ඓන්ද්‍රීය සෙවුම

විකිපීඩියා වෙතින්

ඓන්ද්‍රීය සෙවුම් ප්‍රතිඵල (ඉංග්‍රීසි: Organic search results) යනු, ඒවා ප්‍රචාරක දැන්වීම් නිසාවෙන් නොව හුදෙක් සෙවුම් පදයන් හා ඒවායේ අදාළතාවය නිසාවෙන්ම සෙවුම් යන්ත්‍ර ප්‍රතිඵල පිටුවක දෘශ්‍ය වන්නාවු පිටු වෙති. මෙයට ප්‍රභේද්‍ය ලෙසින්, ඓන්ද්‍රීය-නොවන සෙවුම් ප්‍රතිඵල තුල ක්ලික් කෙරුමකට ගෙවීම සිදුකෙරෙන ප්‍රචාරක දැන්වීම් අඩංගු විය හැක.

පසුබිම[සංස්කරණය]

ගූගල්, යාහූ!, සහ බිං සෙවුම් යන්ත්‍ර විසින් වෙළෙඳ දැන්වීම් සහ සෙවුම් ප්‍රතිඵල සංයෝග කොට ඔවුන්ගේ සෙවුම් ප්‍රතිඵල පිටු වල දක්වති. එක් එක් අවස්ථාවෙහිදී, ඔවුන්ගේ පසුබිම් වර්ණය සහ/හෝ පිටුව තුල ඒවායේ පිහිටුම වැනි ප්‍රමාණවත් තරම් ආකෘතිකරණ වෙනස්කම් නිසා ඓන්ද්‍රීය ප්‍රතිඵල හා වෙළෙඳ දැන්වීම් එකිනෙකින් වෙනස්කොට හඳුනාගැනීමට පාඨකයන්ට හැකි වුවද, වෙළෙඳ දැන්වීම් සැලසුම් කර ඇත්තේ සෙවුම් ප්‍රතිඵල හා සම සම පෙනුමක් ඇති වන පරිදීය. තවදුරටත් දක්වතොත්, සියළු ප්‍රධාන සෙවුම් යන්ත්‍රයන්හී ප්‍රචාරක දැන්වීම්හී පෙනුම අව්‍යාජ සෙවුම් ප්‍රතිඵලයන්හී පෙනුමට කෙතරම් සම සම වන්නේද යත් සෙවුම් යන්ත්‍ර පරිශීලකයන්ගෙන් විශාල බහුතරයකට මේවා අතර ඵලදායී ප්‍රභේදනයක් සිදු කර ගත නොහැකි වෙයි.[1]

සෙවුම් යන්ත්‍ර ප්‍රතිඵල පිටුවෙහි ඉහළින්ම දැක්වෙන "ප්‍රතිඵල" බොහෝමයක් සත්‍ය වශයෙන්ම ප්‍රචාරක දැන්වීම් බව තේරුම් ගන්නේ සාමාන්‍ය පරිශීලකයන් ඉතා සුළු දෙනෙක් ( පිවු පර්යේෂණ මධ්‍යස්ථානය පරිදී 38% ක ප්‍රමාණයක්) පමණක් බැවින් සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය ප්‍රයත්නය තුල අන්තර්ගත දෙවගය වෙන් වෙන්ව හඳුනාගැනීම අතිශයින් වැදගත් බවක් ගෙන ඇත. සාමාන්‍ය පරිශීලකයන් අතර යථාදර්ශනය වූයේ සමස්ත ප්‍රතිඵල ගොන්නම සත්‍යවශයෙන්ම "ප්‍රතිඵල" යන්න බැවින්, සත්‍ය ප්‍රතිඵල හා ප්‍රචාරක දැන්වීම් වෙන් කොට හැඳින්වීම හැකි වනු වස් "ඓන්ද්‍රීය" යන පරියාප්තය නිමවන ලදි. අන්තර්ජාල න්‍යායවාදී ජෝන් කිල්රෝයි විසින් මෙම පදය මුලින්ම භාවිතා කලේ ගෙවීම් ලබන සෙවුම් අලෙවිකරණය පිළිබඳ 2004 දී පලවූ ඔහුගේ ලිපියෙහිදීය. මෙසේ වෙනස් ලෙසින් දැකීම බෙහෙවින් වැදගත් නිසා (සහ " ඓන්ද්‍රීය " යන වචනයට බොහෝ රූපකීය භාවිතා පවතින බැවින්) සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණයෙහි සහ වෙබ් අලෙවිකරණ කර්මාන්තයෙහි මෙම පදය දැන් පුළුල් ලෙසින් භාවිතා වෙයි. 2009 ජූලි මස වන විට, විශේෂිත වෙබ් අලෙවිකරණ කර්මාන්තයට පරිබාහිරින්, එය පොදුවේ භාවිතා වන යෙදුමක් වන අතර, ගූගල් ( නිදසුනක් ලෙසින් ගූගල් ඇනලිටික්ස් අඩවිය පුරාවට ) විසින් නිරොතුරුව භාවිතා වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. මැයි/ජූනි2004 ට්‍රැකින් සර්වේ සංරක්ෂණය කළ පිටපත 2012-11-08 at the Wayback Machine පිවු ඉන්ටර්නෙට් ඇන්ඩ් ඇමරිකන් ලයිෆ් ප්‍රොජෙක්ට්

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඓන්ද්‍රීය_සෙවුම&oldid=591579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි