්, සලබයින්, කුරුමිනියන් හා බත් කූරන් වෙනි කෘමි සතුන්ය. ඔවුන් සීසාන ලද කුඹුරු වලට එක් රෑස් වී අවකාශයට විවෘත වී සිටින දළඹුවන් හා පුංචි කෘමි සතුන් අහුල ගනිති. එවෑනි අවස්ථා වල කුරුල්ලන් 35 ක් පමණ රැස් වනු දෑක ගත හෑකිවේ. මෙම කුරුල්ලන් කලබලය ට පත් වූ කුරුමිනියන් සොයමින් දෑවෙන තෘණ බිම් කරා ද ඈදෙනවා. ඔවුන් පියබන කෘමීන් වෙතින් ඈත්වී සිටින්නට උත්සහ කරනවා.[25] ඔවුන් සාමාන්‍යය මයින න්, රාජාලිය න් වැනි සමාන ආහාර රටා සහ හුරුපුරුදු ඈති කුරුලු විශේෂ සමඟ ඇසුරේ පසුවෙනවා. [26] මෙම ඇසුරෙන් ඔවුනට ප්‍රයෝජන ඇති අතර ආහාර සෙවීමේ දි එය ඔවුනට ඉතා හොඳ ප්‍රතිඵල ඇත. මයිනන් හා කළු පැහැති කවුඩන් ගොදුරු සඳහා තෝරා ගන්නා කෘමීන් එකම වීම සිදුවන්නේ අර්ධ වශයෙනි. ඉතා කලාතුරකින් කවුඩකු මයිනෙකුගේ ගොදුර සොරා ගෑනීමේ අවස්ථා දෑකිය හෑක. [27] අසන්නට ලැබෙන අයුරෙන් ඔවුන් උකුස්සා ගේ හඩ අනුකරණය කර හඩ නගා මයින පලවා හෑර පසුව මයිනන්ගේ ගොදුරු උදුරා ගනී.[28] දෙබල් වලිගයක් ඇති කවුඩා ද මෙවෑනිම අනතුරු ඈගවීමේ හඩ නගනු දැකිය හැක. [29] කළු පැහැති කවුඩා විසින් කුඩා කුරුල්ලන් , සර්පයින් පමණක් නොව වවුලන් ද ගොදුරු කරගත් අවස්ථා ඇත. [30][31][32][33][34] ඔවුන් මාළු සහ ''එරිත්‍රිනා'' හා ''බොම්බක්ස්'' ශාක වල මල් ආහාරයට ගත් බවට ද සාක්ෂි තිබේ. [35][36] මේ ඔවුන් වතුර සහ පෑණි සොයා ගිය අවස්ථාවක විය හෑකිය. [37] ඒ වගේම සමහරවිට ඔවුන් ධාන්‍ය වර්ග ආහාරයට ගෙන ඇත. [38] ඔවුන් ගොනුස්සන් හා පත්තෑයන් වැනි විශාල සන්ධිපදකයින් අල්ලා ගනු ලබන්නේ ඉතාමත්ම කලතුරකිනි. [39][40] ඔවුන් අනෙක් විලෝපියන් [41] විසින් ආහාරයට නොගන්නා ලස්සන සමනලයින් ආහාරයට ගන්නා අතර මෙම කුරුල්ලන් කෘතිම ආලෝක වලට ආකර්ශනය වන කෘමි සතුන් ගොදුරු කර ගැනීමට හෑකි හෙයින් ආහාර ගන්නේ සවස හෝ රාත්‍රී කාලයේදි ය. [42][43][44]

කූඩු තැනීම සහ අභිජනනය[සංස්කරණය]

බටහිර බංගලාදේශයේ කූඩුවකි

කළු පැහැති කවුඩන් ප්‍රධාන වශයෙන් දකුණු ඉන්දීය ප්‍රදේශ වල පෙබරවාරි හා මාර්තු මාස වල බිත්තර දෑමීම සිදු කරන අතර අගොස්තු මාසයේ දි දිවයිනෙ අනෙකුත් ප්‍රදේශවල බිත්තර දෑමීම සිදු කරයි. බිත්තර දමන සමයේ දි පිරිමි සහ ගෑහෑණු සතුන් දෙදෙනාම උදෑසන ගීත ගායනා කරති. විවාහ ආරාධනාව නොයෙකුත් රෑගුම් හා ගුවන් කරණම් වලින් සමන්විත විය හෑක. [45] බිත්තර දමන සමය පුරවටම දෙදෙනා එකට වාසය කරයි. කුරුළු කූඩුව ගස් අතු අතර තුනී කොටු කෑබලි වලින් සතියක් පුරා දෙදෙනා විසින්ම මෙය තනනු ලබයි. අප්‍රේල් පලමු වෑසි සමය ආරම්භයේ දී බිත්තර දමනු ලෑබේ. [15] සාමාන්‍යයෙන් ගසේ පිටතට වන්නට සාදන එක් කුඩුවක බිත්තර 3ක් දක්නට ලැබෙන අතර කලාතුරකින් බිත්තර 4ක් ද දෑකිය හැකිය. ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ කොස් වෑනි විශාල පත්‍ර ඈති ශාක වලට යි. ලා පැහැ ආලේපනයේ සිට රතු පෑහෑති තිත් වැටුනු මෙම බිත්තර දිගින් මිලි මීටර 26(අඟල් 1.05)ක් හා පලළින් මිලි මීටර 19(අඟල් 0.75)ක් පමණ වේ. බිත්තර දෙදෙනා විසින්ම රකින අතර දින 14ත් 15ත් අතර මෙම බිත්තර පුපුරා යයි. කුරුළු පෑටවුන් සිරුරේ උණුසුම පවත්වා ගෙන යාමට හුරුවුනු පසු දින 5ක් පමණ කුඩුවේ වෙසෙයි. [15] පළමු බිත්තර විනාශ වුයේ නම් දෙවෙනි වරට ද මොවුන් බිත්තර දමයි. [17] යම් විටක කුරුළු කූඩු දුරකතන කණු මත ද සාදනු ලබයි. [46] මෙම කුරුල්ලන් කූඩුව සාදන බල ප්‍රදේශය වර්ග කිලෝ මීටර 0.0003 හා 0.00012 (හෙක්ටයාර 0.3 to 1.2) අතර පවත්වා ගනිති. [15] සමහර විට ඔවුන්ගේ දෙමව්පියන් කෑම කෑවීමට අසමත් වු විට පෙර සමයේ ඇති කරන ලද පෑටවුන් මෙවර අලුත් පෑටවුන් ට කෑම කෑවීම සඳහා උදවු කාරයෝ වෙති. [47] දරුවන් පෝෂණය කිරීම සම්බන්ධයෙන් ආසියාතික කවුඩ න්ගේ හුරුපුරුදු දක්නට ඈත. [48] බිත්තර තුලින් නිරෝහි පැටවුන් බිහි වීමේ ප්‍රතිශතය 44% වන අතර බොහෝ පෑටවුන් විනාශ වන්නේ වැසි කාල වල ආහාර මදකම නිසාය. [15]

රංචු වශයෙන් ගැවසීම සහ අසල කූඩු තැනීම[සංස්කරණය]

දෙබල් වලිගයක් ඇතිව වර්ධනය වු සම්පුර්ණ තටු ඇති තරුණ කුරුළු ජෝඩුවකි

ඔවුන්ගේ පුරුද්දක් ලෙස සතුරු පක්ෂීන් පලවා හැරීමට, අනිකුත් හිතකර පක්ෂීන් වන සිවුරු හොරා, පරවියා, [49] සහ විශේෂයෙන් කොවුලා යන පක්ෂී කණ්ඩායම් ආසන්නයේ කූඩු තනා ගැනීමට උනන්දු වේ. [50][51] සාමාන්‍යය අධ්‍යයනයකින් හෙලි වී ඇති පරිදි එක විට කූඩු 18,40 පමණ සාදනු ලැබේ. මේ අතරින් රතු කොවුලා මිටර් 10 (අඩි 33) පමණ පරාසයක කූඩු තනා ගනී. [15] අසාමාන්‍යය තත්වයන් තුළ රතු කොවුලාන් තම කූඩු වල බිහිවන කළු පැහැති කුඩා කවුඩු පැටවුන් කවා පොවා ඇති දැඩි කරනු වර්තා වේ. [52] ඇතැම් අවස්ථා වලදී ඔවුන් විශාල කුරුළු කණ්ඩායම් සමඟ කලහකාරි ලෙස කෙටීම් සිදු කර ගනී. [53] ආසියානු කවුඩු කොහා (සුනිකලස් ලුගුබ්‍රිස්) මෙම ජාතිය අනුකරණය කිරීම නිසා මෙවැනි තත්වයන් යෝජනා කල හැක. [54] විශේෂයෙන් මෙම කුරුල්ලන් අභිජනන කාල වල සහ බහුලව කූඩු සාදන කාල වල මෙම සන්සරනය සිදු වේ. මේවා ජාවා දුපත් අසල කරන ලද පර්යේෂණයකින් හෙලි වී ඇත. ජාවා දුපත් රාජාලියා න් මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරන නමුත් කළු රාජාලියා වසරේ සියළු කාල සීමවන් තුළ සමකාලීනව හැසිරේ. මෙයින් පැහැදිලි වන්නේ මෙම කුරුල්ලන් අභිජනන කාල තුල දි කූඩු සෑදීමෙන් වැලැකී සිටින බවයි. [55]

වර්ධනය සහ දියුණුව[සංස්කරණය]

මානෙල් මල මත සිටින උපවිශේෂයක් වන කැතෝසස් කුරුල්ලකු (බුයින්ග් බොරපට්, තායිලන්තය)

තරුණ කුරුල්ලන්ට කහ පාටට හුරු රතු පාට හොටක් ඇත. සිව්වන දිනයේ දී පිහාටු පත්‍රාකාරව දිස් වන අතර කුර පිහාටු මතු වන්නේ සතියකින් පසුවය. කුරුළු පැටවා ගේ වයස අවුරුදු 12 වන තුරු පැටවාගේ බර ක්‍රමයෙන් වර්ධනය වේ. අටවන දිනයේ දී ඇස් විවර කරන අතර හොට රතු පාටට වෙනස් වන අතර තුර කළු ඉන්ගිරියාව රතුවට හුරු කළු පාටක් ගනී. බිත්තරයෙන් එළියට ඇවිත් දවස් 16ක් 20කින් පසු තරුණ කුරුල්ලන් කූඩුව හැර යයි. සති තුනක් යනතුරු ඔවුන්ට දෙබල වලිගයක් නොමැත. මාසයක් මුළුල්ලේ නොකඩවා දෙමාපියන් විසින් ඔවුන්ව පෝෂණය කරමින් රැකබලා ගනී. තරුණ කුරුල්ලන් තව දුරටත් ආහාර ඉල්ලා අයදින නමුත් වැඩිහිටියන් විසින් ඔවුන්ව නොසලකා හැර හෝ පන්නා දමයි. අවුරුදු දෙකකින් පමණ කුරුල්ලන් අභිජනන තත්වයට පත් වේ. [15][56]

ඔවුන්ගේ ක්‍රීඩා හැසිරීම නිරීක්ෂණය කිරීමේ දී පෙන්නුම් කරන්නේ කුරුල්ලන් කොලයක් සුළඟට බිමහෙලා මද සුළගේ දී එය ඇල්ලීම ට තැත් කරන ආකාරයයි. මෙය තරුණ කුරුල්ලන්ට ගුවන් කරණම් ගැසීමේ හැකියාව ලබා ගැනීමට උපකාරී වේ. [57]

මොවුන් දකුණු ඉන්දියාවේ දී ජුනි සිට ඔක්තෝම්බර් දක්වා ඔවුන්ගේ පිහාටු හලයි. ප්‍රාරම්භයේ සිට දහය දක්වා පියාපත් හැලීම සිදුවන අතර එය ආරම්භ වන්නේ ජුලි මාසයේදීය. ප්‍රාථමික පිහාටු කූර දක්වා ගිය පසු ද්වීතික පියපත් ප්‍රතිස්ථාපනය වේ. මෙය සිදුවන්නේ අගෝස්තු මාසයේ සිට ය. ද්විතීක පියාපත් හැලීම ක්‍රමවත්ව සිදු නොවේ. අටවන සහ හත්වන ඒවා අනෙක්වාට වඩා පෙරාතුව හැලේ. වලිගයේ පියාපත් හැලෙන්නේ කේන්ද්‍රාපසාරි ලෙසටය. [15] අභිජනන අවධියේ දී සිවියෙහි තද පාට නැති වී යනවාත් සමග මෙලනින් සංයෝගයේ විචලනය හේතු කොට ගෙන අණ්ඩ පටක වල සෘතුමය පාට වෙනස්කම් සිදුවිය. [58]

පිළිලය සහ රෝග[සංස්කරණය]

බොහෝ අන්තහ්පරපෝෂී කුරුල්ලන්ගේ උකුණන් (මයර්සිඩිඅ එස්පිපි. සහ මෙනකන්තුස් එස්පිපි.), අන්තහ්පරපෝෂී පැතලි පණුවන් [59][60] සහ වට පණුවන් යනාදිය මෙමගින් විස්තර කෙරේ. [61][62][63][64][65] කෙසේ වුවත් විලෝපියන් හෝ රෝග යනාදිය වැඩිහිටි මරණ වල සැලකිය යුතු සාධක වේ. [15]

මනුෂ්‍යයාට ඇති නෑකම[සංස්කරණය]

මී මැස්සන් අල්ලා කෑමේ පුරුද්ද නිසා [66] මී මැසි පාලකයන් ට මොවුන් හිරිහැරයක් වී ඇත. නමුත් ගොවියන් විසින් පක්ෂීන් ලගින තැන් සකස් කරමින් කෘමි වසංගතය ආහාරයට ගැනීමට ඔවුන්ගේ කුඹුරු වෙත උන්ව ආකර්ශනය කර ගැනීමට දිරිමත් කරයි. [67][68]

සංස්කෘතිය[සංස්කරණය]

පොදුවේ ගත් කල මෙම කුරුල්ලා ඉතා විශාල නම් ගණනාවකින් ලොව තුල හඳුන්වනු ලබයි. මේ අතරින් පරණ නම වන බුචන්ගා(Buchanga) යන නම හින්දි නම වන භුජන්ගා (Bhujanga) නමින් ලබා ගනී. අනෙකුත් ආවේණික නම් ලෙස පකිස්ථානයේ තම්පල් (Thampal), බුලුචිස්තාන්හි ගොහලො\කොලහො (Gohalo/Kolaho), සින්දි වලින් කල්කලචි (Kalkalachi), හින්දි වලින් කොට්වල් (Kotwal)(=පොලිස්භටයා), බෙන්ගාලි වලින් ෆින්ගා (Finga), අසමෙස් වලින් ෆින්ශු (Phenshu), මනිපුරි වලින් චෙයිරොයි (Cheiroi), ගුජරාටි වලින් කොසිට/ කලො කොශි (Kosita/ Kalo koshi), මරාටි වලින් ගොසිආ (Ghosia), ඔරියා වලින් කජලපටි (Kajalapati), දෙමළෙන් කරි කුරුවි (Kari kuruvi) (=අඟුරු කුරුල්ලා), එරෙට්ටයි වලන් (Erettai valan)(= වලිග දෙකක් ඇති), තෙලිගු වලින් පස්සල පොලි ගඩු (Passala poli gadu), මලයාලම් වලින් කාක ටම්පුරට්ටි (Kaaka tampuratti) (=කපුටන්ගේ රැජින), කන්නඩ වලින් කරි භුජන්ගා (Kari bhujanga), සිංහලෙන් කවුඩා (Kauda) ලෙස ද හඳුන්වයි.[69] අළුතෙන් පිහාටු සැදූනු කුරුල්ලකු, ගවයාගේ ඇඟ මත වැසු විට එම ගවයාට ජිවීතය අහිමි වන බවට මධ්‍යම ඉන්දියානුවන්ගේ මිත්‍යා විශ්වාසයක් පවතී. [28] පුජීත ශිආ මුස්ලිම්වරුන් (Shī‘a Muslims) බාර වු හුසයින් ඉබ්න් අලි ට වතුර ගෙනා යුතු බව පන්ජාබ්භි සමහර ප්‍රදේශ වල විශ්වාස කර නමස්කාර කරනවා. [70]


නිදේශ[සංස්කරණය]

  1. BirdLife International (2012). "Dicrurus macrocercus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. සම්ප්‍රවේශය 26 November 2013. 
  2. Vieillot, Louis Jean Pierre (1817). Nouveau Dictionnaire d'Histoire Naturelle Appliquée aux Arts 9: 588. 
  3. Hodgson, Brian Houghton (1836). The India Review and Journal of Foreign Science and the Arts 1 (8): 326. 
  4. Blyth, Edward (1850). The Journal of the Asiatic Society of Bengal 19: 255. 
  5. Swinhoe, Robert (1871). Proceedings of the Scientific Meetings of the Zoological Society of London for the Year 2: 377. 
  6. 6.0 6.1 Kloss, Cecil Boden (1921). Journal of the Federated Malay States Museums. 10 pt. 3: 208. 
  7. Baker, Edward Charles Stuart (1918). "Some Notes on the Dicruridae". Novitates Zoologicae 25: 299. http://biodiversitylibrary.org/page/3857129. 
  8. Neave, Sheffield A., ed (1939). Nomenclator Zoologicus; a List of the Names of Genera and Subgenera in Zoology from the Tenth Edition of Linnaeus, 1758, to the End of 1935 (with supplements). Volume 1. Zoological Society of London, London. p. 425. http://www.ubio.org/NZ/detail.php?uid=24210&d=1. 
  9. 9.0 9.1 Sharpe, R. Bowdler (1877). Catalogue of the birds in the British Museum. 3. London: British Museum. pp. 228–265. 
  10. 10.0 10.1 Deignan, Herbert G. (1945). "The birds of northern Thailand". Bull. U. S. Natl. Mus. 186: 287–296. 
  11. 11.0 11.1 11.2 Pasquet, Eric; Jean-Marc Pons;Jerome Fuchs; Corinne Cruaud & Vincent Bretagnolle (2007). "Evolutionary history and biogeography of the drongos (Dicruridae), a tropical Old World clade of corvoid passerines" (PDF). Molecular Phylogenetics and Evolution 45 (1): 158–167. doi:10.1016/j.ympev.2007.03.010. PMID 17468015. http://www.cebc.cnrs.fr/publipdf/2007/PMPE45.pdf. 
  12. 12.0 12.1 12.2 12.3 12.4 12.5 Vaurie, Charles (1949). "A revision of the bird family Dicruridae". Bulletin of the AMNH 93 (4): 203–342. සැකිල්ල:Hdl. 
  13. 13.0 13.1 Rasmussen, Pamela C.; JC Anderton (2005). Birds of South Asia: The Ripley Guide. Volume 2. Smithsonian Institution and Lynx Edicions. p. 590. 
  14. Baker, ECS (1921). "Handlist of the birds of the Indian empire". J. Bombay Nat. Hist. Soc. 27 (3): 46–47. http://www.archive.org/details/handlistofgenera00bake. 
  15. 15.0 15.1 15.2 15.3 15.4 15.5 15.6 15.7 15.8 Shukkur, EAA and Joseph, KJ (1978). "Breeding biology of the Black Drongo". J. Bombay Nat. Hist. Soc. 75 (4): 1212–1226. 
  16. Chari, N.; Janaki Rama Rao, N., Ramesh, R. & Sattaiah, G. (1982). "Comparative studies on flight characteristics, moment of inertia and flight behaviour of two fly-catchers, Dicrurus adsimilis and Merops orientalis". Ind. J. Exp. Biol. 20: 894–896. 
  17. 17.0 17.1 17.2 Whistler, Hugh (1949). Popular handbook of Indian birds. 4th ed.. Gurney and Jackson, London. pp. 155–157. http://www.archive.org/stream/popularhandbooko033226mbp#page/n195/mode/1up. 
  18. Decandido, Robert; Nualsri, Chukiat and Allen, Deborah (2004). "Migration of Black Drongo Dicrurus macrocercus in southern Thailand in autumn 2003". Forktail 20: 143–144. http://web.archive.org/web/20081011023321/http://www.orientalbirdclub.org/publications/forktail/20pdfs/Decandido-Drongo.pdf. 
  19. 19.0 19.1 Fritts, Thomas H. and Rodda, Gordon H. (1998). "The role of introduced species in the degradation of island ecosystems: A case history of Guam". Annual Review of Ecology and Systematics 29 (1): 113–140. doi:10.1146/annurev.ecolsys.29.1.113. http://web.archive.org/web/20060906152104/http://cas.bellarmine.edu/tietjen/Ecology/guam.pdf. 
  20. Jenkins, J. M. (1983). The native forest birds of Guam. Ornithological Monographs 31. American Ornithologists Union. ISBN 0-943610-38-9. http://sora.unm.edu/node/156. 
  21. Maben, Anne F. (1982). The Feeding Ecology of the Black Drongo Dicrurus macrocercus on Guam. Master's Thesis. Univ. Calif., Long Beach.. 
  22. Amidon F. A. (2000). Habitat relationships and life history of the Rota Bridled White-eye (Zosterops rotensis). M.Sc. thesis. Virginia Polytechnic Institute. 
  23. Fletcher, T. B. (1937). "Birds and ants". Jour. Bombay Nat. Hist. Soc. 39: 640. 
  24. Fischer, CEC (1923). "Drongo and cicada". J. Bombay Nat. Hist. Soc. 29 (3): 839–840. 
  25. Mason, C W & H Maxwell-Lefroy (1911). The food of birds in India.. (Entomological series. Vol 3) Department of Agriculture in India. pp. 69–73. http://www.archive.org/details/foodofbirdsinind00masonrich. 
  26. Dewar, Douglas (1905). "King-Crows and Mynas as mess-mates". J. Bombay Nat. Hist. Soc. 16 (2): 364–366. http://biodiversitylibrary.org/page/5725536. 
  27. Veena, T & R Lokesha (1993). "Association of drongos with myna flocks: Are drongos benefitted ?". J. Biosci. 18 (1): 111–119. doi:10.1007/BF02703043. http://www.ias.ac.in/jarch/jbiosci/18/111-119.pdf. 
  28. 28.0 28.1 King, R C H Moss (1911). "The resident birds of the Saugor and Damoh Districts, Central Provinces". J. Bombay Nat. Hist. Soc. 21 (1): 87–103. http://biodiversitylibrary.org/page/30150758. 
  29. Ridley, AR & NJ Raihani (2007). "Facultative response to a kleptoparasite by the cooperatively breeding pied babbler". Behav. Ecol. 18 (2): 324–330. doi:10.1093/beheco/arl092. 
  30. Sridharan, U. and Sivasubramanian, C. (1987). "Additional records of the Black Drongo (Dicrurus adsimilis) feeding on birds". J. Bombay Nat. Hist. Soc. 83: 212–213. 
  31. D'Silva, C., Sankaran, R., Mohapatra, K. K. and Chandra, J. (1990). "Indian Black Drongo Dicrurus adsimilis eating a bird.". J. Bombay Nat. Hist. Soc. 87: 301. 
  32. Jayson, E. A. & K. K. Ramachandran (1994). "Indian Black Drongo Dicrurus adsimilis (Bechstein) feeding on a small bird". Journal of the Bombay Natural History Society 91 (2): 320. 
  33. Osmaston, B. B. (1922). "Predaceous habit of the Common King Crow". J. Bombay Nat. Hist. Soc. 28: 546. http://biodiversitylibrary.org/page/30113136. 
  34. Wenden, H. (1875). "[untitled]". Stray Feathers 3: 330. 
  35. Senthilmurugan, B. (2005). "Fish in the diet of the Black Drongo". J. Bombay Nat. Hist. Soc. 102 (1): 116. 
  36. Serrao JS (1971). "Black Drongo (Dicrurus adsimilis) fishing". Newsletter for Birdwatchers 11 (7): 10. http://www.archive.org/stream/NLBW11#page/n97/mode/2up. 
  37. Aluri J.S. Raju & Srungavarapu P. Rao (2004). "Passerine bird pollination and fruiting behaviour in a dry season blooming tree species, Erythrina suberosa Roxb. (Fabaceae) in the Eastern Ghats forests, India". Ornithological Science 3 (2): 139–144. doi:10.2326/osj.3.139. 
  38. Dodia, JF; Parasharya, BM and Yadav, DN (1989). "Black Drongo feeding on Sorghum grains". Pavo 27 (1&2): 75–76. 
  39. Sharma,IK (1980). "Grey Shrike and Black Drongo hunting scorpion and the centipede". Newsletter for Birdwatchers 20 (5): 6. 
  40. Bhargava,RN (1981). "The Bank Myna Acridotheres ginginianus and King Crow Dicrurus adsimilis preying upon the Cricket Acheta (Orthoptera:Gryllidae)". Newsletter for Birdwatchers 21 (12): 18–19. 
  41. Ali, S & S D Ripley (1986). Handbook of the birds of India and Pakistan. 5 (2 සංස්.). Oxford University Press. pp. 114–118. ISBN 0-19-562063-1. 
  42. Jamdar,Nitin (1983). "Nocturnal habits of Black Drongo (Dicrurus adsimilis)". J. Bombay Nat. Hist. Soc. 80 (1): 218. 
  43. Sharma,SK (1991). "Nocturnal feeding by Black Drongo". Newsletter for Birdwatchers 31 (3&4): 8. 
  44. Nameer,PO (1990). "Midnight feeding by black drongo". Newsletter for Birdwatchers 30 (7–8): 9. 
  45. Neelakantan, KK (1962). "Courtship and mating of the black drongo". Newsletter for Birdwatchers 2 (4): 9. http://archive.org/stream/NLBW2#page/n54/mode/1up. 
  46. Raju,KSR Krishna; Raju,UV Bairagi (1989). "Black Drongo Dicrurus adsimilis nesting on electric pole". J. Bombay Nat. Hist. Soc. 86 (3): 449–450. 
  47. Thangamani A., K Paramanandham & AJT Johnsingh (1981). "'Helpers' among the Black Drongo (Dicrurus adsimilis)". J. Bombay Nat. Hist. Soc. 78 (3): 602–603. 
  48. Smith,TEH (1950). "Black Drongos fostering a Koel". J. Bombay Nat. Hist. Soc. 49 (2): 304–305. 
  49. Allen, GO (1920). "Birds of different species nesting in company". Journal of the Bombay Natural History Society 26: 1044. http://biodiversitylibrary.org/page/2050709. 
  50. Shukkur,EAA & Joseph,KJ (1980). Proximity nesting of the Black Drongo and the Redvented Bulbul In Proceedings of the All India Symposium of Environmental Biology. Department of Zoology, University of Kerala. pp. 40–42. 
  51. Waite, HW (1920). "Birds of different species nesting in company". J. Bombay Nat. Hist. Soc. 27 (1): 171. http://biodiversitylibrary.org/page/30358758. 
  52. Van Gruisen, J (2004). "Red-vented bulbul Pycnonotus cafer feeding Black Drongo Dicrurus macrocercus chicks". J. Bombay Nat. Hist. Soc. 101: 159–60. 
  53. Melville, DS (1992). "Intense mobbing by a Black Drongo Dicrurus macrocercus". J. Bombay Natural History Society 88: 285. 
  54. Davies NB & Welbergen JA (2008). %20Welbergen%202008.pdf "Cuckoo-hawk mimicry? An experimental test" (PDF). Proc. Biol. Sci. 275 (1644): 1817–1822. doi:10.1098/rspb.2008.0331. PMID 18467298. PMC 2587796. http://www.zoo.cam.ac.uk/zoostaff/bbe/Welbergen/Papers/Davies%20%2 %20Welbergen%202008.pdf. 
  55. Nijman, Vincent (2004). "Seasonal variation in naturally occurring mobbing behaviour of drongos (Dicruridae) towards two avian predators". Ethology, Ecology and Evolution 16 (1): 25–32. doi:10.1080/08927014.2004.9522651. http://ejour-fup2.cilea.it/index.php/eee/article/view/981/927. 
  56. Ali, AMS; Asokan S; Manikannan R & GT Nithiyanandam (2010). "Nest-site characteristics and breeding biology of the Black Drongo Dicrurus macrocercus in Cauvery Delta, Southern India". World Applied Sciences Journal 9 (11): 1280–1285. http://www.idosi.org/wasj/wasj9(11)/10.pdf. 
  57. Nair, Manoj V (1995). "An instance of play behaviour in Black Drongo Dicrurus adsimilis (Bechstein)". J. Bombay Nat. Hist. Soc. 92 (2): 266. 
  58. Hore, B.B., Mehrotra, P.N., Hore, A. (1994). "Testicular melanin pigments and the gonadal cycle in a tropical wild passerine bird, Dicrurus adsimilis (Passeriformes, Dicruridae)". Functional and developmental morphology 4 (1): 21–24. PMID 7819603. 
  59. Duggal C. L. & Sushma Gupta (1986). "On Notopentorchis kherai, a new asian cestode (Dilepididae) parasitizing Dicrurus macrocercus at Chandigarh, India". Acta parasitologica Polonica 31 (1–12): 1–5. 
  60. Duggal C. L.; Gupta S (1987). "On a new avian cestode, Paruterina dicruri, from black drongo, Dicrurus macrocercus at Chandigarh, India". Rivista di Parassitologia 48 (1): 89–92. 
  61. Uchida, S. (1927). "Studies on amblycerous Mallophaga of Japan". Journal of the College of Agriculture, Tokyo 9 (1): 1–56. http://www.phthiraptera.org/Publications/0298.pdf. 
  62. Palma, RL; RD Price (2006). "A note on Philopterus kalkalichi Ansari, 1955 (Phthiraptera: Ischnocera: Philopteridae)". New Zealand Journal of Zoology 33 (1): 7–9. doi:10.1080/03014223.2006.9518425. http://www.royalsociety.org.nz/Site/publish/Journals/nzjz/2006/002.aspx. 
  63. Nandi, Anadi P. (2005). "Data on the morphology of Viguiera dicrurusi Gupta, 1960 (Nematoda: Habronematidae) with notes on related forms" (PDF). Folia Parasitologica 52 (3): 261–266. PMID 16270807. http://www.paru.cas.cz/folia/pdfs/showpdf.php?pdf=20764. 
  64. De N.C. (1979). "Viguiera majumdari sp. n. (Nematoda: Habronematidae) from the bird Dicrurus m. macrocercus (Vieill.) from West Bengal, India". Folia Parasitol. 26: 73–76. 
  65. Sood M.L., Kalia R. (1978). "Viguiera adsimilisai n. sp. (Nematoda: Spiruridae) from Dicrurus adsimilis from India". Rivista di Parassitologia 39: 23–25. 
  66. Mundkur,Taej (1985). "Bee hunting by the Black Drongo". J. Bombay Nat. Hist. Soc. 82 (2): 411. 
  67. Parasharya, BM; Dodia, JF; Mathew, KL; Yadav, DN (1996). "The role of birds in the natural regulation of Helicoverpa armigera Hubner in wheat". Pavo 34 (1&2): 33–38. 
  68. Parasharya, BM; J F Dodia; K L Mathew & D N Yadav (1994). "Natural regulation of white grub (Holotrichia sp.: Scarabeidae) by birds in agroecosystem". J. Biosci. 19 (4): 381–389. doi:10.1007/BF02703175. http://www.ias.ac.in/jarch/jbiosci/19/381-389.pdf. 
  69. Anonymous (1998). "Vernacular Names of the Birds of the Indian Subcontinent" (PDF). Buceros 3 (1): 53–109. http://www.bnhsenvis.nic.in/Hindi%2520Website/pdf/vol%25203%2520(1).pdf. 
  70. Rose, HA (1910). "Panjab Folklore Notes". Folklore 21 (2): 216–217. doi:10.1080/0015587X.1910.9719930. 



වෙනත් ප්‍රභව[සංස්කරණය]

  • Bhujle,BV; Nadkarni,VB (1980) Histological and histochemical observations on the adrenal gland of four species of birds, Dicrurus macrocercus (Viellot), Centropus sinensis (Stephens), Sturnus pagodarum (Gmelin) and Columba livia (Gmelin). Zool. Beitrage 26(2):287–295.
  • Lamba,BS (1963) The nidification of some common Indian birds. 3. The Black Drongo (Dicrurus macrocercus Viellot). Res. Bull. Panjab Univ. 14(1–2):1–9.
  • Shukkur,EAA; Joseph,KJ (1980) Annual rhythm in the Black Drongo Dicrurus adsimilis (family Dicruridae, Passeriformes, Aves). Comparative Physiol. Ecol. 5(2):76–77.
  • Shukkur, EAA (1978) Biology, Ecology and Behaviour of the Black Drongo (Dicrurus adsimilis). Thesis, University of Calicut.

බාහිර සබැඳුම්[සංස්කරණය]

si: කළු පැහැති කවුඩා

"http://si.wikipedia.org/w/index.php?title=කළු_පැහැති_කවුඩා&oldid=303105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි