ඕස්ට්‍රේලියා–ශ්‍රී ලංකා සබඳතා

විකිපීඩියා වෙතින්
ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of ශ්‍රී ලංකාව and ඕස්ට්‍රේලියාව

ශ්‍රී ලංකාව

ඕස්ට්‍රේලියාව

වර්තමානයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින්නේ සමීප සම්බන්ධතාවයකි. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පිහිටුවා තිබෙන අතර, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා හී පිහිටුවා තිබෙයි.

ඉතිහාසය[සංස්කරණය]

1988 සිට ශ්‍රී ලංකාවට සිදුකල ඕස්ට්‍රේලියානු ආනයන
1988 සිට ශ්‍රී ලංකාවෙන්, ඕස්ට්‍රේලියාවට සිදුකල අපනයන

ලංකාව, බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් අනතුරුව, 1949 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ කැන්බරා හී සිය මහ කොමසාරිස් කාර්යාලය විවෘත කරන ලදී.

සංචාර[සංස්කරණය]

1951 දී එවක ශ්‍රී ලංකා අගමැති වූ ඩී.එස්. සේනානායක මහතා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සිදු කරන ලදී. ඉන්පසු 1954 දී අගමැති සර් ජෝන් කොතලාවල සහ 1978 දී ජනපති ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුද ඕස්ට්‍රේලියාවේ නිල සංචාර සිදුකල අතර 2011 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා, 2011 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම පිණිස ඕස්ට්‍රේලියාවට යන ලදී.

ඕස්ට්‍රේලියානු අගමැතිවරු වූ Robert Menzies, Gough Whitlam සහ ටෝනි ඇබට් යන මහත්වරුද ශ්‍රී ලංකාවේ සංචාරය කොට තිබෙයි.[1] මින් ටෝනි ඇබට් මහතා ‎2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහිදී අනවසර සංක්‍රමණ වැලැක්වීම සඳහා ශ්‍රී ලංකාවට නව මුර සංචාර යාත්‍රා දෙකක් පරිත්‍යාග කිරීමට පොරොන්දු වෙන ලදී.[2]

වෙළඳ සබඳතා[සංස්කරණය]

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදුවන වාර්ෂික වෙළඳ ගණුදෙණු ප්‍රමාණය සාමාන්‍යයෙන් ඉහල අගයක පවතියි. ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් එළවළු සහ කිරි නිෂ්පාදන ආනයනය කරනු ලබන අතර තේ, ඇඟළුම්, රෙදිපිළි, රබර්, යකඩ සහ වානේ ඕස්ට්‍රේලියාවට අපනයනය කරයි.

ආධාර[සංස්කරණය]

2008-09 වර්ෂ කාලය සඳහා ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකා ඩොලර් මිලියන 27 ක ආධාර වෙන් කල අතර,[3] 2009 අප්‍රියෙල් වලදී, එනම් ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසන් සමයේදී, ඕස්ට්‍රේලියාව තවත් අමෙරිකා ඩොලර් මිලියන 4.5 ක මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දුනි.

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "THE STRATEGIC IMPORTANCE OF SRI LANKA TO AUSTRALIA". asia pacific defence reporter. සම්ප්‍රවේශය 1 March 2013.
  2. http://www.abc.net.au/news/2013-11-16/abbott-boost-cooperation-on-people-smuggling-with-sri-lanka/5097132
  3. "Sri Lanka country brief". Department of Foreign Affairs and Trade. සම්ප්‍රවේශය 1 March 2013.

බාහිර සබැඳි[සංස්කරණය]