කළු දොදොල්

විකිපීඩියා වෙතින්
කළු දොදොල්
වර්ගයඅතුරුපස
සේවා උෂ්ණත්වය
සිසිල් කොට
ප්‍රධාන කොටස්
හකුරු, සහල් පිටි, පොල් කිරි

කළු දෙදොල් යනු රස කැවිල්ලක් වන අතර, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය දොදොල් වර්ගයකි. මෙම අඳුරු පැහැති සහ ඇලෙන සුළු ආහාර වර්ගය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ කිතුල් හකුරු ( කිතුල් ගසෙහි යුෂ වලින් සාදා ගන්නා), සහල් පිටි සහ පොල් කිරි වලිනි. කළු දෙදොල් සැදීම, බොහෝ දුෂ්කර සහ කාලය-ගතවන ක්‍රියාවලියකි. මෙම කෑම වර්ගය නිෂ්පාදනය සඳහා, හම්බන්තොට ප්‍රදේශය ප්‍රසිද්ධත්වයක් උසුලයි.

සම්භවය සහ ඉතිහාසය[සංස්කරණය]

මැලේ සංක්‍රමණිකයන් විසින්, බොහෝවිට ඉන්දුනීසියාව වෙතින්, ශ්‍රී ලංකාවට මෙය හඳුන්වාදුන් බවට විශ්වාස කෙරෙයි [1][2] [3]. 16වන සහ 17වන සියවස්හිදී රටෙහි කොටසක් පාලනය කළ පෘතුගීසිවරුන් විසින් මෙම ආහාරය මෙරටට හඳුන්වා දුන්නේ යැයිද අදහසක් පවතියි.[4]

මෑත කාලයේදී කෘත්‍රිම අඩංගු ද්‍රව්‍යයන් හඳුන්වාදීමත් හා සමගින්, සමහරවිට කළු දෙදොල් පිළියෙල කිරීම, සාම්ප්‍රදායික වට්ටෝරු වලින් බැහැරට ගිය අවස්ථාද ඇත.[5]


ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; kuruvita නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ගුණවර්ධන, සී. ඒ. (2005). එන්සයික්ලොෆීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලිං ප්‍රකාශකයෝ. p. 97. ISBN 9781932705485.
  3. ගුරුගේ, ආනන්ද (2003). සෙරන්ඩිපිටි ඔෆ් ඇන්ඩෲ ගුරුගේ. AuthorHouse. pp. 402&ndash403. ISBN 9781410757029.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; handun නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. Azad, Sher (20 අගෝස්තු 2012). "ද ඩික්ලයින් ඔෆ් වටලප්පම්". ඩේලි නිවුස්. http://www.dailynews.lk/2012/08/30/fea02.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 අප්‍රේල් 2013. 
"https://si.wikipedia.org/w/index.php?title=කළු_දොදොල්&oldid=304289" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි