කතරගම දෙවියෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කතරගම දෙවියෝ

කතරගම දෙවියෝ හෙවත් කාර්තිකේය දෙවියෝ ලංකාවේ දෙවිවරුන් අතර අතිශයපුද පුජා ලබන දෙවි කෙනෙකි. ශ්‍රී ලාංකික ස්වදේශික ජනප්‍රවාද කතාවන්ට අනුව කතරගම දෙවියන් මුලින්ම වාසය කොට ඇත්තේ වැද්දා හිටි කන්ද නමින් හඳුන්වන කතරගම නගරයෙන් එපිට පිහිටි කන්දක් මතය. පුරාතන යුගයේ සිටවෙනස් කළ නොහැකි සබැඳියාවක් කතරගම දෙවියන් සහ ඔහුගේ බල ප්‍රදේශය සමඟ පවතී.එක අද දක්වාම වැදි ජනතාව පුද සත්කාර කිරීම සඳහා මෙම පූජා භූමි සංකීර්ණයට පමිණෙති. වැදි ජනතාව ඔවුන් ගේ වාර්ශික උත්සව, වැදි කුමරුවන්ගේ විවාහ ඉල්ලීමේ උත්සව හා විවාහ උත්සව ජුලි සහ අගෝස්තු මාස වලදී පවත්වනු ලබන්නේ එහි දාමයක් වශයෙනි.


කතරගම දෙවියෝ සහ ස්කන්ධ මුරුක්කන් සංකල්ප එක්වීම[සංස්කරණය]

මුරුගන් දෙවියෝ[සංස්කරණය]

ස්කන්ධ, කුමාර, වේළුපිල්ලේ, මුරුගන්, වේලන් ආදි නමින් හඳුන්වන හින්දු මේ දෙවියෙක් වෙති. . මුහුණු හයක් සහ අත් 12 ක් ඇතැයි සැලකෙන ඔහුගේ වාහනය මයුරෙකි.

මුරුගන් දෙවියන්ගේ ආයුධය - වේලායුධය[සංස්කරණය]

වේලන්ගේ ආයුධය නොහොත් වේලායුධය යනු ගිනි දළුවක හැඩයකින් යුතු තලයකින් සමන්විත හෙල්ලයකි. එය ස්කන්ධගේ පූජනීය සංකේතය බවට පත්ව ඇත. අදටත් වේල් (http://en.wikipedia.org/wiki/Vel]) යන නමින් ‍ද්‍රවිඩ ජාතිකයන් ඇදහීමට භාජනය කරන මෙය වේලන් නොහොත් කතරගම දෙවියන්ට තම මෑණියන් වන පාර්වතී විසින් තම බලය පුතුට ලබා දීමක් ලෙස සුරපද්මන් සමඟ යුද්ධයේදී භාවිතා කිරීමට ලබාදුන් බවත් ‍විශ්වාස කෙරේ. එසේම මුරුගන් ශක්තිමත් තරුණයෙකු බවට පත්වූ කළ දේවයෝ ඔහු තම නායකයා ලෙසින් පිළිගත් බවත් ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළ බවත් සඳහන් වේ.

කතරගම දෙවියෝ සහ ස්කන්ධ මුරුක්කන් සංකල්ප එක්වීම[සංස්කරණය]

16 වන සියවස පමණ වන විට කතරගම දෙවියෝ යන දේව සංකල්පයත් හින්දුන් විසින් අදහන මුරුගන් හෙවත් ස්කන්ද කුමාර නම් දේව සංකල්පයත් එකම දෙවි කෙනෙකු යන මතය සිංහලයන් අතර ප්‍රචලිතවී ඇත. පෝල් යන්ගර් හා හෙයින්ස් වෙචර්ට් යන විශේෂඥයන් පවසන පරිදි වර්ථමානයේ කතරගම පූජකයන් විසින් සිදුකරන පුදපූජා පුරාණ වැදි හා යක්ෂ ඇදහිලි හා විශ්වාසයන්ට පටහැනිය. එසේම ඔවුන් විස්වාස කරන අන්දමට පුරාණ ආගමික වූ මෙය පසුව බෞද්ධ හා හින්දු භක්තිකයන් විසින් මධ්‍යතන යුගයේදී අත්පත් කරගෙන ඇත.


කතරගම දෙවියන් සම්බන්ධ ඓතිහාසික තොරතුරුවලින් බිඳක්[සංස්කරණය]

ප්‍රධාන දේවාලය කතරගම පිහිටා ඇති අතර ලක්දිව පුරා අන්‍ය කිසිම දෙවි කෙනෙකුට වඩා වැඩි දේවාල ගණනක් මේ දෙවියන්ගේ නමින් ඉදිවී ඇත.කතරගම දෙවිඳුගේ උපත ගැන භාරතීය දේව කතාවල ප්‍රධාන මත 4ක් පවතී.මීට අමතරව මෙම දෙවියන් බුද්ධවර්ෂාරම්භයට පෙර කතරගම නුවර විසූ මහාසේන රජතුමා යයි කියා ද ඉන්දියාවේ සිට මෙහි පැමිණ පදිංචි වූ යුද්ධ දක්ෂයකු මරණින් පසු දේවත්වයට පත්වීමකැයි කියා ද මතයක් ඇත.කතරගම දෙවියන් සම්බන්ධවන ප්‍රකට සිද්ධි කිහිපයක් ලංකා ඉතිහාසයේ ඇති බව ජනප්‍රවාදයේ පවතී.ඉන් එකක් ලෙස දුටුගැමුණු රජතුමා එළාර හා යුද්ධයට යනවිට කතරගම දෙවියන්ට භාරයක් වී යාම හා යුද්ධය දිනා කතරගම දේවාලය තැනවීමයි. ස්කන්ධ දෙවියන් ලක්දිව සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකු ලෙස පළමු වරට සඳහන් වන්නේ 14වන සියවසට අයත් නිකාය සංග්‍රහයෙහිය.කෙසේ නමුත් ලක්දිව සිංහල දෙමළ මෙන්ම වැදි ජනයා අතරද කතරගම දෙවියන් සම්බන්ධ පුරාණ කතා ඇත.වැදි ජනයා අතර පවතින කන්දේ දේව විශ්වාසය තුල කතරගම පවතින දේවාලයේ ආරම්භය දැකිය හැකිය යන්න සෙලිග්මාන් පඬිවරුන්ගේ අදහසයි.කතරගම දෙවියන් හා වල්ලි අම්මා අතර විවාහය වනාහි දඩයම් කරුවන් හා කෘෂිකාර්මික ජනයා අතර සමාජ සංස්කෘතික සම්මිශ්‍රණය සංකේතවත් කරන සිද්ධියක් බව ගොම්බ්‍රිජ් සහ ඔබේසේකර යන වියතුන්ගේ මතයයි. හින්දු විශ්වාසය අනුව මොහු යුද්ධයට අධිපති දෙවියෙකි.මේ දෙවියන්ගේ උපත ගැන බ්‍රහ්ම පුරාණය වායු පුරාණය මතස්‍ය පුරාණය ආදි ග්‍රන්ථවල තවත් පුරාවෘත්තයන් සඳහන්ය.ඒ අනුව එතුමාගේ උත්පත්තිය සිදුවී ඇත්තේ සුරාසුර යුද්ධයේදී පරාජයට පත්වෙමින් සිටින සුරයන්ගේ හමුදාවේ නායකත්වය දැරීමට හමුදාපතියකුගේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහාය.එහිදී ශිව සහ පාර්වතී දෙදෙනාගේ දීර්ඝ කාලීන සංගමයෙන් ඇති වූ බීජයක් ශිව දෙවියන් විසින් අග්නි දෙවියන්ට භාර දී ඇත.මෙය අග්නි දෙවියන් විසින් ගංඟා දේවියගේ ගර්භයෙහි තැන්පත් කොට ඇත.ගංඟා දේවිය එය මහා මේරු පර්වතයේ තැන්පත් කර ඇත.එසේ තැන්පත් කල බීජය කන්‍යාවන් 6 දෙනෙකු විසින් පෝෂණය කර ඇති අතර මුහුණු හයකින් යුත් දරුවකු බිහි විය.මේ ආකාරයට කතරගම දෙවියන්ගේ උපත සම්බන්‍ධ විවිධ මත පවතී.Kataragama2.jpg

කතරගම දේව ඇදහිල්ල හා සම්බන්ධ වත් පිළිවෙත්.[සංස්කරණය]

කතරගම දෙවියන් උදෙසා සිදු කරන පුද පූජා හා වත් පිළිවෙත් පිළබඳ අධ්‍යයනයේදී අපගේ දේශීය සංස්කෘතික අංගයන් මැනවින් ඉස්මතු වේ.ක්‍රි.ව.1765 දී ලන්දේසි ආණඩුකාර ඇල්ක් විසින් භික්ෂූන් වහන්සේලාට ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියට ලැබුණු පිළිතුර සඳහන්ව ඇති කතරගම දෙවියන් සහ පුද පූජා විධි නමින් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ එම්.එස්.එස්.13 දරණ ලියවිල්ලේ සඳහන් කරුණු සලකා බැලීම මෙහිදි වැදගත් වේ. එහි සඳහන්ව ඇති ආකාරයට කතරගම දෙවිඳුට පුද පූජා පැවැත්වීමේ උත්සවය ජුලි මස පුර පසළොස්වක පළමු දිනයේ සිදුවේ.දේවාල පෙරහැර පහත ආකාරයෙන් සිදු වේ. මහ බෙත්මෙ රාළ කුඩා බෙත්මෙ රාළ බස්නායක රාළ කුඩා කපු රාළ හා අනෙකුත් පහත් සේවකයින්ද ස්ත්‍රීන් 16 දෙනෙක් ද පෙරහැරේ ගමන් ගනිති.මධ්‍යයේ ගමන් ගන්නා වු ප්‍රධාන ඇතුමත වු මණ්ඩපයේ කතරගම දෙවිඳු හා රන් කරඬුව තැන්පත් කොට ඇත.දෙපසින්ම ඇතුන් මත සිටින කපු රාළලා සෙමෙර සලති.ප්‍රධාන ඇතු ඡත්‍ර දරා සිටිති.කහ දියර පිරවූ තඹ බඳුන් අතින් ගත් ස්ත්‍රීන් අට දෙනා බැගින් දෙපසෙහි සිට සුභ පතති.විවිධ බෙර හා තූර්ය වාදනයන්ගෙන් ද පන්දම් වලින් යුතු පෙරහැර මේ පිටු පසින් ගමන් ගනිති..... මේ ආකාරයට මේ ලිපියේ සඳහන් කරුණු ගැන සැලකිලිමත් වීමෙදී ගුණදාස අමරසේකරයන් නිර්වචනය කරන ලද සංස්කෘතියේ ලක්‍ෂණ පැහැදිලි වේ.එනම් සංස්කෘතිය යනු ජන සංඛ්‍යාවක් නැතහොත් ජාතියක් විසින් අනාදිමත් කාලයක් තිස්සේ එක් රැස් කරන ලද එම ජාතියට සුවිශේෂ වූ විඤ්ඤානය චින්තනයයි. අප ජාතියට සුවිශේෂ වූ විඤ්ඤානය චින්තනය හෙලි දරව් කරන කතරගම දේව විශ්වාසයේ එක් අංගෝපාංගයකි කතරගම ඇසළ පෙරහැර. Kataragama.jpg

කතරගම දේවාලයේ උත්සව[සංස්කරණය]

ඇසළ පෙරහැර ඉල් මස කච්චි හෙවත් කාන්ති උත්සවය හා සිංහල හා හිංදු අලුත් අවුරුදු උත්සවය යනුවෙන් උත්සව 3ක් පැවතුනත් ඉන් වඩාත් ප්‍රසිද්ධ හා වැදගත් වී ඇත්තේ කතරගම ඇසළ පෙරහැර

ඇසළ උත්සව[සංස්කරණය]

කප් සිටු වීම[සංස්කරණය]

උත්සවයට දින 45කට පෙර සිදු කරන කප් සිටුවීමේ මංගල්‍ය සඳහා කණු කැපීමේ මංගල්‍ය වෙසක් පුර පසළොස්වක දින පූසා නැකත හා නන්දන මුහුර්තිය යෙදුණු සුභ මොහොතින් සිදු කරයි.ඊට පෙර එක පඳුරේ වැවුණු ලී 2ක් රත් කර ගසක් තෝරා ගෙන දේවාල නිලධාරින් පිරිසක් එහිදී සිරිත් පවත්වා කණු 2ක් කපා පෙරහැරින් ගෙනැවිත් මල් පඬුරු හා පිරුවට බැඳි වල්ලි අම්මා දේවාලයේ ඉදිරියේ කප් සිටුවනු ලබයි. කප් සිටු වීම සඳහා වූ තෝරා ගැනීමේ දී දේවාල භාරකරුවන් පාරම්පරිකව පවත්නා විශ්වාසය වන්නේ කතරගම දෙවියන් රත් කරන ලද ලීයකින් නිර්මාණය කරන ලද ඊයක් විදීමෙන් සිය දේවාලය ඉදි කරන ස්ථානය පෙන්නුම් කළ බවත් ඊය බිම වැටී දළු ලා බෝධිය ඇති වූ බවත් ය.ඉහළ කෙළවර කරුවක් සහිත ලීයක් තෝරා ගත් පසු කපුරාළ විසින් ගස මෙන්ම ආයුධ සුවඳ පැනින් නහවා මුඛවාඩම් බැඳගස කපනු ලැබේ.කප්පනු පෙරහැර අවසන් වී දින 3කට පසු එම ලීය 2ට කපා මැණික් ගඟේ දිය කපන තොටේ වළලනු ලැබේ.

බුලත් හැපීමේ චාරිත්‍රය[සංස්කරණය]

දේවාලය ප්‍රදක්ෂිණා කරන අතර බැතිමතුන් කරඬුව සහිත ඇතා ආවරණය වන සේ වියනක් ඔසවා සිටී.මෙහිදී ඇතුගෙන් කරඬුව භාර ගන්නා ස්ථානය කම්බි කණුව නම් වේ.කරඬුව දේවාලයට වැඩම වීමට එළන පාවඩ මොණර තටු මුස්නකින් පිරිසිදු කරයි.ඉන් පසු කරඬුව පිටතට වැඩම කරවන කපුරාළ එතෙක් පිටත නැවතී සිටි ආලත්ති අම්මලාගේ නළලෙහි තිලක තබයි.අනතුරුව ආලත්ති අම්මලා හැඹිලි විවෘත කොට බුලත් හැපීම අරඹා නැවත පෙරහැර පටන් ගත් විගස දේවාලය දෙසට හැරී බිමට බුලත් කෙල ගසති.

=බෙර වැයීම='[සංස්කරණය]

පෙරහැර ආපසු පැමිණෙන කල්හි එය අතරමග නඩත්තු නම් වූ ස්ථාන 14ක දී නවත්වයි.එහිදී කපු රාළලා විසින් කරඬුවට පුද පූජා පවත්වනු ලැබේ.එක් එක් නඩත්තුවේදී වයන බෙර පද සියල්ල පෙරහැර අවසාන දිනයේ දි එකවර වයනු ලැබේ

නූල් බැඳීම හා පෙරහැර[සංස්කරණය]

අවසාන දින පවත්වන පෙරහැර බෝධිය පැදකුණු කොට කිරි වෙහෙර වෙත ගිය කල්හි විහාරාධිපති වහන්සේ පිරිත් කියා එම පිරිසට නූල් බඳිති.ඉන් පසු දේවාල පෙරහැර ආරම්භ වේ.එක වේලේ පෙරහැර12 ක්ද දෙවේලේ පෙරහැර 06ක්ද අළුයම කරන පෙරහැර 01ක්ද යනුවෙන් පෙරහැර 19කි.

ගිනි පෑගීම[සංස්කරණය]

ගිනි පෑගීම

පෙරහැරේ ඉදිරියෙන්ම සිටින්නේ ගිනි පාගන පිරිසයි.අනතුරුව භක්ති ගීත වාදක ගායක නෘත්‍ය කණ්ඩායම ගමන් කරයි.ඒ දෙපස චත්‍ර ධජ සේසත් ගත් පිරිසකි.මීට පිටු පසින් ස්වර්ණාභරණයෙන් සැරසුණු ඇතෙකු පෙරටු කොට ගත්බෙර වාදක කණ්ඩායම ගමන් කරති.ඇතු පිට පාට 3කින් යුත් වස්ත්‍රයකින් මසන ලද කරඬුවෙහි කතරගම දෙවියන් වැඩ සිටී.අවසන් දිනයේදී මෙම වස්ත්‍රය ධෝවනය කොට ලබා ගන්නා ජලය ශුද්ධ සේ සලකා ඊලඟ වසරේ පෙරහැර අවසානය දක්වා ඉන් කොටසක් දේවාලයේ තබා ගන්නා අතර ඉතිරිය බැතිමතුන් අතර බෙදේ.

රන් පහන දැල්වීම[සංස්කරණය]

නැකතට අනුව ඇරඹෙන පෙරහැර සඳහා චාරිත්‍රානුකූල අනුමැතිය දීම එම දේවාලයේ බස්නායක නිලමේ විසින් අපරභාග 5ට දේවාලයේ පහන දැල්වීමෙන් කරනු ලැබේ.

ආලත්ති බෑම[සංස්කරණය]

බස්නායක නිලමේ ඇතුළු පිරිස පෙරහැර භූමියෙන් පිටතට ඒමට පෙර දේවාලය තුලට ගත් කරඬුවට ආලත්ති බෑම සිදු කෙරේ.කපු රාළගෙන් ආලත්තිමණ්ඩ හා පහන් තිර 5ක් ලබා ගත් එක් එක් ආලත්ති අම්මාවරු පහන් පූජාව පවත්වති.මේ චාරිත්‍රයෙන් පසු පෙරහැර අවසන් වේ.පසු දින චාරිත්‍රානුකූලව සංඝ දානයක් පිරි නමයි.

කෝල්මුර[සංස්කරණය]

මින් අදහස් කරනුයේ ස්තොත්‍ර ගායනයයි.දෙවිවරුන් වෙනුවෙන් සංස්කෘත භාෂාවෙන් ලියන ලද ස්තොත්‍ර වේ.දේවාලයේ කපුවා මායම් කිරීමේදී ඒවා ගායනා කරනු ලැබේ.

බාර වීම සහ බාර ඔප්පු දීම[සංස්කරණය]

කිසියම් ඇබැද්දියකදී දෙවියන්ගෙන් පිහිට ඉල්ලා කාසියක් ගැට ගැසීමයි.බාරය වන තැනැත්තා සුදු රෙදි කඩක් ගෙන සතයේ කාසිය එහි දවටා දෙවියන් සිහි කොට තම කාරණය ඔහු ඉදිරියේ කියා දෙවියන්ට යම් පූජාවක් දීමට පොරොන්දු වී රෙදි කැබැල්ලේ කාසිය ගැට ගසා උස් වූ තැනක එල්ලා තබයි.කාරණය ඉටු වූ පසු පොරොන්දු වූ දේවාලයට ගෙනගොස් ඔප්පු කිරීම බාරය පිරිමැහීම වෙයි.එහිදී තමා වූ බාරය රැගෙන දේවාලයට ගොස් පන්කොළ වට්ටියක බුලත් කොළ කිහිපයක් හා සත 25 තරම් මුදලක් ද බාරය සඳහා බඳින ලද සතයේ කාසිය ද ඒ මත තබා පොරොන්දු වූ දෙය ද වටිටිය මත තබා කපු රාළට දීම බාරය පිරි මැහීම වේ.එහිදී කපු රාළ දෙවියන්ගේ හළඹ අතට ගෙන සොළවා එය ගැමියාගේ හිස මත තබා කන්නලව්වක් කොට සෙත් පැතීමෙන් බාරය පිළිබඳ සියළු කටයුතු අවසන් වේ.

කෙම්මර පද[සංස්කරණය]

දේවාල මංගල්ලයේදී වයනු ලබන බෙර පදයි.මේ බෙර පද එක්එක් ප්‍රදේශවල විවිධ වන අතර ඒවායේ සමානත්වයක් ද දැකිය හැක.එසේම දේවාල මංගල්ලය දවසේ දී සෑම දේවාලයකම සිදු කරන පොදු චාරිත්‍ර විධි මාලාවක් ඇත.එය ප්‍රධාන වශයෙන් අවස්ථා 3කි.

1.නානුමුර කිරීම.

2.කිරි ඉතිරුම් හා ගොටු දීම.

3.මුරුතැන් පිදීම

යනුවෙනි. Xdv.jpg

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=කතරගම_දෙවියෝ&oldid=256252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි