ඉනි සෛලය
| This article does not cite any references or sources. (අප්‍රේල් 2007) Please help improve this article by adding citations to reliable sources. Unverifiable material may be challenged and removed. |
ඉනි සෛල යනු ද්වීබීජපත්‍රි ශාකයන්හී පත්‍රයන්හී පත්‍රමධ්‍යයෙහි හමුවන සෛල වර්ගයකි. ඒවායේ හරිතලව අඩංගු වන අතර, ඒවා විසින් ෆෝටෝනයන්හී ගබඩා වී ඇති ශක්තිය ප්‍රභාසංස්ලේෂණය ඔස්සේ රසායනික ශක්තිය බවට පරිවර්තනය කිරීම ප්‍රධාන අවස්ථා දෙකකින් යුතු වෙයි; අලෝක-පරායත්ත ප්‍රතික්‍රියා සහ අලෝක-ස්වායත්ත ප්‍රතික්‍රියා යනුවෙනි. ඉනි සෛලයන්හී සිලින්ඩරාකාර හැඩය නිසා හරිතලව විසින් විශාල අලෝක ප්‍රමාණයක් අවශෝෂණය කර ගැනුමට අවකාශ සලසයි. ඉනි සෛල පත්‍ර මධ්‍යයට පහලින් ඇත්තේ සවිවර පත්‍රමධ්‍ය සෛල වන අතර, අවිධි-හැඩැති මෙම සෛල නිසා සමන්විත වන බොහෝ අන්තර්-සෛල අවකාශයන් නිසා, ප්‍රභාසංස්ලේෂණය සිදුවීමට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් (අංගාරිකාම්ල) වායුව චූෂනය වැන්නට මග සලසමින් පොදුවේ වායු ගමනයට ඉඩ සලසයි.මෙම වායුන් හුවමාරුකරගනුයේ පුටිකා උපයෝගී කරගනිමින් හා, ඇපොප්ලාස්ට හෝ සිම්ප්ලාස්ට මාර්ගය ඔස්සේ ශෛලම තුලින් ජලය උත්ස්වේදනය කෙරුමෙනි. ඉනි සෛල ස්ථානගතවී ඇත්තේ පත්‍රයෙහි ඉහළ පෘෂ්ඨය දෙසට වන අතර ශාකයෙහි එක් සෛලයක විශාලතම හරිතලව ප්‍රමාණයක් අඩංගු වන අවස්ථාවට හිමි කම් කියයි. මේනිසා ඒවා ශාකයක පත්‍රයන්හී ප්‍රභාසංස්ලේෂණය සිදුවන ප්‍රාථමික අඩවිය බවට පත් කරයි. ප්‍රභාසංස්ලේෂණයේදී විශාල ආලෝක ප්‍රමාණයක් අවශෝෂණය කර ගත හැකි වන පරිදී ඒවා ඉතා විශාල පෘෂ්ඨීය වර්ගඵලයක් සහිත වෙති.[1]
[සංස්කරණය] ආශ්‍රිත
- ↑ www.nelsonthornes.com/secondary/science/scinet/scinet/plants/cells/palis.htm
| සෛල ජීව විද්‍යාව හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |