ඔමෙක්
ඔමෙක් යනු, ටෙහුඅන්ටපෙක් හි ඉස්ත්මුස් හි දැනට වෙරක්‍රස් සහ ටැබැස්කෝ ලෙස කියවෙන රාජ්‍ය වල ජීවත් වුවෝ පිරිසකි. ඔවුන් දකුණු - මධ්‍යම මෙක්සිකෝවේ නිවර්තන පහත් බිම් වල විසු පුරාණ ප්‍රාග් කොළොම්බියානු මිනිසුන් විය. ඔවුන්ගේ ක්ෂණික සංස්කෘතික බලපෑම මෙම ප්‍රදේශයෙන් ඔබ්බට විහිදෙයි. ක්‍රි.පු. 1200 – 400 අතර වු ඔවුන්ගේ විකසන යුගය (හෝ ප්‍රාග් සම්භාව්‍ය යුගය) තුළ ඔවුන් සමෘද්ධිමත්ව සිටි ජාතියක් වූහ. එමෙන්ම ඔවුන් මධ්‍යම ඇමෙරිකානු ශිෂ්ඨාචාර වලින් පැවත එන්නන් යැයි විහ්වාසයක් ද පවතී.
පටුන |
[සංස්කරණය] දළ විශ්ලේෂණය
[සංස්කරණය] ඔමෙක් හදබිම
ඔමෙක් හද බිම ගිනිකදු, පහත් උස්බිම් හා කදුවැටි සහිත ගොහොදු පහත් බිම් වලින් සමන්විත ස්වාභාවික සෞන්දර්යයක් විදහා පායි. මෙක්සිකෝවේ කැම්පෙච් මුහුදු බොක්කේ ආගාධය දිගේ ටක්ලාස් කදු සෘජුව උතුරට නැගෙයි. ඔමෙක් වරු මෙහි ස්ථිර නගරය ආගමික සිද්ධස්ථාන පිහිට වූහ. සැන් ලොරෙන්සෝ ටොපෝච්ටිට්ලන්, ලා වෙන්ටා, ට්‍රස් සපෝට්ස් හා ලා ගුනා ඩි ලෝස් සොරෝස් ඒ අතර වෙයි. මෙහි මුල්ම මධ්‍යම ඇමෙරිකානු ශිෂ්ඨාචාරය බිහි වන්නට හා පවතින්නට ඇත්තේ ක්‍රි.පු. 1200 – 400 කාලයේදීය.
[සංස්කරණය] මුල් ඉතිහාසය
ඔමෙක් ඉතිහාසය ඇරඹුණේ ක්‍රි.පු. 1200 ට පෙර ඔමෙක් වරු විශිෂ්ඨ ලෙස මතු කර දැක්වු සැන් ලෝරෙන්සෝ ටෙනෝච්ටිට්ලන් නගරය කෙන්ද්‍ර කොට ගෙනය. ඉහළ ඉරිඟු නිෂ්පාදනයකට අවශ්‍ය තෙත සහිත දියළු පස සහිත පරිසරය මෙහි ශිෂ්ඨාචාරය දියුණු වීමට බලපාන්නට ඇත. අනෙකුත් ශිෂ්ඨාචාර වල අගනගර මෙන්ම මෙම නගරයද සංසන්දනාත්මකව තෝරා ගන්නට ඇත. නයිල් නිම්න ශිෂ්ඨාචාරය, ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය, කහ ගංඟා මිටියාවතේ ශිෂ්ඨාචාරය සහ මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය ඊට උදාහරණ වේ. සැන් ලොරෙන්සෝ හි අදික ජනගහණ කේන්ද්‍රගත වීම, විශිෂ්ට ප්‍රජාවක් බිහිවීමට හා අවසානයේ ඔමෙක් හි ප්‍රධානත්වය ඔවුන්ට හිමිවීමට හේතු වේයැයි සිතේ. එමෙන්ම ඔමෙක් සංස්කෘතිය විදහාපාන සංකේතාත්මක හා අති පණ්ඩිත සුඛිත මෙවලම් නිෂ්පාදනයට අවශ්‍ය සමාජීය පසුතලය ද මෙහි නිර්මාණය වන්නට ඇත. පච්ච වර්ණ ගල, ලෝදිය හා මැග්නටයිට් එවන් මෙවලම් අතර වේ.මේවා බොහෝ දුර බැහැර සිට සංක්‍රමණය වු දේ වන අතර ප්‍රරාණ ඔමෙක් උසස් ජනයා මධ්‍යම ඇමෙරිකාවෙහි පෘථුල වෙළද ආවරණයක් මේ සදහා දියත් කර තිබු බවට අදහස් පල වේ. උදාහරණයක් වශයෙන් වඩා වටිනා පච්ච වර්ණ ගල් නැගෙනහිර ග්වාටමාලාවෙහි මොටාගුවා ගංඟා මිටියාවතෙන් ද ලෝදිය ග්වාටමාලාහි උස් බිම් වලින් ද (එල් චායල් සහ සැන් මාටින් ජිලෝටෙපෙක් වැනි) සපයා ගෙන ඇත.
[සංස්කරණය] ලා වෙන්ටා
පිහාටු සහිත සර්පයෙකු පිළිබදව මුලින්ම දැනගන්නට ලැබී ඇත්තේ මධ්‍යම අමෙරිකාවෙනි.
මුල්ම ඔමෙක් මධ්‍යස්ථානය වු සැන් ලොරෙන්සෝ ක්‍රි.පු. 900 දී අත්හැර දමන ලද අතර ලා වෙන්ටා ඔමෙක් හි ප්‍රමුඛත්වය ගත්තේය. මෙම වෙනසට පාරිසරික හේතු (ගංඟා වැනි) බලපාන්නට ඇත. ක්‍රි.පු. 950 දී පමණ බොහෝ සැන් ලොරෙන්සෝ ස්මාරක විනාශයට පත් විය. එය අභ්‍යන්තර කැරැල්ලට සමාන නමුත් ආක්‍රමණයකට වඩා මදක් අඩු විනාශයකි. මෙසේ සිදු වු සැන් ලෝරොන්සෝහි පිරිහීමත් සමග ලා වෙන්ටා, ඔමෙක් හි ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් වු අතර එය ක්‍රි.පු. 900 සිට ක්‍රි.පු. 400 දී අත්හැර දමන තෙක් ප්‍රධාන මධ්‍යස්ථානය ලෙසම පැවතියේය. මෙම කාලය අතරතුර මහා පිරමීඩ හා විවිධ චාරිත්‍රානු කූල සංකිර්ණ ලා වෙන්ටා හි ගොඩ නැගුණි.
[සංස්කරණය] පිරිහීම
ඔමෙක් සංස්කෘතියේ අභාවයට කුමක් හේතු වුවාද යන්න තවම හරියටපැහැදිලි නැත. ක්‍රි.පු. 400 – 350 දී ඔමෙක් හද බිමේ පෙරදිග භාගයේ ජනගහණය අපරික්ෂාකාරී ලෙස බිද වැටුණු බව කියවේ. එවිට භූමිය ද 19 වන ශතවර්ෂය තෙක් පාලු ලෙස පැවත ඇත. මෙම ජනවාහනය සිදුවන්නට ඇත්තේ පරිපරිත වෙනස්කම් නිසා යැයි පෙනෙන්නට ඇත. සමහර විට කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් ගංඟා වල ගමන් මාර්ග වෙනස් වීම හා රෝන්මඩ බැදීම නිසා මෙය සිදු වන්නට ඇත. හේතුව කුමක් වුවත් අවසාන ඔමෙක් නගරය ද අතහැර දැමීමෙන් වසර කීපයක් තුළ පදවි ප්‍රාප්තික සංස්කෘතින් එහි මුල් බැස ගත් බව පෙනේ. ඔමෙක් හද බිමේ බටහිර මායිමේ පිහිටි ට්‍රේස් සාපෝට් ප්‍රදේශය ක්‍රි.පු. 400 පසුවන තෙක් ද පැවතුණි. නමුත් එහි ඔමෙක් සංස්කෘතික පුමුද්‍රාවන් තිබුණේ නැත. මෙම පශ්චාත් - ඔමෙක් සංස්කාතිය හෙවත් එපි - ඔමෙක් සංස්කෘතිය, ඊට සැතපුම් 330 ක් (කි.මි. 550 ක්) ඈතින් ගිණිකොණ දෙසින් පිහිටි ඉසාපාහි සංස්කෘතිය සමග සමානකම් දක්වයි.