ඌව වෙල්ලස්ස කැරැල්ල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
වෙල්ලස්සේ මහ කැරැල්ල
සිංහලේ නිදහස් අරගලය හි කොටසකි
දිනය 1817–1818
ස්ථානය වෙල්ලස්ස, බ්‍රිතාන්‍ය ලංකාව
රණපත්හු
King of Kandy.svg උඩරට කැරලිකරුවෝ  මහා බ්‍රිතාන්‍ය රාජධානිය
ආඥාපතියන්
කැප්පෙට්ටිපොළ දිසාවේ
විල්බාවේ
රොබට් බ්‍රවුන්රිග්
ප්‍රබලතාවය
අඥාත අඥාත
ආපතිකයන් සහ හානි
අඥාත අඥාත
tiny globe
ශ්‍රී දළදා මාළිගාව, මහනුවර, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ මෙහිය. නුවර ගිවිසුමෙන් බුදු දහම ආරක්ෂා කිරීමට බැඳී සිටියද, බ්‍රිතාන්‍යයන් විසින් දළදා මාළිගා භූමියේ දේවස්ථානයක් අරඹන ලදී.

ඌව වෙල්ලස්ස කැරැල්ල, 1817-1818 සිදුවූ මහා කැරැල්ලක් ලෙස සලකනු ලබයි. මෙය බ්‍රිතාන්‍යයන් සම්බන්ධවූ මහනුවර ප්‍රදේශයේ දී ඇතිවූ තුන්වන යුද්ධයයි. මෙය ඇතිවූයේ රොබට් බ්‍රවුන්රිග් නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ සමයේ දී බ්‍රිතාන්‍ය යටත් විජිත වාදයට එරෙහිවය.

මෙය සංවිධානය කරනු ලැබුවේ විල්බාවේ (රාජකීය පෙළපතකින් පැවන එන නායක්කාර් වංශිකයෙකි) සහ කැප්පෙටිපොළ දිසාවේ විසිනි. කැප්පෙටිපොළ දිසාවේ වූ කලි පෙරදි බ්‍රිතාන්‍යයන්ට සේවය කළ අයෙකි. කැරලිකරුවන් මාතලේ සහ මහනුවර ප්‍රදේශ අල්ලා ගැනිණ. නමුත් අවසානයේ කැප්පෙටිපොල දිසාවේ බ්‍රිතාන්‍යයන් විසින් අල්ලාගනු ලැබූ අතර, ඔහුගේ හිස ගසා දමනු ලැබීය. ඔහුගේ හිස්කබල අසාමාන්‍ය එකක් විය. එය සාමාන්‍ය හිස්කබලකට වඩා පළලින් වැඩි විය. එම නිසා මෙය පරීක්ෂා කිරීම සඳහා මහා බ්‍රිතාන්‍යයට යවනු ලැබීය. නිදහසින් පසු එය ශ්‍රී ලංකාවට නැවත ගෙන එන ලද අතර, දැනට එය මහනුවර කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇත[තහවුරු​ කරන්න].

මෙම කැරැල්ල නිමාවට පත්වුයේ මහත්වූ ලේ වැගිරීම් සිදුකරමිනි. මෙම කැරැල්ල මැඩ පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට වැසියන් හට නිවාස හා දේපළ අහිමිවිය. ඌව වෙල්ලස්ස ප්‍රදේශ වල වාරිමාර්ග පද්ධති, කෘෂිකාර්මික කටයුතුද අඩපණ විය.

‘Journal of Uva’ සගරාවේ දී බදුල්ල බ්‍රිතාන්‍ය රජයේ සේවකයකු වූ හර්බට් වයිට් පවසා සිටි ප්‍රකාශනයක් පහත දැක්වේ.

‘ කැරැල්ලෙන් පසු ඌව ප්‍රදේශයේ ජනගහනය, කෘෂිකාර්මික පරිසරය පිළිබඳ නිෂ්චිතව දැනගත හැකි ප්‍රමානවත් සාක්ෂි නොමැත. නව පාලකයන් මෙම ප්‍රශ්ණයට මුහුණදීමට අසමත්ව ඇත. යුද්ධයෙන් පසු ඉතිරි වූ අයගෙන් 4/5 කුඩා දරුවන්, කාන්තාවන් සහ මහල්ලන් පමණි. මෙම සංහාරය ඉතා භයානක වේ. කෙටි‍යෙන් කියන්නේ නම් මහත්වූ මිනිස් සංහාරයක් සිදුව ඇති අතර, ඌව නැවතත් යථා තත්වයට පත්වේදැයි කිව නොහැක.’

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්