ඇපලෝ වැඩ සටහන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Apollo program insignia

එක්සත් ජනපදයේ මර්කරි (Mercury) වැඩ සටහනේ දෙවැනි කොටස ලෙස අයිසන් හවර් පාලන සමය තුළ 1960 දශකයේ මුල් භාගයේ දී ඇපලෝ (Apollo) වැඩ සටහන පිළිබද සංකල්පය මුල් වරට ඉදිරිපත් විය. මර්කරි කැප්සු‍ලය මගින් සීමිත පෘතුවි කක්ෂීය මෙහෙයුමක් වෙනුවෙන් එක් ගගන ගාමියෙක් පමණක් රැගෙන යාමේ හැකියාව පැවතිණි. නමුත් ඇපලෝ යානය අභ්‍යවකාශ ගාමීන් තිදෙනෙකු චන්ද්‍රයා වටා කක්ෂයක් දක්වා ගෙනයාම අරමුණු කොට ගෙන නිර්මාණය වු අතර එහිදි සදමත ගොඩ බැසීමක් සදහා ද ඉඩ කඩ විය. මෙම වැඩ සටහන නාසා (NASA) ආයතනයේ පාලක අබේ සිල්වස්ටයින් විසින් ආලෝකය සහ දුනු ශිල්පයට අධිපති ග්‍රීක දෙවියාගේ නමින් නම් කරන ලද අතර පසුව “මම අභ්‍යවකාශ යානය මගේම බිළිදෙකු නම් කරන ලෙසට නම් කලෙමි.” යැයි ඔහු පැවසීය. නාසා ආයතනය ඇපලෝ ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ කටයුතු දිගින් දිගටම කර ගෙන ගිය නමුත් වැඩ සටහන සදහා‍මුදල් ප්‍රතිපාදන ලැබීම ස්ථිර වී නොතිබුණි. මේ තත්ත්වය මිනිසුන් සහිත අභ්‍යවකාශ චාරිකා කෙරෙහි අයිසන් හවර් දැක්වු සැක සහිත ආකල්පය හේතුවෙන් පැන නැගුණකි. 1960 වර්ෂයේ නොවැම්බර් මාසයේදී අභ්‍යවකාශ ගවේෂණය සහ මිසයිල ආරක්ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ සොවියට් සංගමයට සාපේක්ෂව ඇමරිකාව ඉහළ මට්ටමකට ඔසවා තබන බවට පොරොන්දු වෙමින් ගෙන ගිය ඡන්ද ව්‍යාපාරයක් ඔස්සේ ජෝන් F කෙනඩි ජනාධිපති ධුරයට පත් විය. ඔහු අභ්‍යවකාශ ගවේෂණය ජාතික අභිමානයෙහි සලකුණක් ලෙස භාවිතා කල අතර එක්සත් ජනපදය සහ සොවියට් සංගමය අතර මිසයිල අන්තරයක් පිළිබද අනතුරු ඇඟවීය. ඒ අතරම ඔහු එක්සත් ජනපදය මිසයිල ක්ෂේත්‍රයේ පෙර ගමන් කරුවා මෙන්ම හදිසි තත්ත්වයකදී එම ක්ෂේත්‍රය පළමු වරට භාවිත කරන රාජ්‍යය බවට පත් කිරීමට ද පොරොන්දු විය. සිය ඡන්ද ව්‍යාපාරයේ අරමුණු කෙසේ වෙතත් කෙනඩි ජනාධිපති ධුරයට පත් වු වහාම ඇපලෝ වැඩසටහනේ තත්ත්වය පිළිබද නිගමනයකට එළඹීමෙන් වැළකුණි. අභ්‍යවකාශ වැඩසටහනෙහි තාක්ෂණික විස්තර පිළිබද ඔහුගේ දැනුම අවම වු අතර මිනිසුන් සහිත යානයක් සදමත ගොඩ බෑම සදහා වියදම් කල යුතු විශාල මුදල ඔහු අධෛර්යයට පත් කරන්නක් විය. නාසා ආයතනයේ පාලකයා වු ජේම්ස් වෙබ් සිය ආයතනය සදහා ලබා දෙන ප්‍රතිපාදන 30% කින් ඉහළ නංවන ලෙස ඉල්ලා සිටි විට කෙනඩි නාසා ආයතනයේ විශාල හුවන වැඩ සටහන වේගවත් කිරීම සදහා සහයෝගය පලකල නමුත් වඩාත් වැදගත් කරුණ සම්බන්ධයෙන් නිසි තීරණයක් ලබාදිමෙන් වැලකී සිටියේය.

1961 වසරේ අප්‍රේල් 12 වන දින සොවියට් ගගන ගාමී යුරි ගගාරින් අභ්‍යවකාශයට ගමන් කල ප්‍රථම මිනිසා බවට පත් විය. එත් සමගම සොවියට් සංගමය සමග පැවති තාක්ෂණික තරඟයෙන් ඇමරිකාව පරාජයට පත් වනු ඇති බවටත් තිබු සැකය ශක්තිමත් විය. යුරි ගගාරීන් සිය චාරිකාව සිදු කල දිනට පසු දින පැවති විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබද එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල කමිටු රැස්වීමකදී බොහෝ කොන්ග්‍රස් සභිකයන් එක්සත් ජනපදයේ මට්ටම ඉහළ නැංවීම ඉලක්ක කර ගත් හදිසි වැඩ සටහනක් සදහා සහයෝගය පල කලහ. කෙසේ නමුත් කෙනඩි යුරි ගගාරින්ගේ චාරිකාව පිළිබද ප්‍රවෘතියට පරීක්ෂා කාරීව ප්‍රතිචාර දැක්වීය. සෝවියට් සංගමයේ වැඩ සටහනට ඇමරිකාව දක්වන ප්‍රතිචාරය ස්ථිරව ප්‍රකාශ කිරීමෙන් කෙනඩි වැලකී සිටියේය. අප්‍රේල් 20 වැනි දින උප ජනා‍ධිපති ලින්ඩන් B ජොන්සන් හට කෙනඩි විසින් එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩ සටහනේ තත්ත්වය සහ නාසා ආයතනයට සිය තත්ත්වය ඉහළ නංවා ගැනීමට ආධාර විය හැකි වැඩ සටහන් පිළිබද සොයා බලන මෙන් සිහි කැද වීමක් යවන ලදී. පසු දින ජොන්සන් මේ සම්බන්ධයෙන් පහත පරිදි පිළිතුරක් යවන ලදී. “අප නායකත්ව පිහිටුමක් වෙත ළඟා වීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා අප මේ වන විට උපරිම උත්සාහයක් යොදන බවක් දැකිය නොහැකි අතර අවශ්‍ය ප්‍රතිඵල ‍ලඟාකර ගැනීමට ද අප අසමත්ව ඇත.” ඔහු තම සිහිකැඳ වීම අවසන් කරන ලද්දේ සඳමත ගොඩබෑම මුල්වරට සිදු කිරීමේ ගෞරවය එක්සත් ජනපදයට ලබාගැනීමට හැකිවන තරම් ප්‍රමාණවත් කාලයක් එවැනි වැඩ සටහනකට ලඟාවීමට ගත වනු ඇති බවයි.


සඳ වෙත ගමන් කිරීමේ තීරණය : 1961 වසරේ මැයි 25 වන දින ජනාධිපති ජෝන් F කෙනඩි එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතන අයුරු.


1961 වසරේ මැයි 25 වන දින කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමක් අමතමින් කල විශේෂ කතාවක කොටසක් ලෙස කෙනඩි ඇපලෝ මෙහෙයුමට සහයෝගය පල කළේය.

ඔහුගේ කථාවෙන් උපුටාගත් කොටසක් සහ එහි පරිවර්ථනය පහත දැක්වෙයි.

“First, I believe that this nation should commit itself to achieving the goal, before this decade is out, of landing a man on the Moon and returning him safely to the Earth. No single space project in this period will be more impressive to mankind, or more important in the long-range exploration of space; and none will be so difficult or expensive to accomplish.’’

ප්‍රථමයෙන් මගේ විශ්වාසය වන්නේ අපගේ ජාතිය මෙම දශකය අවසන් වීමට ප්‍රථම මිනිසෙකු සදමත්‍ට යවා නැවත ඔහු ආරක්ෂිතව ගෙන්වා ගැනීමේ ඉලක්කයට ලඟා විය යුතු බවයි. මෙම කාලය තුළ ක්‍රියාවෙහි යෙදවෙන කිසිදු තනි අභ්‍යවකාශ වැඩ සටහනක් එය තරම් මානව වර්ගයාට සුවිශේෂි නොවනු ඇත. අභ්‍යවකාශයේ දිගු දුර ගවේෂණය සදහා එය තරම් වැදගත් වැඩසටහනක් තවත් නොවනු ඇති අතර එතරම් අපහසු සහ මිල අධික වැඩ සටහනක් ද නොපවතිනු ඇත.

කෙනඩි සිය කතාව ඉදිරිපත් කරන විට අභ්‍යවකාශයට ගමන් කොට තිබුණේ එක් ඇමරිකානුවෙකු පමණි. එයද ඔහුගේ කතා වට මාසයකට අඩු කාලයකට ප්‍රථමව වේ. තවද ඒ වන විටද නාසා ආයතනය මිනිසකු කක්ෂගත කිරීමට අසමත් තත්ත්වයක විය. ඇතැම් නාසා සේවකයින් කෙනඩිගේ අපේක්ෂා සහගත ඉලක්කයන් ට ලඟාවීම පිලිබද සැක පල කළහ.


1962 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩ සටහන සම්බන්ධයෙන් ජනාධිපති ජෝන් F කෙනඩි රයිස් (Rice) විශ්ව විද්‍යාලයේදී දේශණයක් ඉදිරිපත් කරන අයුරු.

ජනාධිපති කෙනඩිගේ අභියෝගයට මුහුණ දෙමින් 1969 අවසන් වන විට සඳ මතට මිනිසුන් යැවීම සදහා සාමකාමී වටපිටාවක් තුළ මේ දක්වා ලෝකයේ රාජ්‍යයක් විසින් වැය කරන ලද විශාලම සම්පත් ප්‍රමාණයයි. වඩාත් හදිසියේ සිදුවු තාක්ෂණික නිර්මාණ වේදී ක්‍රියාවලියත් ක්‍රියාවට නැංවීමට සිදු විය. ඇපලෝ වැඩ සටහ‍ෙන් උච්ච අවස්ථාවේදී 400000 ක පිරිසක් එහි සේවය කළ අතර ඒ සදහා කාර්මික ආයතන සහ විශ්ව විද්‍යාල 20000 කට අදික ප්‍රමාණයක සහයෝගය අවශ්‍ය විය.

කෙනඩි‍ෙග් දේශනයකින් උපුටාගත් කොටසක් සහ එහි පරිවර්තනය පහත දැක්වේ.

“We choose to go to the moon in this decade and do the other things, not because they are easy, but because they are hard, because that goal will serve to organize and measure the best of our energies and skills, because that challenge is one that we are willing to accept, one we are unwilling to postpone, and one which we intend to win, and the others, too”.

අප මෙම දශකය තුළ සඳමත ගොඩ බැසීමට සහ අනෙකුත් දෑ සිදු කිරීමට තීරණය කළේ ඒවා පහසු වු නිසා නොවේ. ඒවා අපහසු වු නිසාවෙනි, අපගේ ඉහළම ශක්තිය සහ හැකියාව එම ඉලක්කය සපුරා ගැනීමේදී සංවිධානය කර ගැනීමටත් මැන ගැනීමටත් හැකි වන හෙයිනි, එම අභියෝගය අප බාරගැනීමට සුදානම්ව සිටින එහෙත් කල්දැමීමට අකමැති ජයගැනීමට අරමුණු කර ඇති එකක් බැවිනි. මෙය අපගේ අනෙකුත් ඉලක්ක සදහා ද සත්‍ය වේ.

"http://si.wikipedia.org/w/index.php?title=ඇපලෝ_වැඩ_සටහන&oldid=250158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි