ඉඩ් ,අහංභාවය හා අධි අහංභාවය හෝ උපරිම අහංභාවය

විකිපීඩියා වෙතින්

ප්‍රොයිඩ්ගේ මනෝ චෛතසිකයන් පිළිබඳ ව්‍යුහාත්මක ආකෘතියට අනුව Id, ego, සහ super-ego ලෙස කොටස් 3ක් හඳුන්වා දී ඇත. මෙම ධාතූන්ගේ ක්‍රියාවලීන් සහ එකිනෙකට සම්බන්ධතාවය මඟින් මානසික සිතුවිලි පහදා දෙයි. මෙම ආකෘතියට අනුව Id - පාලනයක් නොමැතිව ඉබේ ඇතිවන සිතුවිලි ද , ego - සංවිධානාත්මක යථාර්ථවාදී මානසික සිතුවිලි ද, superego - විවේචනාත්මක සහ සදාචාරාත්මක අංගයන්ට අනුව සිතා බලන කොටස ද ලෙස හැඳින්වේ. නමුදු මේවා ව්‍යුහාත්මක සංකීර්ණයන් ලෙස අප භාවිතා කළ ද ඇත්ත වශයෙන්ම Id, ego, සහ super-ego යනු මොළයේ කාර්යයන් වෙයි. මේවා ස්නායු විද්‍යාවේ යොදාගන්නා මොළයේ පවතින සත්‍ය කොටස් නොවේ. Id, ego, සහ super-ego ප්‍රොයිඩ්ගේ ස්වයං නිර්මාණ නොවේ. මේවා ඔහුගේ පරිවර්තකයා විසින් සැපයු ලතින් භාෂාවේ යෙදෙන වචනයන්ය. ප්‍රොයිඩ් මේවා 'das Es', 'das Ich', සහ'das Über-Ich එනම් පි‍ළිවෙලින් , ‘It', ' I', සහ 'Over-I' ලෙස රචනා කරන ලදී. ජර්මානු ජාතිකයින්ට මෙහි තේරුම පහසුවෙන් වටහාගත හැක. “සතුටේ මූලධර්මවලින් ඔබ්බට” නමින් ප්‍රොයිඩ් විසින් රචිත නිබන්ධනයේ මුල්වරට මෙම සංකල්පය හඳුන්වා දී ඇත. එනම් ප්‍රොයිඩ්ගේ සිතුවිලි වර්ධනයේ අග කාලයේ දී ද, මීට වසර 3කට පසුව ඔහු විසින් ego සහ Id නිර්මාණය කරන ලදී. නමුත් මොහුගේ මෙම නිබන්ධනයේ විසංඥය යන පදය ගැන ඇති ව්‍යාකූලතාවයන් තවත් මත භේදාත්මක ව්‍යවහාරයන්ට නිසා ද බලපෑමට ලක්ව ඇත.