ඉරාක යුද්ධය - ඡන්ද විමසීම හා තාවකාලික ආණ්ඩුව

විකිපීඩියා වෙතින්

ස්ථිරසාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කෙටුම්පත් සැකසීමේ අරමුනින් ජනවාරි 31 දින ඉරාක ජනමතය එරටතාවකාලික ආණ්ඩුව බලයට පත් කර ගත්හ. එසේ වුවත් ඡන්ද විමසීම අතර ප්‍රචන්ඩ ක්‍රියා සිදු වූ අතර සුන්නි ජනතාව ඡන්ද වර්ජනයේ යෙදුනද බොහෝ ‘කුර්දි’ සහ ‘ෂියා’ ජනතාව ඡන්දය ප්‍රකාශ කළහ. පෙබරවාරි 4 වනදා ‘පෝල් වුල්ෆොවිට්ස්’ ප්‍රකාශ කලේ ඡන්ද විමසීමට අවශ්‍ය ආරක්ෂක කටයුතු සඳහා එක්සත් ජනපද සෙබළු 15000කගේ සේවා කාලය දීර්ඝ කර ඇතිබවයි. එහෙත් ඡන්ද විමසීමෙන් පසුව ඔවුන් ඉරාකයෙන් නැවත ගෙන්වා ගන්නා බවද ප්‍රකාශ කළේය. පෙබරවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය අන්නෝන්‍ය අපේක්ෂාවන් හේතු කොට ගෙන ඉතා සාමකාමී ලෙස ගෙවී ගිය අතර එම කාලය නොවැම්බර් සිට ජනවාරි දක්වා තිබූ සංහාරයට සාපේක්ෂව ඉතා සහනදායී කාල පරාසයක් විය මෙම තත්වය හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාරයද දින 70 ක සාමාන්‍යයක සිට දින 30ක සාමාන්‍යයක් දක්වා අවම වී තිබීමද විශේෂත්වයකි.

ත්‍රස්ත ක්‍රියා නවතිනු ඇතැයි ජනතාව තුල තිබූ බලාපොරොත්තු සුනු විසුණු වූයේ එක්සත් ජනපද හමුදාවන් ආපසු සියරට බලා යාමෙන් පසුවය. ඇමරිකාණු ආක්‍රමණයෙන් පසුව ගෙවුණු බිහිසුනුම මාසය ලෙස මැයි මස හැඳින්වේ . මරාගෙන මැරෙන බෝම්බකරුවන් විශ්වාස කලේ ඔවුන්ට ඉරාක,අරාබි, සුන්නි, සිරියානු සහ සවුදි ජාතිකයන් අධෛර්යට පත්කොට ඉරාකයෙන් සම්පුර්නයෙන්ම ඉවත් කල හැකිය යන්නයි. . ඔවුන් ගේ ප්‍රධාන ඉලක්කය වූයේ ෂියා ජනතාව එකතුවන ස්ථානයි. එහි ප්‍රතිඵලයක් ලෙස 700කට අධික ඉරාක සිවිල් ජනතාව මියගිය අතර එක්සත් ජනපද සෙබළු 79ක්ද දිවි පිදුහ.

2005ගිම්හානකාලය තුල ‘බැග්ඩෑඩ්’ සහ වයඹ දිග ඉරාකයේදී ගැටුම් දැකගත හැකිවියන. එක්සත් ජනපද බලකායන් සිරියානු දේශසීමා වලින් ඈතට බලය තහවුරුකර ගැනීමට සිදු කල මෙහෙයුම් ගැටුම්වලට මුල්විය. මෙම ගැටුම් දේශසීමාව හා අගනුවර අතර ප්‍රදේශවල සහ දේශසීමාව අසල ශරත් සෘතුව තෙක් ඇවිලිණි.

ඔක්තෝම්බර් මස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මත විමසුමකින් දෙසැම්බර් මසදී ජාතික සභාව පත් කරගත හැකිවිය.

2005 ත්‍රලදී ත්‍රස්ත ක්‍රයා ඉහල ගිය අතර සිද්ධීන් 34,131 ක් වාර්තා වූ අතර පෙර වසරේදී එම ප්‍රමානය 26496 ලෙස වාර්තා විය.


2006 සිවිල් යුද්ධය හා ඉරාක ස්ථාවර ආණ්ඩුව[සංස්කරණය]

2006 ජුනි මසදී ‘නූරිඅල්-මලිකි’ සහ ‘ජෝජ්.ඩබ්ලිව්. බුෂ් අතර හමුව


2006 වසරේ මුල්භාගය තුල ආණ්ඩුව නිර්මාණය කිරීමේ සාකච්ජා ,නිකායික ප්‍රචණඩ ක්‍රියා වල වර්ධනය වීම සහ නොනවතින සුළු ප්‍රති ඒකාබද්ධ පිරිස් වල ගැටුම් වලින් පිරී ගියේය. 2006 පෙබරවාරි 22 දා සිදු වූ ‘සමර්රා’ නගරයේ අස්කාරී පල්ලිය තුල සිදු වූ බෝම්බ ප්‍රහාරය වැනි දරුණුතත්වයකට නිකායික ප්‍රචන්ඩ ක්‍රියා වල වර්ධනය හේතු විය.මෙම ප්‍රහාරය සිදු වූ පල්ලිය ‘ෂියා’ මුස්ලිම් භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික ස්ථානයක් වන අතර ඉරාකයේ සිටින ‘අල්කයිඩා’ සාමාජිකයන් විසින් සුදු කල ප්‍රහාරයක් ලෙසට මෙය විශ්වාස කෙරේ.කෙසේ වුවත් මෙහිදී ජීවිත හානි කිසිවක් සිදු නොවූවද පල්ලියට හානි සිදු විය. ප්‍රහාරය දින කිහිපයක සිට පැවතුණු ප්‍රචන්ඩ ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙසටද හඳුන්වාදේ. පෙබරවාරි 23 දා වනවිට වෙඩි වැදී මිය ගිය 100කට අධික ප්‍රමාණයක්ද, එය ආසන්න වශයෙන් 165ක් පමණ විය හැකි යැයි සඳහන්ය. මෙම ප්‍රහාර වලින් පසුව බැග්ඩෑඩ් හි දිනකට සිදු වන ඝාතනවල සාමාන්‍යය 11 සිට 33 දක්වා ඉහල ගිය බවට එක්සත් ජනපද හමුදාවන් ගනනය කර ඇත. මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරනය ‘සිවිල් යුධ තත්වයකට’ සමාන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කලහ. ‘ජෝන්ස් හොප්කින්ස්‍’බ්ලුම්බර්ග් පොදු සෞඛ්‍යය පාසල විසින් 2006 දී සිදු කල අධ්‍යනයකට අනුව ඇමරිකානු ආක්‍රමණයෙන් පසුව 601000කට අධික ඉරාක ජනයා මියගොස් තිබෙන බවට ඇස්තමේන්තු කර ඇත. ‘අල්අස්කාරී’ පල්ලියේ සිදු වූ ප්‍රහාරය ‍ෙතක් 365000 කට අධික ඉරාක ජාතිකයන් මියගොස් ඇති බවත්, ඉරාක සරණාගතයන්ගේ ප්‍රමානය මිලියන 1.6 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වූ බවත් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන මහකොමසාරිස් කාර්යාලයද ඇස්තමේන්තු කර ඇත.

ඉරාක ජාතික සභා අනුමැතිය අනුව 2006 මැයි 20 වනදා වත්මන් ආණ්ඩුව රාජකාරි ආරම්භ කලහ. 2005 දෙසැම්බර්රයේ පැවති මැතිවරනයේ ප්‍රත්ඵල අනුව එය සිදු විය. නව ස්ථාවර රජයක් පත්කෙරෙන තෙක් පැවතුණු තාවකාලික ආණ්ඩුව විසින් භාරකාර පාලනය සමය ඉත‍ා සාර්ථකව ගෙන ගිය බවට තොරතුරු සඳහන්ය.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Iraq_war#2005:_Elections_and_transitional_government