ඔබගේ ළමා කාලයේ සිහිනය සැබවින්ම සැබෑ කර ගැනීම

විකිපීඩියා වෙතින්
පවුෂ් ගේ දේශනය පිළිබඳ ප්‍රචාරණය ගෙන දුන් පෝස්ටරය


"ඔබගේ ළමා කාලයේ සිහිනය සැබවින්ම ළඟා කර ගැනීම"("අවසන් දේශනය" ලෙස ද හඳුන්වනු ලබයි )යනු Carnegie Mellon විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ මහාචාර්ය රැන්ඩි පොෂ්ක් විසින් 2008 සැප්තැම්බර් 18 වන දින අති විශාල මාධ්‍ය ආවරණයක් සමඟ පැවැත්වූ දේශනයකි. එමෙන්ම මෙය Jeffrey Zaslow විසින් රචිත "අවසන් දේශනය" නමින් New York Times හා Wall Street Journal සමඟ සහයෝගෙන් පල කරන ලද ඉතා සාර්ථක ලෙස අලෙවි වූ පොතටද මුලාශ්‍රය විය. පවුෂ් 2006 සැප්තැම්බර් මාසයේදී පිළිකාවට ගොදුරු වී ඇති බව සොයා ගන්න ලදී. ඔහු සැත්කමකින් පසුව යම් තස්රමක් සුවය ලැබුවද 2007 අගෝස්තු මාසයේදී පිළිකාව නැවත මතුවී ඇති බව සොයා ගන්න ලදී. වෛද්‍යවරුන් ඔහුට මාස 6 ක පමණ කාලයක් ජීවත් විය හැකි බව පැවසීය.

දේශනය අතරතුරදී පවුෂ් සිනහවෙන්ද, සරදමින්ද, පරිගණක විද්‍යාවේ ඇතුලාන්තය පිළිබඳවද, කණ්ඩායමක් ලෙස වැඩ කිරීම පිළිබඳවද පවසමින් ඉතාමත් ක්‍රියාශීලි ලෙස දේශනය ඉදිරිපත් කළේය.ඔහු "අවසන් දේශනය" පසුව "Journeys" ලෙස නැවත නම්කිරීමේ ඇති ව්‍යංගය පිළිබඳවද අදහස් ප්‍රකාශ කළේය. පවුෂ් දේශනය අවසන් කල පසු ඔහුගේ මිතුරු Steve Seabolt පවුෂ්ට උපහාරයක් ලෙස Electronic Arts ආයතනය විසින් කාන්තාවන් සඳහා පරිගණක විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යතාවක් ආරම්භ කරන බව පැවසීය.

මහාචාර්ය පවුෂ්ගේ "අවසස්න් දේශනය" ඇමෙරිකානු මෙන්ම විදෙස් මාධ්‍ය වලද විශේෂ අවධානයක් දිනා ගන්න ලදී. මෙය අන්තර්ජාලයේ ඉතාමත් ඉක්මනනින් ප්‍රසිද්ධත්වයට පත්විය. එයට You Tube, Google මෙන්ම Facebook වැනි සමාජ වෙබ් අඩවි ජාලද හේතු විය.පසුව 2008 අප්‍රියෙල් 09 දින ABC මාධ්‍ය ජලය විසින් පවුෂ්ගේ දේශනය පිලිබඳ වැඩසටහනක් ඔහුගේ මරණය සිදුවූ 2008 ජූලි 25 දින පසුව විකාශය කළේය.

පසුබිම[සංස්කරණය]

Randy Pausch

පෙර දේශන[සංස්කරණය]

පවුෂ් ගේ පෙර වෘත්තීයමය ක්ෂේත්‍රයේ ඔහු 1997-1998 කාල වකවානුවේදී වර්ජීනියා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ සහකාර මහාචාර්යවරයෙකු ලෙස සේවය කල අතර The Walt Disney සමාගමේ පරිකල්පකයෙකු ලෙස හා විද්‍යුත් ප්‍රතිරූපන කලා ක්ෂේත්‍රයේ ද සේවය කළේය. වර්ජීනියා විශ්ව විද්‍යාලයේදී ඔහු සිදු කළ “තාක්ෂනය මිනිසාට වඩාත් හිතෛෂී ලෙස භාවිතා කිරීම” යන දේශනය නිසා ඔහු ප්‍රසිද්ධියට පත් වී සිටියේය. මෙහිදී ඔහු තම අදහස් ඉදිරිපත් කිරීමට VCR නම් ක්‍රමලේඛනය කීරීමට අපහසු උපාංගයක් යොදා ගෙන පහුව එය මිටියකින් ගස විනාශ කළේය. එසේම 1998 දී හා 2007 වර්ෂයේදී වර්ජීනියා විශ්ව විද්‍යාලයේ දී ඔහු කළ කාල කළමනාකරණය පිලිබඳ දේශනය ද බොහෝ දෙන අතර ප්‍රකට විය. “ඔබගේ ළමා කාලයේ සිහිනය සැබවින්ම ළඟා කර ගැනීම” නම් දේශනය Carnegie Mellon විසින් පැවැත්වූ කොටස් 9කින් සමන්විත "Journeys" නම් දේශනා මාලාවේ පළමු දේශනය විය. එහිදී Raj Reddy, Jay Apt හා විශ්ව විද්‍යාල ප්‍රධානී Jared Cohon ද ඔවුන්ගේ දායකත්වය සැපයීය. මෙම දේශන මාලාව විශ්ව විද්‍යාලයේ සේවක මණ්ඩලය ඉලක්ක කොට ගෙන සිදු කළ අතර එහිදී ඔවුන්ගේ වෘත්තීයමය ගමන හා ඔවුන්ට මුහුණපෑමට සිදුවන අභියෝග සේම ගන්න තීරණ පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මාරාන්තික පිළිකාව[සංස්කරණය]

පවුෂ් ගේ දේශනය සිදුකරන වකවානුවේදී අග්න්‍යාශයේ පිළිකාවකින් පීඩා වින්දේය. එක්තරා සම්මුඛ සාකච්චාවකදී ඔහු කියා සිටියේ එම අවධියේදී ඔහුට තමාගේ අධික ස්ථූලභාවයක් දැනුන අතර වෛද්‍යවරු පිත්තාශයේ ගල් සඳහා CT Scan පරීක්ෂාවක් සිදු කල විට තමාගේ අග්න්‍යාශයේ පිළිකා සෛල ඇති බව සොයා ගත් බවයි. එවිට ඔහුගේ අග්න්‍යාශයේ හා ග්‍රහණියේ පිළිකා සෛල මර්දන ශල්‍යකර්මයක් සිදු කළ නමුත් පසුව එය අසාර්ථක වූ බව පැහැදිලි විය. ඉන් පසු වෛද්‍යවරු ඔහුගේ පිත්තාශය, කුඩා අන්ත්‍රයේ කොටස් කිහිපයක්, අග්න්‍යාශයේ 1/3 ක් හා අමාශයේ කොටස් කිහිපයක් ඉවත් කළ අතර, පසුව ඔහුව විකිරණ ප්‍රතිකර්මයක් සඳහා සුදානම් කෙරිණි. වෛද්‍යවරුන්ගේ විශ්වාසය වුයේ එමගින් ඔහුට තවත් වසර 5ක් පමණ ජීවත් වීමට 45% ක පමණ අවස්ථාවක් ඇති බවයි. විකිරණ ප්‍රතිකර්මය 2006 නොවැම්බර් මස ආරම්භ කළ අතර 2007 මැයි මාසයේදී නිම විය. එවිට පවුෂ් ට තමා යම් කිසි සෞඛ්‍ය මට්ටමක සිටින බව දැනුණි. ජූලි හා අගෝස්තු මාස වලදී Johns Hopkins විශ්ව විද්‍යාලයේ දී සිදු කල පරීක්ෂණ වලින් ඔප්පු වුයේ පවුෂ් සම්පුර්ණයෙන්ම සුව වී ඇති බවයි. නමුත් එම වසරේම අගෝස්තු අවසානයේ පවුෂ් තම වෙබ් අඩවියේ පල කර සිටියේ තම පිළිකාව නැවත මතු වී ඇත යන්නයි. එසේම ඔහුගේ අක්මාවේ පිළිකා ගෙඩි 10ක් පමණ ඇති බවත් ප්ලිහාව ද ක්‍රම ක්‍රමයෙන් පිළිකාවට ගොදුරු වන බවත් ඔහු සැල කර සිටියේය.වෛද්‍යවරුන් ප්‍රකාශ කලේ මෙය ඔවුන් දුටු වඩාත්ම ආක්‍රමණකාරී පුනරාවර්තනයන්ගෙන් එකක් බවයි. එසේම පවුෂ් හට තවත් මාස 3-6 අතර කාලයක් පමණක් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් ජීවත් විය හැකි බව වෛද්‍යවරු නිගමනය කළහ. පවුෂ් තම දේශනය සඳහා “අවසන් දේශනය” හි මුල් නිර්මාණය පදනම් කර ගත් අතර එහි ප්‍රධාන අදහස වූ “යමෙකුකට තම දැනුම ලෝකයා සමග බෙදා හදා ගැනීමට ඇත්තේ එකම එක අවසථාවක් පමණක් නම් ඔහු ප්‍රකාශ කරන්නේ ද ඔහුට අවශ්‍ය වන්නේ ද එය තම උරුමය කර ගැනීමටයි” යන්න යොදා ගත්තේය. Carnegie Mellon ගේ “අවසන් දේශනය” නමින් ඔහුගේ දේශනා මාලාව පැවත් වුව ද පසුව එය "Journeys" ලෙස නැවත නම් කොට, තම වෘත්තීමය අත්දැකීම් සමාජය සමග බෙදා හද ගත්තේය.පවුෂ් හට තම දේශනය සිදු කීරීමට තිබුනේ ඔහු අගන්‍යාශ පිළිකාවෙන් සුව වූ අවධියේ වුව ද, ඒ ආසන්න කාලයේ ම ඔහුට තම ජීවිතයේ අවසාන කාලය එය බව දන ගන්නට ලැබිණි. එසේම ඒ කාලය වන විට ඔහුට කල සියලු ප්‍රතිකාරද අසාර්ථක වී තිබිණි. මේ නිසා පවුෂ් තම දේශනය නැවතවා දැමීමට සිතුව ද, තම බිරිඳගේ අදහස් විමසු පසු ඔහු තීරණය කලේ ලෝකයා සමග තම සිතුවිලි බෙදා ගැනීමට තිබු අවසන් අවස්ථාව ඇත නොහරිමටයි. පවුෂ් එය සංසන්දනය කලේ “The Natural” හි අවසාන ජවනිකාව වන Roy Hobbs(ප්‍රධාන චරිතය) තමාගේ ආබාධය සහ වයස අභිබවා ජයග්‍රාහී ලකුණ ලබා ගැනීම යන්නටය.

කථනයේ අනුප්‍රාණය[සංස්කරණය]

පවුෂ් ගේ අග්න්‍යාශයේ පිළිකාවෙන් සුව වීමට පෙර ඔහු සත්‍ය වශයෙන්ම සිතා සිටියේ ඔහුගේ දේශනයට “අවසන් දේශනය” හි මුල් නිර්මාණයේ දේශන විලාසය යොදාගැනීමට වුවත්, එවිට තම පිළිකාව එයට බලපෑමක් ඇති කරාවි යන්න ඔහු දන සිටියේ නැත. පොෂ්ට තම දේශනයට යොදා ගත හැකි මාතෘකාවක් ගැන සිතා ගැනීමට නොහැකි විය. දේශනයේ සංවිධායක කණ්ඩායම දිගින් දිගටම ඔහුට මේ පිළිබඳව දැනුම් දෙන්නට විය. අවසානයේ අගෝස්තු මස ඔවුන් පවුෂ් ට දැනුම් දුන්නේ, ඔවුන්ට දේශනය පිළිබඳව පෝස්ටරයක් නිර්මාණය කීරීමට අවශ්‍ය නිසා වහාම එහි මාතෘකාව ඔවුන්ට දැනුම් දෙන ලෙසයි.එම සතියේම, තම පිළිකාව උත්සන්න වී ඇති බව පවුෂ් දැනගත් අතර තම දේශනය නැවත්වීමට ඔහු අදහස් කළේය.දේශනය පවත්වනවා ද නැතිනම් තම දිවියේ අවසන් දින කිහිපය තම පවුලේ ය සමග ගත කරනවා ද යන සිතුවිලි අතර දෝලනය වෙමින් ඔහු කාලය ගත කළේය.ඔහු මේ පිළිබඳව තම බිරිඳ Jai සමඟ සාකච්ඡා කල විට ඇයගේ අදහස වුයේ පවුෂ් තම අවසන් කාලය ඔවුන්ගේ දරු තිදෙනා සමඟ ගත කළ යුතු බවයි.නමුත් විරුද්ධ මතයක් දැරූ පවුෂ් ගේ අදහස වුයේ තමාගේ මරණයෙන් පසු දරුවන්ට ඔවුන්ගේ පියාගේ මතක සටහනක් ලෙස මෙම දේශනය ශේෂ වියයුතු බවයි.

කථනය[සංස්කරණය]

“ඔබගේ ළමා කාලයේ සිහිනය සැබවින්ම ළඟා කර ගැනීම” දේශනය 2007.09.18 දින Carnegie Mellon විශ්ව විද්‍යාලයේ Macconey ශාලාවේදී එළි දැක්වුණි. 450 කට වැඩි පිරිසක් වූ විශ්ව විද්‍යාල සිසුන්, සේවක මණ්ඩලය හා පවුෂ් ගේ හිත මිතුරන් එයට සහභාගි වූ විට ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගියේය. පවුෂ් මේ පිළිබඳව පසුව කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කියා සිටියේය. “ප්‍රේක්ෂකයන් අති විශාල පිරිසක් තමා දෙස බලමින්, සවන් දෙමින්, සිනාසෙමින් හා අත්පොලසන් දෙමින් සිටින විට , මගේ දරුවන් හට ප්‍රත්‍යක්ෂ වන්නේ විශාල පිරිසක් මා විශ්වාස කරන බව හා මා මෙලෙස ජීවත්විමට මට කළ හැකි උපරිමය කරන බවයී”. දේශනය පිලිබඳ පාලම් හැඳින්වීම කරන ලද්දේ Carnegie Mellon විශ්ව විද්‍යාලයේ උප ප්‍රධානි Indira Nair විසිනි. පුර්වෝක්ත දේශන මාලාව වන Journeys පිළිබඳව Nair පළමුවෙන්ම පැහැදිලි කළේය. එහිදී Carnegie Mellon විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු අට දෙනෙකු තම වෘත්තීමය හා පෞද්ගලික අත්දැකීම් බෙදා හද ගත් බව ප්‍රකාශ කළේය. ඉන් පසු පවුෂ් ව හඳුන්වා දෙනු ලැබුවේ ඔහුගේ සමකාලිනයෙකු මෙන්ම ලංගම මිතුරෙකු වූ, එසේම “Worldwide Publishing & Marketing” හි Electronic Art අංශයේ උප සභාපති Steve Seabolt විසිනි. Seabolt තම කතාව ආරම්භ කලේ Electronic Art වලට සරදමක් හා ඔහු හා පවුෂ් අතර වූ සරදම් කිහිපයක් ගැනද සඳහන් කරමිනි. ඔහුගේ හැඳින්වීමේ දෙවන කොටසෙහි ඔහු පවුෂ් ගේ අධ්‍යාපනික ජයග්‍රහණ පිළිබඳව සහ වෘත්තීමය සුදුසුකම් ගැන කතා කළේය. Seabolt ඔහුගේ කතාව අවසන් කලේ ඔෂ් ගේ ගතිගුණ ගැන මෙසේ සඳහන් කරමිනි. “මේ ලෝකයා යහපත් තැනක් කීරීමට රැන්ඩි ගේ කැපවීම, ඔහුව හමුවූ ඕනෑම කෙනෙකුට ස්වයංසිද්ධ වන කාරණයකි.” එහෙම පවුෂ් ගේ කෞශල්‍යය හා නිපුණත්වය අනෙකාට බලපෑ ඇති අයුරු, විශේෂයෙන්ම පවුෂ් ගේ බිරිඳට හා දරුවන්ට එය බලපෑ අකාරය පිළිබඳව ඔහු පැහැදිලි කළේය. ඉන්පසු Seabolt, පවුෂ් හට තම දේශනය් ආරම්භ කරන ලෙස ආරාධනය කළේ ඉමහත් ආදරයෙනි.

පවුෂ් වේදිකාවට ගොඩ වන විට, ඔහු එම විශාල අත්පොලසන් නාදය නැවත්වීමට හා ප්‍රේක්ෂකයන් ට හිඳ ගන්න ලෙස පැවසු අතර දේශනය මෙසේ ආරම්භ කළේය. “මා හට මෙය ලබා ගන්න දෙන්න.” ඊට ප්‍රතිචාර ලෙස ප්‍රේක්ෂකගාරයෙන් ඔහුට ලැබුනේ “ඔබ එසේ කළා” යනුවෙනි. ඉන් පසු පවුෂ් මෙසේ පැවසීය. “මෙය අපුර්ව අවස්ථාවක් ලෙස මට දැනෙයි. ඉන්දිරා ඔබට නොපැවසු එකම කරුණ නම් මෙම දේශනය “අවසන් දේශනය ” ලෙස නම් කර තිබීම පිළිබඳවයි. ඔබ මිය යාමට පෙර ඔබට ඇත්තේ එක අවසාන දේශනයක් පමණක් නම්, එය කුමක් විය යුතුද යන්න ගැන මම බොහො සෙයින් කල්පනා කෙළෙමි. දෙවියනි ! අවසානයේ මම නියමිත ස්ථානය සොයා ගත් විට, ඔවුන් එය නැවත නම් කරන ලදී.”

ඔහුගේ දේශනයේ පළමු කොටස ආරම්භ කීරීමට පෙර, ඔහු තම පිළිකාව ගැන, තමාට ජීවත් වීමට ඇති සුළු කාලය ගැන සඳහන් කළ අතර, වරෙක එයද සරදමක් ලෙස ගනිමින් ඔහු කියා සිටියේ මෙය ඔහුගේ ජීවිතයේ හොඳම කාලය බවයි. තව ද ඔහුගේ දේශනයට අදාළ නොවුවද, ඔහු තම පවුල, දරුවන්, ආගම, අධ්‍යාත්මය හා ඔහුගේ අග්‍රස්ථ පිළිකාව පිළිබඳවද කතා කළේය.

පවුෂ්ගේ ළමා කාලයේ සිහින[සංස්කරණය]

පවුෂ් ඔහුගේ දේශනයේ පළමු කොටස ආරම්භ කලේ ඔහුගේ ළමා විය සිහින හා ඔහු ඒවා සැබෑ කීරීමට සටන් කල ආකාරය විස්තර කරමිනි. පළමුව තමාගේ ළමා විය ගැන සඳහන් කල ඔහු 1690 කාල වකවානුවේදී තම පවුලේ තොරතුරුද හෙළි කළේය. ඉතාමත් සුන්දර ළමා කාලයක් තමාට තිබු බව පැවසු ඔහු ඉන්පසු සඳහන් කලේ තම පවුලේ ඡායාරූප බලන විට, තමා සිනා සෙමින් සිටින එකදු ඡායාරූපයක්වත් ඔහුට නොලැබුන බවයි. ඒවායින් සමහරක් ඔහු එහිදී ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් අධාරයෙන් පෙන්වූ අතර, ඔහු සිහින දකිමින් සිටින ඡායාරූපයක්ද එහි විය. 1969 වසරේදී සඳ මතට ගිය ඇපලෝ II යානය පිළිබඳව තමා උනන්දු වූ අයුරු ඔහු පැහැදිලි කළේය. ඉන් පසු ඔහුගේ ළමා වියේ සිහින රැසක් ඔහු ඉදිරිපත් කළේය. ඒවා මෙසේ විය. ගුරුත්වය ශූන්‍ය වන ස්ථානයක සිටීම, ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීම, විශ්වකෝෂයට ලිපි සැපයීම, Captain Kirk හමු වීම හා ඔහු මෙන් වීම, සතුටු උයනකදී පුරවපු සතුන් දින ගැනීම සහ Disney සමාගමේ පරිකල්පකයෙකු වීමයි. පළමුවෙන්ම පවුෂ් තමා ශූන්‍ය ගුරුත්වයේ සිටීමට දුටු සිහිනය පැහැදිලි කළේය. කුඩා කාලයේ මෙයට ඔහු පෙලඹවුයේ ඇපලෝ II යානය බව ඔහු පැවසීය. ඔහු පරිගණක විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස පත් වූ පසු NASA ආයතනය මගින් විශ්ව විද්‍යාල සිසුන් හට NASA හි Vomit Comet නම් යානයේ අභ්‍යවකාශයට යාමට අවස්ථාවක් ලැබෙන බව ඔහු දැනගත්තේය. එහිදී පරාවලික වක්‍ර යොදාගෙන බර රහිත බවක් උද්දීපනය කරන බව ඔහු දන ගත්තේය.

මීළඟට පොෂ් Star Wars නම් කථා මාලාවේ Captain Kirk නම් චරිතය වීමේ සිහිනය පිළිබඳව සටහන පෙන්වමින් පැහැදිලි කලේ එය ඔහුට ඉටු කර ගත නොහැකි වූ සිහිනයක් ලෙසය. ඔහු පසුව තම අරමුණ Captain Kirk චරිතය රඟපෑ William Shatner ව හමුවීමට ලෙස වෙනස් කළේය.එම නළුවා Star Wars විද්යතම පැතිකඩ පිළිබඳව පැහැදිලි කර ගැනීමට පැමිණි අතර එමගින් ඔහුගේ ඒ සිහිනය ඉටු විය. පවුෂ් තම දේශනය් අවසන් කලේ Disney සමාගමේ පරිකල්පකයෙකු ලෙස එකතු වීම හා තමන්ගේ ළමුන් සමග සැණකෙළියකදී පුරවපු සතුන් දින ගැනීමටද ඔහුට හරි වූ බව සඳහන් කරමිනි.

අනෙකුන්ගේ සිහින සැබෑ කරවීම[සංස්කරණය]

තමුන්ගේ ළමා කාලයේ සිහින පිළිබඳව පැවසීමෙන් පසුව ඔහු තම දේශනයේ දෙවන කොටසට පිවිසිය. එය අනෙකුන්ගේ සිහින සැබෑ කරවීම ලෙස හඳුන්වා තිබිණි.මහාචාර්යවරයෙකු බවට පත්වීම මෙම අරමුණ ඉටුකර ගැනීමට ඉතාමත් උදව්වක් වූ බව පවුෂ් පැවසීය. ඉන්පසුව පවුෂ් ප්‍රේක්ෂකයන්ට තම අනෙකුන්ගේ සිහින සැබෑ කරවීම පිළිබඳව තේරුම් ගත්තේ කෙසේද යන්න Virginiඅ විශ්ව විද්‍යාලයේ ඔහුගේ සිසුවෙකු වූ Tommy Burnett ගේ කතාව ආධාරයෙන් පැහැදිලි කළේය.

මෙය පවුෂ්ට Carnegie Mellon විශ්ව විද්‍යාලයේ අතත්‍ය තත්‍යතාව පිළිබඳව පන්තියක් ආරම්භ කීරීමට හේතු විය. මෙමගින් ඔහුට අනිත් අයටද තමාගේ සිහින සබැ කර ගැනීමට හැකි බව පෙන්වීමට සමත් විය. සියලු සිසුන් තමන්ගේ පැවරුම අවසාන කල පසු ඔවුන්ට තමන්ගේ ස්වාහැකියව පිළිබඳව තෙරු ගැනීමට හැකි වූ අතර පවුෂ් ඒවා ඉටු කර ගැනීම සඳහා ද කුඩා උපදෙස් කීපයක් ලබා දුනි.

නිමාව[සංස්කරණය]

පවුෂ් තම දේශනය අවසන් කල පසු Steve Seabolt පවුෂ්ට උපහාරයක් ලෙස Electronic Arts ආයතනය විසින් කාන්තාවන් සඳහා පරිගණක විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යතාවක් ආරම්භ කරන බව පැවසීය. ඉන්පසුව විශ්ව විද්‍යාලයේ සභාපති Jared Cohon විසින් පවුෂ්ගේ දායකත්වය "අද්විතීය හා ඉස්තරම්" ලෙස ප්‍රකාශ කළේය. විශ්ව විද්යලගේ පවුශ්ව සිහි කරවීම සඳහා මගී පාලමක්ද වීවෘතා කරන බවද තව දුරටත් ඔහු පැවසීය. අවසානයේදී එම විශ්ව විද්‍යාලයේම මහාචාර්යවරයෙකු වූ Andries van Dam පවුෂ්ගේ නායකත්වය හා ධෛර්යය පිළිබඳව ඉතා සංවේදී දේශනයක් කරමින් එය අවසන් කෙළ්ය.

කථනයට පසු මාධ්‍ය ආවරණය[සංස්කරණය]

කථනයට පසු ABC ජාලයේ World News with Charles Gibson වැඩසටහට විසින් පවුෂ් "සතියේ පුද්ගලයා" ලෙස නම් කල අතර මුළු මහත් මාධ්‍ය ලෝකයේම අවධානය පවුෂ් වෙත යොමු විය. 2007 ඔක්තෝම්බර් 06 වන දින පවුෂ් Pittsburgh Steelers නම් පාපන්දු කණ්ඩායමේ පුහුණු සැසියකටද එක්වෙමින් ඔහුගේ තවත් සිහිනයක් සැබෑ කර ගත්තේය. Star Wars චිත්‍රපටයේ අධ්‍යක්ෂ J. J. Abrams විසින් ඔහුට චිත්‍රපටයේ චරිතයක් නිරුපණය කිරීමටද ආරාධනා කළේය. පවුෂ් මෙම ආරාධනය පිළිගෙන කැලිෆෝනියා හා ලොස් ඇන්ජලිස් නගර වලදී රූගත කිරීම් වලට සහභාගි විය.

රචකයෙකු හා මාධ්‍යවේදියෙකු වන Christopher Hitchens පවුෂ්ගේ දේශනය විවේචනය කළේය.

ග්‍රන්ථය[සංස්කරණය]

ගොනුව:Lecture Book.jpg
අවසන් දේශනය, පවුෂ් සහ Wall Street Journal හි වාර්තාකරුවෙකු වන Jeff Zaslow විසින් රචිත ග්‍රන්ථය.

Disney ආයතනයට අයත් ප්‍රකාශකයෙකු වන Hyperion පවුෂ්ගේ "අවසන් දේශනය" නම් ග්‍රන්ථය පිටපත් මිලියන 6.7 මුද්‍රණය කොට එහි සම අයිතිකරුවෙකු වන Wall Street Journal හි වාර්තාකරුවෙකු වන Jeffrey Zaslow සමග බෙදා හැරීය. මෙම ග්‍රන්ථය මගින් "අවසන් දේශනය" පිළිබඳවත් ඒ සඳහා හේතු වූ කාරණා පිළිබඳවත් පැහැදිලි කරනු ලැබුණි.මෙය ඉතාමත් ජනප්‍රිය වූ අතර ඉතා විශාල කාලයක් New York Times bestseller list හි ප්‍රථම ස්ථානයේ පැවතිය.

මුලාශ්‍ර[සංස්කරණය]

  • Pausch, Randy (2008). The Last Lecture. Hyperion Books. p. 206. ISBN 1-4013-2325-1. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  • Pausch, Randy (September 18, 2007). "Randy Pausch's Last Lecture: Really Achieving Your Childhood Dreams" (PDF). Carnegie Mellon University. සම්ප්‍රවේශය 2008-08-27. {{cite web}}: Cite has empty unknown parameter: |coauthors= (help)