ඒකාවේරිය

විකිපීඩියා වෙතින්
Rauvolfia serpentina
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
Division: Magnoliophyta
වර්ගය: Magnoliopsida
ගෝත්‍රය: Gentianales
කුලය: Apocynaceae
ගණය: 'Rauvolfia'
විශේෂය: R. serpentina
ද්වීපද නාමය
Rauvolfia serpentina
(L.) Benth. ex Kurz[1]

බේතක්ලෙස[සංස්කරණය]

බේතට ගන්නා කොටස්[සංස්කරණය]

  • මුල්
  • කොළ
  1. "Module 11: Ayurvedic". සම්ප්‍රවේශය 2008-02-11.

ඒකාවේරිය

ලොව වේගවත් දියුණුවත් සමග විද්‍යාඥයින් වෛද්‍ය විද්‍යාව තුළ ලෝකවාසීන්ගේ විවිධ ලෙඩ සුව කිරීමට හැකි බෙහෙත් වර්ග සොයමින් සිටින අවදියක දුර්ලභ ගණයේ ඖෂධ පැළෑටියක් වූ ඒකාවේරිය කෙරෙහි සිත යොමු වී ඇත.මෙම පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස අධි රුධිර පීඩනය නිට්ටාවට සුව කරන බලගතු උසස් ඖෂධයක් ලෙස අද ඖෂධ ලෝකය තුළ ඉදිරිපත්ව සිටියි.ඒකාවේරිය ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වූයෙ  RAUVOLFIA SERPENTINE (රවුල්ෆියා සර්පෙන්ටිනා) යනුවෙනි. මෙම ඖෂධ පැළෑටිය සර්පයෙකුගේ හැඩයෙන් යුක්ත බැවින් ගෙවතු අලංකාර කර ගැනීම සඳහා ද වගා කරනු ලබයි. පත‍්‍ර ලා කොළ පැහැයෙන් යුක්තව දිළිසෙන සිනිඳු පත‍්‍ර 3 - 4 දක්වා වක‍්‍රාකාරව කඳේ පිහිටා ඇත. මල් හට ගැනීමේ දී කෙටි පොකුරු වශයෙන් කඳේ අගින් පිපෙයි. මල් සුදු හා රොස පාටින් යුක්ත වේ. මාර්තු, මැයි, නොවැම්බර් මල් හට ගනියි.

බීජ ලා දුඹුරු පාටින් දිස්වේ. අප රටේ කඳුකර ප‍්‍රදේශවල විශේෂයෙන් වැඩෙන අතර වියළි ප‍්‍රදේශ හැර අනෙක් පතන් බිම් ප‍්‍රදේශවල බහුල ලෙස දක්නට ලැබේ. තවද හිමාලය, නේපාලය, බිහාර්, උත්තර ප‍්‍රදේශ හා සිංගප්පුරුවේ දැකිය හැකිය.ඒකාවේරිය ශාකය ලෝකයට අමුතුවෙන් එකතු කළා නොව ඖෂධ සඳහා යොදා ගත් බව සඳහන් වී ඇත. අප රටේ ද දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ද මෙම ඖෂධය තුළින් මහත් මෙහෙයක් ලබා ගෙන ඇත.මේ ඖෂධය තුළින් විශේෂයෙන් අධික රුධිර පීඩනයට හා මානසික රෝගයට හිතකර වන අතර, සෙම හා වාතය සුව කරයි. වේදනාව නැති කරන අතර, පණු රෝගය සුව කරනු ලබයි. උණ සුව කරන අතර සර්ප විෂට විශේෂ ගුණයක් පෙන්නුම් කරනු ලබයි. මෙම ශාකයේ බෝවීම සිදුවනුයේ බීජ මගින් හා මුල් පැළ කිරීමෙන්ය. මැයි ජුනි කාලවල බීජ තවාන් කිරීමට සුදුසු වේ. අක්කරයක් වගා කිරීමට කිලෝ ග‍්‍රෑම් 4 ක් පමණ අවශ්‍ය වේ.මෙතරම් උසස් ගුණැති ඖෂධයක් අප රටේ වගා නොකිරීම අභාග්‍යයකි. මෙම ඖෂධය තුළින් ආර්ථික වාසි සලසා ගැනීමට හැකිය. අනෙකුත් රටවල මේ ශාකය වගා කර ආදායම් ලබයි.

ජයසේන දෙදිවලගේ

"https://si.wikipedia.org/w/index.php?title=ඒකාවේරිය&oldid=411859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි