ඕසෝන් සිදුර

විකිපීඩියා වෙතින්

ඇන්ටාටික් ඕසන් සිදුර යනු ඇන්ටාටික් අපවර්තිගෝලයේ ඕ‍සොන් මට්ටම 1975 දී තිබු මට්ටමට වඩා 33% පහත වැටුනු වායු ගෝලිය ප්‍රදේශයකි. ඕසොන් සිදුර ඇතිවන්නේ සැප්තැම්බර් සිට දෙසැම්බර් මුල් කාලය දක්වා පවතින ඇන්ටාටික් වසන්ත සමයේ බටහිරින් හමන වේගවත් සුළං මහද් වීපය වටා චලනය විමෙන් ඇතිවන වායු ගෝලිය වැස්ම මෙයට හේතුවයි. ඇන්ටාටික් වසන්ත සමය තුළ පහල අපවර්ති ගෝලයේ ‍ඕසෝන් ප්‍රමාණය 50% පමණ මෙම දැව ප්‍රදේශයේදි විනාශ වේ.

ඉහත පැහැදිලි කල අකාරයට ඕසොන් ප්‍රමාණය අඩු විමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ක්ලෝරින් අඩංගු වායුන්ය. (ක්ලෝරෝෆුවරෝ කාබන් CFC) හා ඒ ආශ්‍රිත හයිඩ්‍රෝකාබන් පාරජම්බුල කිරණ හමුවේ. මෙම වායු වියෝජනය වි මුදා හරින ක්ලෝරින් පරමාණු ඕසොන් විනාශවිමේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරයි. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ වායු අවස්ථාවේ වුවද ද්‍රැවක අපවර්ති වලා හමුමේ මෙය වඩා උත්සන්න වේ.

ද්‍රැවක අපවර්ති වලා ඇති වන්නේ සීත සෘතුවේදි අදික සීතලයක් යටතේය. ද්‍රවක ශීත සෘතුව තුන්මසක් පවතින අතර එම කාලය සුර්යය විකිරණ නොලැබෙන අදුරැ සමයකි. උෂ්නත්වය පහල වැටිම හේතුවන්නේ සුර්යාලෝකය හිග විම පමණක් නොවේ. සිසිල් වාතය ද්‍රවක ප්‍රදේශ මගින් රදවා තබා ගැනිමද මෙයට හේතුවකි.

මෙම කාලයේදි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 80 ක් හෝ ඊට වඩා අඩු අගයකි. මෙම අඩු උෂ්ණත්වය මගින් වලා අංශු සෑදෙන අතර මෙවා සැදි තිබෙන්නේ නයිට්‍රජන් අම්ලය (1 වන වර්ගය) හෝ අයිස් (2 වන වර්ගය) වලිනි. මෙම දෙවර්ගයට ඕසොන් විනාශ විමේ රසායනික ප්‍රතික්‍රියාව සිදු විමට අවශ්‍ය වට පිටාව සලසා දේ. මෙහි සිදුවන ප්‍රකාශ රසායනික ක්‍රියාවලිය සංකීර්ණ වුවද සම්පුර්ණ අධ්‍යයනයට ලක්ව ඇත. මෙහි වැදගත්ම නිරික්ෂණය නම් අපවර්ති ගෝලයේ ඇති වලිනි. බහුතරයක් ස්ථිර සංයෝග ලෙස එක් රැස්ව පැවතිමයි. ප්‍රධාන වශයෙන් හා ලෙස මේවා පවතී. ඇන්ටාර්ටික් ශිත හා වසන්ත සෘතු වලදි ධ්‍රැවක අපවර්ති වලට අංශු මත ඇතිවන ප්‍රතික්‍රියා මෙම සංයෝග ප්‍රතික්‍රියක (cl හා clo) බවට පත් කරයි. මෙම වලා මගින් ඉවත් වේ. මේ නිසා අලුතින් එටගත් clo, clo බවට පරිවර්තනය විම වැලකේ.

ඇන්ටාර්කිට්ක් ඕසොන් විනාශය වසන්ත සෘතුවේදි බහුලව විමට හේකු වන්නේ ඕසෝන් විනාශයට සූර්යයාගේ දායකත්වයයි. ශිත සෘතුවේ ධ්‍රැවක අපවර්ති වලට බහුලව වුවද රසායනික ප්‍රතික්‍රියා සිදුවිමට අවශ්‍ය හිරැ එළිය මෙම සමයේදි ධ්‍රැවයට නොල‍ැබේ. වසන්තයේදි හිරැඑළිය ලැබීමෙන් ප්‍රකාශ රසායනික ප්‍රතික්‍රියා සිදුවිමට අවශ්‍යතා ශක්තිය ලැබී ධ්‍රැවක අපවර්තී වලා වියෝජනය වීමෙන් ඒවා තුළ සිරවු අංශු මුදා කෙරේ.

ඕසෝන් විනාශය ඊට වඩා අඩුවන අතර එය හටගන්නේ පහළ අපවර්තී‍ ගෝලයේය. වසන්ත සෘතුව අවසානයේ උෂ්ණත්වය වැඩිවිමත් සමගම දෙසැම්බර් මැදදි වා සුලි තතත්ත්වය ඉවත් වේ. පහළ අක්ෂාංශ වලින් සසෝන් සපිරි උණුසුම් වායුත් ඇදී ඒමත් සමගම ධ්‍රැවක අපවර්ති වලා නැතිවන අතර ඕසොන් විනාශ විමේ ක්‍රියාවලිය නැවතීමෙන් ඕසෝන් සිදු යථා තත්ත්වයට පත්වේ.

ඕසෝන් විනාශය කෙරෙහි අවධානය.

• 1980 දශකය මුල් භාගයේදි ඕසොන් වියන තුනී වීම ඉදිරි අවුරැදු 60 ඇතුළදී 7% පමණ වන බවට අනාවැකි පල කර තිබුණි. • 1985 දී ඕසෝන් සිදුර සැලකිය යුතු තරම් විශාල බවට මාධ්‍ය වාර්තා කළේය. ඊට පෙර ඇන්ටාර්ටික් ඕසෝන් ප්‍රමාණය අඩුවීම මිනුම් දෝෂයක් බවට නොසලකා හැර තිබුණි. • ඕ‍සෝන් සිදුරැ මුළු පෘථිවිය වටාම ඇතිවේ යයි බියක් පැවතුනද අද දක්වාද වැඩිපුර ඕසෝන් විනාශයක් ඇන්ටාර්ටිකා වසන්ත සමයේ උත්තර ධ්‍රැවයේ ඇතිවන කුඩා සිදුරෙනි. මධ්‍ය අක්ෂාංශ වලද ඕසෝන් ප්‍රමාණය අඩු වී ඇති නමුත් එය 4% - 5% පමණ වු සුළු අගයකිනි. • ඕසෝන් විනාශයට අවශ්‍ය සාධක වර්ධන වුවහෝත් (අපවර්තී ගොලයේ උෂ්ණත්වට අඩුවිම, ධ්‍රැවය ආපර්කිය වලා ප්‍රමාණය වැඩි විම, ක්‍රිටාකාරි cl අංශු වැඩිවිමි) ගෝලිය ඕසොන් ප්‍රමාණය වඩා වේගයෙන් පහත දැමිය හැක. ගෝලිය උණුසුම පිළිබද සම්මත මතය අනුව අපවර්ී ගෝලයේ උෂ්ණත්වය පහත බසිනු ඇත. • ඇන්ටාර්ටික් ඕසෝන් සිදුර ඇති වු විට ඕසෝන් රහිත වාතය අවට ප්‍රදේශ වෙතට ගලා එයි. මෙම සිදුර ඇතිවිමෙන් මසක කාලයක් තුළ නවසිලක්තයේ ඕසෝන් ප්‍රමාණය 10% කින් පමණ අඩු වු බවට වාර්තා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඕසෝන්_සිදුර&oldid=472058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි