එතුණු කඩුව

විකිපීඩියා වෙතින්
එතුණු කඩුව අතදරා සිටින සටන්කාමියෙක්

අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති මිනිස් උසට වඩා වැඩි උසකින් යුත් නම්‍යශීලී ලෝහ පළු 32කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා, දෑතට දෙකක් භාවිතා කරයි. දිගුකාලීනව පුහුණුවී දියුණු කරගත යුතු ඉතා සංකීර්ණ ශිල්ප ක්‍රමවේද රාශියක් එතුණු කඩු හරඹය තුල ගැබ්ව පවතී. එතුණු කඩුවෙන් සටන් කිරීමත් සමඟ ක්ෂණිකව පිනුම් කරණම් ගැසීම, විදුලි වේගයෙන් එතුණු කඩුව හැසිරවීම, එකවර ප්‍රතිවාදීන් කිහිපදෙනෙකුට පහරදීම ආදිය ඒ අතරින් ප්‍රධාන වේ. මෙම ආයුධය භාවිතයෙන් ප්‍රතිවාදියාට එල්ලකරන පහරක් හරියාකාරව සිදුනොවුණහොත් එය තමාටම වැදිය හැක.මෙය ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීහු භාවිතා කරයි[1].

බාහිර සබැඳුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=එතුණු_කඩුව&oldid=591535" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි