ඔන්කොලොජි

විකිපීඩියා වෙතින්

ප්‍රතිකාර ක්‍රම[සංස්කරණය]

එය සම්පුර්ණයෙන්ම පදනම් වනුයේ අදාල පිළිකාවේ ස්වාභාවය සහ ලබාදෙන ප්‍රතිකාර වර්ගයන්හි ස්වභාවය අනුවයි. ඇතැම් පිළිකා රෝග සඳහා වහා ක්‍රියාත්මක වන පරිදි රෝහල් ගත කිරීමක් සහ රසායන චිකිත්සාව ලබාදීමක් අවශ්‍ය වේ. (ALL හා AML යන ලියුකේමියා රෝග වලදී) අනෙකුත් පිළිකා රෝග සඳහා නිරතුරුවම සිදුකරන පරීක්ෂා කිරීමක් සහ රුධිර පරීක්ෂාවන් අවශ්‍ය වේ.

ඇතැම් අවස්ථාවල දී සැත්කම් මගින් සම්පුර්ණ පිළිකාවම ඉවත් කිරීම සඳහා උත්සාහ කෙරේ. මේය සිදුකළ හැක්කේ අදාල කොටස සැත්කමක් මගින් ඉවත් කිරීමට හැකි ආකාරයට පිහිටා ඇති අවස්ථාවන්හි දී පමණි. සිරුරෙහි වෙනත් ස්ථාන වෙත පිළිකා කොටස් ව්‍යාප්තව ගොස් ඒවා යාබද අවයව සහ පටක කොටස් ආක්‍රමණය කර ඇති අවස්ථාවන්හි දී රෝගියාගේ ජීවිතය අවධානමට ලක් නොකර සම්පුර්ණ වශයෙන්ම සුවයක් ලබාදීම පිණිස පිළිකාව මුළුමනින්ම ඉවත් කිරීම අපහසුය. ඇතැම් අවස්ථාවල දී පිළිකාවෙහි සියලුම කොටස් ඉවත් නොකළද එවන් සැත්කමක් මගින් රෝගියාගේ ආයු කාලය දීර්ඝ කළ හැකිය. මෙහිදී පිළිකා පටක ප්‍රමාණයෙහි අඩු කිරීමක් සිදු කරයි. ඇතැම් පිළිකාවන් සඳහා (උදාහරණ - පිත්ත ප්‍රනාලයෙහි සිදුවන අවහිරතා හෝ ඇතැම් මොළයෙහි පිළිකා නිසා ඇති වන ආබාධ මග හරවා ගැනීම සඳහා) සිදුකරන සැත්කම් මගින් රෝගියාට යම් ආකාරයක සහනයක් ලබාදීම අපේක්ෂා කරයි. මෙහිදී සැත්කම මගින් රෝගියාට ලැබෙන ප්‍රතිලාභ සහ එමගින් රෝගියා ලක්වන අවධානම පිළිබඳව තක්සේරු කිරීමක් අත්‍යවශ්‍ය වේ.

විකිරණ චිකිත්සාව සහ රසායනික චිකිත්සාව බොහෝ පිළිකාවන් සඳහා පළමු පෙළ ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට භාවිතා වේ. තවද මේවා තවත් ප්‍රතිකාර ක්‍රමයක් සමග ද භාවිතා කරයි. උදා - සැත්කමක් මගින් පිළිකාවක් සම්පුර්ණයෙන්ම ඉවත් කළ පසුව එය නැවත ඇතිවීම සඳහා අවධානමක් ඇති අවස්ථාවන්හි දී ඉහත කී ප්‍රතිකාර ක්‍රම භාවිතා කරයි. මෙය උපකාරක ප්‍රතිකාරක ක්‍රමයකි. රෝගය සුව කළ නොහැකි බවට පැහැදිලි අවස්ථාවන්හි දී රෝගියාගේ ජීවිත අපේක්ෂාව වැඩිකර ගැනීමට හා ඔහුගේ ජීවිතයෙහි ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීම සදහා රසායන චිකිත්සාව සහ විකිරණ චිකිත්සාව අදාල රෝගියා සඳහා සහනයක් ලබාදීමට භාවිතා කරයි.

හෝමෝන වර්ග භාවිතා කිරීම මගින් පියයුරු සහ පුරස්ථ ග්‍රන්ථිවල පිළිකාවන් සඳහා ප්‍රතිකාර කරනු ලබයි.

Monoclonal ප්‍රතිදේහ භාවිතා කිරීම මගින් ප්‍රතිකාර කිරීම නුතනයේ බහුලවම භාවිතා කරනු ලබයි. ලිම්ෆෝමා සහ පියයුරු පිළිකා සඳහා Rituximab සහ Trastuzumab භාවිතා කිරීම මේ සඳහා නිදසුන්ය.

එන්නත් ක්‍රම සහ වෙනත් ප්‍රතිශක්ති ඖෂධ වර්ග භාවිතා කිරීම පිළිබඳව ඉතා විශාල වශයෙන් සමීක්ෂණ සිදු කරනු ලබයි.

ඝන පිළිකාවන් සදහා අති ධ්වනි කිරණ HIFU ආකාරයට භාවිතා කිරීම පර්යේෂණ මට්ටමේ ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ඔන්කොලොජි&oldid=464245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි