ඊශ්‍රායල - ලෙබනන ගැටුම

විකිපීඩියා වෙතින්

2006 ඊශ්‍රායල - ලෙබනන ගැටුම[සංස්කරණය]

2006 ජුලි මාසයේ දී , ඊශ්‍රායලය හමුදාභටයන් තිදෙනෙකු ඝාතනය වීම සහ තවත් දෙදෙනෙකු සිරකරැවන් ලෙස රදවා ගැනීමට විරැද්ධව හිස්බුල්ලා සංවිධානය විනාශ කර දමනු වස් ඊශ්‍රාලය විසින් දකුණු ලෙබනනය ආක්‍රමණය කරන ලදි. පුරා මසක් පමණ පැවතී මෙම ගැටුම 845 – 1300 අතර ලෙබනන් ජාතිකයන් මරණයට පත්කළ අතර ඊශ්‍රායල ජාතිකයන් 163ක් (හමුදා සෙබළුන් 119 හා සාමාන්‍ය ජනයා 44 ලෙස) ද මරුමුවට පත් කළ අතර ඊශ්‍රායල හා ලෙබනන ජාතිකයන් දහස් ගණනකට තුවාල සිදු කරන ලදී. 2006 අගොස්තු 14 වන දින එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් සම්පාදිත සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශවය කැමැත්ත පළ කරන ලද අතර එය 2006 අගෝස්තු 14 අළුයම 05 සිට ක්‍රියාත්මක විය. ගැටුම ඇති වීමට මුලික හේතුව දීර්ඝ කාලයක් පුරා පැවැති අරාබි - ඊශ්‍රායල ගැටුම වුවත් සාම ගිවිසුමට පෙර ඊශ්‍රායලය ප්‍රකාශ කරන ලද්දේ එය ත්‍රස්තවාදයට එරෙහි සටනක් බවය. ඇ.එ.ජ රජය ද මේ බව සනාථ කර අතර සටන් විරාම ගිවිසුම ඇති කර ගත් දින බුෂ් විසින් කරන ලද කතාවකින් ද ඒ බව නැවත සනාථ කරන ලදී.

2007 ලෙබනන ගැටුම[සංස්කරණය]

ඉස්ලාමීය ස්නනද්ධ සංවිධානයක් වන ෆාටා අල්-ඉස්ලාමීය සංවිධානය හා ලෙබනන් සන්නද්ධ හමුදා අතර 2007 මැයි 20 වන දින ට්‍රිපොලි ට ආසන්න පලස්තීන සරනාගත කදවුරක් වන කා(හ්) ර් අල් බා(ර්)ඩ් හි ඇති ගැටුමකින් පසුව උතුරු ලෙබනනයේ ගැටුම්කාරි තත්වයක් ආරම්භ විය. නාර් අල් බාඩ් අතර ප්‍රධාන වශයෙන් ගැටුම් ඇවිලී ගිය අතර සුළු ගැටුම් තත්වයන් දකුණු ලෙබනනයේ අයින් අල් හිල්වේ ආශ්‍රිතව හටගත් අතර ලෙබනනයේ අගනුවර වන බේරැට් හී ඒ අවට බෝම්බ පිපිරිම් සිදුවීම් කිහිපයක් ඇති විය. මෙම ප්‍රහාර වලට වග කිව යුතු කන්ඩායම් වුයේ අල්කයිඩා ආභාෂය ලබන සන්නද්ධ ජිහාඩ් කණ්ඩායමකි. ගැටුම අතරතුර ඇ.එ.ජ විසින් ලෙබනනයට හමුදා සහය ලබා දෙන ලදී.

2008 ලෙබනනය තුළ කැළඹීම්[සංස්කරණය]

2008 මැයි මාසය වන විට ලෙබනනය තුළ 17 මසක් පුරා පැවැති දේශපාලනික ව්‍යාකූල බව පාලනයක් රහිත බවට පත් විය. නගරයේ සමහර ප්‍රදේශ තුළ හිස්බුල්ලා හා අමල් යන රජයට පක්ෂපාතී තුවක්කුකරුවන් මෙන්ම සුන්නි අනාගත ව්‍යාපාර පක්ෂයට හිතවත් සටන්කාමීන්ද බිහි වන්නට විය. රජයට ඇමරිකා‍වේ සහයෝගය ලැබුණු අතර ¨ෂිට්¨ සන්නද්ධ හමුදා සදහා ආයුධ හා මුදල් සිරියාවෙන් හා ඉරානයෙන් ලැබුණි.



යොමුව[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/War_on_terror#Lebanon

"https://si.wikipedia.org/w/index.php?title=ඊශ්‍රායල_-_ලෙබනන_ගැටුම&oldid=249710" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි