ඇපලෝ 8

විකිපීඩියා වෙතින්
ඇපලෝ 8
මෙහෙයුම් සලකුන
මෙහෙයුම් දත්ත
මෙහෙයුමේ නමඇපලෝ 8
අණදීමේ ඒකකයCM-103 mass
12,392 kg (27,320 රාත්)
සේවා ඒකකයSM-103 mass
51,258 kg (113,005 රාත්)
චන්ද්‍ර යානයBallast: LM Test Article B
19,900 kg (43,900 රාත්)
ගගනගාමීන් ගණන3
සංඥා නාමයApollo 8
විදිනයසැටර්න් V (SA-503)
ගුවන්ගතකිරීමේ පීඨිකාවLC 39A
Kennedy Space Center
Florida, USA
ගුවන්ගතකල දිනය12:51:00, 21 දෙසැම්බර් 1968 (UTC) (1968-12-21T12:51:00Z)
සඳ වටා කක්ෂීය චලිත ගනන10
සම්පූර්ණ අණදීමේ/සේවා ඒකක සඳ වටා කක්ෂයෙහි ගතකල කාලය20 h 10 m 13 s
ගොඩබැසීම15:51:42, 27 දෙසැම්බර් 1968 (UTC) (1968-12-27T15:51:42Z)
North Pacific Ocean
8°6′N 165°1′W / 8.100°N 165.017°W / 8.100; -165.017 (Apollo 8 landing)
මෙහෙයුම් කාලය6 d 03 h 00 m 42 s
ගගනගාමීන්ගේ ඡායාරූපය
Left to right: ලොවෙල්, ඇන්ඩ්‍රෙස්, බොර්මෙන්
ආශ්‍රිත මෙහෙයුම්
පෙර මෙහෙයුම පසු මෙහෙයුම
Apollo 7 Apollo 9

ඇපලෝ 8 යනු පහළ පෘථිවි කක්ෂයෙන් ඉවතට ගමන් කළ ප්‍රථම මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගමන විය. එමෙන්ම පෘථිවිය හැර වෙනත් අභ්‍යාවකාශ වස්තුවකට (චන්ද්‍රයාට) ළඟා වූ ප්‍රථම මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගමන එය විය. එහි ත්‍රිපුද්ගල කණ්ඩායමෙහි වූ කමාන්ඩර් ෆෑන්ක් බොර්මන් විධාන මොඩියුලයේ නියමු ජේම්ස් ලොවෙල් හා චන්ද්‍ර මොඩියුලයේ නියමු විලියම් ඇන්ඩර්ස් සඳෙහි නොපෙනෙන පෙදෙස දැක ගත් ප්‍රථම මිනිසුන් තිදෙනා වුහ. මෙම මෙහෙයුමට සැටර්න් 5 රොකට්ටුවේ මිනිසුන් සහිත ප්‍රථම පිටත්වීම ඇතුළත් වූ අතර මෙය ඇපලෝ වැඩසටහනේ මිනිසුන් සහිත දෙවන මෙහෙයුම විය.

මුල්වරට අඩු පහත් පෘථිවි කක්ෂයක චන්ද්‍ර මොඩියුල හා විධාන මොඩියුල පරීක්ෂණයක් ලෙස ඇරඹි මෙම මෙහෙයුම 1968 අගොස්තු මස දී චන්ද්‍ර ගමනක් දක්වා දික්විය. එයට හේතුව වූයේ ගමන සඳහා සැලසුම් කර තිබූ චන්ද්‍ර මොඩියුලය පමා වීමයි. නව මෙහෙයුම් කාලසටහන,ක්‍රියාවලි හා පුද්ගල අවශ්‍යතා, පුහුණුවීම් හා සුදානම්වීම සඳහා ඉතිරි වුයේ අසාමාන්‍ය ලෙස ඉතා කුඩා කාලයක් පමණි.

1968 දෙසැම්බර් මස 21 ක් වන දින ගුවන් ගත කිරීමෙන් පසු චන්ද්‍රයා කරා ගමන් කිරීමට ඔවුන්ට දින තුනක් ගත විය. ඔවුන් පැය 20 ක් පුරා දස වාරයක් කක්ෂයේ ගමන් කළ අතර ඒ අතර තුර ඔවුන් උත්පත්ති කථාව (Book of Genesis) කියවා ඇති පරිදි නත්තල් සැඳෑ රූපවාහිනියේ විකාශනයක්ද සිදු කරන ලදී. එම කාලය වන විට එම විකාශනය වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනී වැඩසටහන වේ. ඇපලෝ 8 හි සාර්ථක මෙහෙයුම මගින් ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ (අදාළ දශකය ඉවර වීමට පෙර)මිනිසෙකු සඳමතට ගොඩ බැස්සවීමේ සිහිනය සැබෑකළ ඇපලෝ 11 මෙහෙයුමට මග පාදන ලදී.

ඇප‍ලෝ 8 - සැලසුම් කිරිම

ඇපලෝ CSM හි රූපසටහන (නාසා)

1967 සැප්තැම්බර් මාසයේ දී ටෙක්සාස්හි හූස්ටන් නුවර පිහිටි මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානා සදහා මධ්‍යස්ථානය විසින් චන්ද්‍රයා මතට මිනිසුන් ගොඩබැස්සවීම සදහා ව්‍යාපෘති දාමයක් යෝජනා කරන ලදි. එකිනෙකට සම්බන්ධ පියවර හතකින් යුත් ව්‍යාපෘති 7 ක් ඊට ඇතුලත් විය.

A. මිනිසුන් රහිත කමාන්ඩ්/ සර්විස් මොඩියුල (CSM) පරීක්ෂාව

B. මිනිසුන් රහිත චන්ද්‍ර මොඩියුල පරීක්ෂාව (LM)

C. මිනිසුන් සහිත පහත් පෘථිවි කක්ෂයේ CSM පරීක්ෂාව

D. මිනිසුන් සහිත පහත පෘථිවි කක්ෂයේ CSM සහ LM

E. මිනිසුන් සහිත ඉලිප්සාකාර පෘථිවි කක්ෂයේ CSM හා LM පරීක්ෂාව

F. මිනිසුන් සහිත චන්ද්‍රයාගේ කක්ෂයේ CSM හා LM පරීක්ෂාව

G. මිනිසුන් සහිතව චන්ද්‍රයා වෙත ගොඩබැසීම

ඇපලෝ 4 හා 6 'A' ගණයේ මෙහෙවරක් වූ අතර එමඟින් පෘථිවි කක්ෂයට මිනිසුන් රහිත කමාන්ඩ්/සර්විස් මොඩියුලයක් ගොඩබස්වන ලදි. 1968 ඔක්තෝබර් මාසයේ දී ඇපලෝ 7 හි කාර්යභාරය 'C' ගණයට අයත් වූ අතර එමඟින් මිනිසුන් සහිත CSM පෘථිවි කක්ෂය වටා ගමන් කරවීමට නියමිත විය.

මීළග පියවර තීරණය වුයේ චන්ද්‍ර මොඩියුලයේ සුදානම මතය. නියමිත කාලයට එය නිමකර ගත නොහැකි වූ අතර 1968 ජුනි මාසයේ දී ප්‍රථම මොඩියුල ඉදිරිපත් විය. එහි දී මොඩියුලයේ දෝෂ හඳුනාගැනුණු බැවින් 1969 පෙබරවාරි වන තුරු එය නිමකරගත නොහැකි විය. එබැවින් 'D' පියවර ප්‍රමාද වු අතර 1969 අවසන් වන්නට ප්‍රථම සඳමතට ගොඩ බැසීමට තිබුනු අරමුණට අනතුරක් එල්ල විය.

ඇපලෝ අභ්‍යාවකාශ වැඩසටහන් කාර්යාලයේ කලමණාකරු ජොර්ජ් ‍ලෝ නැමැත්තා විසින් මෙයට විසඳුමක් යෝජනා කලේ 1968 අගෝස්තු මාසයේ දීය. CSM මොඩියුලය, LM මොඩියුලයට මාස 3 කට පෙර සුදානම් වන බැවින් 1968 දෙසැම්බර් මාසයේදී CSM පමණක් අභ්‍යාවකාශගත කිරීමට මෙහිදී යෝජනා වුනි. C පියවරෙහි ඇති පරිදි ඇප‍ලෝ 7 ගුවන් ගත කරනු වෙනුවට චන්ද්‍රයා වෙත CSM පමණක් යැවිය හැකි බව ඔහුගේ අදහස විය. 'F' පියවරෙහි එන ඇපලෝ 10 මගින් චන්ද්‍රයා මතට යානා ගොඩ බැස්වීමේ ක්‍රියාවලියද මේ පියවර සමඟම ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

නාසා ආයතනයේ සෑම ජ්‍යෙෂ්ඨ කලමණාකරුවෙක්ම මීට එකඟ වූ අතර එකඟ කරවා ගැනීමට අපහසු වූ එකම පුද්ගලයා වුයේ නාසා හි පරිපාලක ජේමිස් ඊ වේබිය. කෙසේ නමුත් අවසානයේ දී ව්‍යාපෘතිය වෙනස් කිරිමට ඔහුද එකඟ වූ අතර එය මහජනයාට දන්වන ලද්දේ නොවැම්බර් 12 වන දාය. එනම් පෘථිවි කක්ෂය වටා ඇපලෝ 7 යානාව සාර්ථකව ගමන් කිරීමෙන් සති 3 කට පසුවය.

ව්‍යාපෘති පියවරවල වෙනසක් සමඟම යානා කාර්යමණ්ඩලයේ වෙනසක් කිරීමට ද සිදුවිය. මේ අනුව ඇපලෝ 8 යානාවේ අණ දෙන නිළධාරියා ලෙස බෝමන් නැමැත්තා පත් කෙරුණි.

සැප්තැම්බර් 9 වන දින අභ්‍යාවකාශ ගමනට අවශ්‍ය සුදානම් වීමේ කටයුතු ඇරඹුනි. මෙහිදි අභ්‍යාවකාශ ගමනට ගතවන සෑම පැයක් සදහාම පැය 7 ක පුහුණුවක් ලබා ගැනීමට කාර්ය මණ්ඩලයට සිදුවිය. සෑම සාමාජිකයෙක්ම ව්‍යාපෘතියේ සෑම පැතිකඩක් සඳහාම පොදුවේ පුහුණුව ලද නමුත් ඇතැම් දේ සඳහා යම් යම් සාමාජිකයින්ට විශේෂ පුහුණුවක් ලබා දිය යුතු විය. මේ අනුව බෝමන්හට නැවත පෘථිවිය වෙත ඇතුලු වීමේ දී යානාව හැසිරවිය යුතු අන්දම පුහුණු කරවන ලදි.පෘථිවිය සමඟ සන්නිවේදනය ඇණ හිටි‍යහොත් යානය පැදවිය යුතු අයුරු ලොවෙල් නැමැති සාමාජිකයාට පුරුදු කරන ලදි. යානය නිසි තත්වයේ පවතින්නේ දැයි සොයා බැලීමට ඇන්ඩර්ස් නැමැත්තා පත් කරන ලදි.

සටහන්

"https://si.wikipedia.org/w/index.php?title=ඇපලෝ_8&oldid=634268" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි