ඇන්ටිලොප්
| 789.jpg | |
[සංස්කරණය] හැඳින්වීම
ඇන්ටිලොප් යන නමින් සත්ත්ව විද්‍යානුකූලව නිශ්චිත එක් සත්ත්ව විශේෂයක් දැක්විය නොහකිය. සමාන ගති ලක්ෂණ ඇති විවිධ පවුල් වලට අයත් සත්ත්ව විශේෂයන් ඇන්ටිලොප් ලෙස හැඳින්වේ. නමුත්, නියම ඇන්ටිලොප් ලෙස හැඳින්වෙන්නේ උතුරු ඇමෙරිකාවේ ජීවත්වන ප්‍රොන්හෝන් (Pronghorn) හා ප්‍රොන්බක් (Pronbuck) යන නම් වලින් හැඳින්වෙන (සත්ත්ව . නා. ඇන්ටිලෝකැප්‍රරා ඇමරිකානා (Antilocapra americana) කුරංගයාටය. ඌ අයත් වනුයේ ඇන්ටිලෝකැප්රිඩේ (Antilocapride) පවුලටය. අනෙකුත් ඇන්ටිලොප් සත්තු බොවිඩේ පවුලට අයත් වේ.
[සංස්කරණය] ඇන්ටිලොප් කුරංගයන්ගෙ අතීත කතාව
පොසිල වාර්තා වලට අනුව බොවිඩේ පවුලට අයත් ඇන්ටිලොප් සතුන් වසර මිලියන 65 ක් තරම් ඈත කාලයේ දි යුරේසියවේ හා අප්‍රිකාවේ තන බිම් පැවති ප්‍රදේශවල විසු බව හෙලි වි තිබේ. විශාල වශයෙන් ඇන්ටිලොප් වර්ග අතීතයේ මෙන් ම දැනුදු සිටින්නේ අප්‍රිකාවේ තැනිතලා හා සවානා බිම් වලය.
[සංස්කරණය] කුරංගයා
පාදවල කුර ඇති සතුන් මීට අයත් වේ.ගව,එළු,බැටළු,ආදි කුර සහිත කිරි බී වඩෙන බහුතර සතුන් ද බොව්ඩෙ පවුලට අයත් වේ.මෙම පවුල් දෙකටම අයත් ඇන්ටිලොප් සතුන් ඔවුන්ගේ අලංකාර පෙනුම,ලාලිත්‍යය හා වේගයෙන් දිවීමේ හැකියාව නිසා විශේෂයෙන් කැපි පෙනේ.
[සංස්කරණය] ඇන්ටිලොප් සතුන්ගේ ප්‍රජනනය
පිරිමි ගැහැනු සතුන් හ එක් වන කාලයට පිරිමි සතා තමන් හා එක් ව යන ගැහැනු සතකු තෝරාගෙන අවට ගස් පඳුරු වල තම ගන්ධ ග්‍රන්ථින් ඒවා මත අතුල්ලා තම සීමාවන් ලකුණු කෙරේ. සමහර ඇන්ටිලොප් වර්ගයක් එක ගැහැනු සතකු හා වෙසෙන අතර සමහර වර්ගයක් ගැහැනු සතුන් කිහිප දෙනෙකු ඇතුළත් පට්ටියක් තෝරා ගැනේ.බොහෝ සත්ත්ව විශේෂ වල ගන්ධ ග්‍රන්ථින් ඇත්තේ ඇස් ඉදිරියෙනි. සමහරුන්ගෙ ඒවා ඇත්තේ අං පසුපස හෝ හකු මත හො නොඑසේ නම් වලිගයේ,පසුපස හෝ පාදවලය. මොවුන්ගේ ගැබ් කාලය මාස4 සිට 8 දක්වා වෙනස් වේ.සාමාන්‍යයෙන් වරකට එක පැටියකු බැගින් බිහි කෙරේ.එහෙත්, ප්‍රොන්හොර්න් අං හතරේ ඇන්ටිලොප් වර්ග බොහෝ විට එකවර පැටවුන් දෙදෙනකු බිහි කරනු ලැබේ.
[සංස්කරණය] ඇන්ටිලොප් කුරංගයන්ගේ සුවිශේෂ ලක්ෂණ
බොහෝ සතුන්ට ඉහළට විහිදුණු ,පසුපසට ඇඹරී ගිය අං තිබේ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ සම රන්වන්, රතුමුසු දුඹුරු,අලු පැහැ ගනි. හොම්බ හ පසුපස සුදු හෝ ලා පැහැයක් ගනි. සමහර සතුන්ගේ සිරුරෙහි අලංකාර ඉරි වැටී තිබේ.ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ වෙසෙන මේ ඇන්ටිලොප් සතුන් ඉඳහිට ආසියාවේ ද දැක්ක හැකිය.විවිධ සත්ත්ව පවුල්වලට අයත් ඔවුන් කෙරෙන් විද්‍යමාන වන පොදු ලක්ෂණ කිහිපයක් හේතුවෙන් ඇන්ටිලොප් මින් භාවිත වේ.සාමාන්‍යයෙන් මෙම ඇන්ටිලොප් සතුන්ට දුර පිමි පනිමින් ඉතා වේගයෙන් දිවීමේ හැකියාව තිබේ.එසේම ඔවුන් පෙනුමෙන් ද ඉතාමත් අලංකාරය
[සංස්කරණය] ආටියෝඩක්ටිලා ගොත්‍රයේ නෑදෑයෝ
ඇන්ටිලොප්ලා මුවන්, ඔටුවන්, ජිරාෆ් හා ඌරන් ආදී කුර සතුන් අයත් වන ආටියොඩක්ටිලා ගෝත්‍රයේ සතුන්ට නෑකම් කියනු ලබේ. ඇන්ටිලොප්ගේ මාපටගිල්ල හ ලොකු ඇඟිලි පරිණාමයේ මුල් යුගයේදිම අහෝසි වී ඇත.උන් සිට ගෙන සිටින්නෙ මදැඟිලි දෙකෙනි.ඒවා ලොකු නියපොතු දෙකක් එනම්, බෙදුණු කුර දෙකක් බවට පත් වී ඇත.දෙපස ඇඟිලි දෙක කුඩාව අක්‍රියව ඇත.
[සංස්කරණය] ඇන්ටිලොප් කුරංගයන්ගේ වාසභූමි
ඇන්ටිලොප් සතුන් වැඩි වශයෙන් හමුවන්නේ විවෘත තණබිම් වලය.ඔවුන්ගේ තණ උලා කෑමත්,විශාල තණබිම්වල දුව පැන ඇවිදිමින් විශාල රංචු වශයෙන් හැසිරෙන ආකාරයත් මන බඳින සුළුය.ඇතැම් ඇන්ටිලොප් වර්ග පඳුරු සහිත බිම්වල හා වනාන්තරවල තනිවම සිටිනු ද දැකිය හැකිය.
[සංස්කරණය] මොළකාර ඇන්ටිලොප්
ඇන්ටිලොප් සතුන්ට හොඳින් වැඩුණු මොළයක් ඇති අතර ඇසීමේ හා ගඳ සුවඳ දැනිමේ තියුණු හැකියාවක් ද තිබේ.මේ සමඟ ඔවුන් සතු අසාමාන්‍ය ක්‍රියාශිලීත්වය හා ජවය ,අනතුරක සේයාවක් සැණෙන් හඳුනාගෙන ඉක්මනින් ඉන් පැන දිවීමට හැකියාව ඔවුන්ට ලැබි තිබේ.
[සංස්කරණය] ඇන්ටිලොප් කුරංගයන්ගේ ශරිර ලක්ෂණ
ඇන්ටිලොප් සතුන් ප්‍රමාණයෙන් පවා විවිධය.ඒ ඒ වර්ග හොඳින් වැඩුණු පසු උරහිස තෙක් උස සෙ.මි.25 සිට සෙ.මි.180 ක් තරම් වෙනස් වේ.එසේ වැඩිම උසක් ඇත්තේ රජ ඇන්ටිලොප්ටය. සියලුම පිරිමි සතුන්ට මෙන්ම ගැහැණු සතුන් ටික දෙනෙකුට අං තිබේ.නියම ඇන්ටිලොප් ලෙස හැඳින්වෙන ප්‍රොන්හොර්න් මධ්‍යම ප්‍රමාණයේ සතෙකි.උගේ සිරුර රතු මුසු දුඹුරු පැහැතිය.යටිකය සුදු පැහැතිය. බෙල්ලෙ සුදු පටි දෙකක් වැටී තිබේ.තද දුඹුරු පැහැති කෙටි කෙසරු ද තිබේ. පසුපස වටකුරු පැල්ලමක් සේ වැටි ඇති සුදු ලොම් අවශ්‍ය විටක පුම්බා දීප්තිමත් සුදු පැහැයක් නිකුත් කිරිමට හැකියාවක් ද තිබේ. එය අනෙක් සතුන්ට අනතුරු ඇඟවීමට කරන සංඥාවකි.බොන්ටගෝ නම් වර්ගය රතු මුසු රඹ පැහැතිය. පිටෙහි සුදු ඉරි 12 ක් ද ඇත.
[සංස්කරණය] ඇන්ටිලොප් කුරංගයන් අතර සිටින යෝධයා-එලන්ඩ්
බොහෝ ඇන්ටිලොප් සතුන් එළුවන් හෝ බැටළුවන් තරම් වන අතර ඉන් ලොකුම සත්ත්වයා වන්නේ උරහිස තෙක් සෙ.මි.175 ක් (අඟල් 69 ක්)පමණ උසැති කි.ග්‍රෑ.800 ක් රාත්තල් 1764 ක්)බරැති යෝධ එලන්ඩ් නම් අප්‍රිකාවේ වෙසෙන විශේෂයයි.
[සංස්කරණය] කුඩාම ඇන්ටිලොප් කුරංගයා-ඩෙන්ට් රොයල්
කුඩාම සත්ත්වයා වන්නේ අප්‍රිකාවේ වෙසෙන , උරහිස තෙක් සෙ.මි.25 ක් (අඟල් 10 ක්)පමණ උසැති,කි.ග්‍රෑම්. 2.7 ක් (රාත්තල් 6 ක් ) පමණ බරැති ඩෙන්ට් රෝයල් නම් වර්ගයයි.උන්ගෙ අං ද හැඩයෙන් හා ප්‍රමාණයෙන් ද විවිධය.රෝයල් ඇන්ටිලොප්ගෙ අං අඟලකට (සෙ.මි.2.5 ක ට වඩා දිගු නැත.යෝධ සේබල් ඇන්ටිලොප්ගෙ පසුපසට වකුටු වී ගිය අං දිගින් සෙ.මි.160 ක් (අඟල් 63 ක්) පමණ වේ.බොවිඩේ පවුලට අයත් ඇන්ටිලොප් සතුන්ගේ අං හැලෙන්නේ නැත. එහෙත් ප්‍රොන්හොර්න්ගෙ අං වසරක් පාසා හැලී අලුත් අඟක් වැඩේ.
[සංස්කරණය] ඇන්ටිලොප් කුරංගයන්ගේ කෑම බීම
ඇන්ටිලොප් සතුන් ශාක භක්ෂකයෝය.තණකොළ හා වෙනත් විවිධ පැළෑතටි ආහාරයට ගන්නා ඔවුන්ගෙ දිව දිගුය. විශාලය. පහසුවෙන් හැසිරවිය හැකිය. ඔවුන් වමාර කන සතුන් වන අතර මාංශ භක්ෂකයන් හා සසඳන කල ලොකු අමාශ හා වඩාත් දිගු අන්ත්‍ර සහිතය. බොහෝ විට ඔවුන් මුලින් කඩිසරව උල කා ගිල දමන අතර මාංශ භක්ෂකයන් හා සසඳන විට විශාල ආමාශ හා වඩාත් දිගු අන්ත්‍ර සහිතය. බොහෝ විට ඔවුන් මුලින් කඩිසරව උලා කා ගිල දමන ආහාර පසුව නිවි හැනහිල්ලේ විකමින් සිටිනු දැකිය හැකිය.
[සංස්කරණය] ඇන්ටිලොප් කුරංගයන්ගේ වේගය
දිවීම ගැන සළකන විට ප්‍රොන්හොර්න්ට පැ.කි.මි.70 ක (පැ.සැ.45 ක )පමණ වේගයෙන් දිවිය හැකිය.උගෙ එක් පිම්මක් දිගින් මි.6 ක් (අඩි 20 ක්)පමණ වේ.තොම්සන් ගැසලි වර්ගයට පැ.කි.මි.80 ක (පැ.සැ.50 ක) පමණ වේගයෙන් දිවිය හැකිය.ලොකුම පිමිකාරයා වන ඉම්පාලා මි.2.4 ක් (අඩි 8 ක් ) පමණ උසින් යුතු මි.10 ක් (අඩි 33 ක්) පමණ දිග පිම්මකට හිමිකම් කියනු ලබේ.
[සංස්කරණය] ඇන්ටිලොප් කුරංගයන් අනතුරේ
හොඳින් වැඩුණු ඇන්ටිලොප් සතකු දඩයම් කිරීම කොටියන්, සිංහයන්, ව්‍යාග්‍රයන් ඇතුළු විලෝපිකයන්ට ලෙහෙසි පහසු නොවේ. ඒ නිසා ඔවුන් සාමාන්‍යයෙන් ගොඳුරු කරගන්නේ වයස්ගත සතුන් හා පැටවුන්ය.ඇන්ටිලොප් සතුන් වඳ වී යාමේ තර්ජනය එල්ල වී තිබෙන්නේ එවැනි විලොපිකයන්ගෙන් නොව මිනිස් දඩයක්කරයන්ගෙනි. මෙසේ තර්ජනයට ලක් වී ඇති සතුන් අතරින් එලන්ඩ්,රොවාන්,මහා කුඩු,වෝටර් බක්,නිල්ගයි (ඉන්දියාවේ නිල් ගවයා) කඳුකර න්‍යාලා හා බොංගෝ කැපි පෙනේ.අරාබි ඔරික්ස්,යෝධ සේබ්ල්,බ්ලෙස්බොක්,බොන්ටෙබොක් යන වර්ග වඳ වී යන්නට ආසන්නය. අනෙක් සතුන්ට අභය භූමිවල රැකවරණය ඇත.
[සංස්කරණය] පිංතූර ගැලරිය
[සංස්කරණය] ආශ්‍රිත මුලාශ්‍ර
ජයමාන්න ලුසිත,"කවුද මේ ඇන්ටිලොප්",විජය පුවත්පත,2008 ජුනි 24,පිටු 16-17



