උඩරට නැට්ටුවන් - උඩරට නැටුම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වෙස් නැටුම[සංස්කරණය]

වෙස් නැටුම පැවත එන්නේ පුරාණ ශාන්තිකර්ම චාරිත්‍රයක් ලෙසය. මෙය කොහොඹ යැකුම හෝ කොහොඹා කංකාරිය වේ. මෙම නර්තනය පුරුෂ පක්ෂය විසින් පමණක් භාවිතා කෙරේ. මෙහි අනර්ඝ ඇදුම් කට්ටලය, විශේෂයෙන් හිස් ආවරණය ‍කොහොඹා දෙවියන් වෙනුවෙන් වන පූජනීය එකක් ලෙස සැලකේ. කංකාරියෙන් පිටත නර්තනයේ යෙදීමට නර්තන ශිල්පීන්ට අවසර ලැබුනේ 19 වන ශතවර්ෂයේ දී දළඳා පෙරහැර කාලයේ කංකාරිය පන්සලේ දීය. වර්තමානයේ මෙම අගනා ඇදුම් කට්ටලය උඩරට නර්තන ශිල්පීන්ගේ ප්‍රතිමූර්තියයි.

නයියන්ඩි නර්තනය[සංස්කරණය]

මෙම නර්තන ශිල්පීන් රංගනයේ යෙදෙන්නේ කොහොඹා කංකාරියේ මුලික අවස්ථාවේ දීය. පහන් දල්වන අවස්ථාව හා යකුන් වෙනුවෙන් ආහාර පිළියෙල කරන අවස්ථාව වලදී ය. නර්තන ශිල්පීන් පබළු වලින් සකසන ලද සුදු ඇඳුමක් ඔවුන්ගේ උඩුක‍යේ පළඳින අතර, බඳ පටියක්, බෙල්ලේ පබළු දැමු මාලයක්, රිදී මාල, පිත්තල උරහිස් පලඳනා හා වලලුකර පලඳනා භාවිතා කරයි. කතරගම දේවාලයේ විෂ්ණු දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පුජා උත්සව වලදී මෙම නර්තනය දැකගත හැකිය.


උඩැක්කි නර්තනය[සංස්කරණය]

මෙම නර්තනය ගෞරවනීය වෙයි. එහි නම වන උඩැක්කි සෑදි ඇත්තේ කුඩා අත්බෙරයක් වන හෝරා යතුරක ආකාරයෙන් යුතු අඟල් 7 ½ පමණ උස දෙවියන් විසින් දෙන ලදැයි විශ්වාස කරන බෙරයකිනි. උඩැක්කිය වයන කුඩා ලී කැබලි දෙක ඊශ්වර දෙවියන් විසින් දෙන ලදැයි විශ්වාස කරති. සංගීතය විෂ්ණු දෙවියන් දෙන ලදැයි කියති. මෙය නිර්මාණය කර ඇතැයි කියන්නේ ශක්‍ර දෙවියන්ගේ උපදෙස් මතය. වාදනය කර ඇත්තේ දෙවි විමාන වලය. උඩැක්කිය වාදනය කිරීමට අපහසු භාණ්ඩයක් වන අතර, නර්තන ශිල්පීයා මෙය වාදනය කරන අතරේ ගායනයෙහිද යෙදේ.

පන්තේරු නැටුම[සංස්කරණය]

පන්තේරු පත්තිනි දෙවියන් උදෙසා තැනුණ එකකි. මෙය කුඩා දිග බෙරයක් ආකාරයෙන් තැනුණු එකක් වෙයි. එහි වටප්‍රමාණයට අතරින් පතර කුඩා සිම්බල් අල්ලා ඇත. මෙහි නර්තනය සිද්ධාර්ථ කුමාරයාගේ දවස පටන් පැවත එතැයි කියති. දෙවියන් මෙය යුද්ධ ජයග්‍රහණ සැමරීමට යොදා ගෙන ඇත. සිංහල රජවරුන් පන්තේරුකරුවන් යුධ බිමෙහි ජයග්‍රහණය සඳහා යොදා ගෙන ඇත.


වන්නම්[සංස්කරණය]

වන්නම් පුරාතන සිංහල ලේඛනවල සටහන් වී ඇත්තේ ගායනයට පමණක්ය. පසුව එය තනි පුද්ගල නර්තනයට ද ඇතුලත් විය. පුරාතනයේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු නර්තනයට හා සංගීතයට නොමද සහයක් ලබා දී ඇත. ඒ කාලයේ කවිකාර මඩු වලදී ගීත හා කවි ගායනා කර ඇත. වන්නම් හි අඩංගු සිද්ධාන්ත 18 පුරාණ ගණිතාලංකාරයෙන් පැවත එන බැව් කියති. වන්නම් පැවත එන්නේ ඉතිහාසය, පරිසරය, පුරාවෘත්ත, ගැමි ඇඳහිලි, ගැමි කලාව, පුරාණ දැනුම ආශ්‍රයෙනි. ප්‍රසිද්ධ වන්නම් 18 කි. එනම් ගජගා, තුරඟා, මයුර, ගහක , උරගා, මුසලාඩි, උකුස්සා, වෛරෝඩි, හනුමා, සැවුලා, සිංහරාජ, නාග, කිරල, නෛයඩි, සුරපති, ගනපති, උඩුහර සහ අසර්දෘශ්‍ය වේ. මෙයට අමතරව සමනල බෝ සහ හංස වන්නම ඊ‍ට පසුව එකතු කරන ලදී. වන්නම් නර්තනයට කොටස් 7 ක් අඩංගු වේ.