ඕපාදූප

විකිපීඩියා වෙතින්
වන් වයින්ඩ්ස් ඕන් ද ඩිස්ටාෆ් වට් දි අදර් ස්පින්ස් (දෙදෙනාම ඕපාදූප පතුරුවති) වැඩිමහළු පීටර් බෲග්ල් විසිනි

ඕපදූප යනු, තමන්ගේ පුද්ගලික දේවල් හෝ අනුන්ගේ පෞද්ගලික දේවල් හෝ පිළිබඳ සිදු කෙරෙන නිෂ්ඵල කතා හෝ කටකතා හෝ වෙයි. කරුණු කාරණා, අදහස් සහ අපවාද, හවුලේ පැතිරවීමට ඇති පැරණිතම සහ අතිශයින් බහුල භාවිතයේ පවතින ක්‍රම අතුරින් එකකි. සම්ප්‍රේෂණය කෙරෙන තොරතුරු වලට දෝෂ සහ විචලනයන් එක් කිරීමට එය සතුව ඇති ප්‍රකීර්තිමත් හැකියාව නිසා මෙම පදය අවමානාත්මක ලෙසින් භාවිතා කෙරෙන අතර, පලක් නොමැති සල්ලාපය, පුද්ගලික හෝ නොවැදගත් හෝ කටකතාවක් විස්තර කිරීමටද භාවිතා වෙයි.

එහි පරිණාමීය මනෝවිද්‍යාත්මක සම්භවයන් සම්බන්ධයෙන්, විවිධ පර්යේෂණයන්ට, ඕපාදූප ලක්ව ඇත. [1] සහයෝගී කීර්තිනාමයන් පිළිබඳ අවධානයෙන් සිටීමටද එනයින් පුළුල් ලෙසින් පැතිරුණු අනියම් අන්‍යෝන්‍යතාවයක් පවත්වාගෙන යෑමටද, ඕපාදූප වැදගත් මගක් බවට මෙම පර්යේෂණ තුලින් හෙලිවී ඇත. [2] මෙහිදී අනියම් අන්‍යෝන්‍යතාව අර්ථදක්වා ඇත්තේ, "මම ඔබට උපකාර කරන අතර වෙනයම් කිසිවෙකු මට උපකාර කරනු ඇත” යනුවෙනි. පරිණාමීය ජීව විද්‍යාඥයෙකු වන රොබින් ඩන්බාර් විසින් ඕපාදූප හැඳින්වුණේ, විශාල කණ්ඩායම් තුල සමාජීය බැඳුම් ලෙසිනි. [3] අන්තර්ජාලයේ ආගමනයත් හා සමගම, ඕපාදූප දැන් ක්ෂණික ලෙසින් පුළුල් පැතිරීමක් සහිත වන අතර, පෙරදී බොහෝ කාලයක් ගතවෙමින්, මට්ටමෙන් මට්ටමට පෙරහනට ලක්වෙමින්, ලොව එක් තැනක සිට තවත් තැනකට යොමු වූ මෙය, දැන් ක්ෂණිකව සිදු වෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. මැක්ඇන්ඩෲ, ෆ්‍රෑන්ක් ටී. (ඔක්තොම්බර් 2008). "ද සයන්ස් ඔෆ් ගොසිප්: වයි වී කාන්ට් ස්ටොප් අවර්සෙල්ව්ස්". සයන්ටිෆික් ඇමරිකන්. http://www.scientificamerican.com/article.cfm?id=the-science-of-gossip. 
  2. සොමර්ෆෙල්ඩ් ආර්ඩී, ක්‍රම්බෙක් එච්ජේ, සෙම්මන් ඩී, මීලින්ෂී එම්. (2007). ගොසිප් ඈස් ඇන් ඕල්ටර්නේටිව් ෆො ඩිරෙක්ට් ඔබ්සර්වේෂන් ඉන් ගේම්ස් ඔෆ් ඉන්ඩිරෙක්ට් රෙසිපෝසිටි. Proc Natl Acad Sci U S A. 104(44):17435-40. PMID 17947384
  3. ඩන්බාර් ආර්අයි. (2004). ගොසිප් ඉන් රෙවලූෂනරි පර්ස්පෙක්ටිව්. රිවිව් ඔෆ් ජෙනරල් සයිකොලජි 8: 100-110. abstract සංරක්ෂණය කළ පිටපත 2013-07-28 at the Wayback Machine
"https://si.wikipedia.org/w/index.php?title=ඕපාදූප&oldid=591600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි