එයාර් ලංකා යූඑල්512 පියාසැරිය

විකිපීඩියා වෙතින්
එයාර් ලංකා යූඑල්512 පියාසැරිය
Air Lanka Flight UL512
4R-ULD
ගුවන්යානා බෝම්බ ප්‍රහාරය පිළිබඳව
දිනය3 May 1986
කෙටි විස්තරයබෝම්බ ප්‍රහාරයක් ගැන
ස්ථානයබණ්ඩාරනායක
ජාත්‍යන්තර ගුවන්තොටුපළ
මගීන් ප්‍රමාණය128
කාර්ය මණ්ඩලය20
තුවාලකරුවන් ප්‍රමාණය41
මරණ ප්‍රමාණය21
දිවි බේරාගත් ප්‍රමාණය129
ගුවන්යානා වර්ගයLockheed L-1011-385 TriStar
ගුවන්යානාවේ නමසිටි ඔෆ් කලම්බො
ක්‍රියාකරුඑයාර් ලංකා
ලියාපදිංචිය4R-ULD
පටන් ගැන්මගැට්වික් ගුවන්තොටුපළ, ලන්ඩන්
 එක්සත් රාජධානිය
පළමු නැවතුම්පලසූරිච් ගුවන්තොටුපළ, සූරිච්
  ස්විට්සර්ලන්තය
දෙවන නැවතුම්පලඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ඩුබායි, එක්සත් අරාබි එමීර් එක්සත් අරාබි එමීර් රාජ්‍යය
අවසන් පූර්ව නැවතුම්පලබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කොළඹ,  ශ්‍රී ලංකාව
ගමනාන්තයඉබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මාලේ, මාල දිවයින් මාල දිවයින

එයාර් ලංකා පියාසැරි 512 යනු එයාර් ලංකා සමාගමට අයත්ව තුබූ Lockheed L-1011 Tristar වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයකි. ගුවන් යානය 1986 වසරේ මැයි 3 වන දිනදී, ලන්ඩන් ගැට්වික් (Gatwick) ගුවන් තොටුපලෙන් නික්මී, සූරිච් සහ ඩුබායි හරහා ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබැස්සූ අතර පසුව එය, මාලදිවයින වෙත පියාසර කිරීමට නියමිතව තිබුණි. නමුත් බණ්ඩාරනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී, යානය තුල අටවා තුබූ බෝම්බයක් පුපුරා යාම නිසා යානය දෙකඩ වී විනාශ වී ගිය අතර, පිපිරීම නිසා පුද්ගලයෝ 21 දෙනෙකු ජීවිතක්ෂයටත් සහ තවත් 41 දෙනෙකු තුවාලත් ලැබූහ. මිය ගිය අය අතර බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක්, බටහිර ජර්මානුවන් දෙදෙනෙක්, ප්‍රංශ ජාතිකයින් තිදෙනෙක්, ජපන් ජාතිකයින් දෙදෙනෙක්, මාලදිවයින් ජාතිකයෙක් සහ පාකිස්තානු ජාතිකයෙක් විය. (ප්‍රහාරයෙන් විදේශිකයින් 13 දෙනෙකු මිය ගියහ)[1]

යානය මගින් මාලදිවයින වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තුබූ මස් සහ එළවළු ඇසුරුම් අතර බෝම්බය අටවා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ සමයේ ශ්‍රී ලංකා රජය සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි අතර ඇතිව තුබූ සාම සාකච්ඡා කඩාකප්පල් කර ගැනීමට, එල්ටීටීඊ ය විසින් මෙම බෝම්බ ප්‍රහාරය සිදු කර ඇති බව ශ්‍රී ලංකා රජය තහවුරු කරන ලදී. පසු දිනයේ යානය තුල සිදු කල පරික්ෂණ වලදී, එල්ටීටීඊ ත්‍රස්ථ සංවිධානයේ තවත් එක් මිලේච්ඡ පාර්ශ්වයක් වූ මරාගෙන මැරෙන කළු කොටින්ට අයත්, නිළ ඇඳුමක් තිබී හමුවී තිබිණ.[1][2]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "1986: බෝම්බ් කිල්ස් 21 ඉන් ශ්‍රී ලංකා". බීබීසී. 1986 මැයි 3. සම්ප්‍රවේශය 2008-04-30. {{cite news}}: Check date values in: |date= (help)
  2. Commercial Airliner Bombings