උපසර්ග

විකිපීඩියා වෙතින්

උපසර්ග යනු අව්‍යය පද වර්ගයකි. අව්‍ය පද යනු ලිංග භේදය අනුව, වචන භේදය අනුව, පුරුෂ භේදය අනුව ආදී වශයෙන් කිසිම විටෙකත් වෙනස් නොවන පදයි. අවිය, අවැය යන අරුතින් අව්‍ය පද සකස් වී ඇත. මේවා තනිව යෙදූ විට එහි කිසිම විටෙක අර්ථයක් නොවේ. මෙම උපසර්ග පද යෙදෙන්නේ පදවල මුලට ම පමණි. උපසර්ග පදයේ යෙදීම අනුව එම ප්‍රකෘතියේ අර්ථයට විවිධ බලපෑම් සිදු වේ. සිංහලයේ මෙවැනි පද 20ක් ඇත.

  • ප, පර, අව, ස, අනු, නි, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප,අප, පස්, පිළි, අති, පි

සිදත් සඟරාවේ එන මෙම උපසර්ග පදවල අප, අති, පි යන උපසර්ග පද වෙනුවට කුමාරතුංග මුනිදාසයන් විසින් යෝජනා කරනු ලබන්නේ වෙනත් පද තුනකි. ඒවා මෙසේ ය.

  • ඔ = ඔවා
  • කු = කුකවි ( නරක කවියා)
  • ඉ = ඉබොහෝ
"https://si.wikipedia.org/w/index.php?title=උපසර්ග&oldid=382690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි