ඔරිජින් (එවැනසෙන්ස් ඇල්බමය)

විකිපීඩියා වෙතින්
ඔරිජින් (Origin)
ගොනුව:Origin (Evanescence album cover).jpg
ආදර්ශන ඇල්බමය , විසිනි
මුදාහැරුණේඉල් 4දා, 2000 (ඇ.එ.ජ.)
පටිගත කෙරුණේ2000
ගණයමෙට්ල් සංගීතය
දිග46:27
ලේබලයBigwig Enterprises

ඔරිජින් යනු ඇමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන එවැනසෙන්ස් හි ප්‍රථම ආදර්ශන සංයුත් තැටිය වේ. එය 2000 ඉල්මස 4 වනදා Bigwig Enterprises මඟින් ඉදිරිපත් වූයේ, පිටපත් 2,500ක් පමණක් ලිට්ල් රොක්, ආකැන්සාස්හි කණ්ඩායමේ සන්දර්ශන වලදී සහ Bigwig Enterprises වෙබ් අඩවියේදී අලෙවි වෙමිනි.

පසුතලය[සංස්කරණය]

එවැනසෙන්ස් ගේ ෆෝලන් සංගීත ජයග්‍රහණයෙන් පසුව ඔරිජින් පිටපතක් ඇ.ඩො. 400ක් වැනි මිලකට ඊබේයි (eBay)හි විකිණුනු අතර, මුල් පිටපතක් සොයාගැන්ම අතිශය අසීරු වී තිබුණි.[1] මෙම ඇල්බමයට පොදුවේ පූර්ණ-කාලීන ඇල්බමයක් ලෙස ව්‍යවහාර වූවද, කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව හා සහකර්තෘ ඒමි ලී මෙය "සළුවැඩූ" ආදර්ශන තැටියක් ලෙස පවසාසිටි අතර, ඔවුන්ගේ ගීතලෝලීන්ට කියා සිටියේ ඇල්බමය මිලදීගනු වෙනුවට බාගත කරගන්නා ලෙසය.[2][3] මෙම තැටියේ අඩංගු වූ "Whisper", "Imaginary", හා "My Immortal"හි පූර්වානුවාදන කණ්ඩායමේ ප්‍රථම ස්ටූඩියෝ ඇල්බමය වන ෆෝලන්හි ද ආ අතර, නැවත පටිගත කළාවූ "Where Will You Go" ගීයද, 1998 නිකුත්වූ Evanescence EPහි පෙරදසුනකට බඳුන්වී තිබුණී. ගී තුනක් ඉවත් කරනු ලැබ ඇත: "Catherine",[4][5] "Spanish", සහ "Listen to the Rain". "Listen to the Rain", "Eternal" සහ "Demise" ගී අතරට දැමීමට සැලසුම් කර තිබුණද, එය ඉවත් කිරීමෙන් පසු, "Eternal" හා "Demise" එක ගීයක් ලෙස පිළිනිමවන ලදී.

විවේචනාත්මක පිළිගැන්ම[සංස්කරණය]

ස්පින් මැගසින් සඟරාවේ මෙලීසා මය'ස් මෙම ඇල්බමයට තරු පහෙන් දෙකක් පමණක් ලබාදෙමින් ලියාසිටියේ, "මිතුරෙකු විසින් නිපදවා ඇති, මෙම දළ-කටු සටහනක් බඳු වූ සම්පූර්ණ-දිග කුළුඳූල් ඇල්බමය 'Whisper' සහ 'My Immortal' වැනි ජනප්‍රිය ගී වල සංස්කරණ තත්ත්වයේ පැවැතුණා වූ අනුවාදයන් ගෙනහැර පායි" ලෙසයි.[1]

ගීත ලැයිස්තුව[සංස්කරණය]

අංකය. ගීතයපද රචනා කාලය
1. "Origin" (intro)ඒමි ලී, බෙන් මූඩි, ඩේවිඩ් හොජස් 0:35
2. "Whisper" (Origin version)ලී, මූඩි, හොජස් 3:56
3. "Imaginary" (Origin version)ලී, මූඩි, හොජස් 3:31
4. "My Immortal" (Origin version)ලී, මූඩි, හොජස් 4:26
5. "Where Will You Go" (Origin version)ලී, මූඩි, හොජස් 3:47
6. "Field of Innocence"  ලී, මූඩි, හොජස් 5:13
7. "Even in Death"  ලී, මූඩි, හොජස් 4:09
8. "Anywhere"  ලී, මූඩි, හොජස් 6:03
9. "Lies"  ලී, මූඩි 3:49
10. "Away from Me"  ලී, මූඩි, හොජස් 3:30
11. "Eternal" (Instrumental)ලී, මූඩි, හොජස් 7:22
සම්පූර්ණ දිග:
46:21

සේවා මඬුල්ල[සංස්කරණය]

අමතර සංගීතඥයින්
  • විලියම් ජේම්ස් බොයිඩ් එස්ක්වය', III – "Away From Me"හි බේස් ගිටාර වැයුම්
  • බෲස් ෆිට්ස්හ්යූ හා ස්ටෙෆනී පියර්ස් – "Lies" හි ගායන
  • සුවී පෙට්‍රාජාජ්ර්වී, සේරා මුවර්, කැත්‍රීන් හැරිස් සහ සමන්තා ස්ට්‍රෝං – "Field of Innocence"හි කාන්තා ගායන වෘන්දය

සැඳහුම්[සංස්කරණය]

  1. 1.0 1.1 Maerz, Melissa (October 2006). "She sold more than 15 million albums with Evanescence, only to find herself in abusive relationships". Spin. 22 (10): p. 70. සම්ප්‍රවේශය April 6, 2012. {{cite journal}}: |page= has extra text (help)
  2. DeBarros, Anthony (May 8, 2003). "Evanescence lands someplace special". USA Today. සම්ප්‍රවේශය April 7, 2012.
  3. McCabe, Ryan (July 3, 2003). "Debut album shows progression of alternative band". The Youngstown Jambar. සම්ප්‍රවේශය April 7, 2012.
  4. D'Angelo, Joe (February 27, 2004). "Evanescence: The Split". MTV News. සම්ප්‍රවේශය October 10, 2007.
  5. "An Interview With Amy Lee...Exclusive!". EvanescenceWebsite.com. October 1, 2007. October 8, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.

සැකිල්ල:එවැනවසෙන්ස්