ඉස්ලාමීය විශ්වාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉස්ලාම්

අන්තර්ගතය

Istanbul, Hagia Sophia, Allah.jpg
මුලික විශ්වාසය
අල්ලාහ්

 • තව්හීද්
 • මුහම්මද් නබි
 • දෙවියන්ගේ දුතයා
 • නබිතුමාගේ අවසාන දේශනය


මූල ග්‍රන්තය සහ නිතිය

කුර්ආන්


ඊමාන් (අරාබි: الإيمان‎) යනු ඉස්ලාමයේ විශ්වාසවන්තයින්ගේ ආගමට නැඹුරු විශ්වාසයයි(භක්තිය).[1][2] මෙහි ඉතා සරලම පැහැදිලි කිරීම වන්නේ විශ්වාසයේ කරුණු 6 වේ. මෙය අර්කාන් අල්-ඊමාන් ලෙසද හඳුන්වයි. මෙම කරුණු හයෙන් එකක් හෝ නොපිළිගන්නේ නම් ඔහු සැබෑ මුස්ලිමෙකු නොවේ. ඊමාන් පිලිබඳ පැහැදිලි කිරීමක් කුරානයේ හා සුප්‍රසිද්ධ ජිබ්රීල්ගේ හදීසයේ සඳහන් වේ.[3] කුරානයට අනුව ඊමාන් සමග යහපත් කල්ක්‍රියාද තිබිය යුතුයි. මේ දෙකම එකතු වීමෙන් ස්වර්ගයට පිවිසිය හැක.[4] ජිබ්රීල්ගේ හදීසයේ "ඊමාන්" සමග "ඉස්ලාම්" හා "ඉහ්සාන්" යන ඉස්ලාම් ආගමේ මාන 3 ගැනද සඳහන් වේ. විශ්වාසය හා හේතුවාදය අතර සම්බන්ධය හා සම්බන්ධයේ වැදගත්කම පිළිබඳ ඉස්ලාමයේ ඇතුලත සහ පිටත විවාදයක් පවතී. බොහෝ විද්වතුන් පවසන්නේ විශ්වාසය හා හේතුවාදය එකම ප්‍රභවයෙන් පැමිණෙන අතර එය සුමිහිරි විය යුතුයි.[5]

වචනයේ ඉතිහාසය[සංස්කරණය]

අරාබි භාෂාවේ ඊමාන් යනු විශ්වාසය එසේත් නැත්නම් නොපෙනෙන (අදෘශ්‍යමාන) දේ ගැන විශ්වාස කිරීම.

තේරුම[සංස්කරණය]

ඊමාන් යන්න දෙවියන් හදවතින්ම පිළිගෙන ඔහුගේ ගුණාංග හා ලක්ෂණද පිළිගැනීම ලෙස අර්ථ දැක්විය හැක.[6] හමියුද්දීන් ෆරාහි, ඊමාන්හි අර්ථය ඔහුගේ අර්ථ විවරණයේ සඳහන් කරයි[7]

"ඊමාන් යන වචනයේ මූලය අම්න් වේ. මෙහි අර්ථය විවිධ පැතිවලින් විස්තර කරයි. .[8] මුඃමීන් යනු එම මූලයෙන් ව්‍යුත්පන්නය වන තවත් වචනයකි. දෙවියන් පිහිට පතන අයට සැනසීම ලබා දෙන බැවින් මෙය ඔහුගේ උතුම් නම් වලින් එකක් ලෙස දැක්වේ. මෙම වචනය ඉපැරණි ආගමික වචනයක්ද වේ. නිහතමානිත්වයේ නිසැක බව, සෑම තත්වයකදීම විශ්වාසය හා ආගමට ඇති ඇල්ම 'ඊමාන්' යන වචනයෙන් අර්ථ දැක්වේ. දෙවියන්ට ඇති භක්තියද ඊමාන් ලෙස හඳුන්වයි. ඔහුගේ ලක්ෂණ, ඔහුගේ මගපෙන්වීම් පිළිගෙන ඔහුට යටත් වී ඔහුගේ තීරණවලට ගරු කරන කෙනා මුඃමීන් වේ."

විශ්වාසයේ කරුණු 6[සංස්කරණය]

ඊමාන් යන්න කරුණු 6කින් පැහැදිලි කරයි:

  1. දෙවියන් ගැන විශ්වාසය
  2. මලාඉකාවරු(දේවදූතයෝ)
  3. ශාස්තෘවරු(නබිවරු)
  4. දේව ග්‍රන්ථ
  5. විනිශ්චය දිනය ගැන විශ්වාසය
  6. හොඳ හා නරක සියල්ල දෙවියන් විසින් තීරණය කරන බව

මෙහි මුල් කරුණු කුරානයේ එක් වැකියක සඳහන් වේ.[9] විශ්වාසය පිළිබඳ කරුණු 6 පහත ගේබ්‍රියල්(ජිබ්රීල්) දේවදූතයාගේ හදීසයේ සඳහන් වේ.

"ඊමාන් යනු දෙවියන්, ඔහුගේ දූතයන් ඔහුගේ ග්‍රන්ථ සහ ඔහුගේ ශාස්තෘවරු ගැන හා ඉරණම දෙවියන් තීරණය කරන බව විශ්වාස කිරීමයි.[10]

තවත් සමාන නබිවදනක් වන්නේ:

ඉබ්නු-අබ්බාස් ප්‍රකාශ කරයි, ජිබ්රීල් දේවදූතයා දිනක් නබිතුමාගෙන් "ඊමාන් යනු කුමක්ද?" යැයි විමසුවා. එවිට නබිතුමා "ඊමාන් යනු දෙවියන්, විනිශ්චය දිනය, දේවදූතයන්, දෙවියන්ගේ ග්‍රන්ථ හා ශාස්තෘවරුන් ගැන විශ්වාසය හා මරණින් මතු ජීවිතය විශ්වාසය; ස්වර්ගය හා නිරය ගැන විශ්වාසය හා තමන් කල හොඳ නරක මැනීමට තුලාවක් ඇති බව ; හොඳ හා නරක සියලුම දිව්‍යමය නියමයන් විශ්වාස කිරීම. ඉන්පසු ඔහුගෙන් "මේ සියලු දේ කලොත් මම විශ්වාසවන්තයෙක්ද?" යැයි විමසුවා. එවිට නබිතුමා: "ඔබ මේ සියල්ල තුල ඊමාන්(විශ්වාසය) තැබුවහොත් ඔබ විශ්වාසවන්තයෙක් යැයි පැවසුවා." [11]

ඊමාන්හි පළමු කරුණු 3න් (දෙවියන්, ශාස්තෘවරු හා මරණින් මතු ජීවිතය) අත්‍යවශ්‍ය විශ්වාසයේ කොටස් ලෙසත් පිළිගන්නවා.[12]

කුරානයේ හා හදීස් නිරූපණය[සංස්කරණය]

කුරානයට අනුව ඊමාන් යනු දෙවියන්ගේ කරුණාව සහ දයාව ලබාගැනීමේ ලක්ෂණ වලින් එකකි.[13] කුරානයේ සඳහන් වන පරිඳි දෙවියන් සිහිපත් කිරීම මගින් විශ්වාසය වර්ධනය වේ.[14] සැබෑ විශ්වාසවන්තයෙකුට භක්තිය තරම් ප්‍රිය තවත් දෙයක් නොමැති බවද කුරානයෙ සඳහන් වේ.[15] දෙවියන් ස්වාමියා ලෙසද, ආගම ඉස්ලාම් ලෙසද, මුහම්මද්(ඔහුට ශාන්තිය හිමිවේවා) නබිතුමා වක්තෘවරයා ලෙසද පිළිගන්නා කෙනා භක්තියේ සැබෑ රසය විඳින බව නබිතුමා ප්‍රකාශ කළා.[16] තම දරුවන්, දෙමාපියන් හා නෑදෑයින්ට වඩා නබිතුමාට ආදරය කලේ නැත්නම් ඔහු සැබෑ විශ්වාසවන්තයෙක් නොවන බවද නබිතුමා තවදුරටත් සඳහන් කළේය.[17][18] දෙවියන් හා නබිතුමාට ඇති ආදරය මගින් පුද්ගලයෙකුට භක්තියේ සැබෑ රසය විඳගත හැකි බවද නබිතුමා තවත් අවස්තාවකදී පවසයි.[19][20] කුරානයේ මෙම දයාවේ ස්වභාවය ගැන හොඳ අර්ථකතනයක් අමීන් අහ්සන් ඉසාහි දෙයි.[21]

… මෙය හුදෙක් තමන්ගේ බිරිඳට, දරුවාට හා ඥාතීන්ට ඇති අතිශය ආදරය මගින් පමණක් ඇඟවෙන්නේ නැත. මෙය බුද්ධියේ පදනමට හා අදහස්වල මූලධර්මයට ඇති ආදරයද අඟවනවා. ඒ මෙම ආදරයට පුද්ගලයෙකුගේ ජීවිතයේ සෑම කොනයකින්ම මුල්තැන දෙන බැවිනි. ... එමෙන්ම බිරිඳගේ, ළමයින්ගේ හා ඥාතීන්ගේ ආදරය, දෙවියන්ගේ ආදරය සමග එකිනෙක ගැටෙන අවස්ථාවේදී කිසිම පැකිලීමකින් තොරව බිරිඳගේ, ළමයින්ගේ හා ඥාතීන්ගේ ආදරය ප්‍රතික්ෂේප කරයි.

ඉසාහි හා මවුදිදී යන දෙදෙනාම කුරානයේ 14 වැනි පරිච්ඡේදයේ[22] සඳහන් වන හොඳ වචන හා නරක වචන අතර සැසඳීම අධ්‍යයනය කළා. එය සැබවින්ම විශ්වාසය හා අවිශ්වාසය අතර සැසඳීමකි. කුරානය, ඉතා ගැඹුරට මුල් ඇදී ඇති හා අහස පුරා අතු පැතිර ඇති ගසක් සමග විශ්වාසය ඉතා ආකර්ශනීය අන්දමින් සසඳයි[23] ඊමාන් යනු දෙවියන්ගේ ශාස්තෘවරයා විසින් ආයාචනා කල මාතෘකාවක්ද වේ:

දෙවියනි! මම ඔබට යටත් වූයෙමි, මාගේ කටයුතු සියල්ල ඔබ වෙත භාර කලෙමි, ඔබගෙන් උදවු ලැබුවෙමි. ඔබගේ මහිමයට ගරු කරමි, අපේක්ෂාවකින් ඔබ වෙත ළඟා වෙමි. ඔබගෙන් ඈත් වුවහොත් පිහිටක් හෝ ආරක්ෂාවක් නොමැත, එලෙස (පිහිටක් හෝ ආරක්ෂාවක්) තිබේනම් එය ඔබ සමග ඇත. ස්වාමීනි! දේවවාක්‍ය මගින් ඔබගේ පණිවිඩකරු ලෙස යැවූ ශාස්තෘවරයාගේ විශ්වාසය(භක්තිය) ගැන ප්‍රකාශ කල ඔබගේ පොතේ ඇති විශ්වාසය(භක්තිය) ගැන මා ප්‍රකාශ කළා.[24]

ඊමාන් සඳහා තිබිය යුතු අවශ්‍යතා[සංස්කරණය]

විශ්වාසවන්තෙයෙකු වීමට කුරානය ඇතැම් අවශ්‍යතා ගැන සඳහන් කරන බව ජාවෙඩ් අහ්මඩ් ඝාමිදී කියයි [25] ඊමාන් සඳහා ස්ථිර අවශ්‍යතා වන්නේ:[26]

  1. යහපත් ක්‍රියාව (අ'මල්-ඉ සාලිහ්)
  2. සත්‍ය වෙනුවෙන් එකිනෙකා උනන්දු කරවීම හා ඒ වෙනුවෙන් විශ්වාසවන්තව සිටීමට එකිනෙකා උනන්දු කරවීම.(තවාසි බි අල්-හක් ව තවාසි බි අල්-සබ්ර්)

එලෙසම, ඊමාන් සඳහා අනෙක් අවශ්‍යතාවයන් වන්නේ:

  1. ආගම වෙනුවෙන් සංක්‍රමණය (හිජ්රා)[27]
  2. ආගම වෙනුවෙන් උදවු කිරීම (නුස්රාහ්)[28][29]
  3. යුක්තියට පාක්ෂික වීම (කියාම් බි කිස්ට්)[30][31]...

ඊමානයේ ශාකා 77[සංස්කරණය]

ඊමානයේ ශාකා 77 යනු ඉමාම් බයිහකි ඔහුගේ "ෂු'අබ් අල්-ඊමාන්" කෘතියෙන් සකස් කල එකතුවකි. එම එකතුවේ ඔහු භක්තිය(විශ්වාසය) මෙනෙහි කරන අත්‍යවශ්‍ය ගුණදම් කුරානයේ වාක්‍ය හා නබිවදන් මගින් විස්තර කරයි.

[32][33] මෙය පහත මුහම්මද් නබිතුමාගේ කියමන මත පදනම් වේ:

නබිතුමා ප්‍රකාශ කල බව අබු හුරෙයිරා සඳහන් කරයි, "ඊමාන්හි ශාකා 70වට වඩා ඇත. එයින් අනර්ඝ වන්නේ "ලා ඉලාහ ඉල් අල්ලාහ්"(දෙවියන් හැර තවත් දෙවියෙක් නැත), කුඩාම දෙය පාරේ ඇති අවහිර වන දෙයක්(උදා: ගල් කැටයක්, අත්තක්) ඉවත් කිරීම වේ. හායා(විනීත බව) ඊමානයේ වැඳගත් අංගයකි." [34]

විශ්වාසය හා ක්‍රියාවන්[සංස්කරණය]

ඉස්ලාමයට අනුව විශ්වාසය හා ක්‍රියාවන අතර සමානකමක් ඇත. ෆරාහි මේ ගැන ඔහුගේ තෆ්සීර් හි පහත සඳහන ආකාරයට සඳහන් කරයි:[35]

කුරානයේ බොහෝ පැහැදිලි කිරීම් වල නිවැරදි ක්‍රියාවන් යන්න විශ්වාසය සමගම සඳහන් වේ… විශ්වාසය ගැන කතා කරද්දී එය පහදා දීමේ අවශ්‍යතාවයක් පවතින බව පැහැදිලිය: විශ්වාසය පවතින්නේ හදවතේ සහ බුද්ධියේ වේ. හදවත සහ බුද්ධිය පිලිබඳ කරුණු වලදී කෙනෙකුට යමෙකු රැවටීමට හැකිවෙනවා පමණක් නොව ඔහුවම රවටාගෙන සිටිය හැක. ඔහු තමා මුඃමීන්(විශ්වාසවන්තයා) කෙනෙකු නොවන නමුත් තමා මුඃමීන් යැයි සිතයි. එමනිසා මෙය සනාථ කිරීමට අවශ්‍යතා ඇත: ඒ පුද්ගලයෙකුගේ වචන සහ පුද්ගලයෙකුගේ ක්‍රියාවන් වේ. කෙනෙකුගේ වචන අසත්‍ය නම් ඔහු තුල ඇත්තේ වචනයට පමණක් සීමා වූ විශ්වාසයකි. ඔහු විශ්වාසවන්තයෙක් නොවේ. එමෙන්ම පුද්ගලයෙකුගේ ක්‍රියාවන් මගින්ද ඔහුගේ විශ්වාසය ගැන ප්‍රකාශ වන බව සැලකේ. මක් නිසාද යත් කුරානයේ :ඔබ ඔබගේ දිව සමග විශ්වාසවන්තයෙකු වන්න! ඔබගේ ක්‍රියාවන් සමග විශ්වාසවන්තෙයෙකු වන්න.[36]

ලෙස සඳහන් වේ.

ඉස්ලාමයේ විශ්වාසය හා හේතුව[සංස්කරණය]

ඉස්ලාමයේ හේතුව හා විශ්වාසය අතර සම්බන්ධතාවය ශතවර්ෂ ගණනාවක් ඇදී යන සංකීර්ණ විවාදයකි . ඉස්මායිල් රාජි අල්-ෆාරුකි පවසන්නේ:

මුස්ලිම් නොවන අය ඉස්ලාමයේ මූලධර්ම පිලිබඳ වාද කල හැක. නමුත් ඉස්ලාමය විශේෂයෙන්ම විශ්වාසවන්තයින්ට හා විශ්වාසවන්තයින් වීමට කැමති අයට එහි මූලධර්මවලට විරුද්ධ මතයන් නොපිළිගන්නා ආකාරයට ඉදිරිපත් කරන්නේ නැති බව ඔවුන් දැනගත යුතුය. එය තර්කාන්විතව හා විචාරාත්මක ආකාරයට ඉදිරිපත් කරයි. එය තාර්කික හා පැහැදිලි වාදයන් වලින් සන්නද්ධව අප වෙතට පැමිණේ. එයට අප එකඟ වීම බලාපොරොත්තු වේ. එය අත්‍යවශ්‍ය දෙයකි. පෞද්ගලික මතයන්ට සාපේක්ෂව හෝ එම විෂය සම්බන්ධ අත්දැකීම මත එයට එකඟ නොවීම නීත්‍යානුකූල නොවේ.[37]

කලිමාවන්[සංස්කරණය]

කලිමාවන් අනුගමනය කිරීමද විශ්වාසයේ කොටසකි:

ඊමාන්-ඉ-මුෆස්සිල්[සංස්කරණය]

ඊමාන්-ඉ-මුෆස්සිල් (හෝ විශ්වාසයේ විස්තරාත්මක ප්‍රකාශනය)

මම දෙවියන් හා ඔහුගේ දූතයන්,ඔහුගේ ග්‍රන්ථ, ඔහුගේ ශාස්තෘවරුන් හා විනිශ්චය දිනය ගැන විශ්වාස කරමි. සියලු හොඳ හා නරක හා ඉරණම දෙවියන්ගෙනි. මරණින් මතු ජීවිතයක් ඇති බව නිසැකය

ඊමාන්-ඉ-මුජ්මාල්[සංස්කරණය]

ඊමාන්-ඉ-මුජ්මාල් (හෝ විශ්වාසයේ සාරාංශගත ප්‍රකාශනය)

මා දෙවියන් විශ්වාස කරන අතර ඔහුව ඔහුගේ නම්වලින් හා ගුණාංග වලින් දනිමි. මම ඔහුගේ සියලු විධාන පිලිගනිමි.

සබැඳි පිටු[සංස්කරණය]

තව්හීද්

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ෆරාහි, මජ්මුආ තෆ්සීර්, දෙවන සං. (ෆරාන් පදනම,1998),347.
  2. ෆ්‍රෙඩ්රික් M. ඩෙනී, An Introduction to Islam, තුන්වන සං., පිටුව 405
  3. Quran 2:285
  4. Quran 95:6
  5. Iඉස්ලාහි, අමීන් අහ්සන්. මබාදි තදබ්බූර්-ඉ-හදීස් (tr: හදීස් මූලධර්ම)
  6. ඉස්ලාහි, තදබ්බුර්-ඉ-කුර්ආන්
  7. ෆරාහි, මජ්මුආ තෆ්සීර්, දෙවන සං. (ෆරාන් පදනම,1998),347.
  8. Quran 106:4
  9. Quran 2:285
  10. මුස්ලිම්, අල්-ජාමි‘ අල්-සහිහ්, 22, (අංක. 93).
  11. මුස්නාද් අහ්මද් හන්බල්
  12. Dr. ඉස්රාර් අහ්මද්, හකිකත් ඊමාන්
  13. Quran 33:35
  14. Quran 8:2
  15. Quran 9:24
  16. මුස්ලිම්, අල්-ජාමි‘ අල්-සහිහ්, 38, (අංක. 151).
  17. අල්-බුහාරි, අල්-ජාමි‘ අල්-සහිහ්, 6, (අංක. 15)
  18. මුස්ලිම්, අල්-ජාමි‘ අල්-සහිහ්, 41, (අංක. 169)
  19. අල්-බුහාරි, අල්-ජාමි‘ අල්-සහිහ්, 6-7, (අංක. 16, 21)
  20. මුස්ලිම්, අල්-ජාමි‘ අල්-සහිහ්, 40, (අංක. 165)
  21. අමීන් අහ්සන් ඉස්ලාහි, තස්කියා-ඉ නෆ්ස් (tr: ස්ව පරිශෝධනය), 119
  22. Quran 14:24
  23. අමින් අහ්සන් ඉස්ලාහි, තස්කියා-ඉ නෆ්ස්, 325.
  24. අල්-බුහාරි, අල්-ජාමි‘ අල්-සහිහ්, 45, (අංක. 247)
  25. ඝාමිදී, ජාවෙඩ් අහ්මඩ්. මීසාන් (tr: ඉස්ලාම්, හඳුන්වාදීමක්). අල්-මවුරිද්. 2009
  26. Quran 103:1
  27. Quran 4:97
  28. Quran 61:10
  29. Quran 9:24
  30. Quran 4:135
  31. Quran 5:8
  32. [1]
  33. [2]
  34. සහිහ් මුස්ලිම්
  35. ෆරාහි, මජ්මු'ආහ් තෆ්සීර්, 2වන සං. (ෆරාන් පදනම, 1998), 349.
  36. Quran 4:136
  37. ඉස්මායිල් අල් ෆාරුකි ඉස්ලාම් සහ තවත් ආගම්

අඩවියෙන්බැහැර පිටු[සංස්කරණය]

සැකිල්ල:ඉස්ලාම්

"http://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාමීය_විශ්වාසය&oldid=289072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි