එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකාව

විකිපීඩියා වෙතින්
එක්සත් ජාතික පෙරමුණ
ඉංග්‍රීසි නමUnited National Front
දෙමල නමஐக்கிய தேசிய முன்னணி
නායකයාරනිල් වික්‍රමසිංහ
ආරම්භයඔක්තොම්බර් 2001
මතවාදයගතානුගතිකත්වය,
ලිබරල් ගතානුගතිකත්වය;
දෙමළ ජාතිකවාදය (සුළුතර කොටස්)
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

එක්සත් ජාතික පෙරමුණ (ඉංග්‍රීසි: United National Front) යනු එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ බස්නාහිර ජනතා පෙරමුණ විසින් එකතුව පිහිටුවාගත් ශ්‍රී ලංකාවේ මැතිවරණ සන්ධානයකි. කෙසේවෙතත්, ලංකකො පක්ෂය 2006දී පෙරමුණ අතහැර පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක් විය. 2010 අප්‍රේල් 20 දිනදී අවසන් වරට පැවැත්වුණු ව්‍යවස්ථාදායක මැතිවරණයෙහිදී, පෙරමුණු විසින් මහජන ඡන්ද 29.34% දිනාගෙන ආසන 225 අතුරින් 60 ක් දිනාගත්තේය. මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එජාපෙ අතහැර රජයට එක් විය.