ඇනෝඩය

විකිපීඩියා වෙතින්
ගැල්වානික් කෝෂයක් තුල සින්ක් ඇනෝඩයක රූප සටහනක්. කෝෂය වෙතින් ඉවතට ඉලෙක්ට්‍රෝන ගමන් ගන්නා බවද , සාම්ප්‍රදායික ධාරාව ප්‍රතිවිරුද්ධ දිශාවට තෝෂය තුලට ගමන් ගන්නා බවද සටහන් කර ගන්න.

එය හරහා ධ්‍රැවිත විදුලි උපකරණයක් තුලට ධන විද්‍යුත් ආරෝපණ ගමන් කරවීමට භාවිතා කරන ඉලෙක්ට්‍රෝඩයක් ඇනෝඩයක් නම් වෙයි. ආරෝපණ ගැලීම විද්‍යුත් ධාරාවක් වෙයි. මෙය ධාරණය කරගැනුමට, “ඇනෝඩ ධාරාව උපකරණය තුලට” යන අර්ථය දෙන ඉංග්‍රීසි බසින් “Anode Current Into Device” “ඇනෝඩ් කරන්ට් ඉන්ටු ඩිවයිස්” යන්නෙහි ඉංග්‍රීසි මුලකුරු ගෙන භාවිතා වන ඉංග්‍රීසි ACID යන ස්මෘති උපක්‍රමයක් පොදු වහරෙහි භාවිතයෙහි පවතියි; මෙහිදී ප්‍රධාන සංකල්පය වන්නේ ධන ධාරාව උපකරණය තුලට ගැලීම යන්නයි; එනම් ඇනෝඩය හරහා ධන ආරෝපණ උපකරණය තුලට ඇතුළුවන බවයි. බොහෝ විට ධාරාවක් යනු චලනය වන ඉලෙක්ට්‍රෝන නිසාත්, ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සෘණ නිසාත් සංකූලතාවයක් පවතියි. ඇනෝඩය තුලට ධන ආරෝපණ ගැලීම යන්න සහ (සෘණ) ඉලෙක්ට්‍රෝන ඇනෝඩය වෙතින් පිටතට ගැලීම යන දෙකෙන්ම එකම දෙයක් අදහස් වෙයි. මෙය ප්‍රකාර, විද්‍යුත් ධාරාවෙහි දිශාව සහ ඉලෙක්ට්‍රෝන ගැලීමෙහි දිශාව ප්‍රතිවිරුද්ධ වෙති: ඉලෙක්ට්‍රෝන ගලන්නේ ඇනෝඩයෙන් පිටතට හා පරිපථය තුලටය.

"https://si.wikipedia.org/w/index.php?title=ඇනෝඩය&oldid=346290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි