ඇනක්ලීටස් පාප්වහන්සේ

විකිපීඩියා වෙතින්
(ඇනක්ලීටස් පාප් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
ශුද්ධවර පාප්වහන්සේ

ඇනක්ලීටස් පාප්වහන්සේ
Installedවසර 79 පමණ
Term endedවසර 92 පමණ
පූර්වප්‍රාප්තිකයාලීනස් පාප්වහන්සේ
අනුප්‍රාප්තිකයාපළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ
Personal details
Bornනොදනී
රෝමය, ඉතාලිය, රෝමානු අධිරාජ්‍යය
Diedවසර 92 පමණ
රෝමය, ඉතාලිය, රෝමානු අධිරාජ්‍යය
Sainthood
Feast day26 අප්‍රේල්
Venerated inරෝමානු කතෝලික ආගම

ක්ලීටස් ලෙසින්ද හැඳින්වෙන, ඇනක්ලීටස් පාප්වහන්සේ (මරණය වසර 92 පමණ) යනු, ශුද්ධවූ පේදුරු තුමාගෙන් සහ ලීනස් පාප්වහන්සේගෙන් පසුව,රෝමයේ තුන්වන රදගුරුතුමා විය. ඇනක්ලීටස් තුමා, වසර 79 පමණ සිට එතුමාගේ මරණය සිදුවූ වසර 92 පමණ දක්වා, පාප්වහන්සේ ධූරය හෙබවීය.

නම සහ ශබ්ද නිරුක්තිය[සංස්කරණය]

පුරාතන ග්‍රීක් භාෂාවෙන්, "ක්ලීටස්" යනුවෙන් අදහස් වන්නේ "කැඳවනු ලැබූ තැනැත්තේ" යනු වන අතර "ඇනක්ලීටස්" යනු "යලි කැඳවනු ලැබූ තැනැත්තේ" යනුයි. එලෙසම "ඇනෙන්ක්ලීටස්" (ග්‍රීක: Ανέγκλητος) යනුවෙන් අදහස් වන්නේ "අදෝෂාභියෝගකාරී" යනුයි.

රෝමානු ප්‍රාණපරිත්‍යාගවේදය විසින් ප්‍රශ්නයට තුඩු දී ඇති පාප්වහන්සේ දක්වන්නේ , "ක්ලීටස්" යන නමින් පමණි.[1] අනුවාරියෝ පොන්ටිෆීචෝ විසින් නම් දෙක දක්වන්නේ විකල්පයන් ලෙසිනි. යුසීබියස්, ශුද්ධවූ ඉරනයස් තුමා, ශුද්ධවූ ඔගස්ටින් තුමා සහ ඕප්ටාටුස් යන සියල්ලම යෝජනා කර සිටින්නේ නම් දෙකෙන්ම සඳහන් කෙරෙන්නේ එකම පුද්ගලයෙකු බවයි.

පාප්වහන්සේ ධූරය[සංස්කරණය]

සාම්ප්‍රදායික ලෙසින් වටහාගනු ලබන්නේ, ශුද්ධවූ ක්ලීටස්/ඇනක්ලීටස්තුමා යනු, පාප්වහන්සේ ලෙසින් වසර දොළහක් සේවය කළ රෝමානුවෙක් බවයි. අනුවාරියෝ පොන්ටිෆීචෝ පවසන්නේ, "පළමු සියවස් දෙක තුලදී, පාප්වහන්සේගේ පදවි කාලයේ ඇරඹුම සහ අවසානය සිදුවූ දිනයන් අවිනිශ්චිත බවයි." එය විසින් ක්ලීටස්/ඇනක්ලීටස් පාප්වහන්සේගේ ධුර කාලය ලෙසින් දක්වන්නේ වසර 80 සිට 92 දක්වා කාලයයි. වෙනත් මූලාශ්‍ර විසින් දක්වන්නේ වසර 77 සිට 88 දක්වා කාලයයි.

ජනශ්‍රැතිය පරිදී, ඇනක්ලීටස් පාප්වහන්සේ විසින් රෝමය පදවි විසිපහකට බෙදා වෙන් කර ඇත. එතුමාගේ පාප්වහන්සේ ධූර කාලය පිළිබඳ ඉතිරිව ඇති වාර්තා කිහිපයෙන් එකක් වෙතින් පැවසෙන්නේ, එතුමා වෙතින් පූජා ප්‍රසාදි වහන්සේලා නොදන්නා ගණනක් පැවිදි බව ලැබූ බවයි.

භූමදානය[සංස්කරණය]

එතුමා මරණයට පත්වූ විට භූමදානය කරනු ලැබුවේ එතුමාගේ පූර්වප්‍රාප්තිකයා, ශුද්ධවූ ලීනස් තුමා පසෙකින්, දැනට වතිකානු පුරයේ පිහිටා ඇති ශාන්ත පීතර බැසිලිකාවෙහිය. [2] දිව්‍ය පූජාමය රෝමානු නීති පද්ධතියෙහි එතුමාගේ නම (ක්ලීටස් ලෙසින්) අඩංගු කර ඇත.

වන්දනා කිරීම[සංස්කරණය]

ට්‍රයිඩෙන්ටින් දින දසුන විසින් ශුද්ධවූ ක්ලීටස් තුමාසඳහා අප්‍රේල් 26 වෙන් කර ඇති අතර, සභාව විසින් එම දිනය ශුද්ධවූ මාර්සෙලීනුස් තුමා හා සමග හවුලේ පවත්වනු ලබන අතර, ජූලි 13 දිනය ශුද්ධවූ ඇනක්ලීටස් තුමා සඳහා පමණක් සැමරෙයි. 1960 දී, විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ විසින්, දිව්‍ය පූජාමය නීති පද්ධතියෙහි සාන්තුවරයාට දී ඇති නමට අදාල අප්‍රේල් 26 මංගල්‍යය දිනය එලෙසම තබා ගනිමින්, ශුද්ධවූ ඇනක්ලීටස් තුමාට වෙන්කර තිබූ ජූලි 13 මංගල්‍යය දිනය ඉවත් කළ සේක.

සටහන්[සංස්කරණය]

  1. "මාටරෝලොජියම් රොමානුම්" (ලිබරේරියා එඩිට්‍රිච් වැටිකානා, 2001 ISBN 88-209-7210-7)
  2. Find-a-Grave
"https://si.wikipedia.org/w/index.php?title=ඇනක්ලීටස්_පාප්වහන්සේ&oldid=397470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි