එක්සත් රාජධානිය සැදුමෙහි ඉතිහාසය

විකිපීඩියා වෙතින්
බ්‍රිතාන්‍ය දූපත්හී සංකිර්ණ රාජ්‍ය පරිණාමය. පුර්ව රාජ්‍යයන් යටත් කරගැනුම් හා ඈඳා ගැනුම් විසින් මෙම රාජ්‍යයන් පරිණාමය වී ඇත.

එක්සත් රාජධානිය සැදුමෙහි ඉතිහාසය තුල දක්නට ලැබෙනුයේ මහා බ්‍රිතාන්‍යය සැදි රාජ්‍යයන් මෙන්ම වඩාත් පුළුල් බ්‍රිතාන්‍ය දූපත් සැදි රාජ්‍යයන් අතරද ඇතිවූ පුද්ගලික සහ දේශපාලන සුසංගමයන් වෙති. ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේද තුලදී, විවිධ සංයුතියන් සහිතවද විවිධාංගවූ දේශපාලන තන්ත්‍රයන් සංඛ්‍යාවකට යටත්වද මහා බ්‍රිතාන්‍යයෙහි සංස්ථාපනය වූ, ස්වෛරී රාජ්‍යයන් බොහෝ සංඛ්‍යාව අතුරින් නවීනතමය වන්නේ එක්සත් රාජධානිය වෙයි. පසුගිය වසර 2000 ඇතුලත, විවිධවූ රාජ්‍යයන් දහසයක් නිර්මාණය වූ බව, නෝර්මන් ඩේවිස් ගණනය කර ඇත. [1]

16වන සියවස ඇරඹුමත් සමගම, මහා බ්‍රිතාන්‍යයෙහි රාජ්‍යයන් සංඛ්‍යාව දෙකක් දක්වා පහත බැසිණි: එංගලන්ත රාජධානිය (වේල්සය සහ අයර්ලන්තයෙහි පාලනයෙහි පැවති කොටසද අඩංගුවූ) සහ ස්කොට්ලන්ත රාජධානිය වශයෙනි. වසර සියයකට පෙර සිදුවූ රාජකීය විවාහයක අහඹු ප්‍රතිවිපාකයවූ, 1603දී සිදුවූ කීරීටයන්ගේ සුසංගමය තුලින්, රාජධානි දෙක පුද්ගලික සුසංගමයකින් බැඳුනද, මහා බ්‍රිතාන්‍ය රාජධානිය ලෙසින් පූර්ණ දේශපාලන සුසංගමය සඳහා, 1706දී පිවිසුනු සුසංගම ගිවිසුම සහ 1707දී (ගිවිසුම අපරානුමත කෙරුමට) සම්මතවූ සුසංගම් පණත් අවශ්‍ය විය. 1800 දී තවදුරටත් සම්මත කෙරුණු සුසංගම් පණතක් තුලින් සුසංගමය තුලට අයර්ලන්තය එක් කරමින්, මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය එක්සත් රාජධානිය තනන ලදි. 19වන සියවසෙහි අගභාගයෙහි සිට, ජාතිකවාදී දේශපාලන පක්ෂයන්ට ලැබුනු සහයෝගයෙහි වර්ධනය හා සමගම, පළමුව අයර්ලන්තය අරභයා, 1922දී අයර්ලන්ත දිවයිනෙහි බොහෝ ප්‍රදේශයට නිදහසද, බොහෝ පසුව ස්කොට්ලන්තය සහ වේල්සයෙ අරභයා, උතුරු අයර්ලන්තයේ, ස්කොට්ලන්තයේ සහ වේල්සයේ, බලය විමධ්‍යගත කෙරුණු පාර්ලිමේන්තු හෝ මන්ත්‍රණ සභා පිහිටුවීමද සිදුවිය.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩේවීස්, නෝර්මන්. දි අයිල්ස්: අ හිස්ට්‍රි. (ලන්ඩනය: මැක්මිලන්, 1999. ISBN 0-333-69283-7).

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

  • ඩේවීස්, නෝර්මන්. දි අයිල්ස්: අ හිස්ට්‍රි. (ලන්ඩනය: මැක්මිලන්, 1999. ISBN 0-333-69283-7).