ඇපල්

විකිපීඩියා වෙතින්

ඇපල්
ප්‍ර‍කෘති ඇපල් ගෙඩියක්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: Rosales
කුලය: Rosaceae
උපකුලය: Maloideae හෝ Spiraeoideae
Tribe: Maleae
ගණය: 'Malus'
විශේෂය: M. domestica
ද්වීපද නාමය
Malus domestica
Borkh., 1803


ඇපල් යනු ඇපල් ගසේ ආඵලීන පළතුර වන අතර, එය රෝස පවුලේ(Rosaceae) Malus domestica නම් කුළයට අයත් වේ. මෙය ඉතා බහුල වශයෙන් වගා කරනු ලබන පළතුරු ගස් වලින් එකක් වන අතර මිනිසුන් විසින් භාවිතා කරන genus Malus වර්ගයේ සාමාජිකයන්ගෙන් බහුල වශයෙන්ම පතළ පළතුරයි. ඇපල් කුඩා පතනශීල ගස් වල වැඩේ. ඇපල් ගස පැවත එනු ලැබෙන්නේ මධ්‍යම ආසියාවෙන් වන අතර අදටත් එහි වනගත මුතුන්මිත්තන් වන “Malus sieversii” දක්නට ලැබේ. ඇපල් ගස් වර්ෂ දහස් ගණනක් තිස්සේ ආසියාවේ සහ යුරෝපයේ වර්ධනය වූ අතර යුරෝපියානු ජනපදිකයන් විසින් එය උතුරු ඇමරිකාවට ගෙන එන ලදි. ඇපල් ක්‍රිස්තියානු සම්ප්‍රදායේ, ග්‍රීක සහ නෝවේනියානු භාෂාව ඇතුළත්ව බොහෝ සම්ප්‍රදායන්හි ආගම් වල සහ මිත්‍යා වල දක්නට ලැබේ. වර්ෂ 2010 දී ඇපල් පළතුරෙහි ප්‍රවේණික තොරතුරු, රෝග පාලනය සහ ඇපල් නිෂ්පාදනයේ වරණ අභිජනනය සම්බන්ධ වූ නව සම්මතයකට ගෙන එමින් විකේත කරන ලදි.

අභිමත ආවේණික ලක්ෂණ වල පරාසයක් ඇති කරමින් දැනට 7500 ට වඩා හඳුනා ගත් ඇපල් වගාවන් දක්නට ලැබේ. වෙනස් වගාවන් විවිධ රස වලින් යුත් ඇපල් වගා කරන අතර ඒවා අමුවෙන් ආහාරයට ගැනීමට, ආහාර පිසිමට සහ සයිඩර් නිෂ්පාදනයට භාවිතා කරයි. සාමාන්‍යයෙන් ගෘහස්ථ ඇපල් ව්‍යාප්තිය ශාඛා බද්ධයන් මඟින් සිදු කරන නමුත් කැලෑ ඇපල් ඉතා පහසුවෙන් බීජ මඟින් ව්‍යාප්ත වේ. ඇපල් ගස් සාමාන්‍යයෙන් කාබනික සහ අකාබනික උපක්‍රම වලින් පාලනය කළ හැකි දිලීර, බැක්ටීරියා සහ වසංගත ප්‍ර‍ශ්න වලට නැඹුරුවක් දක්වයි.

වර්ෂ 2010 දී ඇපල් ටොන් මිලියන 69 ක් පමණ ලෝකය පුරා ඵල දැරූ අතර එයින් භාගයක් පමණම චීනයේ නිෂ්පාදනය කරන ලදි. දෙවනියට වැඩිම නිෂ්පාදනයක් දක්නට ලැබෙන්නේ ඇමරිකාවේ වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 6% කට වඩා වැඩි වේ. තූර්කිය තෙවන ස්ථානයද ඉන් පසුව පිළිවලින් ඉතාලිය, ඉන්දියාව සහ පෝලන්තය නිෂ්පාදනයේ ඉදිරියෙන් සිටියි. ඇපල් සාමාන්‍යයෙන් අමුවෙන් ආහාරයට ගන්නා නමුත් බීම සහ විශේෂයෙන් අතුරුපස වැනි සකස් කරන ලද ආහාර වලද දක්නට ලැබේ. ඇපල් ආහාරයට ගැනීමෙන් බොහෝ සෞඛ්‍යයට හිතකර ප්‍රතිඵල ඇති කරන අතර කෙසේ නමුත් පළතුරේ ඇති විවිධ ප්‍රෝටීන හේතු කරගෙන ඇති වන ආකාර දෙකක අසාත්මිකතා සොයාගෙන ඇත.

උද්භිද විද්‍යා තොරතුරු[සංස්කරණය]

ඇපල් ගසේ පුෂ්ප, ඵල සහ කොළ

ඇපල් වැවෙනු ලබන්නේ කුඩා පතනශීලී ගස් වල වන අතර සාමාන්‍යයෙන් ඒවා මිටර 3 ත් 12 අතර උසක්ද, පළල් වූද ඝන රිකිලි සහිත වූද ස්වාභාවයක් ගනියි. පත්‍ර සරළ ඕවලාකාර හැඩතිව දිගින් සෙන්ටිමීටර 5 ත් 12 ත් අතරද පළලින් සෙන්ටිමීටර 3ත් 6 ත් පමණද නටුව සෙන්ටිමීටර 2 ත් 5 ත් අතර ප්‍රමාණයෙන් තියුණු අගක් සහිතව ඒකාන්තරව සකස් වී තිබෙන අතර දැති සහිත දාරයකින් සහ ඇතුල් පැත්ත යන්තමින් බූව සහිතව නිර්මාණය වී තිබේ. වසන්ත ඍතුවේදී පත්‍ර‍ වල දළුලන විටම මල් හට ගැනීමද සිදුවේ. මල් අනුක්‍ර‍මයෙන් පැහැය අඩු වන ලෙස රෝස පැහැය යන්තමින් මිශ්‍ර වුනු සුදු පැහැ ගන්නා අතර විශ්කම්භය සෙන්ටිමිටර 2.5 ත් 3.5 ත් අතර ප්‍රමාණයේ පෙති පහකින් සමන්විත වේ. සරත් ඍතුව වන විට ඵල සම්පුර්ණයෙන් පැසෙන අතර සාමාන්‍යයෙන් එක් ඇපල් ගෙඩියක විශ්කම්භය සෙන්ටිමීටර 5 ත් 9 ත් අතර ප්‍ර‍මාණයක් ගනියි. පළතුරේ මැද තුඩු පහක් සහිත තරුවක ස්වාභාවය ගන්නා පියළි පහකින් සමන්විත වේ. ඒ සෑම පියළියකම බීජ 1 ත් 3 අතර ප්‍රමාණයක් අඩංගු වේ.

වනගත මුතුන් මිත්තන්[සංස්කරණය]

පුරාණ කැලෑ ආශ්‍රිතව වැවුනු ඇපල් මධ්‍යම ආසියාවට අයත් දකුණු කසක්ස්තානය, චීනය සහ තවත් රටවල් කීපයක් ආශ්‍රිතව වනගත කඳුකර ප්‍රදේශ වලින් සොයා ගෙන තිබේ. ඇපල් විශේෂ වගා කිරිම බොහෝ දුරට Tian Shan කඳුවැටියේ පැත්තකින් පිහිටා ඇති කැලෑ ප්‍රදේශයේ ආරම්භ වී තිබෙ න අතර එය දිගු කාලයක් තිස්සේ වර්ධනය වී ක්‍ර‍මයෙන් ජාන දෙමුහුම්කරණය මඟින් විවෘත පරාගිත බීජ බවට පත් විය. Malus sylvestris සමඟ සිදුවුන සාර්ථක ජාන හුවමාරුවෙහි ප්‍ර‍තිඵලයක් වශයෙන්, වර්තමානයේ පවතින ඇපල් Malus sieversii ට වඩා Malus sylvestris ට සමාන කමක් දක්වයි.

ප්‍රවේණික තොරතුරු[සංස්කරණය]

වර්ෂ 2010 දී එක් Italian-led consortium විසින් ඔවුන්, Washington State විශ්ව විද්‍යාලයේ උයන්වතු සම්බන්ධ ජාන විද්‍යාඥයින් සමඟ එකතු වී Golden delicious ප්‍රබේද උපකාරී කොට ගෙන ඇපල් වල සම්පූර්ණ ප්‍රවේණික තොරතුරු විකේත තළ බවට නිවේදනය කරන ලදි. එහි 57000 පමණ ජාන අඩංගු වන අතර එය දැනට අධ්‍යනයනය කොට ඇති ශාක ප්‍රවේණික තොරතුරු වලින් වැඩිම අගය වන අතර මිනිස් ජාන (30000 පමණ) වලටද වඩා ඉහළ අගයක් ගනියි. ඇපල් වල ප්‍රවේණික තොරතුරු වල මෙම නව හඳුනා ගැනීම විද්‍යාඥයින්ට රෝග සහ නියඟ වලට ප්‍රතිරෝදී තාවයක් දැක්වීමට දායක වන ජාන සහ ජාන විචල්‍යතා සහ අනෙකුත් අභිමත ආවේණික ලක්ෂණ හඳුනා ගැනීමේදී උපකාරී වනු ඇත. එසේම මෙම අභිමත ආවේණික ලක්ෂණ වලට පාදක වන ජාන හඳුනා ගැනිම මඟින් වඩා හොඳ වරණ අභිජනනය සඳහා විද්‍යාඥයින්ට අත්වැලක් ලබා දෙනු ඇත. එසේම මෙම නව හඳුනා ගැනීම විද්‍යාත්මක ලෝකයේ දිගු කාලීන සැක සහිත කරුණක් බවට පත් වී තිබූ ගෘහස්ත ඇපල් වල මූලාරම්භක මුතුන් මිත්තන් Malus sieversii බවට සානාථ කිරීමට උපකාරී විය.

ඉතිහාසය[සංස්කරණය]

කසක්ස්තානයේ Malus sieversii

Malus වල ජාන විවිධත්වයේ මධ්‍ය සළකුණ නැගනහිර තූර්කියේ පිහිටියි. ඇතැම් විට ප්‍රථමයෙන්ම වගා කළ ශාකය ඇපල් වීමට ඉඩ ඇති අතර වර්ෂ දහස් ගණනක් තිස්සේ ඇපල් ඵලය වර්ධනයට ලක් වී ඇත. ක්‍රිස්තු උපතට වර්ෂ 328 කට පෙර ආසියාවේ කසක්ස්තානයෙන් කුරු ඇපල් සොයා ගැනීමේ කීර්තිය මහා ඇලෙක්සැන්ඩර් රජුට හිමි විය. ශීත ඍතු ඇපල් එසේත් නැතිනම් සිසිර ඍතුවේ අවසාන කාලයේ නෙලනු ලබන මිදිමට ඉතා ආසන්න අවස්ථාවේ ගබඩා කරන ඇපල් වර්ෂ මිලියන ගණනක් තිස්සේ ආසියාවේ සහ යුරෝපයේද, යුරෝපීයන් සංක්‍රමණයෙන් අනතුරුව ඇමරිකාවේ සහ ආජන්ටිනාවේද ඉතා වීශේෂ ආහාරයක් විය. ජනපදිකයින් විසින් 17 වන ශත වර්ෂයේදී උතුරු ඇමරිකාවට ඇපල් ගෙන යන ලද අතර, උතුරු ඇමරිකානු මහද්වීපයේ ප්‍රථම පළතුරු වත්ත වර්ෂ 1625 ගරු විලියම් බ්ලැක්ස්ටන් විසින් බොස්ටන්හි රෝපණය කරන ලදි. උතුරු ඇමරිකාවට ස්වදේශී එකම ඇපල් වර්ගය crab apples එසේත් නැතිනම් common apples නමින් හඳුන්වයි. ඇපල් ප්‍රබේද යුරෝපයේ සිට බීජ ලෙස ගෙනවිත් උතුරු ඇමරිකාවේ පැතිරුන අතර යටත් විජිත ගොවිපල වලද වගා කිරීම සිදු කරන ලදි. 19 වන ශත වර්ෂයේ ප්‍ර‍ථම භාගයේදී එනම් 1845 දී තම ප්‍රගුණනය විදහා පාමින් උතුරු ඇමරිකාවේ තවාන් වලින් හොඳම ඇපල් ප්‍රබේද 350ක් විකුණන ලදි. 20 වන ශත වර්ෂයේදී වොෂිංටන් වල වාරි මාර්ග ව්‍යාපෘති ආරම්භ කළ අතර ඇපල් ප්‍රධාන බෝගය කර ගනිමින් පළතුරු කර්මාන්තය වර්ධනය කිරීමට ඉතා විශාල වශයෙන් මුදල් ආයෝජනයට අවස්ථාව ලබා දෙන ලදි.

20 වන ශත වර්ෂය වන තුරුම ගොවීන් විසින් ශීත කාලයේදී විකිණීම සඳහා හෝ තම ප්‍රයෝජනය සඳහා ඇපල් ගබඩා කරන ලද්දේ හිමට ඔරොත්තු දෙන බිම් ගෙවල්(frostproof cellars) තුළය. ගබඩා කිරීමේ අවශ්‍යතාවය අඩු කිරීමට මාර්ග සහ දුම්රිය හරහා නැවුම් ඇපල් ප්‍රවාහනය කිරීමේ පහසුකම් දියුණු කරන ලදි. 21 වන ශත වර්ෂයේදී අවුරුද්ද පුරා ඇපල් නැවුම්ව තබා ගැනීමට දේශගුණය පාලනය කිරීමේ පහසුකම් ඇති කල නිසා නැවතත් දිගු කාලින ගබඩා කිරීම් බහුලව භාවිතා කිරීමට ආරම්භ කරන ලදි. මෙම දේශගුණය පාලනය ක්‍රියාවලියේදී පළතුරු නැවුම්ව තබා ගැනීමට ඉහළ ආර්ද්‍රතාවයක්, අඩු ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් මට්ටම් භාවිතා කරයි.

සංස්කෘතික දර්ශනයන්[සංස්කරණය]

Iduna ලෙස" (1901) Carl Larsson විසින්

ජර්මන් මිත්‍යා (Germanic paganism)[සංස්කරණය]

නොර්වේනියානු මිත්‍යා කථා වලට අනුව, Iduna දෙවඟන දෙවිවරුන්ට සදාකාලික තරුණ බව ලබා දීම සඳහා ඇපල් සැපයූ තැනැත්තිය බව Prose Edda(13 වන ශත වර්ෂයේ Snorri Sturluson විසින් රචිත)හි නිරූපණය කරනු ලබයි. ඉංග්‍රීසි ජාතික පඩිවරයෙක් වූ H. R. Ellis Davidson විසින් නොර්වේනියානු මිත්‍යා දෘෂ්ටීන් වර්ධනය වීමට බලපෑ ජර්මන් මිත්‍යා දෘෂ්ටින් වල ආගමික ක්‍රියා මාර්ග වලට ඇපල් සම්බන්ධ කොට දක්වන ලදි. ඇය ඔස්බර්ග් නැව (Oseberg ship) වැළලුන ප්‍රදේශයේ ඇපල් භාජන හමුවූ බවත්, එංගලන්තයේ සහ යුරෝපා මහද්විපයේ ඇතැම් ස්ථාන වල විසූ ජර්මන් ජාතිකයින්ගේ සොහොන් වල ඇපල් ගෙඩි සහ ඇට දක්නට ලැබුනු බවත් එම නිසා එයට කිසියම් සංකේතාත්මක තේරුමක් තිබෙන්නට ඇති බවත් නිරිතදිග එංගලන්තයේ අදටත් එම ඇට සශ්‍රීකත්වය පිළිබිබු කරන සංකේතයක් ලෙස භාවිතා කරන බවත් පෙන්වා දුන්නාය.

ඇය විසින් Vanir නම් වන නොර්වේනියානු මිත්‍යා කථා වල සශ්‍රීකත්වය හා සම්බන්ධ වන දෙවිවරු කණ්ඩායමක් සහ ඇපල් අතර සම්බන්ධතාවයක් පෙන්වා දෙන අතර එයට උදාහරණයක් වශයෙන් ප්‍රධාන Vanir දෙවියන් වූ Freyr ගේ පණිවිඩකරු ලෙස ක්‍රියා කළ Skírnir, ලස්සන Gerðr සතුටු කිරිමට රත්රන් ඇපල් 11 දුන් බව Skírnismál හි 19 වන සහ 20 ශ්ලෝක වල සඳහන් වන බව උපුටා දක්වන ලදි. ඇය තව දුරටත් නොර්වේනියානු මිත්‍යා කථා වල ඇති සශ්‍රීකත්වය සහ ඇපල් වල සම්බන්ධය පැහැදිලි කිරීමට Völsunga saga හි දෙවන පරිච්ඡේදය භාවිතා කරයි. එයට අනුව Rerir රජු දරුවෙකු ඉල්ලා කළ ප්‍රාර්ථනාවට ප්‍රතිඵලයක් ලෙස Frigg නම් වු ප්‍ර‍ධාන දෙවඟන විසින් රජුට ඇපල් ගෙඩියක් යැවූ අතර ඇගේ පණිවිඩ කරු(කපුටකුගේ වේශයෙන්) පස් ගොඩැල්ලක වාඩි වන විට ඔහුගේ උකුළෙන් එම ඇපල් ගෙඩිය වැටුනු බවද රජුගේ බිරිඳ ඇපල් ගෙඩිය පරිබෝජනය කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස අවුරුදු 6 ක ගර්භණී කාලයකින් පසුව සිසේරියන් සැත්කමකින් Völsung නම් වන මහා වීරයාට උපත ලබා දුන් බවත් සඳහන් වේ.

තව දුරටත් Davidson විසින් 11 වන ශත වර්ෂයේදී skald ගේ කාව්‍යක සඳහන් Apples of Hel නම් අපූර්ව වාක්‍යය කණ්ඩයකට අවධානය යොමු කරයි. මෙම කවියා විසින් ඇපල් යනු මරණයේ ආහාරය ලෙස සිතන්නට ඇතැයි අදහස් කිරීමට ඉඩ ඇති බව ඇය ප්‍රකාශ කරයි. ඇය තව දුරටත් Nehalennia නම් වන දෙව්දුව ඇතැම් අවස්ථා වල ඇපල් පිළිබඳව වචනයෙන් විස්තර කළ බවත් එය මුල් කාලීන අයර්ලන්ත කථා වලද මෙයට සමාන්තරව සඳහන් වන බවත් පෙන්වා දෙයි. උතුරුදිග යුරෝපයේ ඇපල් වගා කිරීම අවම වශයෙන් රෝම අධිරාජ්‍ය කාලය දක්වාවත් පැතිරෙන බවත් එය යුරෝපයට පැමිණයේ ආසන්න නැගෙනහිරින් බවත් උතුරුදිග යුරෝපයේ ස්වදේශී ඇපල් ප්‍රබේද කුඩා සහ තිත්ත රසැති බවත් ඇය තරයේ ප්‍රකාශ කරයි.

ග්‍රීක මිත්‍යා කථා[සංස්කරණය]

Hesperides හි ඇපල් ගෙඩිය අතින් ගත් Heracles

ආගමික සම්ප්‍රධායන් බොහෝමයක ඇපල් අඩංගු වන අතර එය බොහෝ විට ගුප්ත හෝ තහනම් පළතුරක් වශයෙන් දක්වයි. ඇපල් සම්බන්ධව ආගමික කථා, ජනකථා සහ මිත්‍යා කථා වල ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස 17 වන ශත වර්ෂය පමණ වන තුරුම බෙරි හැර සියළුම පළතුරු සහ ඇට වර්ග හඳුන්වන පොදු නාමයක් වශයෙන් ඇපල් යන වචනය භාවිතා කිරිම දැක්විය හැක. උදාහරණයක් වශයෙන්, Heracles නම් ග්‍රීක වීරයා ඔහුගේ වැඩ 12 න් එකක් ලෙස Hesperides උද්‍යානයට ගමන් කර එහි මධ්‍යයේ පිහිටා ඇති ජීවයේ ගසින් රත්රන් ඇපල් කඩා ගත යුතුව තිබු බව ග්‍රීක මිත්‍යා කථාවල සඳහන් වේ.

අසමගිය පිලිබිබු කරන Eris නම් ග්‍රීක දෙවඟන, Peleus සහ Thetis ගේ විවාහයේදී තමාව බැහැර කිරීම නිසා බලවත් අසන්තෝෂයට පත් විය. එයට පලිගැනීමක් ලෙස ඇය රත්රන් ඇපල් ගෙඩියක් විවාහ උත්සවයට වැටීමට සැලැස්වූවාය. එම ඇපල් ගෙඩියට දෙවඟනන් තිදෙනෙක් එනම් Hera, Athena සහ Aphrodite හිමිකම ප්‍රකාශ කලහ. එහි අයිතිකරු තීරණය කිරීමට ට්‍රෝයිහි (Troy) පැරිස් (Paris) කුමරු පත් කරන ලදි. Hera සහ Athena යන දෙවඟනන් දෙදෙනාගෙන්ම අත්ලස් ලබා ගත් Aphrodite දෙවඟන කුමරුන්ට ලෝකයේ ඉතාම ශෝබන කාන්තාව වූ Sparta හි Helen පිළිබඳව පෙළබවීමක් ඇති කළාය. ඔහු ඇපල් ගෙඩිය Aphrodite දෙවඟනට ප්‍රධානය කළ අතර එය වක්‍රාකාරව ට්‍රෝජන් යුද්ධයට හේතු කාරක විය.

පුරාණ ග්‍රීසියේ, ඇපල් Aphrodite දෙවඟනට පූජනීය බවත් යමෙකුට ඇපල් ගෙඩියක් විසිකිරීම ආදරය ප්‍ර‍කාශ කිරීමේ සළකුණක් ලෙසත් එවැනි ඇපල් ගෙඩියක් අල්ලා ගැනීම එම ආදරය පිළිගන්නා බව දැක්වීමේ සංකේතය බවත් සළකන ලදි. Plato විසින් සඳහන් කරන ලද ආප්තෝපදේශයක මෙසේ සඳහන් වේ.

"මම ඔබට ඇපල් ගෙඩියක් වීසි කරමි. ඔබ මට ආදරය කිරීමට කැමති නම්, එය රැගෙන ඔබේ කන්‍යා සමය මාත් සමඟ බෙදා ගන්න. නමුත් ඔබේ සිතුවිලි මා එසේ නොවීමට ප්‍රාර්ථනය කරන ඒවා වුවද එය අල්ලා ගෙන කෙටි කාලීන ජීවිතය කෙතරම් සුන්දරදැයි සළකා බලන්න."

Plato

ග්‍රීක මිත්‍යා වල එන Atalanta ද තම විවාහය වළක්වා ගැනිමේ උත්සහයක යෙදෙමින් ඇගෙන් විවාහ බස් ඉල්ලා පැමිණෙන සියළු දෙනා සමඟ තරඟයට දුවන ලද අතර Hippomenes(Melanion නමින්ද හඳුන්වන අතර බොහෝ විට එම නම melon නම් ඇපල් වල ග්‍රීක නමින් බිඳී එන්නට ඇත) හැර අන් සියළු දෙනාම පරාජය කිරීමට සමත් වූවාය. ඔහු ඇයව පරාජය කළේ වේගයෙන් නොව දක්ෂ ප්‍රයෝගයකිනි. ඔහු තමාට සාධාරණ තරඟයකින් ජය ගත නොහැකි බව දැන සිටි නිසා Atalanta ගේ ඒකාග්‍රක‍තාවය බිඳිමට රත්රන් ඇපල් ගෙඩි තුනක් (ආදරයේ දෙවඟන වූ Aphrodite ගේ ත්‍යාගයක්) භාවිතා කළේය. ඔහුගේ සම්පූර්ණ වේගයත් එම ඇපල් ගෙඩි තුනමත් වැය වුවද අවසානයේ ඔහු තරඟය දිනීමට මෙන්ම Atalanta ගේ අත දිනා ගැනීමටද සමත් විය.

ඒඩ්න්ගේ උද්‍යානයේ තහනම් පළතුර[සංස්කරණය]

ආදම් සහ ඒවා
පාපයේ සළකුණක් ලෙස ඇපල් විදහා පාමින්.

Book of Genesis හි එන තහනම් පළතුර නිවරදි ලෙසම අනාවරණය කර නොගත්තද, ඊවා විසින් ආදම්ව පොළබවා ගන්නා ලද්දේ ඇපල් ගෙඩියක් බෙදා ගැනීමට බව ක්‍රිස්තියානු සම්ප්‍රදායේ ඉතා බහුලව සඳහන් වේ. Renaissance චිත්‍ර‍ ශිල්පීන් විසින් බයිබලය හා සම්බන්ධ සිද්ධි වලදි ග්‍රීක මිත්‍යා මත වල අංග ඇතුළත් කිරීම මෙම හේතුව නිසා සිදු වන්නට ඇත.(ග්‍රීක මිත්‍යා මත වල ඇති ඇතැම් විකල්ප අර්ථකථන වල දෙළුම් වෙනුවට ඇපල් ඇතුළත් වේ) Garden of Hesperides හි එන රත්රන් ඇපල් පිළිබඳ කතාවේ බලපෑම නිසා ඒඩ්න්ගේ උදයානයේ නිර්නාමික පළතුර ඇපල් බවට පත්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආදම් සහ ඒවා කථාවේ ඇපල් යනු ඥාණය, සදාකාලික බව, පෙළබවීම සහ මිනිසා වරදෙහි බැඳීමෙහි සංකේතයක් බවට පත් විය. ලතින් භාෂවේ ඇපල් සහ අයහපතට ඇති වචන සමාන වේ. බයිබලයේ එන තහනම් පළතුර ඇපල් වීමට මෙයද හේතු පාදක වන්නට ඇත. මිනිසාගේ උගුරේ ඇති ස්වරාලය ආදම්ගේ ඇපල් නමින් හඳුන්වනු ලබන්නේ එය ආදම්ගේ උගුරේ ඉතිරි වූ තහනම් පළතුර නිසා ඇති වූ සංකේතයක් ලෙස සළකන බැවිනි. ඇපල් ලිංගික පෙළබවීම පිළිබඳ සංකේතයක් ලෙස මිනිසුන් අතර ලිංගිකත්වය අදහස් කිරිමේ ව්‍යංගාර්ථයක් ලෙස භාවිතා කරයි.

වගාවන්[සංස්කරණය]

ඉන්දියාවේ රතු සහ කොල ඇපල්

දැනට ඇපල් වගාවන් වර්ග 7500 කට වඩා හඳුනාගෙන තිබේ. මෙම වගා වර්ග වල එකම ඇපල් මූලයෙන් ලබා ගත් ඇපල් භාවිතා කළද එහි අස්වැන්න, ගසේ ප්‍රමාණය මත මෙම වර්ග වෙනස් වෙයි. උෂ්ණත්වය සහ අර්ධශුෂ්ක දේශගුණය අනුව වෙනස් වගා වර්ග දක්නට ලැබේ. එංගලන්තයේ පරිසරය, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ වගකීමක් වන ජාතික පළතුරු එකතුව, කෙන්ට් ප්‍රාන්තයේ 2000 කට වැඩි වුණු ප්‍රවේශයකට ලගා වී තිබේ. ජාතික පළතුරු එකතුවේ දත්ත ගබඩාව වර්ධනය කිරීමේ වගකීම පවතින The University of Reading ජාතික එකතුව සෙවීමේ ප්‍රවේශය ලබා දේ. මෙම විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු, රටවල් 38 ක් සහභාගී වන Malus පිළිබඳ කණ්ඩායමේ ශාක ජාන සම්පත් පිළිබඳ යුරෝපීය සහයෝගීතා වැඩසටහනෙහි කොටසක් වෙයි. ඇමරිකාවේ ජාතික පළතුරු එකතුව පිළිබඳ දත්ත ගබඩාවේ ඇපල් වල, විශේෂයෙන්ම එක සමාන ජාන සහිත ඇපල් ප්‍රබේද වල විකල්ප නම් ඇතුළත්ව එහි ලක්ෂණ සහ මූලාරම්භය පිළිබඳ ඉතා වටිනා තොරතුරු අඩංගු වේ. මෙයින් බොහෝ වගා වර්ග නැවුම් වශයෙන් ආහාරයට ගැනීමට( අතුරුපසක් වශයෙන්) වගා කරන අතර, ඇතම් ඒවා ආහාර පිසීමේ හෝ සයිඩර් නිෂ්පාදනය කිරීමේ අදහසින් වගා කරයි. සයිඩර් නිෂ්පාදනය කිරීමට ගන්නා ඇපල් වල ඇඹුල් ගතිය ඉහළ අතර නැවුම්ව ආහාරයට ගතහොත් කහට රසැති වේ. නමුත් පානයක් වශයෙන්, අතුරුපසට ගන්නා ඇපල් වල නොමැති ඉහළ රසයක් අඩංගු වේ.

වාණිජව ප්‍රසිද්ධ ඇපල් වගාවන් මෘදු නමුත් කැඩෙන සුළු වේ. වාණිජමය ඇපල් වගාවන් වල වර්තමානයේ දක්නට ලැබෙන අනෙකුත් ගුණාංග ලෙස වර්ණවත් මතුපිට, රතු පැල්ලම් රහිත වීම, පහසුව නැව් ගත කිරීමේ හැකියාව, දිගු කාලීන ගබඩා කිරීමේ පහසුව, වැඩි ඵලදාව, රෝග වලට ඔරොත්තු දීම, පොදු ඇපල් වල හැඩය සහ වර්ධනය කළ රසය දැක්විය හැක. වර්තමානයේ දක්නට ලැබෙන ඇපල් පැරණි ඇපල් වලට වඩා පැණිරස අතර කාලයත් සමඟ ඇපල් වල රසයේ ජනප්‍රියතාවය වෙනස් වී ඇත. බොහෝ උතුරු ඇමරිකානු සහ යුරෝපීය ජනයා පැණි රස අර්ධ අම්ල සහිත ඇපල් වලට කැමැත්ත දක්වන අතර තිත්ත රසැති ඇපල් වලට කැමැත්ත දක්වන ප්‍ර‍මාණය ඉතා සුළු වේ. ආසියානු ජනයා විශේෂයෙන් ඉන්දීය ජනයා බොහෝ විට ඉතා පැණිරස අම්ල රසය ඉතා අඩු ඇපල් වලට ප්‍රියතාවය දක්වයි.

පැරණි වගා වර්ග නියමාකාර හැඩය රහිත රතු වූ විවිධාකාර පැහැයන් ගෙන් සහ ස්වාභාවයන්ගෙන් සමන්විත විය. ඇතමෙක් ඒවා වර්තමාන වගා වර්ග වලට වඩා රසවත් යැයි සැළකුවද එම ඇපල් වගාවන් අඩු ඵලදාව, ප්‍රවාහන සහ ගබඩා කිරීම් වලට දක්වන අඩු හැකියාව සහ රෝග වලට නැඹුරුතාවය නිසා වාණිජව ගැටළු ඇති කරයි. විශාල වශයෙන් පවත්වා ගෙන යන ඉතාම කුඩා ප්‍රමාණයක පැරණි ඇපල් වගාවන් අදටත් දක්නට ලැබෙන නමුත් බොහෝ විට ගොවීන් හෝ ගෙවතු වගා කරන්නන් විසින් ඒවා කෙලින්ම දේශිය වෙළඳපලට නිකුත් කරයි. බොහෝ අසාමාන්‍ය සහ දේශීය වශයෙන් වැදගත් වගාවන් ඔවුන්ටම සුවිශේෂ වූ රසයෙන් සහ පෙනුමෙන් සමන්විත වෙයි. ඇපල් සංරක්ෂණ සමාගම් එවැනි දේශීය වගාවන් අභාවයට යාමෙන් වැලක්වීමට ලෝකය පුරාම ආරම්භ කර ඇත. එංගලන්තයේ 'Cox's Orange Pippin' සහ 'Egremont Russet' වැනි පරණි වගාවන් අද වර්තමාන ප්‍රමිතීන් අනුව අඩු පලදාවක් සහ රෝග වලට නැඹුරුතාවයක් දැක්වුවද තවමත් වාණිජමය වශයෙන් වැදගත් වේ.

නිපදවීම[සංස්කරණය]

බෝ කිරීම[සංස්කරණය]

ඇපල් පෝච්චිය

වනාන්තර ආශ්‍රිතව ඇපල් ඉතා පහසුවෙන් බීජ මඟින් රෝපණය වේ. කෙසේ නමුත් බොහෝ බහු වාර්ෂික පළතුරු මෙන්ම ඇපල්ද අලිංගිකව ශාඛා බද්ධය මඟින් බෝ කිරීම සිදු කරයි. මෙයට බොහෝ විට හේතු වන්නේ ඇපල් බීජ පැළ අතිශය විෂමයුග්මකයන්ට උදාහරණයක් වීමය. එම හේතුව නිසා දෙමාපියන්ගෙන් DNA උරුම වී එම ගති ලක්ෂණ ඇති නව ඇපල් ගස් ඇති වීම වෙනුවට දෙමාපියන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඇපල් ඇති කරයි. ත්‍රිගුණක ප්‍රබේද වලට තවත් අමතර ප්‍රජනන බාධකයක් ඇති අතර එම වර්ණදේහ තුන් වර්ගයට ඌනන විභාජනයේදී සමානව බෙදීමට නොහැකි නිසා අසමානව බෙදුනු වර්ණදේහ වලට යටත් වේ. මෙම ත්‍රිගුණක ශාක වලට බීජ නිෂ්පාදනය කළ හැකි වුවද (ඇපල් වල) එය සිදු වන්නේ බොහෝ කලාතුරකින් වන අතර බීජ පැළයද සාර්ථක වන්නේ ඉතාම කලාතුරකිනි. බොහෝ වර්තමාන ඇපල් වගා වල බීජ පැළ ලෙස ආරම්භ වන වගා ඉබේ පැළ වීමක් හෝ වෙනස් ලක්ෂණ බලාපොරොත්තුවෙන් හිතමතා බද්ධ කළ වගා 2 ක ප්‍ර‍තිඵලයක් ලෙස ඇතිවේ. ඇපල් වගාවේ නමෙහි 'seedling', 'pippin' සහ 'kernel' වැනි වචන අඩංගු වීම එම වගා බීජ පැළ ලෙස ආරම්භ වන බව අඟවයි. ඇපල් වලට bud sports(එක් අත්තක වෙනස් වීමක්) ද සකස් විය හැක. එවැනි සමහරක් මව් වගාව දුර්වල කිරිම සිදු කිරීමට ඉඩ ඇත. නමුත් ඇතැම් සමහරක් මව් වගාවෙන් වෙන්ව නව වගාවක් ලෙස ව්‍යාප්ත වීමට ආරම්භ කරයි.

1930 පමණ සිට Minnesota විශ්ව විද්‍යාලයේ අත්හදාබැලීම් ස්ථානය වැදගත් වෙනස් නොවන ඇපල් ප්‍ර‍ගමනයක් හඳුන්වා දුන් අතර ඒවා Wisconsin හා Minnesota හි වාණිජමය සහ දේශිය පළතුරු වගා යන දෙවර්ගයේම විශාල වශයෙන් වගා කරන ලදි. එහි විශාලතම දායකත්වය 'Haralson' (Minnesota හි වැඩි වශයෙන්ම වගා කරන ඇපල් වර්ගය), 'Wealthy', 'Honeygold', සහ 'Honeycrisp' හි අඩංගු විය.

ඉක්වදෝරයේදී ඇපල් අවුරුද්ද පුරා පවතින ස්ථිර උෂ්ණත්වය නිසා අවුරුද්දකට දෙවතාවක් ඵලදාව ලබා ගත හැකි ඉතා උස් ප්‍රදේශ වලට හුරු කරනු ලබයි.

මුල් දඬු (Rootstocks)[සංස්කරණය]

වර්ෂ 2000 කට වැඩි කාලයක් තිස්සේ ඇපල් වගාවේදී ගසේ ප්‍ර‍මාණය පාලනය කිරීමට මෙම මුල් දඬු යොදා ගෙන තිබේ. ආසියාවෙන් අහම්බයක් ලෙස කුරු මුල් දඬු හමුවන්නට ඇත. මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් මෙම කුරු ඇපල් ගස් ග්‍රීසියේ Aristotle නගරයට යවා Lyceum වල පවත්වාගෙන ගොස් තිබේ.

බොහෝ නව ඇපල් වල මුල් දඬු ඇති කරන ලද්දේ 20 වන ශත වර්ෂයේය. එංගලන්තයේ කෙන්ට්හි East Malling Research Station හිදී දැනට පවතින ඇපල් වල මුල් දඬු විශ්ලේෂණය ආරම්භ කළේය. එය පසුව John Innes ආයතනය සහ Long Ashton Research මධ්‍යස්ථානය සමඟ එකතු වී විවිධ ප්‍රමාණ මට්ටම් වල, රෝග වලට ඔරොත්තු දෙන මුල් දඬු නිපදවූ අතර ඒවා ලෝකය පුරා ව්‍යාප්ත විය.

පරාගනය[සංස්කරණය]

පැරණි Ayrshire ප්‍රබේදයක ඇපල් මල්
ඇපල් මලක සිටින Orchard mason bee, British Columbia, Canada

ඇපල් ස්වයං පරස්පර විරෝදීතාවයක් දක්වයි. ඵලයක් වර්ධනය වීමට ඒවා අනිවාර්යයෙන්ම දෙමුහුන් පරාගනයට ලක්විය යුතුය. සෑම ඍතුවේම මල් පිබිදෙන සමයේදී ඇපල් වල පරාග සංක්‍ර‍මණය කරන්නන් උපරිම කිරීමට ගස් හොඳින් වැඩේ. බොහෝ විට මෙම කාර්යයට මී මැස්සන් භාවිතා වේ. වාණිජමය තවාන් වල Orchard mason bees මේ සඳහා යොදා ගනියි. ඇතැම් විට Bumblebee queens ද මෙම තවාන් වල සිටින නමුත් පරාග ගෙන යාමට ප්‍රමාණවත් සංඛ්‍යාවක් දක්නට නොලැබෙයි.

දේශගුණය පදනම් කර ගෙන 4 ත් 7 ත් අතර පරාගන කණ්ඩායම් ඇපල් වල දක්නට ලැබේ.

  • A කණ්ඩායම – මල් පිබිදෙන ප්‍රථම කාලයේ, එංගලන්තයේ මැයි 1 සිට 3 දක්වා (Gravenstein, Red Astrachan)
  • B කණ්ඩායම – මැයි 4 සිට 7 (Idared, McIntosh)
  • C කණ්ඩායම – මල් පිබිදෙන මධ්‍යම කාලයේ, මැයි 8 සිට 11 (Granny Smith, Cox's Orange Pippin)
  • D කණ්ඩායම – මල් පිබිදෙන මධ්‍යම සහ අවසාන කාලයේ, මැයි 12 සිට 15 (Golden Delicious, Calville blanc d'hiver)
  • E කණ්ඩායම – අවසාන කාලයේ, මැයි 16 සිට 18 (Braeburn, Reinette d'Orléans)
  • F කණ්ඩායම – මැයි 19 සිට 23 (Suntan)
  • H කණ්ඩායම – මැයි 24 සිට 28 (Court-Pendu Gris) (also called Court-Pendu plat)

එක් ඇපල් වගා වර්ගයක් තවත් ගැළපෙන එකම කණ්ඩායමට අයත් හෝ ආසන්නව සමාන වගාවක් සමඟ (A සමඟ A, හෝ A සමඟ B, නමුත් A සමඟ C or D හැකියාවක් නැත) පරාගනය සිදු කල හැක.

ඇතැම් විට මෙම ප්‍රබේද මල් හට ගැනීමේ දින 30 ක කාලයකින් සාමාන්‍යයෙන් වැඩිපුරම මල් හට ගත් දිනය අනුවද වර්ග කරයි.

පරිණත වීම සහ ඵලදාව​[සංස්කරණය]

වගාවන් එකම මුල් දඬු වලින් ව්‍යාප්ත වුවද ඵලදාව​ සහ ගසේ ප්‍රමාණය අනුව විවිධාකාර වේ. ඇතැම් වගාවන් වල වම් පස කප්පාදු කර නොමැති විට ගස් ඉතා විශාලව වැඩෙන අතර ඵල බොහෝ ප්‍රමාණයක් නිපදවූවද අස්වනු නෙළිම අපහසු කරයි. ශාක ඝනත්වය ( එක් පෘෂ්ඨික ප්‍රදේශයක ඇති ගස් ප්‍රමාණය) මත පදනම් වෙමින් අවුරුද්දකට මුහුකුරා ගිය ඇපල් ගස් වල ඇපල් කිලෝ ග්‍රෑම් 40 – 200 ත් අතර ප්‍ර‍මාණයක් ඵල දරයි. නමුත් ඇතැම් දුර්වල අවුරුදු වල නිෂ්පාදන ධාරිතාවය 0 ට ආසන්න වන අවස්ථාද ඇත. ඇපල් අස්වනු නෙලීමේදී අතු වලට හොඳින් සම්බන්ධ වී සිටින කොන් තුනක් සහිත ඉණි භාවිතා කරයි. කුරු මුල් දඬු මත බද්ධ කළ ගස් වල අවුරුද්දකට ඇපල් කිලෝ ග්‍රෑම් 10 – 80 ත් අතර ප්‍ර‍මාණයක් ඵල දරයි.

ඵලදාව​ ඇපල් ගසේ ප්‍රබේදය අනුව අවුරුද්දදේ විවිධ කාල වලදී සම්පූර්ණතාවයට පත් වෙයි. ග්‍රීස්ම ඍතුවේ ඵල දරන ඇපල් වර්ග Gala, Golden Supreme, McIntosh, Transparent, Primate, Sweet Bough සහ Duches වන අතර සරත් ඍතුවේ Fuji, Jonagold, Golden Delicious, Red Delicious, Chenango, Gravenstein, Wealthy, McIntosh, Snow සහ Blenheim ද ශීත ඍතුවේදී Winesap, Granny Smith, King, Wagener, Swayzie, Greening, සහ Tolman Swee ද ඵල දරයි.

ගබඩා කිරීම[සංස්කරණය]

වාණිජව ඇපල් මාස කීපයක් පුරා එතිලීන් ප්‍රේරිත ඉදිම වළක්වන තත්ව පාලනය කල කුටි තුළ ගබඩා කර තැබිය හැක. සාමාන්‍යයෙන් ඇපල් ගබඩා කරන කුටි තුළ ඉහළ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් සහ ඉහළ වායු පරිශ්‍රවණයක් පවතී. එය එතලින් ඝනත්වය ඉහළ අගයන්ට පැමිණීම වළක්වන අතර ඉක්මනින් ඉදීම වළකයි. ගබඩා වලින් ඉවත් කළ මොහොතේ පටන් ඇපල් ඉදීමට ලක් වේ. ගෙවතු ගබඩා කිරීම් වලදී විවිධ වර්ග වල ඇපල් උපරිම වශයෙන් සිසිල් ශීතකරණයක් තුළ සති දෙකක් තබා ගත හැක (5 °C ට අඩුවෙන්). Granny Smith සහ Fuji ඇතුළත්ව ඇතැම් ඇපල් වර්ග විශේෂ හායනයක් නොමැතිව අවුරුද්දක් පමණ ගබඩා කර තැබිය හැක.

පලිබෝධ සහ රෝග[සංස්කරණය]

විශේෂ කෘමි හානියක් සිදුවූ පත්‍ර‍යක්

ඇපල් ගස් බොහෝ දිලිර සහ බැක්ටීරියා රෝග වලටත් කෘමි පලිබෝධ වලටත් ඉතා ඉක්මනින් නැඹුරු වේ. බොහෝ වාණිජ පළතුරු වතු වල ශාක වල සෞඛ්‍යය තත්වය ආරක්ෂා කිරීමටත්, පළතුරු වල ගුණාත්මක භාවය පවත්වා ගැනීමටත්, වැඩි පලදාවක් ලබා ගැනීමටත් නොනවැතී ඉදිරියට ගලා යන ආක්‍රමණශීලී ලෙස රසායනික ද්‍රව්‍ය ඉසීමේ වැඩසටහනක් පවත්වාගෙන යයි. වර්තමානයේ මෙම පළතුරු වතු කාබනික ක්‍රම භාවිතා කිරීමට නැඹුරුතාවයක් පෙන්නුම් කරයි. සාම්ප්‍ර‍දායික වගාකිරීමේදී මේවා අඩු ආක්‍රමණශීලී බවක් පෙන්නුම් කරයි. ශාකයට කාලයත් සමඟ දුර්විපාක ඇති කරන ප්‍රබල රසායනික ද්‍ර‍‍ව්‍ය ඉසීම වෙනුවට පලිබෝධ වලට රුකුල් දෙන හෝ නොදෙන කාබනික ක්‍රම භාවිතය සුදුසුය. පලිබෝධ මර්ධනය කිරීමේදී මෙම කාබනික ක්‍රම පලිබෝධ ප්‍ර‍මාණය අඩු කරන ස්වාභාවික විලෝපීයන් හඳුන්වා දෙයි. කාබනික ඇපල් සාමාන්‍ය ඇපල් වලට සමාන ආකාරයක් ගන්නා නමුත් බාහිර වෙනස්කම් පවතී.

ශාක වලට හානි දායක බොහෝ පලිබෝධ සහ රෝග අතුරින් පහත පලිබෝධ සහ රෝග වඩා වැඩි වශයෙන් දක්නට ලැබේ.

  • පුස් (Mildew): වසන්ත ඍතුවේදී පත්‍ර‍ වල, රිකිළි වල සහ මල් වල දර්ශණය වන ලා අළුපැහැති, කුඩු සහිත පැල්ලම් මෙහි ලක්ෂණ ලෙස දැක්විය හැක. මල් ක්‍රීම් කහ පැහැයකට පත්වී හොඳින් වර්ධනය නොවේ. Botrytis නම් රෝගය වැලදුන විට රෝගය වැලදීමට හේතු වූ තත්ව විනාශ කරන ලෙසින්ම, රෝගය වැලදුනු සියළුම ශාක ගිනි තබා විනාශ කළ යුතුය.
  • කුඩිත්තන් (Aphids): ප්‍රධාන වශයෙන් ඇපල් වල මොවුන් ප්‍රබේද පහක් දක්නට ලැබේ. ඒවා apple grain aphid, rosy apple aphid, apple aphid, spirea aphid සහ the woolly apple aphid ලෙස හඳුන්වනු ලබයි. මෙම කුඩිත්තන් වර්ග ඔවුන්ගේ වර්ණයෙන්, අවුරුද්දේ දක්නට ලැබෙන කාලයෙන් සහ කුඩිත්තන්ගේ පිටුපස ඇති කුඩා නෙරුම් යුගලයේ වෙනස් වීම අනුව හඳුනා ගත හැක. කුඩිත්තන් තම ඉඳිකටුවක් වැනි මුඛ කොටස් භාවිතා කර ශාක සාරය උරා ගනිමින්, කොළ අතු වලින් පෝෂණය වෙයි. මෙම සතුන් විශාල වශයෙන් බෝ වීමෙහි ප්‍රතිඵලයක් ලෙස ශාකයේ ප්‍රාණවත් බව සහ වැඩීම අඩු වෙයි.
  • ඇපල් කොරපොතු (Apple scab): මෙහිදී පසු කාලීනව දුඹුරු පැහැ වන ප්‍ පථමයෙන් විල්ලුද ස්වාභාවයක් ගන්නා ඔලිව් දුඹුරු පැහැ පැල්ලම් ඇතිවේ. ඇපල් ඵලයේද මෙවැනිම ආකාර ගත් පැල්ලම් ඇති කරයි. පොළව මත ඇති පැරණි ඇපල් පත්රව‍ මත වර්ධනය වන දිලීර මඟින් පැතිරීම සිදුවන අතර වසන්ත ඍතුවේදී පැතිරීම මඟින් නව ඵලදාවට හානි ඇති කරයි.

ඉතා බරපතලම රෝග ලෙස බැක්ටීරියා ආසාදනයක් වන fireblight සහ දිලීර ආසාදන වන Gymnosporangium සහ කළු ලප (black spot) දැක්විය හැක. දිගටි ඇපල්(Codling moths) සහ ඇපල් පණුවන් (apple maggots) යනු ඇපල් ගසට හානි කරන තවත් වසංගත දෙකකි. විශේෂයෙන් සීත ඍතුවේදී තරුණ ඇපල් ශාක, මෘදු පොත්ත ආහාරයට ගන්නා මීයන් සහ මුවන් වැනි සතුන්ගේ ප්‍රහාරයට ලක්වෙයි.

නිෂ්පාදනය[සංස්කරණය]

ලෝකය පුරා ඇපල් නිෂ්පාදනය

වර්ෂ 2010 දී ඇපල් ටොන් මිලියන 69 ක් පමණ ලෝකය පුරා ඵල දැරූ අතර එයින් භාගයක් පමණම චීනයේ නිෂ්පාදනය කරන ලදි. දෙවනියට වැඩිම නිෂ්පාදනයක් දක්නට ලැබෙන්නේ ඇමරිකාවේ වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 6% කට වඩා වැඩි වේ. 2009 දී විශාලතම ඇපල් අපනයනය කරන්නන් චීනය, ඇමරිකාව, පෝලන්තය, ඉතාලිය, චිලි රාජ්‍යය සහ ප්‍රංශය වූ අතර රුසියාව, ජර්මනිය, එංගලන්තය සහ නෙදර්ලන්තය එම අවුරුද්දේ විශාලතම ඇපල් ආනයනය කරන්නන් විය.

ඇමරිකාවේ වාණිජව විකුණනු ලබන ඇපල් වලින් 60% කටත් වඩා නිෂ්පාදනය කරනු ලබන්නේ වොෂිංටන් වලය. නවසීලන්තයෙන් සහ වෙනත් සෞම්‍ය කාලගුණය ඇති ප්‍රදේශ වලින් ආනයනය කරන ඇපල් සමඟ ඇමරිකාව තරඟ කරන අතර එම තරඟකාරීත්වය දිනෙන් දිනම වැඩිවේ.

ඕස්ට්‍රේලියාවේ ඇපල් නිෂ්පාදනයෙන් බහුතරය ගෘහස්ථ පරිබෝජනය සඳහා වේ. 1921 සිට fireblight නම් වන බැක්ටීරියා ආසාදනය හේතු කොට ගෙන නිරෝධායන රෙගුලාසි යටතේ නවසීලන්තයෙන් ඇපල් ආනයනය කිරීම තහනම් කර ඇත.

2010 දී වැඩිම ඇපල් නිෂ්පාදනයක් පෙන්වූ රටවල් කීපයක්
රට නිෂ්පාදනය (ටොන්) අධෝ ලිපිය
 People's Republic of China 33 265 186
 United States 4 212 330
 Turkey 2 600 000
 Italy 2 204 970
 India 2 163 400 Im
 Poland 1 858 970
 France 1 711 230
 Brazil 1 275 850
World 69 569 612 A

සැළකිය යුතු නිෂ්පාදනයක් ඇති අනෙකුත් රටවල් ලෙස රුසියාව, යුක්රේනය, ආර්ජන්ටිනාව, ජර්මනිය සහ ජපානය දැක්විය හැක.

මිනිස් පරිබෝජනය[සංස්කරණය]

සුපිරි වෙළදසැළක ඇති විවිධ වර්ගයේ ඇපල් ප්‍රබේද
ඇපල් ගෙඩියේ මදය, ඇපල් ගෙඩියේ ඉතිරි සියල්ල බොහෝ විට ආහාරයට ගනියි

ඇපල් බොහෝ විට අමුවෙන් ආහාරයට ගනියි. යන්තමින් විෂ විය හැකි බීජ හැරුනු කොට පොත්තද ඇතුළත්ව මුළු ඇපල් ඵලයම පරිබෝජනය සඳහා සුදුසු වේ. මදය සාමාන්‍යයෙන් ආහාරයට නොගන්නා අතර එය ඉවත් කරනු ලබයි. අමුවෙන් පරිබෝජනය කිරිමට නිෂ්පාදනය කරනු ලබන ඇපල් termed dessert හෝ table apples වේ.

ඇපල් ටින් කිරීමට හෝ යුෂ කිරීමට හැකිය. ඇපල් සයිඩර්(මධ්‍යසාර අඩංගු නොවන, පැණිරස සයිඩර්) නිෂ්පාදනයට ඇපල් අඹරන අතර ඇපල් යුෂ සඳහා පෙරනු ලබයි. යුෂ පැසවීම මඟින් ඝන සයිඩර්, ciderkin සහ විනාකිරි නිෂ්පාදනය කළ හැක. ආසවනය හරහා applejack, Calvados සහ apfelwein වැනි විවිධ මධ්‍යසාර නිෂ්පාදනය කළ හැක. ඇපල් බීජ තෙල් සහ පෙක්ටීන්ද නිෂ්පාදනය කළ හැක.

ප්‍ර‍චලිත භාවිත[සංස්කරණය]

ඇපල් යනු ඇපල් කේක්, බදින ලද ඇපල්, ඇපල් ක්‍රම්බල් සහ ඇපල් පයි වැනි බොහෝ අතුරුපස වල අත්‍යාවශ්‍ය අමුද්‍ර‍්‍යයකි. ඒවා බොහෝ විට බේක් කර හෝ ස්ටූ කර භාවිත කරන අතර වියළා ආහාරයට ගැනීම හෝ පසු භාවිතය සඳහා නැවත සකස් කළ හැක (වතුරෙන්, මධ්‍යසාර හෝ වෙනත් ද්‍රවයකින් පොඟවා). Puréed ඇපල් සාමාන්‍යයෙන් ඇපල් සෝස් ලෙස හඳුන්වයි. ඇපල් ජෙලි සහ බටර් බවටද පත් කරයි. ඒවා බොහෝ විට මාංස ආහාර වල භාවිතා කරයි.

  • ඇමරිකාවේ ටොෆී ඇපල් යනු උණුසුම් ටොෆියකින් ඇපල් ගෙඩියක් ආවරණය කර සිසිල් වීමට ඉඩ හැරිමෙන් සාදා ගන්නා සාම්ප්‍රදායික රස කැවිල්ලකි. එංගලන්තයේ මෙවැනිම ආකාර ගත් රසකැවිලි සූකිරි ඇපල් (ඝන සීනි සිරප් වලින් ආවරණය කළ), කැරමල් ඇපල් (කැරමල් වලින් ආවරණය කළ) ලෙස හඳුන්වයි.
  • මිහිරි අලුත් අවුරුද්දක් සංකේතවත් කිරීමට යුදෙව් අලුත් අවුරුද්දේදී ඇපල් මී පැණි සමඟ ආහාරයට ගනියි.
  • ඇපල් තවාන් සහිත ගොවිපලවල් මහජනයාට විවෘත කරන අතර එමඟින් මිළදී ගන්නන්ට තමාටම ඇපල් නෙලා ගැනීමේ අවස්ථාව ලබා දේ.

පෙති කපන ලද ඇපල් වාතයට නිරාවරණය වූ විට එහි ඔක්සිජන් හේතු කර ගෙන ස්වාභාවික පීනොලික් සාරය මෙලනින් බවට පරිවර්තනය වන නිසා දුඹුරු පැහැයට හැරේ. වෙනස් ප්‍රබේද වල මෙම දුඹුරු පැහැයට හැරීමේ ප්‍රවණතාවය වෙනස් වේ. අල්පාම්ලිත ජලය භාවිතයෙන් මෙය වළක්වා ගත හැක.

කාබනික නිෂ්පාදනය[සංස්කරණය]

සේදීමෙන් පසු ජල පෙරහනක දැමූ කාබනික ඇපල්.

කාබනික ඇපල් බහුලව නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේය. රෝග ප්‍ර‍තිරෝදී වගා භාවිතයෙන් ඉතා කුඩා තවාන් ප්‍රමාණයක් වාණිජව සාර්ථක වුවද යුරෝපයේ කාබනික නිෂ්පාදනය වෙනස් වේ. ඇතැම් පලිබෝධ වලට බාහිර අවහිරයක් ඇති කරන කිරිමැටි ආලේපය මඟින් ඇපල් හිරු එළියට පිළිස්සීමද වළක්වා ගත හැක.

ආසාත්මිකතා[සංස්කරණය]

බොහෝ විට උතුරු යුරෝපයේ දක්නට ලැබෙන එක් ආසාත්මිකතා වර්ගයක් birch ඇපල් සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වයි. එය බොහෝ විට birch pollen වලටද ආසාත්මිකතාවයක් දක්වන පුද්ගලයන් අතර දක්නට ලැබේ. මෙම ආසාත්මිකතාවය birch pollen වලට සමාන ඇපල් වල ඇති ප්‍රෝටීනයක් නිසා ඇති වන අතර මෙම ප්‍රෝටීනයෙන් බලපෑම් ඇති වන පුද්ගලයින්ට අනෙකුත් පළතුරු, ඇට වර්ග සහ එළවළු වලටද ආසාත්මිකතා ඇති විය හැක. මුඛ ආසාත්මිකතා සින්ඩ්‍රෝමයේදී මුඛය සහ උගුර කැසීම සහ දැවිල්ල සහිත ඉදිමුම දක්නට ලැබේ. නමුත් ඉතාම කලාතුරකින් ජීවිතයට හානි දායක අසංරක්ෂණත්වය ඇති විය හැක. මෙම තත්වය ඇති වන්නේ ඇපල් අමුවෙන් ආහාරයට ගත් විට පමණක් වන අතර පිසීමේදී ආසාත්මිකතාකාරකය නිෂ්ප්‍රභා වේ. ඇපල් ප්‍රබේදය, පරිණත වූ ස්වාභාවය සහ ගබඩා කිරීමේ තත්ව මත තනි පළතුරක ඇති වන ආසාත්මිකතාකාරක සංඛ්‍යාව වෙනස් විය හැක. දිගු කාලීන ගබඩා කිරීම, birch ඇපල් සින්ඩ්‍රෝමය ඇති කරන ප්‍රෝටීන සංඛ්‍යාව වැඩි කිරීමට හේතු විය හැක.

මධ්‍යධරණී ප්‍රදේශ වැනි ඇතැම් ප්‍රදේශ වල ඇතැම් පුද්ගලයින්ට ඇපල් පීච් වලට දක්වන සමානතාවය නිසා හානිකර බලපෑම් ඇතිවේ. මෙම ආසාත්මිකතා වලට මුඛ ආසාත්මිකතා සින්ඩ්‍රෝමයද, බොහෝ විට වමනය, උදර වේදනාව සහ කුෂ්ට වැනි එයට වඩා බරපතල රෝග ලක්ෂණ ඇති කරන අතර ඒවා ජීවිතයට හානි දායක විය හැක. මෙම ආසාත්මිකතාවය ඇති පුද්ගලයින්ට අනෙකුත් පළතුරු, ඇට වර්ග සහ එළවළු වලටද ආසාත්මිකතා ඇති විය හැක. මෙම ආසාත්මිකතාවය ඇති කරන ප්‍රෝටීනය පිසීමේදී නිෂ්ප්‍රභා නොවන නිසා මෙම ආසාත්මිකතාවය ඇති පුද්ගලයින්ට ඇපල් අමුවෙන් හෝ පිසීමෙන් ආහාරයට ගත නොහැක. අස්වැන්න නෙලා වැඩි කාලයක් ගත නොවූ හොඳින් මේරූ ඇපල් වල මෙම ආසාත්මිකතාවය ඇති කරන ප්‍රෝටීනය බහුලව දක්නට ලැබේ.

අභිජණනය මඟින් මෙම ආසාත්මිකතා වලට යටත් නොවන ඵලයක් නිපදවීමට තවමත් හැකියාවක් ලැබී නොමැත.

පෝෂණ ගුණය[සංස්කරණය]

ඇපල්, පොත්ත සමඟ (කෑමට සුදුසු කොටස්)
Nutritional value per 100 g (3.5 oz)
Energy 218 kJ (52 kcal)
Carbohydrates 13.81 g
- Sugars 10.39 g
- Dietary fiber 2.4 g
Fat 0.17 g
Protein 0.26 g
Water 85.56 g
Vitamin A equiv. 3 μg (0%)
Thiamine (vit. B1) 0.017 mg (1%)
Riboflavin (vit. B2) 0.026 mg (2%)
Niacin (vit. B3) 0.091 mg (1%)
Pantothenic acid (B5) 0.061 mg (1%)
Vitamin B6 0.041 mg (3%)
Folate (vit. B9) 3 μg (1%)
Vitamin C 4.6 mg (6%)
Calcium 6 mg (1%)
Iron 0.12 mg (1%)
Magnesium 5 mg (1%)
Phosphorus 11 mg (2%)
Potassium 107 mg (2%)
Zinc 0.04 mg (0%)
Percentages are relative to
US recommendations for adults.

19 වන ශතවර්ෂ කාලයේ සිටම ඇපල් සෞඛ්‍යයට හිතකර පළතුරක් ලෙස සැළකූ බවට හොඳම උදාහරණයක් ලෙස "දවසකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම වෛද්‍යවරයා දුරින් තබයි" යන ආප්තෝපදේශයෙන් දක්වයි. පළතුරු සම්බන්ධ විශේෂඥයකු වන ජේ. ටී. ස්ටින්සන් විසින් මෙම ආප්තෝපදේශය 1904 දී මිසූරිහි ශාන්ත ලුයිස් හිදී පැවැත්වුනු ලෝක පොළෙහි දේශණයක් අතරතුර ප්‍රකාශ කරන ලදි.

පර්යේෂණ මඟින් සොයා ගෙන ඇති ආකාරයට ඇපල් ආහාරයට ගැනීමෙන් මහබඩවැලේ පිළිකාව, පෙනහළු පිළිකාව සහ පුරහ්ස්ථ ග්‍රන්ථි පිළිකාවේ අවධානම අඩු කර ගත හැක. ඇපල් පොතු වල අර්සොලික් අම්ලය (ursolic acid) අඩංගු වන අතර දුඹුරු මේදය පටක සහ skeletal muscle වැඩි කරන අතර ස්ථූලත්වය, ග්ලූකෝස් අමර්ෂය, සුදු මේද පටක සහ අක්මාව ස්ථූල වීමේ රෝගය අඩු කරයි. ඇපල් පොතු පෝෂණ අගය නොදත් විවිධ ශාක රසායනික ද්‍ර‍ව්‍ය වල මූලාශ්‍ර‍යකි. ඇපල් වල අඩංගු අති ප්‍රමුඛ පීනෝලික් ශාක රසායනික ලෙස quercetin, epicatechin සහ procyanidin B2 දැක්විය හැක.

ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව සාමාන්‍ය ඇපල් ගෙඩියක් ග්‍රෑම් 242 කින් සහ සැළකිය යුතු ප්‍රමාණයක තන්තු සහ විටමින් C සහිතව කැලරි 126 කින් සමන්විත වෙයි.

ඇපල් ජූස් මඟින් මීයන්ගේ neurotransmitter acetylcholine නිෂ්පාදනය වැඩි කරන බව සොයා ගෙන තිබේ. වෙනත් පර්යේෂණ මඟින් මීයන්ට ඇපල් ජූස් ලබා දුන් පසු ඔක්සිකාර හානිය සහ ඥාන පිරිහීම අඩු වීමක් සිදු වන බවටද සොයා ගෙන තිබේ. පළතුරු සාරයෙන් පෝෂණය වන පළතුරු මැස්සන්, සාමාන්‍ය ආහාර වලින් පෝෂණය වන මැස්සන්ට වඩා 10% ක් වැඩිපුර ජීවත් වන බව සොයා ගෙන තිබේ.

යොමුව[සංස්කරණය]

Apple - Wikipedia, the free encyclopedia. 2013. Apple - Wikipedia, the free encyclopedia. [ONLINE] Available at: [1]. Accessed 21 March 2013.

වැඩිදුර කියවීම්[සංස්කරණය]

පොත්
සෞඛ්‍ය හිතකරතාවය පිළිබඳ ශාස්ත්‍රීය ලිපි

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඇපල්&oldid=651099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි