ඉන්දියානු ධජය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

India
Tirangā
Flag of India.svg
නාමය Tiranga; Tricolour
භාවිතය ජාතික ධජය National flag IFIS Normal.svg
සමානුපාතිකය 2:3
භාවිතයට ගැනුණේ 22 July 1947
නිර්මාණය තිරස් ත්‍රිවර්ණ ධජය (ඉන්දියානු ඝන කහ, සුදු, ඉන්දියානු කොළ). සුදු මධ්‍යයේ තද නිල් පැහැ ගරාදි 24 කින් සමන්විත චක්‍රය
නිර්මාණය කලේ පිංගලි වෙන්කයියා[N 1]

ඉන්දියානු ධජය සම්බන්ධයෙන් ඉන්දියානු ව්‍යවස්ථාව පහත ආකාරයට විස්තර කර තිබේ."ධජයෙහි ඉහල කොටසෙහි ඝණ කහ (Kesari) වර්ණයෙන්ද ,පහළ කොටස කොළ පැහැයෙන්ද වේ. මධ්‍ය ප්‍රදේශය සුදු පැහැ වන අතර එහි මධ්‍යයේ පිහිටි අශෝක චක්‍රය තද නිල් පැහැයෙන් සමාන පරතරයකින් යුක්ත ගරාදි 24 කින් සමන්විත වේ."[1]වත්මන් ඉන්දියානු ධජය, ඉන්දියානු රාජ්‍යයේ රාජ්‍ය ධජය බවට පිළිගනු ලැබූයේ 1947 ජුලි 22දා පවත්වන ලද ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවෙහිදීය.මෙම ධජය, ඉන්දියාව ජනරජයක් වූ පසුව ද තබා ගනු ලැබිණි.ඉන්දියාවේ "ත්‍රිවර්ණ" යන පදය සෑම විටම ඉන්දියානු ධජය සිහිපත් කෙරේ.මෙම ධජයෙහි පදනම වනුයේ පින්ගලි වෙන්කයියා විසින් නිර්මාණය කරන ලද ඉන්දියානු ජාතික කොංග්‍රසයහි ධජය වන ස්වරාජ් ධජයයි.

ධජය, නීතියට අනුව සෑදිය යුත්තේ මහත්මා ගාන්ධි විසින් ප්‍රකට කරන ලද ක්හාඩි නම් වූ විශේෂයෙන් අතින් නිම වන ලද කපු හෝ සේද රෙදි වර්ගයකිනි.ධජයේ නිමැවුම් ක්‍රියාවලිය හා පිරිවිතරයන් පනවනු ලබන්නේ ඉන්දීය ප්‍රමිති ආයතනයයයි.ධජයේ නිෂ්පාදනයේ අයිතිය දරණු ලබන්නේ ක්හාඩි ප්‍රවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත අධිකාරිය විසින් වෙන් කරන ලද ප්‍රාදේශීය කණ්ඩායමකටයි.කර්නාටක ක්හාඩි ග්‍රාමෝද්යෝග සම්යුක්ත සංහා 2009 හිදී ධජයෙහි තනි නිෂ්පාදකයා බවට පත් විය.

ධජයේ භාවිතය නියම කරනු ලැබුයේ ඉන්දියානු ධජයේ ව්‍ය්වස්ථා සංග්‍රහය විසින් වන අතර රාජ්‍ය ලාංජනයේ නීතීන් ද අදාළ වේ.මූලික ව්‍යවස්ථාව අනුව පෞද්ගලික පුරවැසියන්ට ජාතික දිනයන්හිදී එනම් නිදහස් දිනය(ඉන්දියාව) හා ජනරජ දිනය(ඉන්දියාව) න්හිදී හැර අනෙකුත් දිනයන්හිදී භාවිතා කිරීම තහනම් වී තිබුණි. 2002 හිදී පෞද්ගලික පුරවැසියන්ගේ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව නවීන් ජින්දාල් විසින් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉන්දියානු ආණ්ඩුවට ලද නියෝගයකින් පෞද්ගලික පුරවැසියන්ට ධජය භාවිතය සඳහා ව්‍යවස්ථා සංශෝධනය සිදු විය.පසුව ඉන්දියානු අමාත්‍ය මණ්ඩල සංගමය ධජය සීමිත භාවිතයන් සඳහා ව්‍යවස්ථා සංශෝධනය සිදු කෙරිණි. සංශෝධනයෙහිදී අමතර භාවිත සඳහා එනම් කිසියම් ආකාරයේ ඇඳුම් සඳහා යොදා ගැනීමට 2005 දී ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩ අවස්ථා ලැබුණි.ධජයේ ගඟනාවතරණයෙහි මූලලේඛනය සහ එහි භාවිතයෙහි වෙනත් ජාතික හා ජාතික නොවන ධජයෙහි සම්බන්ධතාවය ධජ ව්‍යවස්ථාවට අනුව පාලනය කරනු ලැබිණි.

ඝන කහ වර්ණයෙන් ධෛර්යය සහ පරිත්‍යාගය නිරූපණය කෙරේ.සුදු වර්ණයෙන් සත්‍ය, සමඟිය සහ පවිත්‍රතාවය ද, කොළ වර්ණයෙන් සමෘද්ධිය සහ අශෝක චක්‍රය මඟින් ධර්මය (ධාර්මිකතාවය) ද නිරූපණය කෙරේ.[2]


මෝස්තරය හා ගොඩනැඟිමේ කරුණු[සංස්කරණය]

ජාතික ධජයේ ප්‍රමාණයන්
ධජයේ ප්‍රමාණය[3] උස හා පළල (mm) අශෝක චක්‍රයේ ප්‍රමාණය (mm)[4]
1 6300 × 4200 1295
2 3600 × 2400 740
3 2700 × 1800 555
4 1800 × 1200 370
5 1350 × 900 280
6 900 × 600 185
7 450 × 300 90[5]
8 225 × 150 40
9 150 × 100 25[5]

ඉන්දියානු ධජ ව්‍යවස්ථාවට අනුව ඉන්දියානු ධජයේ සමානුපාතය 2:3 වන අතර (ධජයෙහි දිග, ධජයෙහි පළලින් 1.5 කි)ධජයෙහි ඉරි ත්‍රිත්වය (ඉන්දියානු ඝන කහ (කේසාරි ව්‍යවස්ථාවේ පරිදි), සුදු සහ ඉන්දියානු කොළ පාට) පළල හා දිග සමාන විය යුතුය. අශෝක චක්‍රයෙහි ප්‍රමාණය ධජ ව්‍යවස්ථාවෙහි නියම වශයෙන් සඳහන් කර නොමැති වුවත්, අශෝක චක්‍රයෙහි සමාන පරතරයකින් යුත් ගරාදි විසි හතරකින් යුක්ත විය යුතුය.[6] 4.3.1 ඡේදයට අනුව "IS1:ඉන්දියානු ධජය සඳහා නිමැවුම් ප්‍රමිතීන්" මේ සඳහා අශෝක චක්‍රයෙහි නව ආකාර ප්‍රමාණ්යන්හි තොරතුරු ඇතුළත් වගුවක් දැක්වේ.[4] ධජ ව්‍යවස්ථාවට අනුව සහ IS1 අනුව අශෝක චක්‍රය ධජයෙහි දෙපැත්තෙන්ම තද නිල් පැහැයෙන් මුද්‍රණය හෝ පින්තාරු කළ යුතුය.[4][6] පහත දැක්වෙනුයේ ඉන්දියානු ධජයේ වර්ණයන්හි ප්‍රබේදනයේ වෙනස්කම් දක්වමින් විශේෂණය කරන ලද ලැයිස්තුවකි.එහිදී තද නිල් පැහැය බහැර කරන ලද අතර 1931 CIE වර්ණ වට්ටෝරුවට අනුව නිම කරන ලද "IS1:ඉන්දියානු ධජයේ නිමැවුම් ප්‍රමිතීන්" අර්ථ දක්වා ඇත.[4] තද නිල් පැහැය ප්‍රමිතියට අනුව IS:1803-1973 ට අනුව නිශ්චය කළ හැක.[4]


වර්ණ භාවිතය 3.1.2.2: [4]
වර්ණය X Y Z දීප්තතාවය
සුදු 0.313 0.319 0.368 72.6
ඉන්දියානු ඝන කහ (Kesari) 0.538 0.360 0.102 21.5
ඉන්දියානු කොළ 0.288 0.395 0.317 8.9

සංකේතනය[සංස්කරණය]

1921 දී ගාන්ධි, ඉන්දියානු ජාතික සභාවට ධජය පිළිබඳව යෝජනා කරනු ලැබිණි. ධජය නිර්මාණය කරනු ලැබූයේ මචිලිපට්නම්හි කෘෂිකාර්මිකයෙක් වන පින්ගලි වෙන්කයියා විසිනි. [7][8]මධ්‍යයෙහි සාම්ප්‍රදායික කටින රෝදය ගාන්ධිගේ අරමුණ වන ස්වකීය ඇඳුම් නිෂ්පාදනය කිරීමට විශ්වාසයක් ඇති ඉන්දියානුවන් තැනීම සංකේතවත් කරයි.මෝස්තරය පසුව වෙනස් කරන ලද අතර එහි සුදු තීරුව මධ්‍යයේ අනෙකුත් ආගමික ප්‍රජාව සහ කටින රෝදය සඳහා පසුබිමක් සපයනු ලැබිණි.දෙවනුව නිකායවාදී සම්බ්න්ධය මඟ හැරීමට වර්ණ තීරු තුනකින් සමන්විත සංකලනය ඝන කහ පාට, සුදු සහ කොළ පැහැය මඟින් ධෛර්යය සහ පරිත්‍යාගය ද,සාමය සහ සත්‍ය ද, භක්තිය සහ වීරත්වය අනුපිළිවෙලින් පෙන්නුම් කෙරේ.

ඉන්දියාවට නිදහස ලැබී දින කිහිපයකට පෙර 194 අගෝස්තු 15 දින, විශේෂයෙන් පත් කරන ලද ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදී සියළු පාර්ශවයන්ට සහ ප්‍රජාවට ධජය පිළිගත හැකි සේ තිබිය යුතු බවට තීරණය කෙරිණි.එම නිසා ස්වරාජ් ධජයෙහි වෙනස් කරන ලද සංස්කරණය තෝරා ගත් අතර ත්‍රිවර්ණයන් එනම් ඝන කහ පැහැය, සුදු සහ කොළ පැහැය එලෙසම රඳවා ගැනිණි. කෙසේ වුවද චාකා වෙනුවට අශෝක චක්‍ර්‍රය යොදා ගනිමින් නීතිය සදාකාලීන චක්‍රයක් බවට නිරූපණය කෙරිණි.දර්ශනවාදියෙකු වන සර්වපාලී රාධක්‍රිෂ්ණන්, පසුකාලීනව පළමු ඉන්දියානු උප ජනපති සහ දෙවන ඉන්දියානු ජනපති, ධජයෙහි තිබිය යුතු ලක්ෂණ මෙසේ පැහැදිලි කළේය. [9]

භග්වා හෝ ඝන කහ පාට පැහැයෙන් ප්‍රතික්ෂේපය හෝ පරාර්ථකාමි බව පෙන්නුම් කෙරේ. අපගේ නායකයෝ මධ්‍යස්ථ විය යුතු අතර භෞතික ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කර ඒවා ඔවුන්ගේ වැඩ කටයුතු සඳහා වෙන් කළ යුතුය.මධ්‍යයේ පිහිටි සුදු වර්ණයින් ආලෝකය පිලිඹිබු වන අතර එය අපව සත්‍යයේ මඟට අපව යොමු කෙරේ.කොළ පැහැයෙන් පෙන්නුම් කෙරෙන්නේ අපගේ බිමෙහි සම්බන්ධතාවය, අපගේ ශාක සමඟ ඇති සම්බන්ධතාවයන් වන අතර අපගේ සියළු ජීවිත රැකෙන්නේද ඒවා නිසාය.සුදු මධ්‍යයේ පිහිටි "අශෝක චක්‍රයෙන්" ධර්මතාවය පෙන්නුම් කෙරේ.යථාර්තය හෝ සත්‍ය, ධර්මය හෝ සදාචාරය මෙම ධජය මඟින් පාලනය වන ප්‍රතිපත්තීන් වේ.එසේම චක්‍රය මඟින් ක්‍රාන්තිය අඟවනු ලැබේ.මරණයේ නිසල බව පෙන්නුම් කෙරේ.ඉන්දියාව තව දුරටත් බාධාකාරී විපර්යාසයක් නොව ඉදිරියට ගමන් කරන සංචලනයක් විය යුතුය.චක්‍රයෙන් පෙන්නුම් කෙරෙන්නේ ක්‍රියාශීලි සාමකාමි වෙනසයි.[3]

ඉතිහාසය[සංස්කරණය]

19 වන සියවසේදී ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව තිබුණි.එම අවධියේදී ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමීන් විසින් විවිධ රාජකීය අවස්ථා සඳහා විවිධ මෝස්තර වලින් යුත් ධජ බොහෝ ගණනක් භාවිතා කර තිබුණි. 1857 කැරැල්ල හේතුවෙන් ස්ථාපනය කරන ලද බ්‍රිතාන්‍ය ආධිපත්‍යට අනුව එක් ධජයක අවශ්‍යතාවයේ අදහසක් ඉන්දියාව පාලනය කරන බ්‍රිතානන්‍ය ආණ්ඩුකාරවරුන්ට ඇති විය.ඉන්දියාවේ තරුව(ධජය) නිර්මාණය, අපරදිග වංශාවලි ප්‍රතිපත්ති පදනම් කර ගත් හෙයින් අනෙකුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ගේ එනම් කැනඩා හා ඕස්ට්‍රේලියා ධජයන්ට සමානත්වයක් පෙන්නුම් කෙරිණි.එක්සත් රාජ්‍ය ධජයෙහි ඉහළ වම් කොටසේ නිල් ධජය ද ඉන්දියානු තරුව රාජකීය කිරුළෙහි වැස්මෙන් සම්පූර්ණ වී දකුණු මධ්‍යයේ පිහිටා තිබේ.ඉන්දියාවේ විසඳිය යුතු කරුණු සඳහා ඉන්දීය තරුව නමින්, වික්ටෝරියා රැජින විසින් ඉන්දියාවේ ඉන්දියානු ගෞරවනීය කටයුතු වල ආධිපත්‍ය හෙබවීමට ඉන්දියාවේ තරුව ලෙස හැඳින්වූ නයිට් අධිපති තනතුරක් නිර්මාණය කරන ලදී.පසුව සියලු ඉන්දියානු රාජකීය අවස්ථා සඳහා ධජය යුරෝපීය වංශාවලිය පිලිබඳ සංකේත යොදා ගනිමින් වෙනස් කර ධජය එසවීමට අවස්ථාව ලැබිණි. [10][11][12]

A British blue Ensign (a blue flag with the Union Jack placed at the top left corner) charged with the Star of India (five pointed star inside a circular band tied at the bottom)
බ්‍රිතාන්‍ය ඉන්දියා ධජය, 1858–1947

20 වන සියවසේ මුල් භාගයේදී එනම් VII වන එඩ්වර්ඩ් රජතුමාගේ රාජාභිෂේකය සමයේ අධිරාජ්‍යය සංකේතවත් කරමින්, ඉන්දියානු අධිරාජ්‍යයේ සංකේතය නියෝජනයේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ විය.ඉන්දියානු මහජන කටයුතු සේවයේ නියුතුව සිටි බ්‍රිතාන්‍ය සාමාජික විලියම් කෝල්ඩ්ස්ට්‍රීම් රාජ්‍යයේ තරුව, අධිරාජ්‍යයේ සංකේතය නිරූපණය කෙරෙන්නක් බවට පත් කිරීමට ප්‍රයත්නයක් දියත් කළේය. එහිදී ඔහු පොදු මතය හා අදාළත්වය පිළිබඳ සැළකිලිමත් විය.ඔහුගේ යෝජනාව ප්‍රශංසනීය ලෙස ආණ්ඩුව පිළි නොගත් අතර කර්සන් අධිපති විසින් එය ප්‍රතික්ෂේප කරන ලද්දේ ධජ ප්‍රමාණය වැඩි වීම යන ප්‍රායෝගික හේතුව නිසාවෙනි.[13]මේ කාල වකවානුවේදී ඉන්දියාවේ ජාතිවාදීන්ගේ අදහස වූයේ ආගමික චාරිත්‍ර නිරූපණය කිරීමටය. සංකේත සඳහා ඇතුළත් වූයේ ගනේශ,අධිනීතිඥ බල් ගන්ධාර් ටිලක් Bal Gangadhar Tilak , කාලි , අධිනීතිඥ ඔරෝබින්ඩෝ ගෝෂ් සහ බන්කිම් චන්ද්‍ර චත්තෝපාද්‍ය. අනෙකුත් සංකේතය වූයේ ගවු මාතා (එළදෙන).සියළුම සංකේතයන් හින්දු සංකේත වන අතර මුස්ලිම් ජනයා සංකේතවත්ව යෝජනා වී නොතිබුණි. [14]

1905 බෙංගාලයේ බෙදුම හේතුවෙන් නව ධජයක් හඳුන්වා දී රට තුළ විවිධ ජාතීන්ගේ එක්සත් බව රැක ගැනීමට හැකි විය. වන්දේ මාත්‍රම් ධජය, කොටසක් ස්වදේශීය ගමන බ්‍රිතාන්‍යයට එරෙහිවූ අතර ඉන්දියානු ආගමික සංකේත නිරූපණය කරමින් අපරදිග මෝස්තයට හැඩ ගැන්වී තිබුණි.ත්‍රිවර්ණ ධජයෙහි කොළ පැහැ පටියෙන් නෙළුම් මල් 8 කින් සමන්විත වූ අතර එය පළාත් 8 නිරූපණය කෙරිණි.ඉර සහ අඬසඳ පහළ රතු පටියෙන් ද, බන්දේ මාත්‍රම් නම් සටන් පාඨය හින්දි භාෂාවෙන් කහ පටියේ මධ්‍යයේ සඳහන් වී ඇත. ධජය කල්කටාවේදී කිසියම් උත්සවයකදී එලි දක්වා ඇති අතර පුවත්පත් වලින් කෙටියෙන් හඳුන්වා දී තිබේ. ධජය වර්තමාණ ආණ්ඩුවේ හෝ දේශපාලනික වාර්තා වල සඳහන් නොවූව ද, ඉන්දියානු ජාතික සභාවේ සැසි වාර වලදී භාවිතා වේ. මඳක් වෙනස් කළ සංස්කරණය පසුව බිකාජි කාමා මහත්මිය විසින් ස්ටුඩ්ගාඩ්හි පැවති දෙවන සමාජවාදී ජාත්‍යන්තර හමුවේදී භාවිතා කෙරෙණි. ධජයේ විවිධ භාවිත සීමා වී තිබෙනුයේ එය ඉන්දීය ජාතීන්ගේ උද්යෝගය ඇති කිරීමට නොහැකි වී ඇති හෙයිනි.[15]

Bhikaiji Camaබිකයිජි කාමා විසින් Vande Mataram වන්දේ මාත්‍රම් ධජය 1907 දී ඔසවන ලදී

ඒ කාල සීමාවදේදීම ධජය සඳහා තවත් යෝජනාවක් ප්‍රතිසංස්කරණවාදියෙකු වන ස්වාමි විවේකන්දගේ ශිෂ්‍යාවක වන කන්‍යා සහෝදරිය නිවේදිතා ඉදිරිපත් කළාය. ධජයෙහි මධ්‍යයේ අකුණක් සහ දාරයේ පහන් එකසිය අටකින් ද,වන්දේ මාත්‍රම් නම් ශීර්ෂ පාඨය අකුණ වටේ සඳහන් වී තිබිණි. එයද 1906 දී ඉන්දියානු ජාතික සභාවේදී ඉදිරිපත් කෙරිණි.[16] තවත් විවිධ යෝජනා ඉදිරිපත් වුවත් ජාතිවාදීන්ගේ අවධානයට ලක් නොවුණි.1916 දී මධුරාසි පාලන පෙදෙසෙහි ශේෂ්ඨාධිකරණ සභික අරමුදලින් සාදන ලද ග්‍රන්ථයක පිංගලී වෙන්කයියා විසින් නව මෝස්තර තිහක් ඉදිරිපත් කර තිබුණි.මෙම යෝජනා සහ නිර්දේශ ධජයේ ඉදිරි ගමන ප්‍රාණවත් කෙරිණි.එම වර්ෂයේදීම ඇනී බේසන්ට් සහ බාල් ගන්ධාර් තිලක් විසින් නව ධජයක් සාදන ලද්දේ ඉන් කොටසක් ඉන්දියානු ස්වදේශීය නීති ව්‍යාපාරයේ ලෙසට්ය. ධජයෙහි ඉහළ ව්ම් කෙළවරෙහි එක්සත් අධිරාජ්‍යයේ ධජය ද,ඉහළ දකුණු කෙළවරෙහි තරුව සහ අඬසඳ ද, පහළ දකුණු කෙළවරෙහි සිට විකර්ණී ලෙස විදහා පෙන්වන තරු හතක් ද, පසුබිමෙහි රතු පටි පහක් හා කොළ පටි හතරක් එකක් හැර එකක් වන ආකාරයෙන් සමන්විත වී තිබේ. මෙම ධජය පළමු රාජ්‍ය විරෝධය මුල් පිරීමක් ලෙස සළකා කෝවයි නඩුකාරතුමා එහි භාවිතය තහනම් කරන ලදී. මෙම තහනම යොදා ගන්නා අවස්ථා හා ජාතික ධජයේ වැදත්කම පිළිබඳ මහජන විවාද සඳහා තුඩු දුන් හේතුවක් විය. [17]

A tricolour flag of white, green and red with a spinning wheel in the centre
ගාන්ධිගේ ධජය, 1921 දී සම්මන්ත්‍රණ සභා රැස්වීමේදී හඳුන්වා දෙන ලදී.[18]

1920 මුල් භාගයේදී ජාතික ධජය පිළිබඳ බොහෝ සාකච්ඡා වලට ලක් වූයේ බ්‍රිතාන්‍යය යටත් ව්ජිතයන් බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය සමඟ සාම ගිවිසුම් වලට එළඹීමත් සමඟය. 1920 මුල් භාගයේදී ඉන්දියානු නියෝජිත මණ්ඩලයට ජාතික ගිවිසුම අනුව ඉන්දියානු ධජයක් භාවිතයේ අවශ්‍යතාවක් පැන නැඟුනු අතර මෙය බ්‍රිතාන්‍ය-ඉන්දියානු ආණ්ඩුවට ධජය ජාතියේ සංකේතයක් බවට ප්‍රාණවත් කර සෑදීමට පෙළඹ්වීමක් ද විය. 1921 අප්‍රියෙල් මස මොහන්දාස් කර්මචාන්ඩ් ගාන්ධි විසින් තරුණ ඉන්දියාව නම් සඟරාවේ ලියනු ලැබුවේ ඉන්දියානු ධජයක අවශ්‍යතාවයත්, යෝජනා කරනු ලබන ධජයෙහි මධ්‍යයේ චක්‍රය හෝ කටින රෝදයක් පිලිබඳවය.[19] තවද එහි කටින රෝදය කරළියට ගෙනාවේ ලාලා හන්සරාජ් වන අතර ගාන්ධි විසින් වෙන්කයියා වෙත මෝස්තරයට කටින රෝදය හා රතු, කොළ පටි යොදා නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. රතු පැහැයෙන් හින්දු ආගමිකයන් ද, කොළ පැහැයෙන් මුස්ලිම් ආගමිකයන් ද වේ.ගාන්ධිතුමා හට එම ධජය සභා වාරයේදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවත් නියමිත කාලයේදී නොලැබීම හේතුවන් වෙනත් ධජයක් එහිදී යෝජනා විය.ගාන්ධිතුමා පසුව ලියා තිබුණේ පමා වීම බලාපොරොත්තු නොවුවක් වුවත් අනෙකුත් ජාතීන් ඉන් නිරූපණය නොවූ බව වටහා ගත් බවත්ය. ඉන් පසුව ඔහු සුදු පැහැය යොදා ගනිමින් අනෙකුත් ජාතීන් නිරූපණය කළේය.අවසානයේදි ආගමික හා දේශපාලනික සංවේදී ධජයක් නිර්මාණය කළ අතර පසුව ඔහු එය අනාගමික අර්ථ කථනයක් නිරූපනණය වන සේ රතු පැහැයෙන් මිනිසුන්ගේ කැප කිරීම ද, සුදු පැහැයෙන් පවිත්‍රතාවය ද, කොළ පැහැයෙන් බලාපොරොත්තුව ද නිරූපණය කෙරෙණි.[20]

1923 අප්‍රියෙල් 13 දින නාග්පූර් පළාත් සභාවෙහි ස්වේච්ඡා සේවක අනුස්මරණ පෙරහැරේදී ජාලියාවාලා බග් මසාක්හි, වෙන්කයියා නිර්මාණය කරන ලද ස්වරාජ් ධජයේ කටින රෝදය සහිත ධජය ඔසවන ලදී.එහි ප්‍රතිඵලයක් වශයෙන් සභිකවරුබන් සහ පොලීසිය අතර ගැටුමක් ඇති වී පුද්ගලයන් පස් දෙනෙකු සිර ගත වීමට සිදු වීමය. සියයකට අධික විරෝධතාකරුවන් රැස්වීම අවසානයේ විරෝධතාවය පළ කළහ. පසුව මැයි පළමු වනදා නාග්පූර් පළාත් සභා ලේක්ම් ජම්නලාල් බජාජ් ධජයේ සත්‍යග්‍රහය නමින් ජාතියේ අවධානය ධජයේ වෙනසක් කරා ගෙන ගියහ. සත්‍යග්‍රහ වර්ධනයත් සමඟ ව්‍යාපාරය ඇතුලත බෙදීමක් සිදු විය. එනම් ගාන්ධිගේ පාර්ශවය සහ ස්වරාජ් පාර්ශවය ලෙසටය.අවසානයේදී සියළු සභිකයින්ගේ රැස්වීමක් ජුලි මාසයේදී පවත්වනු ලැබිණි. එහිදී ජවහර්ලාල් නේරු සහ සරෝජනී නායිදු මුල් වී ධජ ව්‍යාපාරයකට අනුමත කළහ.ධජයේ ව්‍යාපාරය පාලනය කරනු ලැබූයේ සාරදා වල්බායි පටෙල් වන අතර එහි පෙන්නුම් වුයේ මහජන සහභාගිත්වය සහ සාමාන්‍ය ජනතාවයි. අවසානයේදී මිනිසුන් 1500 ක් බ්‍රිතාන්‍ය-ඉන්දියාවට විරුද්ධව අත් අඩංගුවට ගැනිණි. ධජ ව්‍යාපාරය පාලනය කරනු ලැබුයේ සාරද වල්ලබ්බායි වන අතර සාමාන්‍ය ජනතාව විසින් මහජන පෙරහැරකදී එය ඉදිරිපත් කරන ලදී.බොම්බේ ක්‍රෝනිකල් වාර්තාකරණයට අනුව මෙම ව්‍යාපාරය ගෙන ගියේ සමාජයේ සිටින ගොවියෝ, ශිෂ්‍යයෝ, වෙළෙන්දෝ, කම්කරුවෝ, සහ රාජ්‍ය සේවකයෝය.මේ අතරතුරදී මුස්ලිම් සහභාගිත්වය සාමාන්‍ය තත්වයක පැවති අතර සාමයේ ව්‍යාපාරයට කාන්තා දායකත්වය අවම මට්ටමක පැව්තුණි.[21]

A tricolour flag of saffron, white and green with a spinning wheel in the centre
ස්වරාජ් ධජය, 1931 දී නිළ වශයෙන් සම්මේලනයකදී තෝරා ගන්නා ලදී. [22]

ගාන්ධි විසින් ධජය පිළිබඳ ආන්දෝලාත්මක හා ප්‍රවේගකාරී ලිපි ලියා පල කිරීමත් සමඟ ඒ සඳහා දේශපාලනික පිළිගැනීමක් නාග්පුර් සිද්ධියත් සමඟ ඇති විය.පුවත්පත් වාර්තා, කතුවැකි සහ ලිපි කතෘ විසින් විවිධ සඟරා වල ප්‍රකාශ කරන ලද අතර එහිදී ධජය හා ජාතියේ සම්බන්ධතාවය මනා ලෙස ඔප්පු කර ඇත. ජාතික ධජයේ ගෞරවනීයත්වය ආරක්ෂා කිරීම යන සංකල්පය නිදහස් සටනේ අඛණ්ඩව ගෙන යාමට රුකුලක් විය.මේ අතරතුරේදී මුස්ලිම් පිරිස පරික්ෂාකාරී ලෙස ස්වරාජ් ධජය ගැන සළකා බැලූ අතර එහිදී මුස්ලිම් නායකයින්ගේ සම්මේලනය කිලාෆැට් ව්‍යාපාරය විසින් එය ජාතික ධජය ලෙස පිළිගැනුණි.ජාතික ව්‍යාපාරයට අගුණ කියන්නෙක් වන මොතිලාල් නේරු ක්ෂණිකවම ස්වරාජ් ධජය ජාතික එකමුතුකමේ සංකේතයක් ලෙස පිලිගැනිණි.මේ ආකාරයට ඉන්දියානු සමාජය තුළ ධජය වැදගත් නිර්මාණයක් බවට පත් විය. අතීතයේදී අසමානතාවයට විරෝධතාවය දක්වන ලද බ්‍රිතාන්‍ය ඉන්දියානු රජය වැදගත් විචාරණයක් නව ධජය සඳහා ලබා දුන් අතර ඒ සඳහා ප්‍රතිපත්තීන් හඳුන්වා දෙන ලදී.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ධජයේ පොදු භාවිතය පිළිබඳව, බ්‍රිතාන්‍ය නියමයන්ට අනුව, බ්‍රිතාන්‍ය ඉන්දියානු රජයට කියා සිටියේ නඟර සභා වලට අරමුදල් ආපසු දෙන ලෙස සහ දේශීය රජයට ස්වරාජ් ධජය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව දෙන ලෙසත්ය.[23] ස්වරාජ් ධජය නිළ ධජය බවට 1931 සමුළුවේදී පත් විය.පසුව ධජය නිදහස් ව්‍යාපාරයේ සංකේතයක් බවට පත් විය.[24]

A postage stamp, featuring a fluttering Indian flag above the word "INDIA". At left is "15 AUG. 1947" and "3½ As."; at right is "जय हिंन्द" above "POSTAGE".
ඉන්දියානු ධජය, නිදහස් ඉන්දියාවේ පළමු මුද්‍රණය,1947 නිකුත් කරන ලද අතර විදේශීය ගණුදෙනු සඳහා භාවිතා කෙරෙණි.[25][26]

1947 අගෝස්තු මස ඉන්දියාවට නිදහස ලබා ගන්නා ලද අතර විධායක සභාව පිහිටුවන ලදී.1947 ජුනි 23 දින නිදහස් ඉන්දියාවට ධජයක් තෝරා ගැනීමට මේ සඳහාම කමිටුවක් පත් කරන ලද අතර එහි ප්‍රධාන සාමාජිකයින් ලෙස රජේන්ද්‍ර ප්‍රසාද් සහ මවුලානා ආබුල් කලම් අසාද්, සරෝජිනි නයිදු, සී. රාජගෝපාලචාරි, කේ.එම්. මුන්ශි සහ බී.ආර්. අම්බේකාර්ය. 1947 ජුලි 14 වන දින ජාතික ධජය, යෝග්‍ය සංශෝධනයන් සමඟ ඉන්දියානු ජාතික සභාව නිර්දේශ කරන ලදී. එය සියළුම පාර්ශවයන් සහ සමාජය විසින් පිළි ගන්නා ලදී.එය ජාතීන් අතර ගැටුමක් ඇති නොවන පරිදිය තීරණය කරන ලදී. [6] සම්මේලන ධජයෙහි ඇති කැරකැවෙන රෝදය වෙනුවට ධර්මචක්‍ර ධර්මය හා නීතිය නිරූපණය කරමින් ධජය සඳහා තෝරා ගන්නා ලදී.කෙසේ වෙතත් නේරු විසින් ධජයෙහි වෙනසෙහි ස්වභාවය, කැරැකැවෙන රෝදයට වඩා ප්‍රායෝගික බවත් එහි සමමිතික බවත් විස්තර කරන ලදී.ගාන්ධි මෙම වෙනසට සම්පූර්ණයෙන් කැමති නොවුවත් අවසානයේදී එය පිළිගැනිණි.ධජය 1947 ජුලි 22 වනදා නේරු විසින් විධායක සභාවේදී ඝන කහ පාට, සුදු සහ තද කොළ පැහැය සමාන කොටස් වලින් යුක්ත විය යුතු බවත් අශෝක චක්‍රය නිල් පැහැයෙන් සුදු පසුබිමේ මධ්‍යයේ පහිටිය යුතු බවත් යෝජනා කරන ලදී.එහිදී නේරු ධජ දෙකක් ඉදිරිපත් කරන ලද අතර එක් ධජයක් ක්හාඩි-සේද සහ අනෙක ක්හාඩි-කපු වලින් නිම වූවන්ය.එහිදී යෝජනාව ඒකමතිකව අනුමත කෙරෙණි.[27] 1947 අගෝස්තු 15 සිට 1950 ජනවාරි 26 දක්වා ජාතික ධජය ලෙස ඉන්දියානු රාජ්‍ය පිළිගත් අතර පසුව ඉන්දියානු සමූහාණ්ඩුව විසින් එය තවදුරටත් ජාතික ධජය ලෙස පිළිගැනිණි.[28]

නිෂ්පාදන ක්‍රියාවලිය[සංස්කරණය]

Lettering written and printed on a canvas strip
ඉන්දියානු ධජයේ ශීර්ෂකය (ප්‍රමාණය 6, date 2007/2008) ISIසහතික කරන ලදී.

ජාතික ධජය සඳහා මෝස්තරය හා නිෂ්පාදන ක්‍රියාවලිය කරනු ලබන්නේ ඉන්දියානු ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන ලේඛන තුනකට අනුකූලවය.සියළු ධජයන් නිර්මාණය කරනු ලබන්නේ ක්හාඩි නම් වූ සේද හෝ කපු රෙදි වලිනි.මෙම ප්‍රමිතීන් නිර්මාණය කරන ලද්දේ 1968 වන අතර 2008 දී යාවත්කාලීන කරන ලදී.[29]නීතියට අනුව ධජයන් ප්‍රමාණ නවයකට ප්‍රමිතීන් සකසා තිබේ.එහි විශාලතම ධජය (6.3 න් 4.2 මීටර(අඩි 21xඅඩි 14)) මහාරාස්ත්‍ර ආණ්ඩුව විසින් මුම්බායි මන්ත්‍රාලය පරිපාලන මූලස්ථාන ගොඬනැඟිල්ලෙහි ඉගිල්වණු ලැබිණි.[30]

1951 හිදී ඉන්දියාව ජනසමූහාණ්ඩුවක් වූ පසු ඉන්දියානු ප්‍රමිති ආයතනය විසින් ධජය සඳහා නිල පිරිවිතරයන් පළ කරනු ලැබිණි. මෙම පිරිවිතරයන් 1964 දී නැවත සංශෝධනය අන්තර්ජාතික ඒකක ක්‍රමය අනුව ඉන්දියාවේදී සම්මත කර ගන්නා ලදී. 1968 අගෝස්තු 17 වනදා මෙම පිරිවිතරයන් තව දුරටරත් සංශෝධනය කරන ලදී.[6]පිරිවිතරයන් විසින් ඉන්දියානු ධජයේ සියළුම අවශ්‍යතාවයන් සැපිරෙන ආකාරයට එන්ම් ප්‍රමාණය, සායම් වර්ණය ,වර්ණයේ අගය, දීප්තතාවය, නූල් සංඛ්‍යාව සහ හණ කඹය.මෙම සියළුම මාර්ගෝපදේශය සිවිල් හා අපරාධ නීතියට අනුගත වන අතර නිෂ්පාදන ක්‍රියාවලියේ වැරදි සඳහා දඬුවම් ලැබීමට, දඩ ගැසීම් සහ බන්ධනාගාර කොන්දේසි වලට යටත් විය යුතුය. [31][32]

ක්හාඩි හෝ අතින් නිපදවන ලද රෙදි පමණක් ධජ නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන අතර වෙනත් රෙදි වලින් නිෂ්පාදනය කරන ලද ධජ, එසවීම අවුරුදු තුනක් දඩ මුදල් සමඟ බන්ධනාගාර දඬුවම් ලැබිය හැකි වරදකි.ක්හාඩි සඳහා අමු ද්‍රව්‍ය ලෙස කපු හෝ සේද හෝ වූල් සීමා කෙරෙන අතර ක්හාඩි වර්ග දෙකක් භාවිතා වේ. පළමු ක්හාඩි රෙදි ධජයේ බඳ සාදන අතර දෙවන ක්හාඩි දුඹුරු පැහැති දළ රෙදි ධජය කණුවෙහි රැඳවීමට භාවිතා වේ. ක්හාඩි දළ රෙදි යොදා ගනිමින් සාම්ප්‍රදායික නොවන ගෙතීමක් සිදු කරන අතර එය නූල් තුනක් යොදා ගනිමින් ගෙතීම සිදු කරයි.මෙම වර්ගයේ ගෙතුම ඉතා දුර්ලභ වන අතර මෙම හැකියාව ඇත්තේ විසි දෙනෙකුටත් වඩා අඩු පිරිසකටය. මෙහි මඟ පෙන්වීමට අනුව සෙන්ටිමීටරයේ කොටුවකට ගැට 150ක් ද, එක් ගෙත්තමකට මැහුම් ගැට හතරක් සහ අඩියක බර ග්‍රැම් 205 ක් නිසියාකාරව තිබිය යුතුය.[6][31][32][33]

(ටයිරැන්ගා)ඉන්දියානු ධජය ඉන්දියාවේ සංකේතයකි.වියන ලද ක්හාඩි රෙදි ලබා ගනුයේ අත් යන්ත්‍ර අංශයන් වන උතුරු ප්‍රදේශයේ කර්නාටකහි ධාර්වද් සහ බගල්කොට් දිස්ත්‍රික්ක වලින්ය. වර්තමාණයේ ඉන්දියාවේ හබ්ලිහි කර්නාටක ක්හාඩි ග්‍රාමයෝග සම්යුක්ත සංහා එකම බලපත්‍ර සහිත නිෂ්පාදන සහ සැපයුම් අංශය වේ.[32] එම නිෂ්පාදන අංශයේ අවසර ගැනීම සඳහා වෙන් කර ඇත්තේ ක්හාඩි සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත අධිකාරිය වන අතර එම ආයතනයට වැරදි භාවිත බලපත්‍ර අහෝසි කිරීමට බලය ඇත.[6] ජාතික ධජය සඳහා අතින් ගොතන ලද ක්හාඩි මූලිකවම නිෂ්පාදනය කරනුයේ ධාර්වද් දිස්ත්‍රික්කයේ ගරාග් නැමැති කුඩා ගම්මානයකය. එම මධ්‍යස්ථානය ගරාග්හි පිහිටවනු ලැබූයේ 1954 දී වන අතර එහිදී ධජ නිෂ්පාදන මධ්‍යස්ථානයට බලපත්‍ර ලබා ගැනුණි.[6]

වරක් වියන ලද ද්‍රව්‍ය ඉන්දියානු ප්‍රමිති ආයතනය වෙත පරීක්ෂාවට යැවිය යුතුය.තත්ව පරීක්ෂාවෙන් පසුව අනුමත කළ ද්‍රව්‍ය නැවත කර්මාන්තශාලාවට යවනු ලැබේ.ඉන් පසුව එය කොටස් තුනකට බෙදන අතර ඒවා නම් සායම් කරන ලද ඝන කහ, සුදු සහ කොළ වශයෙනි.අශෝක චක්‍රය සඳහා සුදු රෙද්දෙහි දෙපැත්තම ස්ටෙන්සිල් හෝ පින්තාරු කිරීම හෝ එම්බ්‍රොයිඩර් කිරීම සිදු කරනු ලබේ. එහිදී චක්‍රය එහා මෙහා පෙනෙන නිසා හා සමමුහුර්ත වන බැවින් පරිස්සම් වීම වැදගත් වේ,අවශ්‍ය විශාලත්වයෙන් යුත් එක් වර්ණයකින් එක් පටියක් වන සේ ගත් පටි තුන එකිනෙකට මසා ගනු ලබන අතර පිරිවිතරයන්ට අනුකූල විය යුතුය.අවසාන නිමැවුම මැද ඇසුරුම් කෙරේ.ඉන්දියානු ප්‍රමිති ආයතනය විසින් පරීක්ෂා කරනු ලබන අතර පසුව විකිණිය හැකි තත්වයට පත් වේ.[31][32]

මූලලේඛය[සංස්කරණය]

Two Indian flags side by side, the first is horizontal with the saffron band at the top, the second is vertical with the saffron band to the left.
ධජයෙහි නිවැරදි සිරස් හා තිරස් සංදර්ශනය

ධජයෙහි ප්‍රදර්ශනය සහ භාවිතය පාලනය කරනු ලබන්නේ ඉන්දියානු ධජ ව්‍යවස්ථාව වන අතර 2002 (ධජ ව්‍යවස්ථාවේ අනුප්‍රාප්තිකයා;-ඉන්දියා ධජ ව්‍යවස්ථාවේ මුල් පිටපත); ලාංජනය සහ නම් (අනිසි භාවිත වැළැක්වීම) දක්වන පනත, 1950; සහ ජාතික ගෞරවනීය නිග්‍රහ කිරීම් වැළැක්වීමේ පනත. [6] ජාතික ධජය හෙළා දැකීම සහ අපහාස කිරීම හෝ ධජ ව්‍යවස්ථාවේ ඇතුළත් නියෝග උල්ලංඝනය කිරීම දඞුවම් ලැබිය හැකි අතර නීතියට අනුව අවුරුදු 3ක් බන්ධනාගාර ගතකිරීමට හෝ දඩ වලට යටත් වීමට හෝ දෙකම සිදු විය හැක.[34] රාජ්‍ය ව්‍යවස්ථාව පවසන ආකාරයට ධජය බිම හෙලීම හෝ වතුරට දැමිම හෝ ඇඳුම් ආකාරයට සාදා ගැනීම නොකළ යුතුය.[6] ධජයෙහි උඩු පැත්ත පහළට යොමු වන සේ හෝ යමක ගිල්වා තැබීම හෝ බඩු එල්ලා තැබීම හෝ නොකළ යුතුය.ධජය තුළ කිසිවක් නොලිව යුතුය.ධජය එළි මහනේ තිබෙන විට උද්යේ සිට හවස් වනතුරු කාළගුණය නොසළකා ඔසවා තැබිය යුතුය.2009ට පෙර ධජය පොදු ගොඩනැඟිලි වල රාත්‍රියේදී ද විශේෂ අවස්ථා වලදී ඔසවා තැබිණි.වර්තමාණයේ ඉන්දියානු පුරවැසියන්ට රාත්‍රියේදී ද ඉගිල් වීමට හැකියාව අති අතර ධජය ඉතා ඉහළ කොඩි ගසක ඔසවා හොදින් දීප්තිමත් කළ යුතුය.[6][35] ධජය වචනයෙන් හෝ ප්‍රදර්ශනය කිරීමේදී හෝ ඉඟිල් වීමේදී උඩු පැත්ත පහළට නොවිය යුතුය.සාම්ප්‍රදායට අනුව ධජය සිරස් අතට පළඳවයි නම් ධජය සම්පූර්ණ්යෙන්ම අංශක 90 ටම නොහැර විය යුතු අතර පොතක පිටුවක් හරවන ආකාරයෙන් එනම් උඩ සිට පහළට ද, වමේ සිට දකුණට ද විය යුතුය.වැරදි ආකාරයට භාවිතය ධජයට අපහාස කිරීමක් සේ සළකනු ලබන අතර කොඩිගස හා කොඩියේ කඹය මනා පැවැත්මෙන් හ මනා නඩත්තුවක් තිබිය යුතුය. [3]

ඉන්දියානු ධජ ව්‍යවස්ථාවේ මූලික පිටපතට අනුව පෞද්ගලික පුරවැසියන්ට ජාතික දිනයන්හිදී ඉන්දියානු නිදහස් දිනය හෝ ඉන්දියානු ජනරජ දිනය හැර ජාතික ධජය ඉගිල්වීමට අවස්ථාව නොලැබේ.2001 දී කර්මාන්තකරුවකු වන නවීන් ජින්දාල් විසින් ඇමරිකා එක්සත් ජනපදයෙහි තම අධ්‍යන කටයුතු කරන අතර තම කාර්යාලයයේ ඉන්දියානු ධජය ඔසවා තැබිණි. ධජය රාජසන්තක වූ අතර නඩු සඳහා චෝදනා ඉදිරිපත් කෙරණි.ජින්දාල් විසින් මහජන සම්බන්ධතා නඩු අයඳුම්පතක් දිල්ලියේ මහ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු පෞද්ගලික පුරවැසියන්ට ධජය භාවිතය පිළිබඳ තහනමට විරුද්ධව විරෝධතාවයන් දැක්වූ අතර තව දුරටත් පෙන්වා දෙන ලද්දේ පුරවසියෙක් වශයෙන් රටට ගෞරවය දැක්වීමට අයිතියක් තිබෙන බවය.[36][37] අභියාචන ක්‍රියාවලිය අවසානයේදී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩුව විභාග කරන ලද අතර අධිකරණය විසින් ඉන්දියානු අණ්ඩුවට මෙය සළකා බලන ලෙස ඉල්ලා සිටින ලදී.ඒ අනුව ඉන්දියානු අමාත්‍ය මණ්ඩලය ඉන්දියානු ධජ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් 2002 ජනවාරි 26 දින සිට බලපාන පරිදි පෞද්ගලික පුරවැසියන්ට වර්ෂයේ ඕනෑම දිනක ධජය භාවිතය සඳහා අවසර ලැබුණු අතර උපහාරය සහ ගෞරවය දැක්විය යුතුය.[6] ධජ ව්‍යවස්ථාවෙහි ධජය අනුගමනය කිරීමට පනතක් හෝ සීමාවක් නොමති අතර ධජය නියමාකාරයෙන් ඉගිල් වීමට සම්පූර්ණ අයිතිය පුරවැසියන්ට ඉන්දියානු ව්‍යවස්ථාවේ 19 වන වගන්තියට අනුව කටයුතු කිරීමට අවස්ථාව ඇත.[6] ධජ ව්‍යවස්ථාවේ මූලික පිටපතට අනුව ධජය ඇඳුමක් ලෙස භාවිතා කිරීම තහනම් කරන ලදී. පසුව 2005 ජුලි මස ඉන්දියානු ආණ්ඩුව විසින් සංශෝධනය කරන ලද අතර එහිදී සමහර ආකාරයේ ඇඳුම් සඳහා භාවිතයට ඉඩ දෙන ලද අතර යට ඇඳුම් හා කොට්ට උර සඳහා විසිතුරු මැහුමක් ලෙස හෝ ලේන්සු හෝ අනෙකුත් ඇඳුම් භාවිත සඳහා යොදා ගැනීම තහනම් කරන ලදී.[38]

පලුදු වූ ධජ බැහැර කිරීම සඳහා ධජ ව්‍යවස්ථාවට අනුව ධජ විසි කර හෝ අගරු කර නොදැමිය යුතු අතර ඒවා පොදුවේ අප්‍රසිද්ධව අගෞරව නොවන ආකාරයෙන් පුළුස්සා දැමිය යුතුය.[3]


ප්‍රදර්ශනය[සංස්කරණය]

The Indian flag and another flag on crossed poles; the Indian flag is at the left.
ඉන්දියානු ධජය හා වෙනත් රට වල ධජ ස්ථාපන මූලලේඛය

ධජය ප්‍රදර්ශනය කිරීමේ නිවැරදි ක්‍රමයට අනුව වේදිකාවට පිටුපසින් ඇති බිත්තියේ ධජ දෙකක් සිරස්ව ප්‍රදර්ශනය කිරීමේදී ඔසවනු ලැබූ ධජය එකිනෙක දෙසට පිහිටන ආකාරයට ඝන කහ පාට කොටස ඉහළට පිහිටන ආකාරයෙන් තැබිය යුතුය.ධජය කෙටි කොඩි ගසක ප්‍රදර්ශනය කර තිබේ නම් එය ඉහළ නැංවිය යුත්තේ බිත්තියේ මුල්ලකට පිහිටන ආකාරයෙනි.ධජ දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධව ඔසවා තබන විට ඔසවනු ලැබූ ධජය දෙපසට විහිදී යන ආකාරයට ප්‍රදර්ශනය කළ යුතුය.ධජය මේස වැස්මක් ලෙස හෝ ධර්මාසයනය වැස්මක් ලෙස හෝ වේදිකා වලට හෝ යොදා නොගත යුතුය.[3] ධජය මහජන සභාවකදී වැනි ඇතුළතක ප්‍රදර්ශනය කරන්නේ නම් එය ප්‍රදර්ශනය කල යුත්තේ දකුණු පසය.එනම් නරඹන්නාගේ වම් පසය.ධජය සභාවකදී කතිකයා ආසන්නයේ නම් කතිකයාගේ දකුණත් පසින් පිහිටවිය යුතුය.ධජය සභාවේ වෙනත් ස්ථානයක පිහිටියේ නම් සභාවේ ප්‍රේක්ෂකයන්ගේ දකුණු පසින් පිහිටිය යුතුය.ධජය තිරස් ලෙස වේදිකාවේ බිත්තියේ එල්ලා තිබේ නම් ඝන කහ පාට කොටස ඉහළටම සිටින සේ නරඹන්නන්ගේ වම් පසින් පිහිටිය යුතුය.[3]

Sketch of eight people carrying flags in a procession, the first and last persons have the India tricolour
ධජ පෙරහැර

ධජය පෙරහැරක හෝ පෙළපාළියක අනෙකුත් ධජයන් සමඟ රැගෙන යන විට පෙළපාලියේ දකුණින් හෝ ඉදිරියේ මධ්‍යයේ තනිව ඔසවා ගෙන යා යුතුය.ධජය ආකාරයට සාදන ලද විශේෂ ලක්ෂණ සහිත ප්‍රතිමාවක් හෝ ඵල්කයක් විවෘත කිරීමට යොදා ගත හැකි වුවත් වස්තූන් ආවරණය කිරීමට ධජය යොදා ගත නොහැක. පුද්ගලයෙකුට හෝ වස්තුවකට සඳහා ගෞරව කිරීමක් වශයෙන් ධජය පහතට ඇල කිරීම නොකළ යුතු අතර රෙජිමේන්තු වර්ණයන් හෝ ආයතනික හෝ සංස්ථා ධජ ඉන්දියානු ධජය ඉදිරියේ ගෞරවයක් වශයෙන් පහතට ඇල කරනු ලැබේ.උත්සවයක් අතරතුරදී ධජය එසවීම හෝ පහත් කිරීම හෝ පෙරහැර ධජය පසු කර යාම සිදු කරන විට සියළු පුද්ගලයින් ධජය වෙත අවධානය යොමු කළ යුතුය. ධජය ඉදිරිපත් කරන විට එයට පිරිනැමිය යුතු ආචාර දැක්වීම කළ යුතුය.ධජය පිරිස ඉදිරියට පැමිණෙන විට නැඟිට ආචාර කළ යුතුය.උසස් පදවි දරන්නන් හිස පළදනාව ගලවා ආචාරය දැක්විය යුතුය.ධජ ආචාරය සිදු කල යුත්තේ ජාතික ගීය ගායනා කරමිනි. [3]

ඉන්දියානු ධජය රතු බලකොටුවේදී

වාහන වල ජාතික ධජය ඉගිල් වීමේ වරප්‍රසාදය ජනාධිපති, උප ජනාධිපති හෝ අගමැති. ආණ්ඩුකාරවරුන් හා උප ආණ්ඩුකාරවරුන්, ඉන්දියාවේ ප්‍රධාන ඇමතිවරුන්, ඉන්දියාවේ ඇමති මණ්ඩල සංගමය, ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ සභිකයින්, සහ ඉන්දියාවේ රාජ්‍ය ව්‍යවස්ථාදායකවරුන්ට්, විධාන් සභා සහ විධාන් පාරිශද්, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ හා ඉන්දියාවේ මහ අධිකරණ විනිශ්චයකරුවන් සහ ඉන්දියානු හමුදාවේ , ඉන්දියානු නාවික හමුදාව, ඉන්දියානු ගුවන් හමුදාව න්හි ධජ නිළදාරීන් සීමිත වේ. නිළදාරී මණ්ඩල කාරයේ ධජය ඉගිල්වනු ලැබිය යුත්තේ කාරයේ ඉදිරිපස මැද හෝ ඉදිරිපස දකුණු පැත්තෙහි ස්ථීර ලෙස සම්බන්ධකයක් මඟිනි. රජය මඟින් සපයන ලද විදේශීය පදවි දරන්නන්ගේ කාරයන්හි ධජය ඉගිල්විය යුත්තේ කාරයේ දකුණු පැත්තෙහි වන අතර විදේශීය ධජය වම් පැත්තෙහි ඉගිල්වනු ලැබේ. [6] ජනාධිපති හෝ උප ජනාධිපති ගුවන් යානයක විදේශ රටකට ගමන් කරන විට ධ්ජය ඉගිල්විය යුතුය. එහිදී ජාතික ධජයේ පැත්තකින් විදේශීය ධජය ද ඉගිල් විය යුතු අතර ගුවන් යානය ගුවන් පථයට පැමිණෙන අවස්ථාවේදී අදාළ රටෙහි ජාතික ධජය වෙනුවට ඉගිල්වනු ලැබේ. ජනාධිපතිව ඉන්දියාව ඇතුළත ගුවන් යානයක ගමන් කරන් විට ගොඩ නඟින හා බසින අවස්ථාවේ ප්‍රදර්ශනය කළ යුතුය. මේ හා සමානවම දුම්රියේ ගමන් කරන විට් දුම්ටිය ස්ථානයට ලඟා වන විට ධජය ප්‍රදර්ශනය කෙරේ.[3]

ඉන්දියානු ධජය අනෙක් ධජයන් සමඟ දේශ භූමියේ ඉගිල්වා තබන විට පොදු නීතිය වනුයේ ධජයන්ගේ ආරම්භක ස්ඨානයේම ධජය ඉගිල්වා තැබීමය.ධජයන් කෙලින් ඉරක් සේ පිහිටන විට දකුණත පැත්තෙන් ඉන්දියානු ධජය එනම් (නිරීක්ෂකයන්ගේ වම් පසින්) පිහිටිය යුතු අතර `අනෙකුත් ධජයන් හෝඩියේ අකුරු පිළිවෙලට පිහිටිය යුතුය.ධජයන් වෘත්තාකාර ආකාරයට පිහිටුවනු ලැබුවහොත් ඉන්දියානු ධජය පළමු ස්ථානයේ පිහිටිය යුතු අතර අනෙකුත් ධජයන් හෝඩියේ අකුරු අනුපිළිවෙලට පිහිටිය යුතුය.ඒ ආකාරයට පිහිටුවනු ලැබූ විට අනෙකුත් සියළුම ධජයන් සමාන් ප්‍රමාණයන්ගෙන් යුක්ත විය යුතු අතර ඉන්දියානු ධජයට වඩා විශාල නොවිය යුතුය.සෑම ධජයනක්ම තම කණුවෙහිම පිහිටවිය යුතු අතර කණුවේ උස සමාන ප්‍රමාණයන් යුක්ත විය යුතු අතර කිසිදු කණුවක් අනෙක් කණු වලට වඩා උස නොවිය යුතුය. කතිර ආකාරයට කණුව පිහිටන්නේ නම් ඉන්දියානු ධජය අනෙක් ධජයට අභිමුඛව සහ දකුණට පිහිටන ආකාරයෙන් (නිරීක්ෂකයාගේ වම් පසින්) පිහිට විය යුතුය. විශේෂ අවස්ථාවකදී පමණක් එනම් එක්සත් ජාතීන්ගේ ධජය සමඟ පිහිටන විටදී ඉන්දියානු ධජයට දකුණතින් එය පිහිටු විය හැක.[3]

ඉන්දියානු ධජය අනෙකුත් ධජයන් සමඟ ප්‍රදර්ශනය කරන විටදී එනම් ඒකාබද්ධ ධජයන් සහ දැන්වීම් ප්‍රචාරක බැනරයන් සඳහා වෙනම ආධාරක තිබිය යුතු අතර ඉන්දියානු ධජය මධ්‍යයේ හෝ නරඹන්නාගේ වම් පසට වීමට හෝ ඉන්දියානු ධජය අනෙක් ධජයන්ට වඩා උසින් පිහිටන අකාරයට සකස් කළ යුතුය. ඉන්දියානු ධජය අනෙක් ධජයන් සමඟ පෙරහැරක ගමන් කරන්නේ නම් එය පෙරහැරේ ඉදිරියෙන්ම ගමන් කළ යුතු අතර එක පෙළට සියළු ධජ ගමන් කරන්නේ නම් පෙළපාළියේ දකුණින් ධජය රැගෙන යා යුතුය.[3]

අඩකුඹ[සංස්කරණය]

ධජය අඩකුඹ ආකාරයට ඉගිලුම් කරන්නේ ශෝක අවස්ථාවක් පෙන්නුම් කිරීමටය.මෙම තීරණය ගනුයේ ඉන්දියාවේ ජනාධිපති වන අතර ඔහු ශෝකී කාලයද තීරණය කරනු ලැබේ.ධජය අඩ කුඹ ආකාරයට ඉගිල්වීමේදී පළමුව කුඹ ගසේ ඉහළටම එසවිය යුතු අතර පසුව සෙමෙන් පහළට කළ යුතුය.ඉන්දියානු ධජය අඩකුඹ කරන විට අනෙකුත් ධජයන් සාමාන්‍ය උසින් පිහිටවනු ලැබේ.ධජය අඩකුඹ කරනුයේ ජාතික වශයෙන් ජනාධිපතිවරයෙකුගේ මරණයකදී හෝ උපජනාධිපතිවරයෙකුගේ මරණයකදී හෝ අගමැතිවරයකුගේ මරණයකදීය.ධජය දිල්ලියෙහි අඩකුඹ කරන අවස්ථා ලෙස ලොක් සභාවේ මූලස්ථාන කථානායකගේ, ශේෂ්ඨාධිකරණ අග විනිසුරුගේ සහ රාජ්‍යයේ ඇමතතිවරුන්ගේ එනම් පාලකයන්ගේ මරණ වලදීය. ඉන්දියානු ධජය අඩකුඹ නොකරන අවස්ථා ලෙස ජනරජ දිනයෙහිදී (ජනවාරි 26) සහ නිදහස් දිනයෙහිදී (අගෝස්තු 15), ගාන්ධි ජයන්ති (ඔක්තොම්බෙර් 2), ජාතික සතිය (අප්‍රියෙල් 6-13) හෝ රාජ්‍ය නිර්මාණ සංවත්සර වලදී අභාවප්‍රාප්ත නිළදාරියාගේ නිවස හැර අනෙකුත් ස්ථාන වලදී ධජය ඔසවා තැබිය යුතුය. විදේශීය උසස් නිළදාරියෙකුගේ මරණ අවස්ථාවකදී ඉන්දීය ධජය අඩකුඹ කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය මඟින් උපදෙස් නිකුත් කළ යුතුය. එසේ කරනු ලබන්නේ විදේශීය රාජ්‍යයේ නායකයා හෝ ආණ්ඩුවේ නායකයෙක් විය යුතුය. රාජ්‍යයේ යුධ හමුදාවේ හෝ හමුදා බලකායන් වල අවමංගල්‍යය වලදී ධජය මිනී පෙට්ටියේ ඔතනු ලබන අතර ධජය මිනී වළට යට කිරීමට හෝ චිතකය සමඟ පිලිස්සීම නොකළ යුතුය.[3]

මේවාත් බලන්න[සංස්කරණය]

අධෝලිපි[සංස්කරණය]

  1. The current flag is an adaptation of Venkayya's original design, but he is generally credited as the designer of the flag.

සටහන්[සංස්කරණය]

  1. http://mha.nic.in/sites/upload_files/mha/files/pdf/flagcodeofindia.pdf Flag Code of India
  2. Flags of the world: an illustrated guide to contemporary flags Alfred Znamierowski – 2000, ISBN 1-84215-337-4
  3. 3.00 3.01 3.02 3.03 3.04 3.05 3.06 3.07 3.08 3.09 3.10 "Flag Code of India". Ministry of Home Affairs, Government of India. 25 January 2006. Archived from the original on 10 January 2006. සම්ප්‍රවේශය 11 October 2006. 
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 Bureau of Indian Standards (1968). "IS 1 : 1968 Specification for the national flag of India (cotton khadi)". Government of India. 
  5. 5.0 5.1 Bureau of Indian Standards (1979). "IS 1 : 1968 Specification for the national flag of India (cotton khadi), Amendment 2". Government of India. 
  6. 6.00 6.01 6.02 6.03 6.04 6.05 6.06 6.07 6.08 6.09 6.10 6.11 6.12 "Flag code of India, 2002". Fact Sheet. Press Information Bureau, Government of India. 4 April 2002. සම්ප්‍රවේශය 11 October 2006. 
  7. "Finally, Pingali Venkaiah set to get his due". The Times of India. 30 July 2009. http://articles.timesofindia.indiatimes.com/2009-07-30/hyderabad/28168504_1_national-flag-postal-stamp-indian-tricolour. Retrieved 11 December 2009. 
  8. "Tribute to the 'flag man'". The Hindu (Chennai, India). 10 August 2007. http://www.hindu.com/fr/2007/08/10/stories/2007081050920300.htm. Retrieved 11 December 2009. 
  9. "Flag of India". Encyclopædia Britannica. Encyclopædia Britannica Online. 2009. http://www.britannica.com/EBchecked/topic/1355310/flag-of-India. Retrieved 2 July 2009. 
  10. Virmani 1999, p. 172
  11. Roy 2006, p. 498
  12. Volker Preuß. "British Raj Marineflagge". සම්ප්‍රවේශය 2005-09-04.  (සැකිල්ල:ISO 639 name de)
  13. Virmani 1999, p. 173
  14. Virmani 1999, p. 174
  15. Virmani 1999, pp. 175–176
  16. Roy 2006, pp. 498–499
  17. Virmani 1999, pp. 176–177
  18. Roy 2006, p. 504
  19. Virmani 1999, pp. 177–178
  20. Roy 2006, pp. 503–505
  21. Virmani 1999, pp. 181–186
  22. Roy 2006, p. 505
  23. Virmani 1999, pp. 187–191
  24. Roy 2006, p. 508
  25. India Postage Stamps 1947–1988.(1989) Philately branch, Department of Posts, India.
  26. Souvenir sheet of the Independence series of stamps, Indian Posts, 1948
  27. Jha 2008, pp. 106–107
  28. Heimer, Željko (2 July 2006). "India". Flags of the World. සම්ප්‍රවේශය 11 October 2006. 
  29. "Indian Standards" (PDF). Bureau of Indian Standards. සම්ප්‍රවේශය 29 November 2008. 
  30. Ganapati, Priya (25January 2002). "Dhanesh Bhatt:India's only licensed Tricolour maker". Rediff.com. http://www.rediff.com/money/2002/jan/25flag.htm. Retrieved 11 October 2006. 
  31. 31.0 31.1 31.2 Vattam, Shyam Sundar (15 June 2004). "Why all national flags will be 'Made in Hubli'". Deccan Herald. Archived from the original on 22 May 2006. http://web.archive.org/web/20060522230211/http://www.deccanherald.com/deccanherald/jun152004/spt2.asp. Retrieved 11 October 2006. 
  32. 32.0 32.1 32.2 32.3 Aruna Chandaraju (15 August 2004). "The Flag Town". The Hindu (Chennai, India). http://www.hindu.com/mag/2004/08/15/stories/2004081500450200.htm. Retrieved 2010-02-10. 
  33. Chandaraju, Aruna (15 August 2004). "The flag town". The Hindu (Chennai, India). http://www.hindu.com/mag/2004/08/15/stories/2004081500450200.htm. Retrieved 17 February 2010. 
  34. "The Prevention of Insults To National Honour Act, 1971" (PDF). Ministry of Home Affairs, Government of India. සම්ප්‍රවේශය 11 December 2009. 
  35. Press Trust of India (24 December 2009). "Now, Indians can fly Tricolour at night". The Times of India. http://articles.timesofindia.indiatimes.com/2009-12-24/india/28074561_1_national-flag-flag-code-naveen-jindal. Retrieved 10 February 2010. 
  36. "My Flag, My Country". Rediff.com. 13 June 2001. http://www.rediff.com/news/2001/jun/13spec.htm. Retrieved 15 November 2007. 
  37. "Union of India v. Navin Jindal". Supreme Court of India. Archived from the original on 24 December 2004. සම්ප්‍රවේශය 1 July 2005. 
  38. Chadha, Monica (6 July 2005). "Indians can wear flag with pride". BBC. http://news.bbc.co.uk/1/hi/world/south_asia/4656963.stm. Retrieved 18 February 2012. 

යොමුව[සංස්කරණය]

බාහිර සම්බන්ධක[සංස්කරණය]

Wikiquote-logo-en.svg
Wikiquote has a collection of quotations related to:

සැකිල්ල:Wikisourcepar

සැකිල්ල:Symbols of India සැකිල්ල:Life in India

සැකිල්ල:Nationalflags

si:ඉන්දියානු ධජය

"http://si.wikipedia.org/w/index.php?title=ඉන්දියානු_ධජය&oldid=314721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි