ආලෝක විමෝචක දියෝඩය

විකිපීඩියා වෙතින්
ආලෝක විමෝචක දියෝඩය
මිමී5 වර්ගයේ රතු, කොළ සහ නිල් එල්.ඊ.ඩී
වර්ගයඅකර්මන්‍ය, ප්‍රකාශ-විද්‍යුත්
ක්‍රියාකාරි මූලධර්මයවිද්‍යුත්-සන්දීප්තිය
සොයාගත්තේනික් හොලොන්යක් කණිෂ්ඨ. (1962)
ඉලෙක්ට්‍රොනික සංකේතය
අග්‍ර වින්‍යාසයඇනෝඩය සහ කැතෝඩය

ආලෝක විමෝචක දියෝඩයක් (එල්.ඊ.ඩී.) යනු අර්ධ සන්නායක භාවිතයෙන් සෑදුනු ආලෝක ප්‍රභවයකි. විවිධ ආකාරයේ උපකරණ වල දර්ශක ලෙස මේවා භාවිතා කරනු ලබන අතර ආලෝකකරණය සඳහා යොදාගැනීමද වැඩිවෙමින් පවතී. වර්ෂ 1962දී මුලින්ම එල්.ඊ.ඩී. බල්බ නිපදවන ලද්දේ ඉලෙක්ට්‍රොනික උපකරණයක් ලෙස රතු පැහැති අඩු ආලෝකයක් විහිදවීමට වුවද, නූතන ඒවා හට, වැඩි ආලෝකයක් සමග, දෘෂ්‍ය ආලෝක පමණක් නොව අධෝරක්ත කිරණ හා පාරජම්බුල කිරණ පවා නිකුත් කල හැක.

එල්.ඊ.ඩී. එකක් පෙර නැඹුරුම් අවස්ථාවේ ඇති විට එහි ඇති ඉලෙක්ට්‍රෝන, අර්ධ සන්නායකයේ ඇති ඉලෙක්ට්‍රෝන සිදුරු සමග සහ-සම්බන්ධවීම නිසා පෝටෝන ලෙස ශක්තිය පිටවීම සිදුවේ. මෙම ආචරණය විද්යුත් සන්දීප්තිය ලෙස හැඳින්වෙන අතර මෙහිදී පිටවන ආලෝකයේ වර්ණය (මෙය පෝටෝනවල ශක්ති මට්ටම් වලට අනුරූපය ) අදාල අර්ධ සන්නායකයේ ශක්ති පරතරය මත තීරණය වේ. එල්.ඊ.ඩී. එකක සැබෑ දියෝඩය කුඩා නිසා, (මි.මී. 1 කට අඩු ) එහි ඇති සංගෘහිත ප්‍රකාශ උපාංග මගින් එහි හැඩය සහ රැස් විහිදීම පාලනය කරනු ලැබිය හැක. තාපදීප්ත විදුලි බුබුලු සමග බලනකල අඩු ශක්ති පරිභෝජනය, වැඩි ආයු කාලය, වැඩි දරාගැනීමේ හැකියාව, ප්‍රමාණයෙන් කුඩා වීම, ඉක්මන් ප්‍රතිචාරය සහ වැඩි කල් පැවැත්ම යන අතින් එල්.ඊ.ඩී.බල්බ වාසිදායක වේ. සංගත ප්‍රතිදීප්ත විදුලි බුබුළු සමග සැසඳීමේදී කාමර ආලෝකකරණයට සුදුසු අධිබල එල්.ඊ.ඩී.බල්බ අධික මිලක් වන අතරම ඒ සඳහා ඉතා නිවැරදි විදුලි ධාරාවක් ලබා දීම හා නිවැරදිව ජනනය වන තාපය ඉවත් කිරීමද සිදු කල යුතු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ආලෝක_විමෝචක_දියෝඩය&oldid=649915" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි