ආහාර බලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලෝවා හි ඉරිඟු ඵලදාව නෙලීම, එක්සත් ජනපදය.

ජාත්‍යන්තර දේශපාලනයේ, ආහාර බලය යනු දේශපාලනය හැසිරවීමේ උපක්‍රමයක් ලෙස කෘෂිකර්මය භාවිතා කිරීමයි. එමඟින් එක් ජාතියක් හෝ ජාතීන් සමූහයක් තවත් ජාතියක් හෝ ජාතීන් සමූහයකට ඔවුන්ගේ හැසිරීම මෙහෙයවනු පිණිස වෙළඳ භාණ්ඩ පිරිනැමීම හෝ නොකිරීම සිදු කරනු ලබයි. එහි ආයුධයක් ලෙස භාවිතා කළහැකි බව හඳුනාගත්තේ මීට පෙර දේශපාලනික ආයුධයක් ලෙස ඔපෙක් සංවිධානයේ තෙල් භාවිතයෙන් පසුවයි. ජාතියක දේශපාලන ක්‍රියාකාරකම් මත විශාල බලපෑමක් ආහාර මඟින් සිදුකරයි. ආහාර බලයෙහි ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් වශයෙන්,ජාතියක් සාමාන්‍යයෙන් ඔවුන්ගේ රටවැසියනට ප්‍රයෝජනය පිණිස ආහාර සැපයීම සිදු කරනු ලබයි.

ආහාර බලය යනු ආහාර දේශපාලනයේ අඛණ්ඩ කොටසකි. ආහාර බලයෙහි අදහස තාවකාලික වෙළඳ තහනම, රැකියාව හා ආහාර දේශපාලනයෙහි භාවිතාවේ. ජාතියක් ආහාර බලය ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම පිණිස ඔවුන් හිඟකම පෙන්වීම සහ යොදාගැනීම, සැපයුම් එක්තැන් කිරීම, ඉල්ලුම ව්‍යාප්ත කිරීම සහ කාර්යයන් ස්වාධීන කිරීම කළ යුතුය. ආහාර බලය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයනය කරන ප්‍රධාන ජාතීන් හතර වනුයේ එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යි. එමෙන්ම එක්සත් ජනපදය ආහාර බලය දඬුවම් සඳහා භාවිතා කරයි. කුඩා පරිමාණයෙන්, විශේෂයෙන් ඇතැම් අප්‍රිකානු රටවල ප්‍රතිවිරුද්ධ පැති අතර අභ්‍යන්තර ගැටුම් සහ ඔවුන්ගේම ජනතාවට එරෙහිව විරුද්ධවාදීකම් සිදු කිරීමට ආහාර බලය ආයුධයක් ලෙස යොදාගනී.

ඓතිහාසික පසුබිම[සංස්කරණය]

මෙම මනඃකල්පිත ආහාර බලය පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් කෘෂිකාර්මික ද්‍රව්‍යයන් අපනයනය කරන ජාතීන් හතරක් ලෝකයේ ඇත.එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යි.[1] ආහාර හිඟ කාලයන්හි එම ජාතීන් මත යැපීමට බල කරනු ලැබේ. අත්‍යාවශ්‍ය සැපයුම් අත්හිටවුවහොත් ආහාර ආනයනය කරන රටවලට ආහාර අර්බුදයකට මුහුණ පෑමට සිදුවිය හැක. එසේ වුවත් ආහාර ආනයනය කරන රටවල දේශපාලන නායකයන් පරාධීනත්වය නොතකා සැකයන් ප්‍රකාශ කොට ඇත.[1] එම රටවල කෘෂිකාර්මික නිෂ්පාදකයන් අපනයනය අඛණ්ඩව සිදුකිරීම සඳහා තම රජයට බලපෑම් කිරීම නිසා එම ජාතීන් සාමාන්‍යයෙන් ආහාර රඳවා තබාගැනීම සිදු නොකරයි.[2]

ප්‍රතිපත්තිය[සංස්කරණය]

ආහාර දේශපාලනය යනු නිෂ්පාදනය, පාලනය, රෙගුලාසි, පරීක්ෂණ සහ ආහාර බෙදාදීමේ දේශපාලනික දෘෂ්ඨිය යි. මනා ගොවිතැන හා අදාළ ආචාර ධර්මීය, සංස්කෘතික, බෙහෙත් පිළිබඳ සහ පාරිසරික අර්බුද,කෘෂිකාර්මික සහ සිල්ලර වෙළඳ ක්‍රමය සහ රෙගුලාසි මඟින් දේශපාලනය බලපෑමට ලක්විය හැක. ආහාර බලය ආහාර දේශපාලනයේ අඛණ්ඩ කොටසකි.[3]
1974 දී එක්සත් ජනපදයේ කෘෂිකර්ම ලේකම් අ(ර්)ල් බට්ස් "ආහාර යනු ආයුධයකි" යැයි ප්‍රකාශ කරන ලදී.[4] ඇමරිකාවට අනෙක් රාජ්‍යයන්ට එරෙහිව ක්‍රියාකිරීමට සහ එරට ඉලක්කයන් සපුරා ගැනීමට ආහාර මෙවලමක් ලෙස භාවිතා කිරීමට ඇති හැකියාව ඔපෙක් සංවිධානය දේශපාලනික ආයුධයක් ලෙස තෙල් භාවිතය උපකාර විය.[4] ආහාර බලයෙහි විකල්ප භාවිතයන්ද පවතී. ආනයනකරුවන් දේශපාලන අවසරය ලැබෙන තෙක් අඛන්ඩව ආනයනය කිරීම ප්‍රතික්ෂේප කළ හැකිය. අපනයන කරුවන් අපනයනය ප්‍රතික්ෂේප කිරීමෙන් මෙම බලපෑමම ඇතිවිය හැක.[3] උදාහරණයක් ලෙස ඇමරිකාවේ කුබන් සීනි කෝටාවේ අඩුවීම සැළකිය හැක. සරළව ඉල්ලුම එක්තැන් කිරීම(එක් ආනයනකරුවෙක් ප්‍රධාන ගැණුම්කරු වීම ) සහ සැපයුම ව්‍යාප්ත කිරීම(අපනයනකරුවන් කීපදෙනෙක් එකම නිෂ්පාදනය විකිණීමට තරඟ කිරීම )ආනයනකරුට මෙම හුවමාරුව දේශපාලනික වශයෙන් ඔවුන්ගේ කැමත්ත අනුව භාවිතා කිරීමට උත්සාහ කළ හැකිය. අපනයනකරුවා වෙනත් කුඩා ප්‍රමාණයක් අපනයනය කරන්නේනම් මෙය විශේෂයෙන් ඵලදායී වනු ඇත.(අඩු කාර්යය ස්වාධීනත්වය ) [3]

ආහාර බලය සහ ආහාර සුරක්ෂිතභාවය[සංස්කරණය]

ආහාර සුරක්ෂිතභාවය සහ ආහාර බලය එකම දෙයක් නොවේ.[5] කෙසේ නමුත් ඒවා බොහෝ විට ඍජුව සම්බන්ධ වේ. ආහාර සුරක්ෂිතභාවය යනු එක් ප්‍රදේශයක වාසය කරන සියලු ජනතාවට ක්‍රියාශීලීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඕනෑම අවස්ථාවක ප්‍රමාණවත් තරම් ආහාර තිබීමයි.[5] රජයක්, වෙළඳ සමාගමක්, නායකයෙක්,රටක් යම් ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් මෙම සුරක්ෂිතභාවය බැහැර වීම ආහාර බලය හා සම්බන්ධවේ. අනෙක් රටවල ආහාර සුරක්ෂිතභාවයට තර්ජනයක් ඇති කිරීමට බොහෝ රටවල් ආහාර බලය සූරාකෑම සිදු කරනු ලබයි. රටක සුභ සාධනය එම රටේ ජනතාවගේ සුභ සාධනයට ඍජුව සම්බන්ධ වේ. එබැවින් සෑම රටකටම එහි රටවැසියනට නිසි ආහාර සැපයුමක් අවශ්‍ය වේ. ඒ සඳහා ආහාර දේශපාලනය හා ආහාර බලයේ ආදර්ශනය පහසුවෙන් ලීවරණය සපයයි.[6]


ආහාර බලය සහ වෙළඳ තහනම්[සංස්කරණය]

ෆිදෙල් කැස්ත්‍රෝ එක්සත් ජාතීන්ගේ මහසභා රැස්වීමේ දී

වෙළඳ තහනම ආහාර බලය මෙන් නොවුනත් වෙළඳ තහනමේදී ආහාර බලය භාවිතා කළ හැක.[7] සත්‍ය ලෙසම, වෙළඳ තහනමකදී ඔවුන්ගේ ලයිස්තුවෙහි සීමා කරන ලද භාණ්ඩයක් ලෙස ආහාර ඇතුලත් වී නැත්නම් එම වෙළඳ තහනම නිෂ්ඵල වේ.[8] උදාහරණයක් ලෙස, 1914 අගෝස්තු 20 වන දින ඇලීඩ් පවර් විසින් සාමාන්‍යයෙන් ජර්මනියට ගෙනයන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වෙළඳ තහනමක් පනවන ලදී.[8] කෙසේ නමුත් සීමා කරනලද භාණ්ඩ ලයිස්තුවට ආහාර ඇතුළත් කරන තෙක් වෙළඳ තහනම සාර්ථක වීමක් හෝ බලපෑමක් සිදුනොවුණි. ආහාර සතුව සැබෑ බලයක් ඇත.ආහාර මඟින් ඉදිරි ගමන වැළැක්වීම හඳුන්වාදීමෙන් අනතුරුව ජර්මනියේ ආර්ථිකයට බාධා ඇතිවීම ආරම්භවිය.[8]මක්නිසාද යත්, ඔවුන්ගේ ආර්ථිකය රඳාපවතින්නේ ආනයන ආහාර මත බැවිනි. ඇලීඩ් පවර් ආහාර බලය වෙළඳ තහනම ලෙස භාවිතාකිරීම හේතුවෙන් ජර්මනියට දරුණු ක්‍රියාමාර්ග වලට මුහුණ පෑමට සිදුවුණි. අවසානයේ ඔවුන්ට විරෝධය පෑමට ද අසමත් වුණි.[9]


1980 මුල් භාගයේ, එක්සත් ජනපදය සෝවියට් සමූහාණ්ඩුවධාන්‍ය වෙළඳ සම්බාධක පනවන ලදී.[2] එය එක්සත් ජනපදයේ ආහාර බලය ප්‍රයෝජනයට ගැනීමට තැත් කිරීමේ වෑයමකි. කෙසේ වෙතත් එය ස්ථිර නොවුණි.[2] සෝවියට් සමූහාණ්ඩුව මෙසේ විවිධ සැපයුම්කරුවන්ගෙන් ධාන්‍ය ආනයනය කිරීම එම කාල පරිච්ඡේදයේ ඉහළ මිලට පමණක් ධාන්‍ය ආනයනය වැඩිවීමට බලපෑවේය.[2] අනෙක් අසාර්ථක ආහාර බලය පෙන්වීමේ ප්‍රයත්නය වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය මඟින් 1990 දී ඉරාකයට පැනවූ වෙළඳ තහනමයි.[2]


වෙළඳ තහනම සඳහා අනෙක් උදාහරණය වනුයේ එක්සත් ජනපදය කියුබාවට එරෙහිව කරනලද වෙළඳ තහනමයි. සම්බාධක පැනවීමෙන් එක්සත් ජනපදය බලාපොරොත්තු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට කියුබාවට බල කිරීමයි. කියුබාවේ ක්‍රමයෙන් පිරිහෙන තත්වය හා කියුබානු ජනතාවගේ සෞඛ්‍ය තත්වය හේතුවෙන් මෙම වෙළඳ තහනම මේවනවිටත් පවති. මෙම තහනම බලවත් විරෝධයට භාජනය වී ඇත.[10]

රැකියාව[සංස්කරණය]

ව්‍යූහ තත්වයන්[සංස්කරණය]

ආහාර බලය ඵලදායී ලෙස භාවිතා කළහැකි වන්නේ නිෂ්චිත ව්‍යූහ තත්වයන් යොදාගතහොත් පමණි.[3]

1 හිඟකම : ඉහළ ඉල්ලුමක් හා සීමිත සැපයුමක් ඇතිවිට දෙනලද භාණ්ඩයක මිල වැඩිවේ. මිල, භාණ්ඩයක යෝග්‍ය බව පෙන්නුම් කරන ආයුධයක් වැනිය.[3] එය භාණ්ඩයේ වැදගත්කම පෙන්නුම් කරයි. පාරිභෝගිකයෙක් මූල්‍යමය කොන්දේසියක් වෙනුවෙන් ඉහළ මිලක් වැය කිරීමට සූදානම් ඔහු දේශපාලන පිළිගැනීමකට ඉහළ මිලක් වැය කිරීමට කැමැත්තක් දක්වයි.
2 සැපයුම් එක්තැන් කිරීම : සැපයුම නිෂ්පාදකයන් හා විකුණුම්කරුවන් කිහිපදෙනෙකු පමණක් සිදුකරයි.එමනිසා සීමිත තරඟයක්, ස්ථාවර මිලක් හෝ ඒකාධිකාරයක් ඇතිවීම සිදුවේ. [3]
3 ඉල්ලුම ව්‍යාප්ත කිරීම: වෙළෙන්ඳන්ට තරඟකාරී ලෙස පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීමට ඉඩදෙන අතර මිල වැඩි කිරීමට හෝ කොන්දේසි පැනවීමට ඉඩදේ.[3] මෙය ආර්ථික භාණ්ඩ ආහාර ආයුධයක් ලෙස භාවිතා කිරීමට උපකාරී වේ.[3]
4 කාර්යය ස්වාධීනත්වය : ආවේදනාත්මකතාවය තහවුරු කරගැනීම සඳහා විකුණුම්කරුවන්/ නිෂ්පාදකයන් ඔවුන්ගේ වත්කම් මනාව පාලනය කරයි. විකුණුම්කරුවන්ට/ නිෂ්පාදකයන්ට නිෂ්පාදන ක්‍රියාව පාලනය කිරීමට හැකිවිය යුතුය. සමාගම් අභිබවා සමහරවිට රජය නිෂ්පාදනයන් සිදුකරයි. නිෂ්පාදකයන්ට තමන්ගේ වත්කම් පාලනය දීර්ඝ කිරීමට හා නඩත්තු කිරීමට කුමන හෝ උපාය මාර්ගයකින් හැකිබව සහතික කරගත යුතුය.[11]

ආර්ථිකමය ආහාර වත්කම් දේශපාලන උපකරණයක් බවට පත්කිරීමට ඉහත සඳහන් කොන්දේසි හතරම එකවිට පැවතිය යුතුය.[12] එම වත්කම් භාවිතා වන්නේ ඉහත කොන්දේසි හතර පවතිනවිට පමණක් යැයි මින් අදහස් නොවේ. එවන් තීරණයක් සලකා බලන්නේ තවදුරටත් කොන්දේසි පැවතියහොත් පමණි. උදාහරණයක් ලෙස, දෙනලද අවුල් සහගත හා විනිශ්චයේ ස්වභාවය, ඉලක්ක, විකල්ප තේරුම් සහ උපයෝගීතාවයේ විනිශ්චයන් සැළකිය හැක.[12]

ආර්ථික ආයුධයක් ලෙස රැකියාව[සංස්කරණය]

එක් රටක් තවත් රටකට එරෙහිව ආර්ථික ආයුධ ගැනීමේ භාවිතයන් කිහිපයක් තිබේ. එක් භාවිතයක් වන්නේ, විකුණුම්කරුවන් ව්‍යාපාර කොන්ත්‍රාත්තුවක කොන්දේසි අඩුකර ගැනීමට ආර්ථික ආයුධ භාවිතා කිරීමයි.[12] එයට මිල, ප්‍රවාහනය, බාරකිරීම සඳහා කාලසටහන සහ ගෙවීම් ආදිය අදාළ වේ. මෙම උදාහරණ ආහාර බලයෙහි සාර්ථක යෙදීමක් වුවද එය දේශපාලනික අරමුණක් නොවේ.[12] අනෙක් භාවිතය වන්නේ භාණ්ඩ හුවමාරුව, විකුණුම්කරුවන්ගේ සාමාන්‍ය ආර්ථික ප්‍රතිපත්ති වලට වඩා ආර්ථික අරමුණුය.[12] එනම්, ගෙවීම් වල නිවැරදි බව, විකුණුම්කරුවන්ගේ උද්දමනය හෝ බදු පැනවීම වැනි සාමාන්‍ය ප්‍රශ්න සහ ඉඩම් අත්කරගැනීම ආදියයි. කුමන විනිශ්චයක් මෙහි ආරම්භක සාධකයක් වන්නේද යත්, පනවා ඇති කොන්දේසි වල සම්බන්ධයක් නොමැතිවීමත් නිෂ්පාදනයේ ප්‍රවාහනයයි.[12] කොන්දේසි ජීවන ආර්ථික විෂයට සම්බන්ධ වේ.දේශපාලනික භාවිතයක් වන්නේ, විකුණුම්කරුවන්ගේ විදේශීය හා ආරක්ෂක ප්‍රතිපත්තීන් ය. හොඳ නරක පිළිබඳ වූ එළිපත්තක් ආර්ථික හා දේශපාලනය අතර තිබෙන බව බොහෝ දෙනා විශ්වාස කරති. ආර්ථික භාවිතය දේශපාලනික වාසියක් දැයි සැකසහිතය. දේශපාලන ඉලක්ක සඳහා ආර්ථික ආයුධ භාවිතයට උදාහරණ වනුයේ, ඇතැම් රටවලට විරුද්ධව වර්ජනය කිරීම, එමෙන්ම එක්සත් ජාතීන්ට ඡන්ද මිලදී ගැනීමයි.[12] හතරවෙනි අරමුණ වනුයේ තෙවන වර්ගයේ මූලික උපකල්පනය වන රාජ්‍යයන් නීත්‍යානුකූල යැයි එකිනෙකා විසින් තවදුරටත් නොපිළි ගැනීමයි. ආර්ථික ඉලක්කයන්, විරුද්ධ රාජ්‍යයන්ට බලපෑම් කරන බවක් තවදුරටත් නොපෙනෙන අතර සිදුවන්නේ විරුද්ධ පාර්ශවය උත්තේජනය කිරීමක් සහ පරාජය කිරීමට ළඟාවීමක් හෝ රාජ්‍යය යටත් වීමයි.[12]

එක්සත් ජනපදය[සංස්කරණය]

බාර්ලි සතුන්ගේ ප්‍රධාන පෝෂණ නිෂ්පාදනය යි.
2005 දී ආහාර ආනයනය.

මෙම කාලය තුළ එක්සත් ජනපදය හමුදා, බලශක්ති, අපනයන ආදී සෑම අංශයකින්ම වඩාත් ප්‍රධාන විෂය ආහාර බලය පිළිබඳ සැබෑ ලෙසම සිතිය යුතු නොවීය.[13] කෙසේ වෙතත්, ඇතැම් බලයන් අඩුවීම නිසා ආහාර බලය ඉදිරියට පැමිණ ඇත.[13] ආහාර විෂයෙහි, අහියෝග කළ නොහැකි තත්වයක ඉහළින්ම පවතී.[13] එක්සත් ජනපදය විශාලම ආහාර නිෂ්පාදකයා සහ අපනයනකරු යන තත්වයේ සිටී.[14] එමෙන්ම අනෙක් ජාතීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල්, ඇතැම් ධනවත් තෙල් අපනයනය කරන රටවල්[13] වල පවා ආහාර හිඟයක් ආරම්භ වී ඇති අතර වඩ වඩාත් එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද ආහාර මත යැපීමට සිදුවීම එක්සත් ජනපදයේ බලය වැඩිවීමට හේතුවී ඇත.[13] මෙම තත්වය ඇමෙරිකානු ආහාර ආනයනය කරන රටවල් වලින් සුහදශීලී හැසිරීමක් අපේක්ෂා කිරීමට ඇමෙරිකාවට ඉඩ සලසා දී තිබේ.[14] මෙය එම රටවලට බලපෑම් ඇතිකළහැකි ආකාරයකි.[14] දිළිඳුතම ඇතැම් ඔපෙක් රටවල් එක්සත් ජනපද ධාන්‍ය මත යැපේ.[15]එමනිසා එක්සත් ජනපදයට දේශපාලන අරමුණු වෙනුවෙන් ආහාර අපනයනය පාලනය කිරීමේ හැකියාවක් පවතී.[15] එක්සත් ජනපදය මෙම ආහාර බලය ඔපෙක් රටවලට පීඩනයක් ඇතිකිරීමට යොදාගනී. [15]එම රටවල් එක්සත් ජනපදය මත රඳාපවතින බැවින් ආහාර හිඟයක් පවතින හා දුර්භීක්ෂ කාලයන්හි දී ආහාර බලය වඩාත් ඵලදායී වේ. [14]

එක්සත් ජනපදය ඔවුන්ගේ ආර්ථික බලය අනෙක් රටවලට දඬුවම් දීමට ක්‍රමානුකූලව භාවිතා කරයි. එක්සත් ජනපදය එය සිදුකරන එක් ආකාරයක් වනුයේ, අපනයන ආහාර සඟවා තබා ගැනීමයි. අනෙක් රටවලට දඬුවම් කිරීමට ඇති හේතු විවිධාකාරය. කෙසේ වෙතත් එය ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදිය හැකිය. විරුද්ධ රටකට දියුණුවීමට ඉඩ නොදීමේ අරමුණ සහ වෙළඳ පොළ දියුණුවීම/ මානව හිතවාදී අරමුණුයි.[16] විරුද්ධ රටකට දියුණුවීමට ඉඩ නොදීමේ අරමුණ ක්‍රියාත්මක වන්නේ, එක්සත් ජනපදයට තර්ජනයක් වන රටවලට දඬුවම් කිරීමටයි. එවැනි තර්ජනයකට උදාහරණයක් වන්නේ, වෙනත් වර්ගයේ රාජ්‍ය පාලනයක් සහිත රටවල්ය. එම කාණ්ඩයට අයත් තවත් උදාහරණ වන්නේ, සමාජවාදී රටවලට,කොමියුනිස්ට් රටවලට, අන්තගාමී රාජ්‍යයන්ට සහය දෙන රටවලට, ප්‍රති කොමියුනිස්ට් වීමට තරම් ප්‍රමාණවත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රාජ්‍යයන්ට සහ එක්සත් ජනපදයේ ගිවිසුම් පිළිනොගන්නා රාජ්‍යයන්ට ආධාර නොදීමයි.[16] වෙළඳ පොළ සංවර්ධනය හා මානව හිතවාදී අරමුණු වලට උදාහරණ ලෙස එක්සත් ජනපදය හා ආර්ථිකව සම්පූර්ණ කිරීමට උත්සාහ කරන රටවල් කාණ්ඩය යටතට ගැනේ. එක්සත් ජනපද සමාගම් වලට අයත් දේපළ තම රාජ්‍ය පාලනයට නතුකරගැනීමට උත්සාහ කරන රටවලට,එක්සත් ජනපද සමාගම් වල ක්‍රියාකාරකම් තමා සතු කරගැනීමට අවශ්‍ය රටවලට සහ දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් ආරම්භ කිරීමට උත්සාහ කරන රටවලට විදේශ ආධාර නොදීමට එක්සත් ජනපදය කටයුතු කරයි.[16]
1970 සිට එක්සත් ජනපදය ඔවුන්ගේ ඉරියව්ව වෙනස් කරන ලදී. රාජ්‍ය දෙපාර්තමේන්තුව හා සී.අයි.ඒ. මඟින් වෙළඳ තහනම්වල හැකියාව අනාවරණය කරමින් වාර්තා නිකුත් කරනු ලැබිණි.[17] මන්ත්‍රී මණ්ඩල කෙටුම්පත එම්.ආර්. 5426, වෙළඳ අනුමැතීන් නැවත පිහිටුවීම හා අපනයන නඟාසිටුවීමේ පනත 2000, ලිබියාව, සූඩානය හා උතුරු කොරියාවට අදාළව පැවති කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයන අනුමැතීන් ඉවත් කරන ලදී. (කියුබාව සමඟ කෘෂිකාර්මික ද්‍රව්‍ය වෙළඳාම ඇතැම් සීමා කිරීම් යටතේ පවතී.) මේ සම්බන්ධව මන්ත්‍රීමණ්ඩල නිශේධ බලය, ඒකාංශ ජනාධිපති ක්‍රියා අභිබවා දෙනලදී. [18][19]


අප්‍රිකාව[සංස්කරණය]

අප්‍රිකාවේ ආහාර දේශපාලනය උතුරු ඇමෙරිකාව හා යුරෝපයට වඩා වෙනස් වන්නේ අප්‍රිකාවේ, විශේෂයෙන් සූඩානයේ කුඩා පරිමාණයේ ආහාර බලයක් තිබීමයි.[20] ඇතැම් විශේෂඥයන් පවසන්නේ අප්‍රිකාවේ දුර්භික්ෂය හා ආහාර අනාරක්ෂිතභාවයට හේතූන් ලෙස, ආහාර නිෂ්පාදනයේ යෝග්‍ය නොවන ඵලදාව හා ජනගහන වර්ධනය හා පාරිසරික ස්ථාවරත්වය අතර අන්තර්සම්බන්ධතාවයේ පසුපසට යන චක්‍රයයි.[21] වැඩිදුරටත් අධ්‍යයනයෙන් අනාවරණය වූයේ, අප්‍රිකාවේ විවිධ ආහාර අනාරක්ෂිත ප්‍රශ්ණවලට එකම උත්ප්‍රේරකය ස්වභාවය පමණක් නොවන බවයි. [21]


සූඩානය[සංස්කරණය]
සූඩානයේ චන්ද්‍රිකා ඡායාරූපය

දුර්භික්ෂය සාමාන්‍යයෙන් සිද්ධාන්ත 2ක් මඟින් හැඩගැන්වී ඇත. පළමුවැන්න ආහාර සුලභතාවය අඩු වීමයි.[20] මෙය නියඟයක්, යුද්ධයක් හෝ කෘෂිකාර්මික පද්ධතියට සිදුවන වෙනත් උග්‍ර වෙනසක් හේතුවේ.[22] මෙය දුර්භික්ෂයට ස්වාභාවික හේතුවයි. අනෙක් සිද්ධාන්තය,ප්‍රාථමික වශයෙන් ආහාර වලට ප්‍රවේශවීමේ හෝ සුදුසුකම් ලැබීමේ මහජනතාව සතු හැකියාව සමඟ සබැඳේ.[20] මෙම ගැටළුවේදී, සූඩානයේ දේශපාලන බලයන්, ජනතාවගේ ඡන්දය සඳහා තරඟයක් පැවතීම, දුර්භික්ෂය සඳහා පොළඹවා ගැනීමෙන් හෝ ධෛර්යමත් කිරීමෙන් බාධා සිදුකරන ලදී. එමඟින් ආහාර බලය කුඩා පරිමාණයෙන් තිබූ බව පැහැදිලි වේ.[20]

උදාහරණයක් ලෙස, 1980 හි සූඩානයේ පැවති දුර්භික්ෂය සම්පූර්ණයෙන්ම ඕනෑකමින් කරනලද දෙයකි. එහි එකම ඇපය වූයේ වෙනස් ජන කොටස්වල විවිධ එකතූන් තම දේශපාලනික හා ආර්ථිකමය තත්වයන් වර්ධනය කරගැනීමයි.[23] ප්‍රතිලාභ ලබන්නන් මෙම දේශපාලන පක්ෂ පමණක් නොවේ. වෙළෙන්ඳන් පවා ධාන්‍ය රැස්කොට තබාගැනීමට හා නුසුදුසු ලෙස අඩු මිලට පවත්නා තොග, දුර්භික්ෂයන්, වෙළඳාම් වශයෙන් වෙනස් වනවිට මිලදී ගැනීමට දැන සිටින ලදී.[22] 1987 දුර්භික්ෂ කාලයේදී, බටහිර සූඩානු වෙළෙන්ඳන් ඩාර්ෆර් හි අත්‍යාවශ්‍ය ගම්වලට සාධාරණ මිලකට ධාන්‍ය විකිණීම ප්‍රතික්ෂේප කළ බැවින් ඔවුන් අනුකම්පා විරහිත යැයි විස්තර කරන ලදී.[20] අ(ර්)ගෝ සූඩාන් දුර්භික්ෂය, ආහාර බලය ප්‍රතිපත්තියක් ලෙස සහ ජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේපකොට හිතාමතාම දේශපාලනික හා බල හිඟය සඳහා ධෛර්ය දීමකි.[23]


මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 281 [1]
  2. 2.0 2.1 2.2 2.3 2.4 Robert Paarlberg, Food Politics, The Oxford Companion to Politics of the World, 2008 [2]
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 3.7 Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 278 [3]
  4. 4.0 4.1 Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 277 [4]
  5. 5.0 5.1 Simon Maxwell, Food security: a post-modern perspective, Food Policy, Volume 21, issue 2, May 1996 pg.157 [5]
  6. Simon Maxwell, Food security: a post-modern perspective, Food Policy, Volume 21, issue 2, May 1996 pg.158 [6]
  7. Robert A. Doughty and Harold E. Raugh, Embargoes in Historical Perspective, Parameters, 1991, pg. 24 [7]
  8. 8.0 8.1 8.2 Robert A. Doughty and Harold E. Raugh, Embargoes in Historical Perspective, Parameters, 1991, pg. 26 [8]
  9. Robert A. Doughty and Harold E. Raugh, Embargoes in Historical Perspective, Parameters, 1991, pg. 27 [9]
  10. Rémy Herrera, The Effects of the U.S. Embargo Against Cuba, Alternatives, 2003 [10]
  11. Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 279 [11]
  12. 12.0 12.1 12.2 12.3 12.4 12.5 12.6 12.7 Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 280 [12]
  13. 13.0 13.1 13.2 13.3 13.4 Robert Paarlberg, "Food as an Instrument of Foreign Policy", Academy of Political Science, Vol. 34, No. 3, Food Policy and Farm Programs, 1982, pg. 25 [13]
  14. 14.0 14.1 14.2 14.3 Robert Paarlberg, "Food as an Instrument of Foreign Policy", Academy of Political Science, Vol. 34, No. 3, Food Policy and Farm Programs, 1982, pg. 26 [14]
  15. 15.0 15.1 15.2 Robert Paarlberg, "Food as an Instrument of Foreign Policy", Academy of Political Science, Vol. 34, No. 3, Food Policy and Farm Programs, 1982, pg. 29 [15]
  16. 16.0 16.1 16.2 Peter Wallensteen, "Scarce Goods as Political Weapons: The Case of Food", Journal of Peace Research, 1976, Vol. 13 pg. 292 [16]
  17. Nick Butler (1986). The international grain trade: problems and prospects. Routledge. p. 27. ISBN 9780709942184. http://books.google.com/books?id=Yu8NAAAAQAAJ&pg=PA27&dq=food+embargoes+kissinger+state+department&as_brr=3&cd=2#v=onepage&q=food%20embargoes%20kissinger%20state%20department&f=false. 
  18. "Exempting Food and Agriculture Products from U.S. Economic Sanctions: Status and Implementation". Congressional Research Service, republished by National Agricultural Law Center at the University of Arkansas. 2006-06-29. http://www.nationalaglawcenter.org/assets/crs/RL33499.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-01-20. 
  19. "Trade With Cuba". USDA. 2009-01-12. http://www.fas.usda.gov/itp/cuba/cuba.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-01-20. 
  20. 20.0 20.1 20.2 20.3 20.4 Ray Bush, The Politics of Food and Starvation, Review of African Political Economy Vol. 23, No.68, Taylor and Francis, Ltd., 1996, pg. 172 [17]
  21. 21.0 21.1 Ray Bush, "The Politics of Food and Starvation", Review of African Political Economy Vol. 23, No.68, Taylor and Francis, Ltd., 1996, pg. 170 [18]
  22. 22.0 22.1 Ray Bush, "The Politics of Food and Starvation", Review of African Political Economy Vol. 23, No.68, Taylor and Francis, Ltd., 1996, pg. 171 [19]
  23. 23.0 23.1 Ray Bush, "The Politics of Food and Starvation", Review of African Political Economy Vol. 23, No.68, Taylor and Francis, Ltd., 1996, pg. 189 [20]

සැකිල්ල:CRS

Paarlberg, Robert. "Food Politics." Oxford Companion to Politics (2008). Mywire. University of Oxford, 1 Jan. 2008. Web. 2 Nov. 2009. <http://www.mywire.com/a/Oxford-Companion-Politics-World/Food-Politics/9577797/?&pbl=105> Wallensteen, Peter (1976), “Scarce Goods as Political Weapons: The Case of Food”. Journal of Peace Research 8: 277-298

වැඩිදුර කියවීම[සංස්කරණය]

  • P Wallensteen, Scarce Goods as Political Weapons: The Case of Food, Journal of Peace Research, 1976; 13: 277-298
  • Paarlberg, R.L., Failure of food power, Policy Studies Journal, 2008; (United States); Journal Volume: 6:4
  • Joseph D. Coffey, THE ROLE OF FOOD IN THE INTERNATIONAL AFFAIRS OF THE UNITED STATES, SOUTHERN JOURNAL OF AGRICULTURAL ECONOMICS JULY, 1981, [21]
  • Thorald K. Warley, Agriculture in International Economic Relations, American Journal of Agricultural Economics, Vol. 58, No. 5, Proceedings Issue (Dec., 1976), pp. 820–830 , JSTOR
  • Robert L. Paarlberg, Food, Oil and Coercive Power, in Mark W. Zacher (ed.), The International political economy of natural resources., Edward Elgar Publishing, 1993, ISBN 1852786027, Google Print, p.76-92
  • Danaher, Kevin. "US food power in the 1990s." Race & Class. Web. 16 Nov. 2009. <http://rac.sagepub.com/cgi/reprint/30/3/31.pdf>.

බාහිර සබැඳුම්[සංස්කරණය]

  • Robert Paarlberg , Food Politics, Oxford Companion to the Politics of the World, Jan 1, 2008

සැකිල්ල:International power

"http://si.wikipedia.org/w/index.php?title=ආහාර_බලය&oldid=251300" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි