කරණවෑමියා

විකිපීඩියා වෙතින්
කරණවෑමියා, කොණ්ඩා සකසන්නා

නිකොලවොස් ගයිසිස්, "ද බාබ"
රැකියාව
නම් බාබර්, කරණවෑමියා
වර්ගය වෘත්තිය
විස්තරය
සේවාදායක ක්‍ෂේත්‍රයන් කෙස් කැපුම්හල, බාබර් සාප්පු, කොණ්ඩාසකසන සාප්පු
කරණවෑමියෙකු කුඩා ළමයෙකුගේ හිසකෙස් කපන අයුරු

කරණවෑමියෙකු යනු (මේ සඳහා ඉංග්‍රීසි නාමය Barber වන අතර මෙම පදය රැවුල හැඳින්වීම සඳහා භාවිතා වන ලතින් වචනය වන Barba යන්නෙන් නිර්මාණය වී යැයි සැලකිය හැක.) ඕනෑම වර්ගයක හිසකෙස් කැපීම , රැවුල කැපීම හෝ කොට කිරීම තම වෘත්තිය කරගත් පුද්ගලයෙකි. අතීතයේදී මොවුන් ශෛල්‍ය කර්ම සහ දත් ආශ්‍රීත කටයුතුද සිදු කිරීමට පුරුදුව සිටියහ. කෙසේ නමුත් නූතන කාලයේදී ආරක්ෂිත රේසර් නිපදවීමත් රැවුල් වැවීම අඩු වීමත් හේතුවෙන් කරණවෑමියන් ප්‍රධාන වශයෙන්ම හිසකේ කැපීම සිදු කරති.

මේ හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම කරණවෑමියන් පිරිමින්ගේ හිසකේ කැපීම සම්බන්ධව විශේෂණය වූ වෘත්තිකයන් වේ. මෙය ඇමරිකානු සහ පොදු රාජ්‍යය මණ්ඩලීය රටවල සංස්කෘතීන්ගේ ප්‍රධාන වෙනස්කමක් වේ. මේ හැරුණු විට කරණවෑමියන් අදටද අවශ්‍යතාවය පරිදි රැවුල සම්බන්ධ කටයුතුද සිදු කිරීමේ හැකියාවෙන් යුක්ත වේ. කෙසේ නමුත් කරණවෑමියන් කැපී පෙනෙන කොණ්ඩා මෝස්තර සහ විශේෂ ආකාරයට ‍හිසකේ කැපීම සම්බන්ධයෙන් හිසකේ විලාසිතාගාර තුළ ක්‍රියාකරන කොණ්ඩා මෝස්තර ශිල්පීන් තරම් දක්ෂතාවයක් නොදක්වති.

කරණවෑමියෙකු විසින් පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානය සරළව කොණ්ඩා කපන ස්ථානය ලෙස හැඳින්වේ.

මෙහි දැක්වෙන්නේ කරණවෑමියෙකු කාන්තාවකගේ හිසකෙස් සෝදන ආකාරයයි.

ඇතැම් කරණවෑමියන් තමන්ව කොණ්ඩා මෝස්තර ශිල්පීන් හෝ හිසකේ අලංකරණය කරන්නන් ලෙස හඳුන්වා ගැනීමට කැමැත්තක් දක්වති. පොදු ව්‍යවහාරයේ පවතින දුර්මතයක් වන්නේ කරණවෑමියන් කොණ්ඩා කැපීමට අමතරව වෙනත් කිසිදු සේවාවක් සපයන්නේ නැති බවයි. මෙය අසත්‍යයක් වන අතර විලේපනවේදීන් පමණක් හිසකේ වර්ණ ගැන්වීම සහ රැලි ගැන්වීම සිදු කරන බවට පවතින මතයද නිවැරදි එකක් නොවේ. කරණවෑමියෙකුට සැපයිය හැකි සේවාවන් අතරට හිසකේ කැපීම , රැවුල කැපීම හෝ කොට කිරීම , හිසකේ වර්ණ ගැන්වීම සහ රැළි ගැන්වීම , මුහුණු අලංකරණය ආදිය ඇතුළත් වේ. මේ හැරුණු විට කරණවෑමියන්ට කෘත්‍රීම හිසකේ ප්‍රතිස්ථාපක නිෂ්පාදන (බොරු කොණ්ඩා වැනි) සමග කටයුතු කිරීමට නෛතික අවසරය පවතී. බොහෝ කොණ්ඩා මෝස්තර ශිල්පීන්ද නෛතික වශයෙන් ගත් කළ කරණවෑමියන් වේ. තවද, කරණවෑමියන් සහ විලේපන ශිල්පීන් අතර යම් ප්‍රමාණයක තරගයක් පවතී. මෙම වෘත්තිකයන් දෙකොට්ඨාසයම නෛතික වශයෙන් පාලනයට යටත් වේ. අතීතයේ එක් කලෙක මෙම වෘත්තිකයන් දෙකොට්ඨාසයටම හිසකේ කැපීමට අවසර තිබූ අතර රැවුල කැපීම සහ කොට කිරීම සම්බන්ධ අවසරය හිමිවූයේ කරණවෑමියන්ට පමණි. ඊට හේතුව වූයේ මෙම දෙවැනි කාර්ය සඳහා දැලි පිහිය භාවිතය පිළිබඳව පුහුණුවක් අවශ්‍ය වීමයි.

ඉතිහාසය[සංස්කරණය]

1842 අවට කාලයේදී බුචරෙස්ට් හි තිබු බාබර් සාප්පු මෙම රූපයේ දක්වා ඇති පරිදි බාබර් සාප්පුවක් සමාජ සම්බන්ධතා සදහාද අවස්ථාවක් සපයා දෙයි.
ස'කා හි බාබර් සාප්පුවක්.

කරණවෑමියෙකුගේ වෘත්තිය ඓතිහාසික එකකි. ඊජිප්තුවේ ලෝකඩ අවධියේ ධාතු අතර තිබී රේසර හමුවී ඇති අතර එසේකෙයිල් මගින් බයිබලයෙහි කොන්ඩා‍කැපීම පහත පරිදි දක්වා ඇත. “Now, Son of man, Take a Sharp Sword and Use it has a Baber’s Razor to shave Head and Your beard”

කොණ්ඩය හෝ රැවුල බෑම සැම විටම ස්වාධීන කාර්යයක් නොවීය. එය එංගලන්තයේ හා අනෙකුත් තැන් වල නීතිය මගින් ද සවි ගන්වා තිබිණි. එමනිසා පිරිසිදු බව හා අහංකාර බව පිරිසිදු රැවුල බෑමක් සදහා එකම හේතුව නොවේ. එහි මුලාරම්භය වඩාත් ගැඹුරට විහිදයයි. මැසිඩෝනියානු විජයග්‍රහණයේ පිරිසිදු රැවුල බෑමේ සම්ප්‍රදාය ගෙන ඒම‍ට ප්‍රථම ග්‍රීක ඇගෝරාවෙහි κουρευς ඔහුගේ අනුශාසකයාගේ රැවුල, කොණ්ඩය හා නියපොතු විවිධ විලාසිතා අනුව සකස් කරන ලදී.

රෝමයට කරණවෑමි ශිල්පය හදුන්වාදෙන ලද්දේ 296 BC හිදි සිසිලියේ ග්‍රීක කෝලණි මගිනි. ඉන්පසුව බාබාර් සාප්පු ඉතා ඉක්මනින් දෛනික ප්‍රවෘති හා කටකතා සදහා වඩා ජනප්‍රිය ස්ථාන බවට පත්විය. බාබර් සාප්පුවට උදෑසනම යෑම පොදු නාන ස්ථානයට යාම තරම් දෛනික වැඩ සටහනේ වැදගත් කොටසක් විය. තවද තරුණයෙකුගේ ප්‍රථම රැවුල බෑම ඔහුගේ තරුණ බවට පත්වීමේ උත්සවයේ වැදගත් කොටසක් වේ.


රෝම බාබර් සාප්පු කිහිපයක් ධනවත් හා බලපෑමට ලක්වු ඒවා අතර ඒවාට පැමිණෙනු ලැබුයේ ඉහළ පැලැන්තියේ අය පමණි. නමුත් බොහෝමයක් බාබර් සාප්පු සාප්පුවක ඉදිරිපස හෝ විදීයක් අස තබන ලද වංගුවකින් යුක්ත වු අතර එමගින් සාමාන්‍ය මහජනයා සදහා සේවා සැපයීම. සමහරක් බාබර් වරුන්ට මසුකඩ කරුවන්‍ලෙස නම්පට බැදුනේ ඔවුන් ඔවුන් ළඟට එන අය නිකටෙහි සහ කම්මුල් වල සීරීම් තුවාල සහිතව යවන නිසාය. මෙම බැනීමෙහි කොටසක් ඔවුන්ගේ ලෝකඩ හෝ තඹ (කිසිවිටෙකත් වානේ නොවන) රේසර මගින් ගත යුතුය. සමහරක් කරණවෑම්න් රේසර් ප්‍රතික්ෂේප කරන පාරිභෝගිකයන් සදහා ලෝම නාශක සපයන ලදී.

පෙර කාලයේ වු කරණවෑමින් ශල්‍ය වෛද්‍යවරු හා දන්ත වෛද්‍යවරුද වූහ. කොණ්ඩා කැපීම විලාසිතා කිරීම රැවුල බෑම මෙන්ම කරණවෑමින් විසින් ශල්‍ය කර්ම, රුධිරය ඉවත් කිරීම, වස්ති හා දත් ගැලවීම සිදු කරන ලදී. එමනිසා ඔවුන් කරණ වෑමි ශල්‍ය වෛද්‍යවරු ලෙස හදුන්වනු ලැබු අතර 1094 දී ඔවුන් විසින් ඔවුන්ගේ ප්‍රථම සංවිධානය පිහිටු වන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=කරණවෑමියා&oldid=375796" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි