ඇට මැස්සා

විකිපීඩියා වෙතින්
ද ගැඩ්ෆ්ලයි (ඇට මැස්සා)
කර්තෘඑතල් ලිලියන් වොයිනිච්
රටඑක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
ප්‍රභේදයනවකතාව
ප්‍රකාශකයාඑච්. හෝල්ට්
ප්‍රකාශිත දිනය
ජූනි, 1897
මාධ්‍ය වර්ගයමුද්‍රණය (දැඩි බැම්ම සහ කඩදාසි බැම්ම)
පිටු373 පිටු (පළමු සංස්කරණය දැඩි බැම්ම)
අයිඑස්බීඑන්NA


ද ගැඩ්ෆ්ලයි (ඇට මැස්සා) යනු එතල් ලිලියන් වොයිනිච් විසින් රචිත නවකතාවක් වන අතර, එය 1897 (එක්සත් ජනපදය, ජූනි; එක්සත් රාජධානිය, එම වසරෙහිම සැප්තැම්බර්) දී ප්‍රකාශයට පත් කෙරිණි. 1840දී, ඔස්ට්‍රියාවෙහි ආධිපත්‍යයට හසුව පසුවූ ඉතාලියෙහි පැවැති, මහත් ගාලගෝට්ටි, කැරැලි හා නැග සිටීම් වලින් අනූනවූ යුගය පසුබිම් කරගෙන රචනය කර තුබූ මෙම කතාන්තරය වෙලී පැවැතියේ, තරුණ ව්‍යාපාරයක සාමාජීකයෙකුව සිටි එහි කථා නායක ආතර් බර්ටන් හා, ඔහුගේ එදිරි වාදී පාඩ්රේ මොන්ටාමෙලී ගේ ජීවිත වටාය. ආතර් හා ඔහුගේ පෙම්වතිය ජෙමා අතර වූ ඛේදාන්ත සම්බන්ධය පිළිබඳ පුවතද කතාන්තරය පුරා සමගාමීව වෙලී පැවතිණි. මෙය, විශ්වාසය, මුලාවෙන් මිදීම, විප්ලවය, ප්‍රේම වෘත්තාන්තය, හා වීර්යය පිළිබඳ කතාවකි.

තේමාවන්[සංස්කරණය]

මෙම පොත ප්‍රාථමික වශයෙන් විප්ලවවාදය හා විප්ලවවාදීන් හා සහසම්බන්ධ සංස්කෘතියක් වටා ගෙතී ඇත. ඇටමැස්සා හෙවත් ආතර් පිළිබිඹු කරන්නේ, වැඩිහිටි වත්ම, නික්ෂේපණයෙන් මිදී, ලෝකය තුල තම නියමාකාර තරාතිරම හඳුනාගෙන, පවතින ලෝකයෙහි අකටයුතු වලට එරෙහිව සටන් වදින, ඛේදාන්ත විචිත්‍රාද්භූත වීරයෙකුගේ ප්‍රතිමූර්තියකි. ප්‍රධාන චරිතධාරී ආතර් හා සමග ඇතිවන, ඔවුන්ගේ ඛේදාන්ත සබැඳියාවන් තුලින්, ඔහුගේ පෙම්වතිය ජෙමා, සහ ඔහුගේ පූජකයා පාඩ්රේ මොන්ටොමේලි, ආදරයේ විවිධ ප්‍රතිභාසයන්; ආගමික, ප්‍රේමාන්විත සහ පවුල් තුල පවතින වශයෙන් නිරූපණය කරති. මෙම චිත්තවේගයන් හා සසඳනු ලැබෙන ආතර් විසින් එළිදරවු කරගන්නා දේ, විප්ලවවාදී ලෙසින් පෙන්නුම් කෙරෙයි. ආතර්ගේ පැවැත්මෙහි වූ 'ශුද්ධත්වයෙහි' සිට, ඇටමැස්සාගේ ඉරණමෙහි පිළිබිඹු කරන රූපික ස්වරූපය දක්වාවූ පරාසය සහ ආතර් හා මොන්ටොමේලි අතර වූ සැබෑ සබැඳියාව අනාවරණය කෙරීම ඔස්සේ, ආගමික හා විප්ලවවාදී චිත්ත හැඟීම් අතර සහසම්බන්ධය වෙත ප්‍රවේශයක් විශේෂයෙන් අරමුණු වී ඇති බවක් පෙනේ. පූජනීය වර්ණනයන් හා වෙළෙමින් ඇටමැස්සාගේ ඉරණම පිළිබඳ ආවර්ජනයන් සිදුකෙරෙන පොතෙහි කූටප්‍රාප්තිය තුලදී මෙය වෙසෙසින් සුප්‍රකාශ වෙයි. ඇටමැස්සා හා ජේසුස් වහන්සේ අතර රූපික සැසඳුමක් කෙතෙක් දුරට සිදු කල හැකිදැයි යන්න විවාදයට තුඩු දෙන කරුණකි.

ඉතාලියේ, විශේෂයෙන්ම ඇල්ප්ස්හි භූ දර්ශනය, පොත පුරාවටම පැතිර ඇති ප්‍රධාන මාතෘකාවක් වන අතර, ඒ පිළිබඳ අලංකාර විස්තරය, පාත්‍ර වර්ගයාගේ අදහස් හා මනෝභාවයන් මොනවට විදහා දක්වයි.

පසුබිම[සංස්කරණය]

ඉතිහාසඥ රොබින් බෲස් ලොක්හාට් පවසන පරිදී, සිඩ්නි රියෙලිබ්‍රිතාන්‍ය රහස් තොරතුරු සේවය විසින් සේවයට යොදා ‍ගෙන තිබූ රුසියානු-ජාතික වික්‍රමකියෙකු හා රහස් ඔත්තුකරුවෙකු — හට 1895දී ලන්ඩනයේදී එතල් වොයිනිච් මුණගැසුණි. අවසන් භාගික වික්ටෝරියානු සාක්ෂරතා කරලියයෙහි මෙන්ම රුසියානු විප්‍රවාසි කවයන්හිද, එතල් වොයිනිච් වැදගත් තැනැත්තියක වූවාය. ලොක්හාර්ට් පවසන පරිදී, රියෙලි හා වොයිනිච් අතර ලිංගික සම්බන්ධතාවයක් පැවැති අතර, දෙදෙනා එක්ව ඉතාලියෙහි සංචාරයක යෙදුනහ. මෙම සොබාසෞන්දර්යීය චාරිකාවෙහිදී, රියෙලි "ඔහු‍ගේ පෙම්වතියට සිය හද ගැබ විවර කොට," රුසියාවෙහි ඔහුගේ අපූර්ව යෞවනය පිළිබඳ කතාන්තරය හෙළිකල බවක් පෙනේ. ඔවුන්ගේ කෙටි හාදකම කෙළවරවූ විට, 1897දී වොයිනිච් විසින් විචාරාත්මක ප්‍රසාදයට පාත්‍ර වු ඇයගේ නව කතාව, ද ගැඩ්‍ෆ්ලයි (ඇට මැස්සා) ප්‍රකාශයට පත් කල අතර, එහි ප්‍රධාන චරිතය වූ ආතර් බර්ටන්, සිඩ්නි රියෙලි ගේ දිවියේ මුල් අවදිය මත පදනම් ව ඇති බව පෙනේ.[1] කෙසේවෙතත්, ලොක්හාට් ගේ විචිත්‍රාද්භූත විස්තරය අඩමාන යැයි බැහැර කරන රියෙලි ගේ නමගිය චරිතාපදාන කතෘ ඇන්ඩෘ කුක්, ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දක්වමින් කියා සිටින්නේ, ඒ වෙනුවට රියෙලි විසින් වොයිනිච් ගේ අන්තගාමී, ප්‍ර-විප්‍රවාසි අදහස් ‍නාගරික පොලිසියේ විශේෂ ඒකකයෙහි විලියම් මෙල්විල් වෙත සමහරවිට දන්වා යවන්නට ඇති බවය.[2]

ජනප්‍රසාදය[සංස්කරණය]

පොතෙහි ප්‍රධාන මාතෘකාව සැබෑ විප්ලවවාදියෙකුගේ වීමත් හා, එහි එන ආගම සහ අරගලය පිළිබඳ ආවර්ජනාවන්ද මතවාදී ලෙසින් සුදුසු හා සාර්ථක බවක් පෙන්නුම් ක‍රයි. ද ගැඩ්ෆ්ලයි (ඇට මැස්සා), සෝවියට් සංගමය හා චීන මහජන සමූහාණ්ඩුව තුල අත්‍යන්ත ජනප්‍රසාදයට පාත්‍ර වූ අතර විශාල සංස්කෘතික බලපෑමක් එල්ල කෙරුමට සමත් විය. සෝවියට් සංගමය තුල ද ගැඩ්ෆ්ලයි (ඇටමැස්සා) අනිවාර්ය කියවීම් පොතක් වූ අතර වැඩියෙන්ම අ‍ලෙවි වූ පොත වෙමින්, වොයිනිච් ‍ගේ මරණය සිදුවන විට, සෝවියට් දේශය තුල පමණක් ද ගැඩ්‍ෆ්ලයි පිටපත් 2,500,000 ක් විකිණී තිබූ බවට ඇස්තමේන්තු කර ඇත [3].

1955 දී, සෝවියට් අධ්‍යක්‍ෂක ඇලෙක්සැන්ඩර් ෆැජ්න්ට්ස්සිමර් විසින් ග්‍රන්ථය (රුසියානු: [Овод, Ovod] Error: {{Lang}}: text has italic markup (help)) යන එම නමම දැරූ චිත්‍රපටයකට අනුවර්තනය කරන ලදි. රචක ඩිමිට්‍රි ෂොස්ටාකොවිච් විසින් සංගීත විහ්නය රචනය කරන ලදි ( ද ගැඩ්ෆ්ලයි සූට් බලන්න). මෙම සංගීත විහ්නයෙහි රොමෑන්ස් කොටස ඉමහත් ජනාදරයට පාත්‍ර විය. අසූ ගණන් වලදී, රියෙලි, ඒස් ඔෆ් ස්පයිස් බී.බී.සී. රූපවාහිණී කතා මාලාවෙහිද ෂොස්ටාකොවිච් ගේ ගැඩ්ෆ්ලයි තේමා සංගීතය භාවිතා වුනි.


චිත්‍රපට අනුවර්තන[සංස්කරණය]


ආශ්‍රීත[සංස්කරණය]

  1. රොබින් බෲස් ලොක්හාර්ට්, රියෙලි: ඒස් ඔ‍ෆ් ස්පයිස්; 1986, හිපොක්‍රීන් බුක්ස්, ISBN 0-88029-072-2.
  2. පිටුව 39, ඇන්ඩෲ කුක්, ඒස් ඔෆ් ස්පයිස්: ද ට්‍රෑ ස්ටෝරි ඔෆ් සිඩ්නි රියෙලි, 2004, ටෙම්පස් පබ්ලිෂින්, ISBN 0-7524-2959-0.
  3. සීමස් ඔ ‍කොයිග්ලිග් විසින් රුසියානු බසින් පරිවර්තනය කරන ලද, එව්‍ජෙනියා ටරාටුටා ‍ගේ 1957 චරිතාපදාන පොත්පිංච අවර් ෆ්‍රෙන්ඩ් එතල් ලිලියන් බූල් /‍වොයිනිච්, බාගතහැකි PDF[permanent dead link] ‍ගොනුවක් ලෙසින් කෝර්ක් සිටි ලයිබ්රරීස් සංරක්ෂණය කළ පිටපත 2007-11-18 at the Wayback Machine වෙතින් සැපයෙයි. වොයිනිච් වෙත සෝවියට් ආකල්පය ගැන යම් අදහසක් මෙම පොත් පිංච වෙතින් ලබා ගත හැක.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඇට_මැස්සා&oldid=591381" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි