කඩදාසි ප්‍රතිචක්‍රකරණය

විකිපීඩියා වෙතින්
ඉතාලියේ ප්‍රතිචක්‍රකරණය සඳහා රැස්කොට ඇති ඉවතලන කඩදාසි

කඩදාසි ප්‍රතිචක්‍රකරණය යනු නව කඩදාසි නිෂ්පාදිතයන් බවට ඉවතලන කඩදාසි පෙරලන ක්‍රියාවලිය වෙයි.ප්‍රතිචක්‍රකෘත කඩදාසි නිපැයීම සඳහා පෝෂණ-මූල ලෙසින් භාවිතා කල හැකි කඩදාසි වර්ග තුනක් පවතියි: මෝල් අවශේෂය, පූර්ව-පාරිභෝගික අපතය, සහ අපර-පාරිභෝගික අපතය මේවා වෙති. [1] මෝල් අවශේෂය යනු කඩදාසි නිෂ්පාදනයේදී ඇතිවන කඩදාසි අහුකොන් සහ අනෙකුත් කඩදාසි සුන්බුන් වන අතර ඒවා කඩදාසි මෝලක අභ්‍යන්තර ලෙසින් ප්‍රතිචක්‍රකරණය කෙරෙයි. පූර්ව-පාරිභෝගික අපතය යනු කඩදාසි මෝලෙන් ඉවතට නිකුත්කෙරුණු මුත් පාරිභෝගික භාවිතයට සූදානම් වීමට ප්‍රථම බැහැර ලන ලද ද්‍රව්‍යය වෙති.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඩිබන්කින් ද මිත්ස් ඔෆ් රිසයික්ල්ඩ් පේප". Recycling Point Dot Com. 6 ඔක්තොම්බර් 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 පෙබරවාරි 2007.