කතරගම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

සැකිල්ල:අනෙකුත්

කතරගම
කතරගම දේවාලයේ පිවිසුම් දොරටුව
කතරගම is located in Sri Lanka
කතරගම
ඛණ්ඩාංක: 6°25′00″N 81°20′00″E / 6.4166667°N 81.3333333°E / 6.4166667; 81.3333333
Province Uva Province
වේලා කලාපය ශ්‍රී ලංකා සම්මත කාල කලාපය (UTC+5:30)
 • Summer (DST) ගිම්හාන කාලය (UTC+6)

කතරගම ශ්‍රී ලංකාවෙ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටාඇති පිහිටි ඓතිහාසික ප්‍රදේශයකි. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ශ්‍රී ලංකවේ වාණිජ නගරය වන කොළඹ සිට කි.මී. 228ක් දුරින් පිහිටා තිබේ. වර්ථමානයේ මෙය ආගමික අතින් වැදගත් නගරයකි. කතරගම දෙවියෝ ලෙස හදුන්වනු ලබන ස්කන්ධ මුරුක්කන් හට පූජාකළ සිධස්ථානය වන කතරගම දේවාලය මෙම නගරය සතුව පවතී. . එය එහෙත් පුරාතන යුගයේ කතරගම ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග ප්‍රදේශයේ වනාන්තර වලින් වටවූ කුඩා නගරයක් ව පැවත තිබූ අතර වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයක් බවට පත්වී ඇත. එමෙන්ම එහි ඉතා පැරණි බෞද්ධ ස්ථූපයක් වන කිරිවෙහෙර ද ස්ථානගතව පවතී. මෙම නගරයට ක්‍රිස්තු පූර්ව සියවස් වලටත් වඩා එහාගිය අතීතයක් ඇත. මෙය රෝහණ රාජධානි සමයේ බොහෝ සිංහල රජවරුන්ගේ රාජ්‍ය වාසස්ථානය වී තිබුණි. 1950 වර්ෂයේ පමණ සිට මෙම නගරය නිරන්තර රාජ්‍ය ආයෝජන හේතුකොටගෙන පොදු ප්‍රවාහනය, වෛද්‍ය පහසුකම් සහ ව්‍යාපාර සංවර්ධනය හා හෝටල් සේවා වල දියුණුවක් අත්කරගෙන තිබේ. එමෙන්ම එය සුප්‍රසිද්ධ තිබේ.

පටුන

[සංස්කරණය] ආගමික වැදගත්කම

[සංස්කරණය] කතරගම දේවාලය

{{ප්‍රධාන ලිපිය: කතරගම දෙවියෝ}}

[සංස්කරණය] මහින්දාගමනයට පෙර යුගය

ශ්‍රී ලාංකික ස්වදේශික ජනප්‍රවාද කතාවන්ට අනුව කතරගම දෙවියන් මුලින්ම වාසය කොට ඇත්තේ වැද්දා හිටි කන්ද නමින් හඳුන්වන කතරගම නගරයෙන් එපිට පිහිටි කන්දක් මතය. පුරාතන යුගයේ සිටවෙනස් කළ නොහැකි සබැඳියාවක් කතරගම දෙවියෝ සහ ඔහුගේ බල ප්‍රදේශය සමඟ පවතී.එක අද දක්වාම වැදි ජනතාව පුද සත්කාර කිරීම සඳහා මෙම පූජා භූමි සංකීර්ණයට පමිණෙති. වැදි ජනතාව ඔවුන් ගේ වාර්ශික උත්සව, වැදි කුමරුවන්ගේ විවාහ ඉල්ලීමේ උත්සව හා විවාහ උත්සව ජුලි සහ අගෝස්තු මාස වලදී පවත්වනු ලබන්නේ එහි දාමයක් වශයෙනි.

පෝල් යන්ගර් හා හෙයින්ස් වෙචර්ට් යන විශේෂඥයන් පවසන පරිදි වර්ථමානයේ කතරගම පූජකයන් විසින් සිදුකරන පුදපූජා පුරාණ වැදි හා යක්ෂ ඇදහිලි හා විශ්වාසයන්ට පටහැනිය. එසේම ඔවුන් විස්වාස කරන අන්දමට පුරාණ ආගමික වූ මෙය පසුව බෞද්ධ හා හින්දු භක්තිකයන් විසින් මධ්‍යතන යුගයේදී අත්පත් කරගෙන ඇත.

[සංස්කරණය] බෞද්ධයන් හා කතරගම දෙවියෝ

සමහර සිංහල බෞද්ධයන් කතරගම මහසෙන් දෙවියෝ බුද්ධාගම රැක බලාගන්නා දෙවියන් ලෙසද කතරගම සිද්ධස්ථානයේ මුලසුන දරන්නා ලෙසද විශ්වාස කරති. සුරාසුර යුද්ධයට සේනා මෙහෙයවූ අංගම්පොර සටන් කලාවේ ප්‍රවීණයෙකු ලෙස අදද සලකයි. කොරතොට අංගක්කරුවන්ට අනුව තම පෙළපත් ඉතිහාසය කතරගම මහසෙන් විරුවාණන්ගෙන් ආරම්භ වෙයි. මෙම කතරගම දෙවියන් යනු අද අප අදහන මුරුගන් නොව කකුසඳ බුදුන්ගේ කාලයේ ලංකාව පාලනය කරන ලද තරු රජුගේ සෙන්පතියාව සිට පසුව රජවූ කතරගම මහසෙන් දෙවියන් ය.

බෞද්ධ ඉතිහාසයෙහි කතරගම හා මහසෙන් දෙවියෝද ඉතා වැදගත් තැනක් ගනී. මහාවංශ, චුල්ලබෝධිවංස, වනසැවුල් ආදියෙහි දැක්වෙන තොරතුරු අනුව මෙහි අෂ්ටඵලරුග බෝධීන් වහන්සේ අතුරෙන් එක් නමක් රෝපණය කළ බව පෙනේ. කහකුරුළු සන්දේශයෙහි 188 වැනි සුරතුරුවන් ආදී කවෙන් දැක්වෙන්නේ ඒ බෝධිය ගැනයි. සාරසංග්රවහ, සද්ධර්මිරත්නාකර ආදී පොත්වල සඳහන් වන පරිදි මෙහි මැණික් ග‍‍‍් ගේ දකුණු ඉවුරේ වැඩිහිටි කන්ද ඉදිරියෙහි රජමැදුරද වම් ඉවුරේ කිහිරි වනයෙහි බෞද්ධ පූජනීය වස්තු සහිත විහාරස්ථානයද කරවූ බව පෙනේ. කතරගම කිරිවෙහෙරේ ආරම්භය බෝධියටත් වඩා පැරණිය. ධාතුවංශයෙහි දැක්වෙන කතාව අනුව ලක්දිවට තුන් වාරයක් වැඩි සර්වනඥයන් වහන්සේ තුදුස් තැනක් ස්පර්ශර කිරීමෙන් පවිත්රන කළහ. එයින් කතරගම කිරිවෙහෙර පිහිටි තැනද එක්තැනකි. සමනළ අඩවිය සමන් දෙවියන්ට භාර දුන්නාක් මෙන් මෙයද රැකබලා ගැනීමට මහසෙන් පැවරූ බව පිළිගත යුතුය. අද ‍කිරිවෙහෙර නමින් දැක්වෙනේනේ ඒ කිහිරි වනයෙහි කළ වෙහෙරයයි පැරණි සෙල් ලිපිවල එන පරිදි මෙය රජමහවෙහෙර, මඟුල්මහ සෑය ආදී නම්වලින්ද හැඳින්වූ බව පෙනේ. කතරගම යනු බුදු පහස ලැබු ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන 16න් එකකි.

[සංස්කරණය] ස්කන්ධ මුරුක්කන් කෝවිල

මහ දේවාලය ඇතුලත තිරය පිටුපස මුරුක්කන් සහ ඔහුගේ භාර්‍යාවන් දෙදෙනා පෙන්නුම් කෙරෙන යන්ත්‍රය තබා ඇත.

ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ දමිල හින්දූන් මෙම ස්ථානය කතිර්කාමම් ලෙස හදුන්වයි. කතිර්කාමම් සාමි ස්කන්ධ මුරුක්කන් සමඟ සබඳකම් පවත්වා ඇත. දකුණු ඉන්දියානු සැයිවිටේ හින්දූන් ඔහුට සුබ්‍රමනියම් නමින්ද ආමන්ත්‍රනය කරති. එමෙන්ම ඔහු කන්දසාමි, කදිරදේව, කතිරවේල්,කාර්තිකයා සහ තාරකාජිත් ලෙසද හඳුන්වති. මෙයින් සමහරක් නම් කතිර්කාමම් හි කතිර් යන කොටස මුල් කරගෙන තැනී ඇත. කතිර් යනු අරූපී එළියයි. මුහුණු සයක් සහ අත් දොළොසක් හෝ එක මුහුණක් හා අත් හතරක් මේ දෙවියාට ඇති බවට විස්තර කෙරේ. මුරුගන් දෙවියන්ට ඇති ආදරය දැක්වීමට සහ තමන්ට ඇති කර්ම වලින් සැහැල්ලු වීමටත් බැතිමතුන් තමන්ගේ තොල් හා දිව කටු වලින් සිදුරු කරනවා මෙන්ම මුරුගන් දෙවියන්ගේ මූර්තිය රැගත් විශාල වේල් කරත්ත තමන්ගේ පිටේ ගසාගත් කොකු වලින් ඇදගෙන යාම සිදු කරයි. මෙම ක්‍රියාදාමය කාවඩි ලෙස හඳුන්වයි. මුරුගන්ගේ වාහනය නැතිනම් රථය මායිල්, මොණරාය. මුරුගන් දෙවියාගේ වැඩිමහල් සහෝදරයා යැයි හඳුන්වන හස්තියෙකුගේ මුහුණක් සහිත ගණ දෙවියන් විසින් තම පෙම්වතිය වෙනුවෙන් පූජා කල සිද්ධස්ථානය වන සෙල්ල කතිරකාමම් ද ඒ අසල පිහිටා තිබේ. මැණික් ගඟ නැතහොත් මාණික්ක ගංගායි (මැණික් වල ගඟ )උත්සව අවස්ථාවන්හිදී ස්නානය කොට පිරිසිඳුවීම සඳහාද පවිත්‍ර දෝවනයන් සඳහාද තමා විසින්ම පාරිශුද්ධ වීමටද යොදා ගනු ලබයි. එහි අඩංගු විශාල මැණික් ප්‍රමාණයෙන් පමණක් නොව එය වනාන්තරය තුලින් ගමන් කරන විට විවිධ මුල් වර්ග සහ ශාඛ වල ලෙඩ සුව කරන ගුණයෙන් අනූන මෙයින් ස්නානය කිරීමෙන් එවන් ලෙඩ රෝග සුවවෙන බව ප්‍රදේශවාසීන් කියාසිටිති.

[සංස්කරණය] කතරගම දෙවියෝ සහ ස්කන්ධ මුරුක්කන් සංකල්ප එක්වීම

16 වන සියවස පමණ වන විට කතරගම දෙවියෝ යන දේව සංකල්පයත් සින්හල බෞද්ධයන් විසින් ලක්දිව බුද්ධාගමේ ආරක්ෂක දේවතාවක් ලෙස සලකන ස්කන්ද කුමාර නම් දේවතාවත් එකම දෙවි කෙනෙකු යන මතය ප්‍රචලිතවී ඇත.

[සංස්කරණය] කතරගම බෝධිය

කතරගම දේවාල භූමියේඇති බෝධිය අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ‍්ගේ පළමු අංකුර 8න් (අෂ්ඨ පාල රුහු බෝධී)එකකි. මෙම ගස ක්‍රි.පූ. 3වන සියවසේදී රෝපනය කර ඇත.

[සංස්කරණය] කිරි වෙහෙර

කිරි වෙහෙර දාගැබ රාත්‍රියේ දී

කතරගම පිහිටා ඇති කිරි වෙහෙර දාගැබ මහාසේන රජතුමා විසින් කරන ලද්දක් බව කියැවේ. ජනප්‍රවාදයන්ට අනුව ක්‍රි.පූ. 580දී බුදුන්වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකාගමනයේදී කතරගම ප්‍රදේශය හෝ කතරගම උද්‍යානය පාලනය කළ මහාසේන නම් රජ හෝ පුග්ලයා මුණගැසුණු බව විශ්වාස කෙරේ. එහි කියවෙන පරිදි මහාසේන (රජු) බුදුන්වහන්සේ මුණගැසී බුද්ධ දේශනාවට සවන්දී ඊට කළගුණ සැලකීමේ සංකේතයක් ලෙස දාගැබ ඉදිකල බවයි. මෙලෙස මෙරට සිංහල බෞද්ධයන් කතරගම බුදුන්වහන්සේගේ පහසින් පවිත්‍රත්යට පත්වූ බව විශ්වාස කරනු ලබති. දැනට හමුවී ඇති පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව පිළිගන්නා පරිදි "කිරි වෙහෙර" ක්‍රි.පූ. 1 වන සියවසේදී පමණ ඉදිකර අති අතර පසුව දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් පවතින අතර ශිලා ලේඛනද හමු වී ඇත.

[සංස්කරණය] වෙනත් ආගමික සිද්ධසුථාන

වර්ථමානයේ කතරගම බහු ආගමික දේවස්ථාන ස්ංකීර්ණයට ඉස්ලාම් පල්ලියක් ද කතෝලික පල්ලියක්ද අන්තර්ගත වේ. වර්ණ භේද ,ආගම් භේද වලින් තොරව බොහෝ ශ්‍රී ලාංකිකයන් කතරගම දෙවියන්ට මහත් ගෞරව දක්වති. ඔවුන්ගේ ඉල්ලීම් සඵල වන බවට දැඩි විශ්වාසයකින්, බලගතු දෙවි කෙනෙක් විදියට ඔවුන් ඔහුට ඉමහත් පුද සත්කාර දක්වනවා මෙන්ම දේවගැතියන් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්න මැඩ පැවැත්වීමට හා ව්‍යාපාර ආදිය සාර්ථක කර ගැනීමටත් උපකාර කරති. කතරගම දෙවියන් සැබැවින්ම වැඩ ඉන්නා බවට සහ මහත් ශ්‍රද්ධාවකින් හා භක්තියකින් යුතුව දුකකදී හෝ විපතකදී තමන් වෙත ආයාචනා කරන්නන්ට පිහිටවන බවට ඔවුන් විශ්වාස කරති.


[සංස්කරණය] ඉතිහාසය

[සංස්කරණය] ප්‍රාග් ඓතිහාසික යුගය

අදින් වසර 125,000 කට පෙර පවා කතරගම ආශ්‍රිත ප්‍රදේශයේ මානව ජනාවාස පැවති බවට සාධක හමුවී ඇත. තවද මෙසොලිතික යුගයේ(මධ්‍ය කාලීන ශිලා යුගයේ ) නියොලිතික යුගයේ (ගල් යුගයේ අවසාන භාගය ) පවා ජනාවාස පැවති බවට සාධක හමුවී ඇත.[1]

[සංස්කරණය] පුරාතන යුගය

අතීතයේ මෙම ප්‍රදේශයේ කුඩා වැව් පද්ධතියක් ආශ්‍රයෙන් සිදු කෙරුනු ජල සංරක්ෂණය මගින් සවි ගැන්වුණු කෘෂිකාර්මික ජනපදයක් වශයෙන් පැවතී ඇත. කතරගම ජනපදය ගැන සඳහන් වන පැරණිතම ඓතිහාසික ලේඛනය වන්නේ 5 වන සියවසේ දී ලියවුනු මහාවංශයයි. මහාවංශයේ සඳහන් වන පරිදි "කජ්ජරගාම" නම් වූ ජනපදයෙන් පැමිණි අශෝක අධිරාජ්‍යයා විසින් ලංකාවට පූජා කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ කහරගමට් රගෙන ගිය බව සදහන් වේ.තවද දක්ණු ඉන්දියානු අධිරාජ්‍ය වල ආක්‍රමනයන් හමුවේ උතුරින් පලා ආ රජවරුන් හට රැකවරනය සැලසූ ප්‍රදේශයක් ලෙසද කතරගම සැලකේ. දැනට පිළිගන්නා පරිදි13 වන ශත වර්ශය ආශ්‍රිතව කතරගම ජනපදය අතහැර දමන ලද ජනපදයක් බවට පත්වී ඇත.


15වන ශතවර්ශයේදී කතරගම ජනපදය ඉන්දියානු සහ ලාංකික හින්දු භක්තිකයන් අතර ප්‍රචලිත පුදබිමක්ව පැවතී ඇත. කතරගම දෙවියන් හා විහාරය කෙතරම් ප්‍රචලිතව පැවතියේද යත් 16 වැනි ශතවර්ශයේදී පමණ තායිලන්තයේ (එවකට සියම් දේශයේ) ලියැවුනු ජින්කල්මනී නම්වූ පාලි ග්‍රන්ථයේ පවා කතරගම විහාරය ගැන සඳහන්ව ඇත. කතරගම දෙවියන්ගේ බලය හා ආශ්චර්යයන් සම්බන්ධව බොහෝ බෞද්ධ හා හින්දු පුරාවෘත පවතී.


[සංස්කරණය] අධ්‍යාපනය

සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික, ද්විතීක හා තෘතීක අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල් ගණනාවක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.

[සංස්කරණය] ජනගහනය

1800දී පමණ එනම් ජනාවාසය අත්හැර දැමීමෙන් අනතුරුව 1950 තෙක් එහි වාසය කලේ පවුල් සීමිත සංඛාවක් පමණි. නමුත් 1950න් අනතුරුව ජනගහන වර්ධනයක් සිදුවිය. මෙහි ජනගහනයෙන් බහුතරය සිංහල ජාතිකයන් වන අතර සුළුතර ශ්‍රී ලාංකික දෙමළ ජනයා තත් ජනගහනයට ආශ්‍රිතව වාසය කරයි. කතරගම දෙවියන් උදෙසා වාර්ශික උළෙල පවතින ජූලි-අගෝස්තු සමයේ ජනගහනය දස දහස් ගණනකින් පමණ වැඩිවේ. කතරගම ස්ථිර ජනගහනය 20,000කට අධික වේ(2010).

ජනවර්ගය ජනගහනය % ප්‍රතිශතය
සිංහල 19,812 94.64
ශ්‍රී ලාංකික දෙමළ 921 4.40
ඉන්දියානු දෙමළ 56 0.27
ශ්‍රී ලාංකික යෝනක 108 0.51
වෙනත්( බර්ගර් , මැලේ ) 38 0.18
එකතුව 20,935 100

Source: Statistical Information of Kataragama Divisional Secretariat

[සංස්කරණය] ප්‍රවාහනය

ගොනුව:Colombo-Katharagama Main Road.jpg
කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගය

වර්ථමානයේ කතරගමට සංචාරය කරන බහුතරය භාවිතා කරන්නේ මෝටර් රථයි. නමුත් දියුණු ප්‍රවාහන මාධ්‍ය පවතින වර්තමානයේ පවා භක්තිමත් අනුගාමිකයන් පුරාතන චාරිත්‍ර අනුගමනය කරමින් පාගමනින්ම කතරගමට චාරිකා කරති. 1992 දී කොළඹ සිට මාතර දක්වා වූ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරින. මෙම දුම්රිය මාර්ග දිගුව අදියර තුනකින් සමන්විත වේ. පළමු අදියරෙන් රුපියල් මිලියන 60ක වියදමින් මාතර සිට බෙලිඅත්ත දක්වා කි.මී 27ක මාර්ගය ඉදිකිරීමට නියමිත අතර දැනටමත් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව යටතේ නිල්වලා ගඟට ඉහලින් කරන ඉදිකිරීම් ආරම්භ කර ඇත. මුල් ව්‍යාපෘතිය වසර 6කදී සම්පූර්ණ කිරීමට නියමිත අතර සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රු බිලියන 3ක් වැයවනු ඇති බව ගණන් බලා ඇත.

[සංස්කරණය] ආශ්‍රිත ලිපි

[සංස්කරණය] නිර්දේශය

  1. Jayaratne, D.K. (May 5, 2009). "Rescue Archeology of Ruhuna, Veheralgala project.". Peradeniya University. http://ceylonarchaeologya.blogspot.com/2009_05_01_archive.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 October 2010. 

[සංස්කරණය] බාහිර ඈදීම්

ඛණ්ඩාංක: 06°25′00″N 81°20′00″E / 6.4166667°N 81.3333333°E / 6.4166667; 81.3333333

"http://si.wikipedia.org/w/index.php?title=කතරගම&oldid=175825" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්